එක්තරා මනෝ වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගැනීමට තරුණියක් පැමිණියා. ඇය යම්කිසි ආතතියකින් පෙළෙන බව වෛද්‍යවරිය දුටු පමණින්ම වටහා ගත්තා.
“මොකක්ද දරුවෝ ඔයාගෙ ප්‍රශ්නේ” වෛද්‍යවරිය විමසුවා.
“මිස් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැහැ. මං කරන හැම දෙයක්ම වරදිනවා. මං කොච්චර හිතල වැඩක් කරන්න පටන් ගත්තත් කොතනක හරි වැරදිලා ඒක විනාස වෙනවා… “
යයි කියමින් ඇය ඇස්වලට ඉනූ කඳුළු සඟවාගැනීමට උත්සාගත්තා.
” ඔයාගෙ දැන් වයස කීයද දරුවෝ “
” අවුරුදු 22 යි ” තරුණිය හෙමින් මිමිණුවා.
කොච්චරක් දුරට ඉගෙනගෙන ගත්තාද යන පැනයට පිළිතුරු දෙමින් තරුණිය පැවසුවේ, ඇය මේ වන විට විශ්ව විද්‍යාල විද්යාර්තියකු වන බවයි.
“ඉතින් පුතේ ඔයා ඔය හිතෙන් හදාගෙන තියන ප්‍රශ්නයක් නේ. ඔයා කරන කිසිම දෙයක් හරියන්නෙ නැත්නම් ඔයා විශ්ව විද්‍යාලයට තේරුණේ කොහොමද? ඔයා පටන් ගන්න වැඩ එකක් දෙකක් වැරදුණා කියලා මුලු ජීවිතයම කඩාවැටෙන්න එපා.. මී මැස්සෙක් වගේ වෙන්න..”
කියූ වචනයට තරුණිය මදක් උනන්දුවෙන් හිස ඔසවා බැලුවා. මී මැස්සෙක් වගේ වෙන්න??
ඔව්. එයාගෙ ශරීරයේ ප්‍රමාණයට වඩා කුඩා පියාපත් තිබුනත් එයා හරි අපූරුවට නිදහසේ ඉගිලෙනවා. ඒ වුණත් මී මැස්සන්ට ජීවත්වෙන්න ඕන කරන මල් පැණි හොයාගෙන මෙයාලා සැතපුම් ගණන් පියාඹනවා.
ඉතින් කවදාවත් කිසිම දෙයක් බෑ කියලා හිතන්න එපා.. ඔයා තුල තියන දක්ශතාවය එක එක වැඩ අත්හදා බලලාම හොයාගන්න. හරියනකල්ම උත්සාහ කරන්න මී මැස්සා මල් පැණි හොයන් පියාඹනවා වගේ ඔයත් ඔයාගෙ හීනෙ හොයාගෙන ඒකට පියාඹලා යන්න..
තරුණියගේ මුහුණ සිනහවකින් පිරුණා. ඇය යන්නට පිටත්වන විට වෛද්‍යවරියට පැවසුවේ
“මං මගේ හීනෙ හොයාගෙන පියාඹලා ඒ හීනෙ හැබෑ උණාම මිස්ව බලන්න අනිවාරෙන්ම එනවා..“
…………………………………………………………………….
සමහර වෙලාවට ඔයාලාට ඉගිලෙන්න බැරි වෙන්නේම ඇත්තටම ඔයාලගෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඔයාලා ඕනවට වඩා අනවශ්‍ය විදියට දේවල් ගැන හිතන්න යන නිසා.
මිනිස්සු ගොඩක් වෙලාවට ජීවිතයේ අනවශ්‍ය ප්‍රශ්න වැඩියෙන්ම හදාගන්නේ හැමදේකම පරතෙරටම ගිහින් ඕනවට වඩා අන්තයකට හිර වීම නිසාමයි.
ඔබේ ජීවිතයේත් මෙවැනි අවස්ථාවක් ආවොත් මොකද කරන්නෙ? හැමදෙයක්ම අත්හැරල පරාජය බාර ගන්නවාද? නැත්නම් “බැහැ” කියන වචනය වෙනුවට “මට පුළුවන්” කියන සිතුවිල්ලෙන් තව තවත් උත්සාහ කරනවාද?
ඔබත් ඔබේ හීනය හොයාගෙන එයට කැපවීමෙන් වැඩ කරන්න. නිදහසේ ඉන්න. සරළව ජීවිතය විඳින්න.
ඔබට සුබ දවසක්….
-වීණා-