විප්ලවයෙන් සංචාරයට ආ රාජකීය මැදුර

Versailles – පුරාතන ලෝක උරුමය

Versaille මාලිගාව ලෝක උරුමයක් විදියට ප්‍රකාශයට පත් කරන්නේ 1979 අවුරුද්දේ ඉඳන්.  ඒ වගේන අවුරුද්දකට  මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන  මේ රජ මැදුර ප්‍රංශයේ විතරක් නෙවෙයි,  ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය ස්ථානයක් විදියට ලයිස්තු ගත වෙලා තියෙනවා.

 ප්‍රංශයේ 17 වැනි සියවසේ නිර්මානය වුන කලා කෘතීන් අතරින් මේ මාලිගාවට හිමිවෙන්නේ ප්‍රධාන ස්තානයක්. 1623 අවුරුද්දේදී අටවැනි ලුවී රජතුමා ප්‍රංශයේ ඉඳන් කිලෝමීටර් දහ නවයක් විතර බටහිර පැත්තට වෙන්න තිබුණ ඔහුගේ ප්‍රියතම දඩයම් කන්දක නවාතැනක් ඉදි කරවනවා.

සුඛෝපබෝගී විදියට ඉදි කෙරෙන මේ නවාතැන අංග සම්පූර්ණ නිවෙස්නම් විදියට සකස් කරවන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. ඔහුගේ මූලික වාසස්තානය විදියට තිබුන චැටෝ ඩී සෙන්ට් ජර්මේන් එන් ලේ පිහිටලා තිබුන වර්සයිල්ස් කියන ගම්මානයෙනුත් ඔබ්බට තමහි මේ නවාතැන් අඩවිය පිහිටලා තිබුනේ. අට වැනි ලුවී රජතුමාගේ රාජ සභිකයෝ පවා ඔහුව උපහාසයට අරගෙන කියනේ ඒ නවාතැන් පොල රජෙකුට නුසුදුසු බවමයි.

ඒ කොහොම වුනත් අටවැනි ලුවී රජතුමා මේ දඩයම් භූමියේ සකස් කරපු නවාතැන්පොලට හරිම කැමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ අතරේදී 1631 ඉඳන් 1634 වෙනකල් කාලය තුළ මේ නවාතැන්පොල වෙනුවට දේවමාලිගාවක් ස්තාපනය කරනවා. ඒත් රජතුමා ඒ නවාතැන්පොලේ කොටසක් තම වාසස්තානය විදියට  භාවිතා කරනවා. කොහොම වුනත් ඔහුගේ රැජිණ වුන ඈන් කුමරිය නම් එක් රැයක්වත් මේ නවාතැන්පොලේ ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒ අතරේ 1641 දී ප්‍රශයේ වසූරිය රෝගය වසංගතයක් විදියට පැතිරිලා යන්න පටන් ගත්ත නිසා මිනිස්සු ඉතා වේගයෙන් වර්සයිල්ස් හැරයනකොට පවා, අට වැනි ලුවී රජතුමා , කිරුළ හිමි තම පුතා වුන  ලුවී කුමාරයාවත් තියාගෙන මේ නවාතැන්පලේ , එහෙම නැත්නම් Versaille මාලිගාවේ  නවතිනවා.

