“මෙයාලට කියල වැඩක් කරගන්න නම් බැණලා කරලා තමා කරගන්න ඕන”
ශාලිනී මැනේජර්/ටීම් ලීඩ් පෝස්ට් එකකට අලුත් ඔෆිස් එකකට ආව දවසෙ තමන්ගෙ ටීම් එකේ ජූනියර්ස්ලා ගැන ඔහොම කතාවක් කිව්වෙ කලින් ඒ ටීම් එකේ ලීඩ් වෙලා උන්නු භාතිය.
“ශාලිනී අහලා ඇතිනෙ, කෝටු පාර දුන්නෙ නැත්තම් පොඩි අයව හදාගන්න බැරි බව” භාතිය කිව්වේ තමන් නම් ටීම් එකේ අයට බණිනව, සද්දෙ දානව, ඒ විතරක් නෙවෙයි ලැජ්ජ කරන්න ඕන තැන්වලදි ලැජ්ජ කරනව කියලත් කියන ගමන්.
ඒ උනාට ශාලිනී නම් ඔය තරවටු කරන, බණීන කරන සීන් එක එච්චර හොඳ තියරියක් කියල පිලිගත්ත කෙනෙක් නෙවෙයි. ඔෆිස් එකේ ළමයිව විතරක් නෙවෙයි තමන්ගෙ දරුවෙක්ව උනත් බැණල කරලා හදන්න පුලුවන් සීමාවක් තියෙනවා. අනික් එක ඉතින් එහෙම බැණල කරල හදන්න මෙතන ඉන්නෙ තමන්ගෙ දරුවො නෙවෙයිනෙ, මේක ඔෆිස් එකක් කියන කතාව ශාලීනී ඔය හැම ඇඩ්වයිස් එකක් අස්සෙම අමතක කලේ නෑ.
කොහොමහරි වැඩ ටික පටන් ගත්තයින් පස්සෙ ශාලිනීට ටීම් එකත් ටීම් එකේ අයට ශාලිනීවත් හොඳට සෙට් උනා.
“ශාලිනී මාරම හොඳයි රෙස්පොන්සිබිලිටීස් ගන්නවා”
“ශාලිනී කම්ප්ලේන් කරන්නෙ නෑ, ප්‍රශ්නයක් තියෙනම් එයාව ඇවිත් හොඳට කතා කරලා යනවා”
“සමහරු එන්නෙ ක්‍රෙඩිට් ගන්න විතරනෙ, ශාලිනී එහෙම නෑ ඕනම ප්‍රශ්නයකදි ඉස්සර වෙනවා”
මේ කතා ඇහෙද්දි මෙච්චර කාලයක් ශාලිනී එනකම් ඒ රෝල් එකේ හිටපු භාතියට ඕව නිකන් කණට යකඩ කටුවකින් අණිනවා වගේ තමා දැනුනෙ.”මෙච්චර කල් මම තමයි ඔය ටීම් එක බැලුවෙ, මුන් කවදාවත් මට ඔහොම කියල නෑනෙ” කියල නොහිත ඉන්න බැරි වුණා වගේම ඔය සිතුවිල්ල හිත අස්සෙ පැසව පැසව තිබිලා අන්තිමේ තරහ පිටවුණේ ශාලිනීගෙයි, එයාගේ ටීම් එකේ ලමයිගෙයි පිටින්.
“මෙහෙමයි දැන් කාලෙ ඉන්න මිනිස්සු වෙනස් කියල අපිට බ්‍රෑන්ඩ් එකේ ලුක් ඇන්ඩ් ෆීල් එක එහෙම වෙනස් කරන්න බෑනෙ. ඔය අකවුන්ට් එක මේ ඒජන්සි එකට අරගෙන එන්න මම කොච්චර මහන්සි උනාද කියලා දන්නෙ මම. මේක සීරියස් බ්‍රෑන්ඩ් එකක්. දැන් ඉන්න ජෙන් සී ඕඩියන්ස් එකක් කියලා අපිට බ්‍රෑන්ඩ් එක එයාලගෙ විදියට අරගෙන යන්න බෑ. අපි අවුරුදු ගාණක් තිස්සෙ කරගෙන ආව විදිය තමයි මේ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන්නෙ. ඔයාලාට පුලුවන් වෙන්න ඕන ජෙන් සී ඕඩියන්ස් එක මේ බ්‍රෑන්ඩ් එකේ ටෝන් එකට ගැලපෙන්න හදාගන්න. අනික ක්ලයන්ට්ට කියන්න අපි ජෙන් සීලව ටාගට් කරන එක තේරුමක් තියෙන වැඩක් නෙවෙයි කියලා” භාතිය ඔහොම කියද්දි ටීම් එකේ කට්ටිය ශාලිනීගෙ මූණ බැලුවෙ “ප්ලීස් කතාකරන්නකො” කියල කියන්න වගේ.
