“සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතය හරිම Tough. එයා එන්නෙ උදේ පාන්දර. එයා නිදාගන්න වෙලාවට මම මගේ වැඩවලට යනවා. එයා නැගිටල වැඩට යන වෙලාවට මම තව කොහෙට හරි යන්න ෆ්ලයි කරනවා. සමහර දවස් තියෙනවා අපි දෙන්නට දෙන්න දකින්නෙවත් නැති. වෙලාව මැනේජ් කරගන්න එක මාර අමාරුයි.එකම ගෙදර හිටියත් අපි සමහර දවස්වලට හමුවෙන්නෙවත් නැති තරම්. අපි වෙනම වෙලාවක් දාගෙන වාඩිවෙලා තමයි හැමදේම ප්ලෑන් කරන්නෙ.ඕක තමයි ඉතින් වෙන්නෙ එකම ගෙදර ඇක්ටර්ස් ලා දෙන්නෙක් ඉද්දි”
සයිෆ් එක්ක ගෙවන විවාහ ජීවිතයේ තියෙන Toughness එක ගැන මෙන්න මෙහෙම කියන්නෙ කරීනා කපූර් ඛාන්.කරීනයි සයිෆුයි දෙන්න කසාද බැන්දෙ 2012 අවුරුද්දෙනෙ. ඉඳල හිටල ඉතින් අපි දකිනවා කරීනයි සයිෆුයි දරුවොත් එක්ක විනෝදෙන් ඉන්න, එහෙ මෙහෙ යන්න පින්තූර එහෙම ඉන්ස්ටග්රෑම් එකට දාද්දි.
ඉතින් එහෙම ඉන්න අතරවාරයේ තමයි කරීනා තමන්ගෙ සහ සයිෆ් ගෙ විවාහය ගැන මෙන්න මෙහෙම දෙයක් කියල තිබුනෙ.
කරීනා ඉතින් මේ කතාබහේදි කියනවා තමන් සහ සයිෆ්ගෙ විවාහය තමන්ව කොච්චර වෙනස් මනුස්සයෙක් කරාද කියන එක. ඒ විතරක්ම නෙවෙයි මේ දෙන්නා රණ්ඩු වෙන්නෙ මොනවටද කියලත් කරීනා කියනවා.
මේ අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ තමන්ගෙ 12 වන විවාහ සංවත්සරය සමරන්න ඉන්න අතරෙ තමයි කරීනා කියන්නෙ “කසාදෙ මාව සෑහෙන වෙනස් කරා. ඇත්තටම හොඳට වෙනස් කරා. මම දැන් ඉස්සරට වඩා සෑහෙන රෙස්පොන්සිබල්. මම මොකක් හරි පිස්සුවක් නටාගෙන එනවනම් සයිෆ් ඒක මට කියනවා. සයිෆ්ටත් එහෙමයි. මම එයා පිස්සු නටද්දි කියනවා”
සයිෆ් සහ කරීනා එයාලගෙ විවාහ ජීවිතයේ යම්කිසි දෙයක් ගැන තීරණ අරගනිද්දි දෙන්නම දෙන්නගෙන් ඒ ගැන ඇඩ්වයිස් ගන්නව කියලත් කරීනා කියනවා. ඒ දෙන්න බලන්න ඕන චිත්රපට ගැන කතාකරනවා වගේම එයාලා රඟපාන චිත්රපට ගැනත් එකිනෙකා හිතන දේවල් බෙදාගන්න එකත් කරනවලු.කරීනා නම් කියන්නෙ “මං තමයි හැමතිස්සෙම Tough Critics දෙන්නෙ” කියලා.
“සයිෆ් නම් ඉන්නෙ නිකන් එයා Crew ෆිල්ම් එක බැලුවෙ නෑ වගේ, ඔයාලා විශ්වාස කරනවද ඒක? එයා කියන්නෙ එයා Shooting වල හිටපු නිසා එයාට බලන්න උනේ නෑ කියල. හැබැයි එයා රඟපාන හැම එකම මම බලන්න ඕන.මම නම් අනිවාර්යෙන්ම බලනවා එයා රඟපාන ඒවා”
නලුවො දෙන්නෙක් උනාට ඉතින් මෙයාලගෙ ගෙවල්වලත් රණ්ඩු සරුවල් නැතුවම නොවෙයිලු.
“අපි දෙන්නා ගොඩක් වෙලාවට රණ්ඩු වෙන්නෙ AC එකට. සයිෆ්ට හැමතිස්සෙම මාර රස්නයක් තමයි තියෙන්නෙ. ඒ නිසා එයාට ඕන හැමතිස්සෙම AC Temperature එක 16 තියාගන්න. ඒ උනාට මට ඕන 20ට තියාගන්න. මම ඉතින් එයා AC එක 16ට තිබ්බම “සයිෆ්” කියල බලනවා. එයා ඒ වෙලාවට කරන්නෙ “හරි හරි මම දන්නව සමහරු AC එක නිසාත් ඩිවෝස් වෙලා තියෙනව කියලා අපි දෙන්නම AC එක 19ට දාන්න සෙට්ල් වෙනවා.
සමහර දවසට කරිශ්මා එනවනෙ අපි එක්ක ඩිනර් එහෙම ගන්න. ඒ වෙලාවට එයා නම් ටක්ගාලා AC එක 25ට විතර දානවා. සයිෆ් ඒ වෙලාවට නම් කියනවා මම හොඳ වෙලාවට කරීනාව බැන්දෙ අඩුමගානෙ එයා AC එක19ට හරි දාන්න කැමති වෙනවනෙ කියලා”
AC එකට අමතරව නම් මේ දෙන්න ගොඩක්ම වලි දාගන්නෙ වෙලාවටලු. ඒ කියන්නෙ මේ දෙන්නට දෙන්න ගොඩක් වෙලාවට හම්බුවෙන්න ඉඩක් ලැබෙන්නෙ නැති හන්දා දෙන්න ඒ දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන් කරගන්නත් රණ්ඩු දාගන්නවලු.
“මොකද අපි දෙන්නටම ඕන අපි දෙන්න එක්ක කාලය ගතකරන්න. ඒ උනාට අපිට එහෙම ඉන්න ලැබෙන වෙලාව හරිම අඩුයි. අනිත් එක තමා සයිෆ් සමහර වෙලාවට ටයිමූර්ව ටිකක් රෑ වෙනකම් ඇහැරවගෙන ඉන්නව. අන්තිමේ ඉතින් මගෙන් බැණුම් අහන්නෙ එයා තමයි”
සයිෆ් අලි ඛාන් කරීනාව විවාහ කරගන්නෙ තමන්ගෙ කලින් බිරිඳ වුන අම්රිතා සිංගෙන් දික්කසාද වෙලා අවුරුදු අටකට පස්සෙ. ඒ විවාහයෙනුත් සයිෆ්ට දරුවො දෙන්නෙක් ඉන්නවා සාරා අලි ඛාන් සහ ඉබ්රහිම් අලි ඛාන්.
හැබැයි කරීනා නම් මේ දෙන්න එක්කම, විශේෂයෙන්ම සාරා එක්ක හරිම යාලුවෙන් ඉන්නවා කියල තමයි අන්තර්ජාලයේනම් සඳහන් වෙන්නෙ.