රක්ෂා බන්ධන් උත්සවය දවසෙ කාන්තාවන්ගෙ ආරක්ෂාව ගැන කාජල් කිව්ව කතාව

ඉන්දියාව සහ ඉන්දියානු කන්තාවන් කියන්නෙ මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාවෙන ටොපික් එකක්. ඒ විශේෂයෙන්ම කාන්තාවන්ගෙ, ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව ගැන. ඉතින් මේ වගේ මාතෘකා කතා කෙරෙන ඉන්දියාවෙම පසුගිය දවසක තිබුණ රක්ෂා බන්ධන් උත්සවයෙදි ප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වෙන කාජල් තමන්ගෙ අදහස ප්‍රකාශ කරලා තිබුණෙ මෙන්න මේ විදියට.

කාජල් තමන්ගෙ මේ අදහස ප්‍රකාශ කරලා තිබුනෙ ට්විටර් ඇප් එක ඔස්සේ රක්ෂා බන්ධන් දවසෙ අරගත්ත එයාගෙ දරුවන් දෙදෙනාගෙ පින්තූරයක් එක්ක.

“අද තමයි ඔයාලගෙ දවස.මම ප්‍රාර්තනා කරනවා හැම පිරිමි දරුවෙක්ම තේරුම්ගන්න කියලා තමන්ගෙ යුතුකම සහ වගකීම. ඒ යුතුකම සහ වගකීම තමයි තමන්ව පිරිමියෙක් කරන්නෙ කියන එක.ඔයාලට තමයි පුලුවන්කම තියෙන්නෙ ඔයාලා වටේ ඉන්න කාන්තාවන්ට බය නැතුව ජීවත්වෙන්න පරිසරයක් හදලා දෙන එක. අපි උගන්නමු අපේ පුතාලට හොඳ පිරිමියෙක් වෙන්නෙ කොහොමද කියලා”

කාජල් කියන්නෙ කොහොමත් තමන්ගෙ මාධ්‍ය සාකච්චාවලදි පවා වෙනස් මතවාද අදහස් බය නැතුව ප්‍රකාශ කරපු කාන්තාවක් කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසාම තමයි කාජල් මේ ඉන්දියාවෙ හැම සහෝදරයෙක් සහෝදරියෙක්ම වගේ සමරන රක්ෂා බන්ධන් උත්සවය දවසෙ මේ වගේ Powerful Message එකක් සමාජගත කරන්න උත්සහ කරලා තියෙන්නෙ.

කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන එක පටන්ගන්න ඕන ගෙදර ඉන්න තමන්ගෙ පුතාගෙන් කියල කාජල් දරන අදහස අපි හැමෝටම එකඟ වෙන්න පුලුවන් කතාවක් නේද?

ඉතින් කාජල් මේ විදියට දාපු පෝස්‍ට් එකට ෆෑන්ස්ලා ඇවිල්ලා කමෙන්ට් කරලා තිබුණෙ මෙන්න මෙහෙම.

“මම ඔයාට සතුටම ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා කාජල්. ඒ වගේම ඔයාගෙ දරුවන්ට උපරිම ආරක්ෂාව ලැබේවා කියලත් මම පාර්තනා කරනවා”

“ඔයා වගේ කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් අහන්න ලැබෙන එකත් වාසනාවක්”

කාජල්ගේ පණිවිඩය, විශේෂයෙන්ම රක්ෂා බන්ධන් උත්සවය එක්කම ඇය සමාජ මාධ්‍ය තුළ එහෙම කතිකාවතක් ආරම්භ කිරීම හරිම වැදගත් දෙයක්. ඇය ප්‍රකාශ කළේ, කාන්තාවන් ජීවත්වෙන සමාජයේම ජීවත්වෙන පිරිමින්ට තිබෙන යුතුකම සහ වගකීම පිළිබඳව. රක්ෂා බන්ධන් දිනය, සොහොයුරන් සහ සහෝදරියන් අතර ආදරය හා ආරක්ෂාව තව තවත් ඉදිරියට අරගෙන යන, සමරන දවසක් බව අපි දන්නවනෙ. මේ උත්සවයෙදි පෙන්නුම් කරන්නෙ සොහොයුරා, තමන්ගේ සහෝදරියට ආරක්ෂාව සැලසීමේ වගකීම දරන බව. කාජල්ගේ පණිවිඩය ඔස්සේ කියවෙන්නෙත් අන්න ඒ කතාවම තමයි.  ඇය පිරිමින්ට කාන්තාවන්ට ආරක්ෂාව සහ නිදහස සලසන පරිසරයක් නිර්මාණය කරන්න යුතුකමක් තියෙන බව මතක් කරන්න රක්ෂා බන්ධන් උත්සවය දවසම තෝරගත්ත එකෙන් අදහස් කරන්නෙ තමන්ගෙ සහෝදරිය, බිරිඳ, පෙම්වතිය නොවන කාන්තාවක්ව පවා පිරිමියෙක් දකින්න ඕන තමන්ගෙ සහෝදරිය විදියටම බවයි.