මොකද ටීම් එකම දැනගෙන හිටියා මේ වැඩේ කොච්චර හොඳ ද කියල, මෙච්චර දවසක් රිසර්ච් කරලා, ජෙන් සී ඕඩියන්ස් එක මේ බ්‍රැන්ඩ් එකට ඇට්රෑක්ට් කරගන්න පුලුවන් විදියක් බලලා, ලස්සනටම ආව ක්‍රියේටිව් අයිඩියා එකක් සහ ස්ට්‍රැටජි ප්ලෑන් එකක් ප්‍රසන්ටේශන් එකේ බාගයක්වත් බලන්නෙ නැතුව භාතිය ටේක් ඩවුන් කරපු එක ගැන හැමෝම හිටියෙ අවුලෙන්. ශාලිනී හිතුවෙ භාතියට මේ ගැන එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙයි කියලා.
“භාතිය ඔයා කියන කතාව මම පිලිගන්නවා. හැබැයි අපිට මේ තනි සිංහලෙන්, සම්පූර්ණ ආයුර්වේදික් විදියට ඉස්සරහට ගිහිල්ල මේ බියුටි බ්‍රෑන්ඩ් එක ගෙන් සී ඕඩියන්ස් එක අතරෙ ප්‍රමෝට් කරන්න බැහැ. මොකද ජෙන් සී ඕඩියන්ස් එක කියන්නෙ තව කෙනෙක් කියන දෙයක් එහෙම ලේසියෙන් අහන්න කැමති ඕඩියන්ස් එකක් නෙවෙයි. අනික අපිට තියෙන පොටෙන්ශල් ඕඩියන්ස් එකක් තමයි ජෙන් සීලා. අපිට එයාලව හලල දාලා මේ පාත් එකේ ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම හිතන්නෙ අපි ඉස්සෙල්ලා මේ අයිඩියා එක බ්‍රෑන්ඩ් මැනේජර්ට පෙන්නල බලමු.”
භාතිය එක්ක ලොකු ෆයිට් එකක් දෙන්න උනා ශාලිනීට ඒ අයිඩියා එක ක්ලයන්ට් ට ප්‍රසන්ට් කරන්න. භාතිය නම් කිව්වෙම “ඕක ඩෙෆිනීට්ලි රිජෙක්ට් වෙනවා, අන්තිමේ පස්ස බිම ඇණුනම තේරේවි මහ ලොකු ටීම් ලීඩ් ට” කියල.
හැබැයි කතා ඔක්කොම වෙනස් උනේ ක්ලයන්ට් පිච් එකෙන් පස්සෙ හැමෝටම හොඳ කිව්වම වෙනස්ම විදියෙ ඇප්රෝච් එකකින් මෙච්චර දවසක් බ්‍රෑන්ඩ් එකට මිස් වෙලා තිබ්බ ඕඩියන්ස් එකක් ටච් කරපු එක ගැන.
ප්‍රොජෙක්ට් එකයි බජට් එකයි දෙකම ඇපෘ වෙච්ච දවසෙ ශාලීනි කට්ටියටම පොඩි ට්‍රීට් එකක් දුන්න මහන්සිවෙලා වැඩ කල හන්දා. ට්‍රීට් එක වෙලාවෙදි හැමෝටම තෑන්ක් කරන ගමන් ශාලිනී මෙන්න මෙහෙමත් කිව්වා.
“අපි යන ගමනෙ බාධක ඕන තරම් එනවා. සමහර වෙලාවට අපි හිතනවනෙ ඇග්රෙසිව් වෙන තරමට අපි මාර රැඩිකල් විදියට පේනවා කියල. ඒ උනාට සමහර ප්‍රශ්න වලට අපි එන්ටර් වෙන්න ඕන හීන් සීරුවෙ. එතකොට ප්‍රශ්නෙ විසඳගන්න ලේසි”
ඉතින් අමතක කරන්න එපා,
සමහර ප්‍රශ්න එන්නෙම හිමින් සීරුවේ විසඳගන්න!