යහපත් බිරිඳ

කල්පනී උසස් අධ්‍යාපන කටයුතු අවසාන කරලා රැකියාවකට යොමු වුනා. ඒත් ඇය තීරණය කරල තිබුනේ, විවාහ වුනාට පස්සේ  ගෘහනියක් විදියට ජීවත් වෙනවා කියලා. ඒ නිසාම ඇය රැකියාව කරපු අවුරුදු දෙකේ උපරිමයෙන් ඉතිරි කරලා රැකියාවට සමුදුන්නා.  කල්පනිගේ වාසනාවට කල්පනීට විවාහ වෙන්න ලැබුන සංකත් කැමති වුනේ කල්පනී ගෙදර දොරේ වැඩ කටයුතු බලාගෙන ඉන්නවාට.

” නියම  ගැලපීම”

කල්පනීගේ පවුලේ අය වගේම යාලුවනුත් කල්පනීට කීවේම එහෙම. කල්පනීටත් දැනුනේ එහෙමමයි. ඒ නිසා කල්පනී විවාහයෙන් පස්සේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුනා වගෙයි ජීවත් වුනේ. කල්පනීගේ දවස පටන් ගත්තේ උදේ හතරහමාරට විතර. හතරහමාරේ ඉඳන් පහ හමාර වෙනකල් සංකට වැඩට ගෙනියන්න ඕනෑ කරන කෑම ටික සූදානම් කරන්න කල්පනීට වෙලාව වැය වෙනවා.

ඊටත් පස්සේ සංක සූදානම් වෙනකල් සංකට උදේට කන්න කෑම මේසේට සූදානම් කරනවා.  සංක වැඩට ගියාට පස්සේ කල්පනී මුලු තට්ටු දෙකම අතුගානවා. ඊටත් පස්සේ රෙදි සෝදන්න දාපුවා වේලෙන්න දාලා නානවා. ඒ අතර වාරයේ සමහර දාක වත්තේ පිටියේ වැඩ වලත් කාර්‍යබහුල වෙනවා. සංක යනකොටම උදේට කාලා ඉන්න නිසා  කල්පනී දවල්ට කන්නේ දෙකට විතර. ඒ අතර කාලයේ ඉඩක් ලැබුනොත් අම්මලා එක්ක කතා බහ කර කර ඉන්නත් කල්පනී අමතක කරන්නේ නෑ.

කාලා ටිකක් නිදාගෙන හතර විතර වෙනකොට ඇහැරිලා, සංකට සවසට තේ බොනකොට කන්න කෙටි ආහාරයක් හදනවා. සංක ගෙදර එනකොට  හවස හයට කිට්ටු වෙනවා. සංක ඇඟ සෝදගෙන එනකොට කල්පනී තේ සූදානම් කරලා තියනවා. ඊට පස්සේ දෙන්නා එක්කම තේ බොනවා. ඊටත් පස්සේ කල්පනී රෑට උයන වැඩ. ඒ අතරේ උදේට උයන්න සැලසුමත් හදාගන්නවා. දෙන්නා කාලා ඉවර වෙලා පහුවෙනිදාට සංකට කාර්‍යාලයට යන ඇඳුම් පිළිවෙල කරලා, ඇඟ සෝදගෙන එනකොට සංක ඉන්නේ අඩ නින්දේ. ඊට පස්සේ දෙන්නාම නින්දට යනවා. පහුවෙනිදා උදේට එහෙමම දිනය ගෙවෙනවා.

සෙනසුරාදා ඉරිදාට කල්පනීගේ සැලසුම් වෙනස් වෙනවා. සංකවත් එකතු කරගෙන වත්තෙ වැඩ කටයුතු කරලා, අනෙක් දේවල් එක්ක කාර්‍යබහුල වෙනකොට දවස ගෙවෙනවා. මුලදි මුලදි සංක ට ඒ ජීවිතේ ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන් බවක් තිබුනත්, මාස තුන හතරක් යනකොට සංකට ඒ ජීවිතේ එපා වීමක් දැනෙන්න ගත්තා.  ඒත් ඒ මොන හේතුවක් නිසාද කියලා සංකට වැටහුනේ නැහැ. කල්පනීටත් සංකගේ වෙනසක් වැටහුනෙත් කල්පනී ඒ ගැන කල්පනා කලේ නැහැ.

” ඔයා හරි අමුතුයි අප්පා..”

පහු පහු වෙද්දී  කල්පනී එහෙම නෝක්කාඩු කියන්න ගත්තා. ඒත් සංකට ඒකට දෙන්න හරි හැටි පිළිතුරක් තිබුනේ නැහැ.  ඒත් සංක  ඒ වෙලාවට එහෙම දෙයක් නැහැ කියලා, කල්පනීට ආදරෙන් කතා කරලා හිත හදනවා.

එහෙම දවස් වලට පස්සේ කල්පනී සංක ආස කරන කෑම වැඩිපුර හදනවා. දවස තිස්සේම සංකව සතුටින් තියන්න පුලුවන් විදි කල්පනා කරන්වා. ඒ අතරේ යහපත් ගෘහණියක් විදියට ගොඩ නැංවෙන්න තමා නිවැරදි කරගන්න ඕනි අඩුපාඩු ගැනත් හිතනවා.

එදා සංකට බෝනස් එකක් ලැබුන දවසක්. කල්පනී එක සති අන්තේ නුවර එළියේ සංචාරයක් යන්න හිතාගෙන සංක ගෙදර ආවේ.

” අපි ගමනක් යමු?..”

සංක කිව්වම කල්පනී එතරම් උනන්දුවක් නැතුව බලාගෙන හිටියා.

” මං වීකෙන්ඩ් එකේ බුකින් එකක් දාන්න හිතුවේ.. රවුමක් දාලා එමුද නුවර එළිය පැත්තේ….?

කල්පනී ඒ වතාවේ නම් ඇස් දෙකත් බෝල කරගෙන සංකට කඩාගෙන පැන්නා.

” අනේ බෑ බෑ.. මම මේ වීකෙන්ඩ් එකේ පොඩි වැඩක් කරන්න ඉන්නේ.. අර පිටිපස්සේ ඉස සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා එළවලු හිටවන්න ඕනි … සෙනසුරාදා ඒ ටික අස් කරගත්තොත්, ඉරිදාට ගිහින් පොහොර පසුයි, පැලයි ගෙනල්ලා හිටවන්න පුලුවන්.. ඔය කඩවල් වල තියෙන එලවලු මහ විෂ ගොඩවල් සංක.. අපිට පුලුවන් කම තියෙද්දී එලවලු පැලයක්වත් හදාගන්නේ නැති එක අපරාදයක් නේ..  ඉන්නේ ටව්න් එකේ උනාට අපිට ලොකු වත්තක් තියෙනවානේ…. මගේ ලඟ අයිඩියාස් කිහිපයක්ම තියෙනවා.  මම ඔයාට කියන්නම්.. එතකොට ඔයා උදව් කරන්න ඕනි අනේ හොඳේ…”

” හරි හරි .. ඒක ඊළඟ සතියේ කරමුකො …”

” බෑ බෑ ..  ඊළඟ සතිය වෙනකොට වහින්න ගත්තොත් ඔක්කොම හබක්.. අපි නුවර යමු ඊලඟ සතියේ..”

සංක උදාසීනව කල්පනි එක්ක එකඟ වුනා. සති අන්තේ කල්පනී නම් හරි ආශාවෙන් වෙහෙසුනා. ඒත් සංකට එහෙම දැණුනේ නැහැ. ඉරිදා රෑට සංක එලියෙන් කෑම ගෙන්නන්න සූදානම් වුනේ දෙන්නම වෙහෙසිලා නිසා. අනෙක් අතට සංකට කල්පනී එක්ක එකට ඉන්න වෙලාව හොයාගන්න වුවමනා වුනා.

” අපෝ ඔයාටත් පිස්සුනේ .. ඔය කඩ ජරාව කන්න පුලුවන්ද අප්පා ඒම …. මං උයන්නම් පැය භාගෙට.. ඔයා වීඩියෝ එකක් බල බලා ඉන්නකෝ … කල්පනී එහෙම කිව්වා…”

සංක පාඩුවේ පැත්තකට වුනා. කල්පනීගේ මේ පමණට වඩා ගෘහණිය වීමේ උත්සාහය නිසා තමන්ගේ ජීවිත බිඳෙමින් යන බව සංක පැහැදිලිව තේරුම් ගත්තේ ඒ සිදුවීම් වලින් පස්සේ. ඔහු කාර්‍යාලයේ සමීප මිතුරියෙක් එක්ක මේ ගැන කතා කලා.

” එච්චර ඉගෙනගෙනත් කල්පනී ජොබ් එකක් නොකර ඉන්නේ ඇයි කියලා ඇත්තටම මම වොරි වුනා.. දැන් නේ මට මේ වැඩේ තේරෙන්නේ…. එයා ඉන්නේ වෙනම මයින්ඩ් සෙට් එකක.. ඔයාව සුවපහසුවෙන් තියන්න නම්, එයා කරන්න ඕනි දේවල් කියලා එයා සෝර්ට් අවුට් කරගෙන තියෙන්නේ වෙනමම කාරනා ටිකක් … ඒකයි මෙතන අවුල .. එහෙම නැතුව ඔයාට ආදරේ නැතුවවත්, ඔයාව ගන්න ගන්නේ නැතුව ඉන්නවාවත් නෙවෙයි ..”

මිතුරිය වගකීමෙන් සංකගේ ප්‍රශ්නයට  පිළිතුරු හදලා දුන්නා. සංක ඒ ගැන කල්පනා කරා.

“හොඳම දේ තමයි, බලෙන් හරි කල්පනී එක්ක එක් තැනක වාඩි වෙලා ඔය ගැන කතා කරන එක.. ඔයා එයාට කියන්න එක දවසක් කඩෙන් කනවා කියන එකෙන් එයා නරක බිරිඳක් නොවෙන බව, හරියට හැමදාම ඔයාට කෑම හදලා දෙන එක එයාගේ අනිවාර්‍ය රාජකාරියක් නොවෙන බව, වවන, මහන, අතුගාන ඒවා අවශ්‍ය වුනත් ඒවා අත්‍යාවශ්‍ය නොවෙන බව, … හැබැයි ඔයාට අත්‍යාවශ්‍ය බව දැනෙන දේවල් කියන්න එයාට. රෑට එයා එක්ක ජීවිතේ බෙදාගන්න එක, ලෝකෙන්ම හැංගිලා ලස්සන ටහ්ත්පර හොයන් යන එක, එයාගේ කිඅවිල්ල අහගෙන ඔහේ බලන් ඉන්න එක,….. එව්වා නේද සංක ඔයා කල්පනීගෙ බලාපොරොත්තු වෙන්නේ ?..”

සංක එදා ගෙදර ගියේ අලුත් බලාපොරොත්තු එක්ක. කල්පනී රෑ කෑම හදන්න කලින්ම ඇයව නවත්තලා, ආහාර ඇණවුම් කලේ බලෙන්මයි. ඉන් පස්සේ සංක කල්පනීවත් කතා කරගෙන මිදුලේ තිබුන බංකුවේ ඉඳ ගත්තා.

” මං දන්නවා.. ඔයා හැමදේම කරන්නේ අපි දෙන්නා ගැන හිතලා කියලා.. ඒත් ඒ සමහර දේවල් පමන ඉක්මවනවා කියලා ඔයාට දැනෙන්නේ නැද්ද?.. මට හොඳ ගෘහණියක්  වෙන්න ඕනි නෑ ඔයා.. ඒත් මට ආදරේ පිරුණු බිරිඳක් විදියට ඕනි ඔයා.. ඔයා දවසම නැහිලා ආවම ඔයාට මහන්සියි. එතකොට මට ඔයාට නිදා ගන්න ඉඩ දෙන එක කරන්න හිතෙන්නේ… ඔයාට තේරෙනවා නේද? අපේ ජීවිත වල හිඩැසක් තියෙනව…”

සංක එහෙම කිව්වට පස්සේ කල්පනීගේ ඔලුව යකාගේ කම්මල වගේ වුනා. ඒත් ඒ බවක් පෙන්නන්නේ නැතුව හිටියා. පහුවෙනිදා කල්පනීගේ නෑනට කතා කරලා මේ විස්තරේ කියලා උපදෙසක් පතන්න කල්පනී අමතක අක්ලේ නැහැ. ඒ ඊළඟට කරන්නඕනි දේ හිතාගන්නවත් බැරි වුන නිසා.

” ඔයා මල්ලිට ආදරේ කලාට මදි . මල්ලි සහ ඔයා කියන දෙන්නටම ආදරේ වෙන්න ඕනි .. මම ඔයාට නම්බර් එකක් එවන්නම් .. අපිත් වතාවක් මුන ගැහුණ කවුන්සලර් කෙනෙක් ඒ.. කතා කරලා බලන්න..”

නෑනා එහෙම කිව්වම කල්පනීට යන්තම් ඉස්පාසුවක් දැණුනා. තමන් යහපත්‍ බලාපොරොත්තුවෙන් කරන ඇතැම් දේවල්, ඇතැම් වෙලාට  අනෙකාට ඒ තරම් සුවපහසු නොවෙන බව වටහ ගත්තා.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles