වයසට නොගැලපෙන ඇදුම් නිසා සමාජ මාද්‍ය වල අපහාසට ලක්වූ නීනා ගුප්තා

කාන්තාවන් වයසට යන විට ඇඳිය පැළඳිය යුතු හෝ නොකළ යුතු දේ ගැන බොහෝ විට මිනිසුන් කතා කරනවා. නමුත් කාන්තාවකට තමන් කැමති දේ ඇඳීමට වයස් සීමාවක් නෑ කියන එක ලෝකයේ බහුතරයක් දැන් පිළිගන්න කරුණක්. විලාසිතා වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම උත්සහ කරන්න පුලුවන් දෙයක් බව ලෝකයේ ජීවත්වන බහුතරයක් අය පිළිගන්නවා. හැබැයි ඔය අතරෙම ඊට සම්පූර්ණයෙන්ම පටහැනිව හිතන අය නැතුවත් නෙවෙයි.

ඉතින් පහුගිය දවසක ඉන්දියාවෙත් පැරණි, ජනකාන්ත නිළියකට මේ වගේම ගැටලුවකට මුහුන දෙන්න සිදුවෙලා තිබුණා තමන් ඇඳගෙන ආව ඇඳුමක් සම්බන්ධයෙන්.

මේ නිළිය වෙන කවුරුත් නෙවෙයි නීනා ගුප්තා. නීනා ගුප්තා නිළියක් විදියට ප්‍රසිද්ධයි වගේම ඉන්දියාවෙ ප්‍රසිද්ධ Fashion Designer කෙනෙක් වන Masaba Gupta ගෙ අම්මා විදියටත් හරිම ප්‍රසිද්ධයි.

ඉතින් පහුගිය දවසක, 64 හැවිරිදි නිළියක් වන මේ නීනා ගුප්තා, Panchayat කියන චිත්‍රපටයේ තුන්වන වාරයේ Special Screening එකකට සහභාගි වෙනවා. නීනා ගුප්තා කියන්නෙ කොහොමත් හරි ලස්සනට අඳින පලඳින Fashion කරන කෙනෙක්. කොහොමත් තමන්ගෙ එකම දුවත් Fashion Designer කෙනෙක් නිසා නිනා ගුප්තා කියන්නෙ Fashion වලට ආගන්තුක මනුස්සයෙකුත් නෙවෙයි.

ඉතින් නීනා ගුප්තා මේ Panchayat Special Screening එකට එන්නෙ ටිකක් කොට සුදු පාට Cord Shots Set එකක් ඇඳලා, රත්තරන් මාලයක්, තද රතු පාට බෑග් එකක් අරන් කහ පාට සපත්තු වගේම Sunglasses දාලා හරිම Updated විදියට.

සමහරු නම් මේ ලස්සනට ඇඳ පැලඳගෙන ආව නීන ගුප්තව පිළිගත්තෙත් ඒ තරම් ලස්සනට. හැබැයි ඉතින් කොහෙත් ඉන්නවනෙ හරහට යන අය. ඉතින් නීනා ගුප්තටට් බහුතරයකගෙ සුබ පැතුම්, අගය කිරීම් අස්සෙම කතා අහගන්නත් වුනා කියල කියන්නත් ඕන.

මේ Special Screening එකේ ජායාරූප Internet එකේ Publish වුණයින් පස්සෙ සමහරු ඇවිල්ලා නීනව අපහසුතාවයට, ලැජ්ජාවට පත් කරන විදියෙ Comments දාලා තිබුනා.

“ඔය වයසට ඔහොම අඳිනවද?”

“අවුරුදු හැට ගාණක ගෑණු කෙනෙක් අඳින විදියෙ ඇඳුම්ද ඕවා?”

“ආච්චි කෙනෙක් නේද? ආච්චි කෙනෙක් ඔහොම අඳිනවද? ලැජ්ජ නැද්ද. වයසට ගැලපෙන්න අඳින්න දන්නෙ නැද්ද?” වගේ සෑහෙන අපහාසාත්මක Comments නීනා ගුප්තගෙ මේ Panchayat Special Screening එකේදි ගත්ත පින්තූර වලට යටින් Comment විදියට වැටිල තිබුනා.

ඒත් ඇත්තටම වයස නිසා කාන්තාවක් Fashion කරන එකෙන් වළකින්න ඕනද? එහෙම කරත් ඒ වගේ දේවල් ගැන Judge කරන්න අපිට තියෙන්නෙ මොන වගේ අයිතියක්ද කියන ගැටලුව මෙතනදි තියෙනවා.

 නීනා ගුප්තාගේ ඇඳුම් පැළඳුම් තෝරා ගැනීම, විලාසිතා කිරීම එයා හරිම Updated මනුස්සයෙක්, හරිම Confident මනුස්සයෙක් කියන්න පෙන්නන්න හේතු වන සාධකයක්.  තමන් හරිම කාලානුරූපී මනුස්සයෙක් බව පෙන්වන සාධකයක්.  ඕනෑම වයසක දී අපිට අපි ආදරය කරන දේ අඳින්න පලඳින්න පුලුවන් බවත් ඒ වෙනුවෙන් අපි ගොඩනගාගන්න ඕන Confidence එක කියන කතාව තමයි නීනා ගුප්තා මෙතනදි අපිට පෙන්නල දෙන්නෙ.

විලාසිතා කියන්නෙ අපි කවුද කියන දේ ප්‍රකාශ කරන්න පුලුවන් එක් විදියක්නෙ. අපි කොයි තරම් වයසට ගියත් ආපිට අපේ පෙනුම ගැන ශරීරය ගැන අපි කොච්චර Confident ද කියල පෙන්නන්නෙ අපි කරන විලාසිතා. ඒ වගේම තමයි අපේ සතුට හොයාගන්න ඕන අපිමයි. ඉතින් මොන තරම් වයසට ගියත් අපි කරන විලාසිතා වලට පුලුවන් නම් අපිව සන්තෝසෙන් තියන්න, ඒ විලාසිතා නොකර ඉන්න හේතුවක් නෑ. ඒ විලාසිතාවලින් මිදිලා ඉඳලා ඔයාට සතුටු වෙන්න තියෙන ඉඩකඩ අහුරගන්නත් එපා.

නීනා ගුප්තා විතරක් නෙවෙයි, Iris Apfel සහ Helen Mirren වගේ කාන්තාවන් පෙන්වන්නේ විලාසිතාවට වයස් සීමාවක් නැති බවයි. එයාලා අලංකාරය සහ විලාසිතා සදාකාලික බව ඔප්පු කරන විලාසිතා නිරූපක. අලංකාරය, නිර්භීතකම සහ නිර්මාණශීලීත්වය නිශ්චිත වයස් කාණ්ඩයකට අයත් නැති බව මේ කාන්තාවන් අපිට මතක් කර දෙනවා.

බොහෝ කාලයක් පුරාවට කාන්තාවන් අඳින්න පලඳින්න ඕන මොන වගේ දේවල්ද කියල තීරණය කරන්න සමාජය ලොකු වෙහෙසක් ගත්තා. හැබැයි දැන් ඒ කාලෙ වෙනස් වෙලා. කැමති විලාසිතාවක් කරන්න හැම කෙනෙක්ට අයිතියක් තියෙනව කියන එක වගේම තමන් කැමති විලාසිතාවක් කරන්න තරම් ගොඩක් කාන්තාවන් ශක්තිමත් වෙලා ඉන්නවා. විලාසිතාවක් කියන්නෙ අපි ආස දෙයක්, අපිව සතුටෙන් තියෙන දෙයක් කිරීමක් මිසක යල්පැන ගිය සම්මතයන්ට එකඟ වන එක නෙවෙයි කියන කතාව දැන් ලෝකය වැඩි වශයෙන් පිළිගන්නවා.

ඒ වගේම තමයි නීනා ගුප්තා වගේ කාන්තාවන් අපේ තරුණ පරම්පරාවට මේ විලාසිතා ඔස්සේ අරගෙන එන එක් ප්‍රබල පණිවිඩයක් තියෙනවා. ඒතමයි “වයසට යන එක ගැන බයවෙන්න ඕන නෑ” කියන කතාව. ගොඩක් කාන්තාවන්, තරුණ ගැහැණු ළමයි බයයි වයසට යන්න. මේ තරුණ වයසෙදි කරන වෛවර්ණ විලාසිතා, මේ සුන්දර තරුණ ජීවිතේ වයසට යෑම එක්ක නැතිවෙයි කියල හිතන තැනක තරුණ ළමයින් ඉන්නවා. ඒත් ඇත්තටම එහෙම නෑ.

මොකද සතුටෙන් ඉන්න, Confidence වෙන්න වයස පොඩ්ඩක්වත් බලපාන්නෙ නෑ.

අවුරුදු 20ක් වුනත්, අවුරුදු 70ක් වුණත් යම් කිසි Fashion එකක් කරලා ඒකෙන් ඔයාට සතුටක් ලැබෙනවනම් ඒක නොකර ඉන්න හේතුවක් නෑ. “වයසට ගැලපෙන දේවල්” කියල අතීතයේ ඉඳල මිනිස්සු ඉස්සරහට අරගෙන ආව බොහෝ දේවල්, බොහෝ නිර්ණායක ලෝකෙ දියුණු වෙනවත් එක්කම සෑහෙන වෙනස් වෙලා තියෙනවා. අතරින් පතර ඒ යල් පැන ගිය අදහස් දරන මිනිස්සු හිටියත් එහෙම මිනිස්සුන්ට ඉඩක් දෙන්න උවමනා නෑ ඔයාගෙ සතුටට බාධා කරන්න.

ඉතින් මේ තමයි හොඳම කාලෙ ඔයාගෙ සතුට හොයාගන්න. ඒ සතුට වැළඳගන්න. පැළඳගන්න.

වැදගත්ම දේ Confidence එක.

ඔයා විසින් පෙන්වන, වැළඳගන්න Confidence එක අනිත් අයවත් Motivate කරාවි Confident වෙන්න. තමන් ආස දේවල් අඳින්න පලඳින්න. අලුත් දේවල් Try කරන්න. අමතක කරන්න එපා අපි පලඳින ඕනම ඇඳුමකට වඩා ලස්සන දෙයක් අපි ලඟ තියෙනවා පලඳින්න.

ඒ තමයි Confidence එක. අපිට අපි ගැන ආත්ම විශ්වාසය. හැම වෛවර්ණ ඇඳුමකටම වඩා ඒ පැලඳුම හරිම ලස්සනයි.

ඉතින් ඇයි තවත් පමා වෙන්නෙ?

කාන්තාවක් විසින් අනිවාර්‍යෙන්ම පැළඳගත යුතු ඒ ලස්සන විලාසිතාව, Confidence එක අදම ඔයාත් පළඳින්න!

Related Articles

Don't Miss


Latest Articles