අත් හැර දැමුණු රාජකීය නිවෙස්න

1643 දී අටවැනි ලුවී රජතුමා මිය ගියාම ඔහුගේ රැජින අනුප්‍රාප්තික රැජින බවට පත් වෙනවා. ඇය මේ මාලිගාව ඉතාම කැමැත්තෙන් අත් හැරලා දාලා පුත් කුමාරයාවත් අරගෙන ආයෙම ප්‍රංශය මධ්‍යයේ පිහිටුවලා තිබුන මාලිගාවට යනවා, 1651 විතර වෙනකල්ම මේ Versaille මාලිගාව අත් හැරලා දාලා වගේ තමයි තියෙන්නේ. ඔය අතරේදී ඈන් කුමරිය සහ බලයට සමාන හිමිකම් තිබුන රජතුමාගේ සහෝදරවරු අතර යම් යම් ගැටුම් ඇති වෙන්නත් පටන් ගන්නවා. ලුවී රජතුමාගෙන් ලේ උරුමය ගත්ත ලුවී කුමාරයා අන්තිමේදී තීරණය කරනවා සියලු බලතල තමා වෙතට පවරගෙන රාජ්‍ය පාලනය තමන් විසින්ම සිදු කරන්න. අටවැනි ලුවී රජතුමා විසින් ඉදිකරලා තිබුන පැරණි දඩයම් මණ්ඩපය සහිත ඉඩමේ මනස්කාන්ත නවාතැන  ඔහුගේ පුතා වුන XIV ලුවී රජතුමා විසින් උසාවිය සහ රජය ස්තාපනය කරන ගොඩනැගිල්ල බවට පත් කරලා දේව මණ්දිර කොටසකුත් එක්කම නඩත්තු කරන්න පටන් ගනන්වා. ඉන් පස්සේ  ප්‍රංශ විප්ලවය වෙනකල්ම ප්‍රංශයේ උන්න රජවරුන් තමන්ගේ විදියට වෙනස් කරමින් මේ Versaille මාලිගාව ඉතා මනස්කාන්ත විදියට නඩත්තු කරලා තියෙනවා.

කාමර 2300ක මාලිගාවක්

වර්ග කිලෝමීටර් හැටතුන්දාස් එකසිය පනස් හතරක් පුරාවට පැතිරිලා තියෙන මේ Versaille මාලිගාවේ වර්තමානය වන විට කාමර දෙදහස් තුන්සීයක් තියෙනවා. මේ කාමර එක් එක් රජවරුන්ගේ, එක් එක් කාලවල සිදුවී විදුවීම් වල සහ ප්‍රංශයේ ඉතිහාසයට අනුව ඉතාම ඉහල විවිධත්වයකින් යුක්තව තමයි සකස් වෙලා තියෙන්නේ. මේ වෙනකොට මේ Versaille මාලිගාවේ සංචාරයක් සඳහා යන්නම සිහින මවන නිර්මාණ ශිල්පීන් පවා ඉන්නේ ඒ විවිධත්වය එතරමටම වටින නිසා.

කලින් කලට වෙනස්කම් සමඟ

Versaille  මාලිගාව වර්තමානය වන විට ප්‍රංශ ඉතිහාසය සොයමින් ඉන්න අයට  කදිම තෝතැන්නක් වෙලා තියෙනවා. 1630 ඉඳන් 1780 දක්වා ප්‍රංශ ගෘ හ නිර්මාණ ශිල්පීය ක්‍රම ගන කදිම අවබෝධයක් ලබන්නත් මේ Versaille මාලිගාව මනා තෝරාගැනීමක්. මේ මාලිගාවේ මුල්ම කොටස ඉදි කරලා තියෙන්නේ අට වැනි ලුවී රජතුමා වෙනුවෙන්, ඔහුගේ පාලන සමයේ තිබුන ශිල්පීය ක්‍රම විදියෙන්මයි. ගඩොල්, කිරි ගරුඬ සහ ලෑලි තමයි මේ  මුල්ම කොටස්වල ඉදිකිරීම් වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. 1680 දී විතර ජූල්ස් මැන්සර්ට් කියන ගෘ හ නිර්මාණ ශිල්පියා විසින් මේ  Versaille මාලිගාවේ ව්‍යුහය තවදුරටත් වෙනස් කරනවා. එහිදී ලියුම් කවරයේ ආදර්ශනය ඔහු බොහෝ තැන් වලට භාවිතා කරනවා. අමාත්‍යවරුන්ගේ පියාපත් කියන නමින් හැඳින්වෙන මාලිගාව වටා පිහිටන ඉදිකිරීම් ඇති කෙරෙන්නේ 1970දී.

හැඩ වැඩ මදි නැති මාලිගාව

1715 දී XIV වන ලුවීගේ මරණයෙන් පස්සේ මාලිගාවේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තියෙන්නේ. . Versaille මාලිගාවේ  නැගෙනහිරට මුහුණලා ඇති මාලිගාව U-හැඩැති සැලසුමක් විදියට සකස් කරලා තියෙන්නේ. ආරක්ශක  සේනාංකය සහ සමමිතිකව මාලිගාවේ ඉදිරියෙන් විහිදෙන ඉදිකිරීම   හඳුන්වන්නේ ඩූෆෝර් සහ ගේබ්‍රියල් කියන නම් වලින්. දකුණේ ඩුෆෝර් මණ්ඩපය සහ උතුරට ගේබ්‍රියෙල් මණ්ඩපය විදියට ඉදිකිරීම අවසන් වෙනවා.

වර්තමානය වෙනකොට Versaille මාලිගාව ප්‍රධාන වශයෙන් කොටස්  කීපයකට වෙන්කරලා හඳුනා ගන්න පුලුවන්. ඒ දේවස්ථානය, ඔපෙරා ශාලාව, ප්‍රධාන ශාලාව, කැඩපත් ශාලාව,රජුගේ කාමර, රැජිනගේ කාමර, ප්‍රංශ ඉතිහාස කෞතුකාගාර ආදී විදියට.

රාජකීය උසාවිය (Cour Royale) ලෙස හැඳින්වෙන කොටස නිර්මාණය වෙන්නේ  කෝර් ඩොනර් කියන විශිෂ්ඨ ගෘ හ නිර්මාන ශිල්පියා අතින්.  රාජකීය මළුව දෙපැත්තේ පිහිටා ඇති දැවැන්ත අසමමිතික පියාපත් දෙක නිසා  මීටර් 402 (අඩි 1,319) දිග මුහුණත් පෙනුමක් මේ මාලිගාවට ලැබිලා තියෙනවා.  

මේ මාලිගයට ඇතුළුවන දොරටුවේ සිටම එහි ප්‍රෞඩත්වය  ප්‍රදර්ශනය කරනවා. රන්වන් පාටින් දිදුලන දොරටුව දෙපස Garpard Marcy හා Francois Girardon ගේ ප්‍රංශ ජයග්‍රහණය (Victory of France) කියන  මුර්ති පිහිටුවලා තියෙනවා.

හෙක්ටයාර් 10ක් (වර්ග අඩි මිලියන 1.1ක්) පමණ වහලයකින් ආවරණය වී ඇති මාලිගාවේ ජනෙල් 2,143ක්, චිමිනි 1,252ක් සහ පඩිපෙළ 67ක් තියෙනවා.

ඒ වගේම මාලිගාව සහ එහි භූමිය 17 වන සියවසේ මැද භාගයේ සිට 18 වන සියවසේ අවසානය දක්වා ගෘහ නිර්මාණ ශිල්පය සහ ගෙවතු වගාව  හදාරන අයවලුන් සඳහා මේ වනවිටත් මනාව නඩත්තු කරනවා.  Versaille මාලිගාවේ  ගොඩනැගිල්ල රන්වන් ඉතා සියුම් කැටයම් වලින් සුන්දරව සකස් කරලා තියෙනවා වගේම, මාලිගාවේ අභ්‍යන්තර අලංකාරය වෙනුවෙන්  යොදාගෙන තියෙන   සැරසිලි, චිත්‍ර, ගෘහ භාණ්ඩ, පිඟන් බඩු හා නොයෙන් විසිතුරු භාණ්ඩද ඉතා කලාත්මක හා ඉතාම වටිනා භාණ්ඩ බවත් මේ වනවිටත් පේන්න තියෙනවා.

Versaille නිසා බිහිවුන ඉදිකිරීම් නිර්මාණ

 Versailles මාලිගාවේ තියෙන කලාත්මක භාවිතාවය  විසින් බලපෑමට ලක් වූ  ඉදිකිරීම් විදියට  උදාහරණ විදියට  Hampton court palace, Berlin palace, La granja palace, Stochholm palace, Ludwigsburg palace, Rastatt palace වගේ කිහිපයක් දක්වන්න පුලුවන්. මින් එහා තවත් විශාල සමාජයීය සහ කලාත්මක භාවිතාවන් මේ Versaille මාලිගාව නිසා ලෝකය පුරාම සිදු වෙලා තියෙනවා.

අපේක්ෂා ගුණරත්න

Related Articles

Don't Miss


Latest Articles