කාජල්ගේ මේ පණිවිඩය, සමාජයේ දරුවන්ට පිරිමින්ගේ වගකීම් ගැන හොඳ අවබෝධයක් ලබා දීමට පෙළඹවීමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම, මේ පණිවිඩය ඉන්දියාව තුළ පමණක් නොව, ලොව පුරාම, කාන්තා ආරක්ෂාව පිළිබඳව ඇති කතා බහට නව ආකල්පයක් ලබා දෙනවා.

රක්ෂා බන්ධන් කියන්නේ අරමුණක් සහිත දිනයක්. එය පිරිමින්ට ඔවුන්ගේ වගකීම් මතක තබා ගැනීමක් විතරක් නොව, ඔවුන්ගේ වටපිටාවේ ඉන්න කාන්තාවන්ට ජීවත්වීමේ නිදහස ලබා දීම ගැන මතක් කරලා දෙන දවසක්.

ගැහැණු දරුවන්ට ආරක්ෂා වෙන්න කියල අපි පුංචි කාලෙ ඉඳලම කියල දෙනවා. හැබැයි අපි හරිම අඩුවෙන් තමයි අපේ පිරිමි දරුවන්ට, පුතාලට කියලා දෙන්නෙ “සමාජයේ ඉන්න හැම කාන්තාවකටම අපි ගරු කරන්න ඕන” කියන එක. ඉතින් ඇත්තටම බැලුවොත් ගැහැණු ළමයෙක්ගෙ ආරක්ෂාව පටන් ගන්න ඕන ඒ ගැහැණු ළමයගෙ ගෙදරින් පමණක් නොවෙයි. හැම පිරිමි ළමයෙක්ම ජීවත්වෙන ගෙදරින්.

ඉතින් අපි පටන් ගමු අපේ පිරිමි දරුවන්ට කියලා දෙන්න, කාන්තාවකට ගරු කරන විදිය, සලකන්න ඕන විදිය.

කාන්තාවන්ට ගරුකරන, කරුණාවෙන් වැදගත්කමෙන් සැලකීම තමයි පිරිමියෙක්ව නියම පිරිමියෙක්, මහත්මයෙක් කරන්නෙ කියන කතාව තමයි අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕන. සමහරවෙලාවට අපි හිතනවා ගැහැණු දරුවෙක්ට කරදර වෙන්න පුළුවන් මෙන්න මේ විදියට, ශාරීරිකව සිදුවන කරදරයකින් විතරයි කියල.

ඒ උනාට පොඩ්ඩක් හිතල බලන්න, ගෑණු ළමයෙක් පංති ඉවරවෙලා, වැඩ ඉවරවෙලා ගෙදර යද්දි පාරෙදි විසිල් පාරවල්, අනවශ්‍ය විහිලුවලට පවා ලක්වෙනවා. ඒ වගේ වෙලාවට සද්ද නැතුව, නෑහුනා වගේ බිම බලන් එන්න අපි පුරුදුවෙලා තියෙනවා. මොහොතකට හරි හිතුවද ඒකත් එක්තරා විදියට කරදරයක් කියල?

අන්න ඒ නිසාමයි කාජල් අරගෙන එන මේ පණිවිඩය වැදගත් වෙන්නෙ.

ගැහැණු දරුවන්ව පරිස්සම් කරගන්න නම් අපි ඒ වගකීම ගැන කියල දෙන්න ඕන, උගන්නන්න ඕන අපේ පිරිමි දරුවන්ට.

ඉතින් අපි අපේ ගෙදරින් ඒ වගකීම පටන්ගමු!

Related Articles

Don't Miss


Latest Articles