රිදී ආභරණ රැකගන්නේ මෙහෙමයි

රිදී ආභරණ වලට බොහෝ දෙනා කැමති නමුත් ඉක්මනින් අව පැහැගැන්වීම හරිම හිසරදයක් වන අවස්ථා එමටයිඒ ගැටලුවලින් මිදෙන්නට මෙන්න මේ පියවර අනුගමනය කරන්න.

  • වියළි ස්ථානයක තබන්න.
  • වියළි බව රඳවා ගැනීමට සිලිකා ජෙල් පැකට් කිහිපයක් තබන්න.
  • නැත්නම් තෙතමනය නොරැඳෙන අසුරණයක බහා තබන්න.
  • ආභරණ පැළඳ ආලේපන නොගල්වන්න.
  • හිස කෙස් වල ආලේප කරන විවිධ ද්‍රව්‍ය ආභරණ මතට වැක්කිරීමට ඇති ඉඩකඩ නවතාගන්න.
  • ආභරණ පැළඳ ගෙන අත් සේදීමනෑමපිහිනීම වැනි ක්‍රියාවන්හි නිරත නොවන්න.
  • වරක් පැලඳු අභරණ අසුරා තැබීමට පෙර මෘදු රෙදි කඩකින් පිස දමන්න.

රිදී ආභරණ පිරිසුදු කරගන්නා අයුරු

  • පළමුව ආභරණ පිරිසුදු ජලය සහිත භාජනයකට දමන්න.
  • ඉන්පසුව බේකින් පවුඩර් ,ජෙල් අඩංගු නොමැති දන්තාලේපයක් ආභරණ මත හොඳින් තවරන්න.
  • කුඩා ස්පොන්ජ් කැබැල්ලක් හෝ මෘදු රෙදි කඩක් යොදා ගැනීමෙන් ආභරණ සීරීම වලක්වා ගන්නට හැකියි.
  • සාරි කටු ,මුදු ආදිය පිරිසුදු කිරීමේදී කුඩා බුරුසුවක් යොදාගන්නේ නම් වඩාත් සුදුසුයි.
  • අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් නොවන්නේ නම් ආලේපන ගල්වා විනාඩි පහක් පමණ තබා හෝදන්න.
  • ඉන්පසු පිරිසුදු ජලයෙන් හෝදන්න.
  • පසුව හොඳින් වියලා අසුරා තබන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles