දිනක් සමස්ත ලංකා නර්තන තරගයකට එක්තරා පාසල් කණ්ඩායමක් තමන් තරඟවැදි සම්ප්‍රදායික නර්තන කාණ්ඩය සඳහා එම නර්තන සම්ප්‍රදායට අදාළ සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරඟ වැදුණා. ඔවුන් වේදිකාවෙන් බැස යන විට දී එහි සිටි බොහෝ දෙනා ඔවුන්ට සිනාසෙන්නටත්, උසුළු විසුලු කරන්නටත් පටන් ගතේ ඔවුන් තවමත් ආදි කාලයේ සිටින වුන් බව පවසමින්ය.
එයින් එම කණ්ඩායමේ දරුවන් තම බලාපොරොත්තු අත්හැර ගත්තා. නමුත් ගුරුවරයා බලාපොරොත්තු අත්හැරියේ නැහැ.
මඳ වේලාවකින් ගුරුවරයා ළඟට පැමිණි දරුවකු පවසා සිටියේ
“මිස් අපි මෙතනින් යමු ප්‍රතිඵල නිකුත්වෙනකම් ඉන්න ඕනේ නැහැ.”
එවිට ගුරුවරයා පැවසුවේ
“ප්‍රේක්ෂකයින් දෙන විනිශ්චය අවසන් විනිශ්චය නෙවෙයි පුතේ, ජය පැරදුම විඳ දරා ගැනීම තමයි අපිට මේ කලාවෙන් පුරුදු කරන්නේ. දින්නත් පැරදුනත් ඉදිරිපත්වීමයි වැදගත්. අපි බලන් ඉමු අවසාන ප්‍රතිඵල කියනකල්”
මද වේලාවකින් අවසන් තරග ප්‍රතිඵල නිකුත් විය. ප්‍රේක්ෂකාගාරයම පුදුම කරවමින් අවසානයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සියල්ලන්ගේ ම විහිළුවට ලක්වූ ඒ පාසල් කණ්ඩායමයි.
අවසන් ප්‍රතිඵල ලබා දෙමින් විනිශ්ච මණ්ඩලය පැවසුවේ
“සම්ප්‍රදායට සුදුසුම සහ එයට සැබෑ වටිනාකම එක්කළ දක්ෂ කණ්ඩායම වුණේ ඔයාලා. අපෙන් ගිලිහිලා යන අපේ සම්ප්‍රදාය ආයෙමත් අපිට මතක් කරලා දුන්නට මේ ගුරුතුමියටත් දරුවන්ටත් බොහොම ස්තූතියි.”
අවසානයේ ඔවුන්ට ගැරහුම් කළ අයගේම අත්පොළසන් හඬින් ශාලාව පිරී ගියේය..
සිතන්න, ඔබ සිදු කරන්නේ නිවැරදි දෙය නම් එයට පිටස්තර අය කුමන ආකාරයේ ප්‍රතිචාර දැක්වුවත් ඉන් නොසැලී සිටින්න. අනෙකා ඔබව පහත්කොට කතාකළත් ඔවුන් හා වාද නොකරම ඔබේ සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔවුන්ට ඔප්පුකර පෙන්වන්න.
කටු මතින් යන ජීවිතය මල් පාරකට වැටෙන තෙක් ඉවසීමෙන් ගමන් කරන්න.
ඔබට සුබ දවසක්…
-වීණා-