රැවටීම….

“මම හිතන්නෙ අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ. අපි දෙන්නට යාලුවෙලා මෙහෙම ගෙවල් දෙකක ඉන්න කාලෙත් එකට ඉන්න අමාරු නම්, පොඩි දේටත් රණ්ඩු වෙනවනම් ඔයා හිතන්නෙ කසාද බැඳල එකට ඉන්න පුලුවන් වෙයි කියලද?

පොඩි දේටත් ඔයා කරන්නෙ ෆෝන් එක ඕෆ් කරගෙන කතා නොකර ඉන්න එක දවස් ගණන්. රිලේශන්ශිප් එකක් ඒ විදියට මේන්ටේන් කරගෙන යන්න අමාරුයි. ප්‍රශ්නයක් ආවම අපි කරන්න ඕන කතා බහ කරල විසඳගන්න එක කියලා ඔයා ෆේස් බුක් එකේ පෝස්ට් ශෙයා කරාට ඇත්ත ජීවිතේ ඔයා එහෙම කරන්නෙ නෑනෙ.

මට ඇත්තටම තවත් මේක ඉවසන්න අමාරුයි. අපි දෙන්න ඒලෙවල් ක්ලාස් යද්දි යාලු උනා. ඒක ඇත්ත. යාලුවෙලත් දැන් අවුරුදු කීපයක්. මුල් කාලෙ ඔයාගෙ මේ හැසිරීම එහෙම තමයි කියල හිතුවට මට තවත් ඒක දරාගන්න අමාරුයි.අයෑම් සොරි”

නිශී කොහොමත් ප්‍රශ්නයක් ආවම කවුරු එක්ක වුණත් ඒක කෙලින් කතාකරලා විසඳගන්න මනුස්සයෙක්. ඔය ෆෝන් එකෙන් මැසේජ් දාලා බ්‍රේක් අප් වෙන ජාතියෙ වැඩ නිශීගෙ නෑ. නිශී ඒ නිසාමයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙච්ච මනේශ්ට තමුන් දෙන්න ගැලපෙන්නෙ නැති බවත් මේ රිලේශන්ශිප් එක තව ඉස්සරහට අරගෙන යන එක තේරුමක් නැති බවත් කතා කරලා, මුණ ගැහිලම කිව්වෙ.

“උඹ මහ ජරා ගෑණියෙක්. අවුරුදු ගාණක් මාත් එක්ක යාලුවෙලා ඉඳලා, මාත් එක්ක එහෙ මෙහෙ ගිහිල්ලා දැන් මෙහෙම මාව අතාරින්න හදන්නෙ? අපේ ගෙවල් වලිනුත් දන්නව යකෝ අපි යාලුයි කියලා. උඹට ලැජ්ජ නැද්ද මෙහෙම කරන්න? කාත් එක්කද උඹ දැන් යාලුවෙලා ඉන්නේ? හොර මිනිහෙක් හොයාගත්තද රස්සාවට යන්න පටන් ගත්ත ගමන්?”

නිශී අර විදියට කතා කරාට මොකෝ මනේශ් ඔන්න ඔහොමා තමයි උත්තර දුන්නෙ. තමන් ඉන්නෙ සෙනග ඉන්න තැනකද නැද්ද කියන ඒව මනේශ්ට අදාල නෑ නිශීට ඔහොම කෑගහන්න. ඒකෙන් ලැජ්ජ වෙන්නෙ නිශී විතරක් නෙවෙයි තමන්ටත් ලැජ්ජාවක් කියන එක හිතන්නවත් මනේශ්ට උවමනාවක් නෑ.

“ගෙවල් වලින් දන්න එක ඇත්ත. යාලුවො දන්න එක ගමේ මිනිස්සු දන්න එක ඇත්ත. හැබැයි එහෙමයි කියලා මිනිස්සු අරව මේව කියාවි කියල ලැජ්ජාවට කසාද බැන්දොත් වෙන්නෙ මුලු ජීවිත කාලෙම ඔයා එක්ක මට මානසික සහනයක් නැතුව ජීවත් වෙන එක, එහෙම නැත්තම් ඩිවෝස් වෙන එක. ඊට වඩා හොඳයි මනේශ් ඔයා මොනවා කිව්වත් අපි බ්‍රේක් අප් වෙන එක” කියල නිශී පාක් එකේදි මනේශ්ගෙන් සමුගත්තා. මනේශ් හිතාගෙන උන්නෙ නිශී කිසි ගාණක් නැතුව ඒක කරා කියල තමන් හිතෙන් කොච්චර දුක් වුණාද, රෑට හොරෙන් ඇඬුවද කියලා දැනගෙන උන්නෙ නිශී විතරයි. ඒත් “ආදරේ කියලා ජීවිතේම දුක් විඳින්න බෑනෙ” කියලා හිතලා නිශී හිත හදාගත්ත.

මුල් දවස්වල බැනලා කරලා මැසේජ් එව්වට පස්සෙ පස්සෙ මනේශ් පුරුදු විදියට මං මැරෙනව, මං මහන වෙනවා, මං පිස්සෙක් වෙන්න යන්නෙ, මං ජීවිතේ නැති කරගන්න ගිහින් ඉස්පිරිතාලෙ ඉන්නෙ කියලා අනුකම්පං උපාදාය මැසේජස් එවන්නත් අමතක කරේ නෑ.

“ඔයා නිසා මූ පිස්සෙක් වෙන්න යනවා නංගි” කියලා මනේශ්ගෙ යාලුවො කතා කරන්න අමතක කරෙත් නෑ. ඔය විදියට තමයි දෙපැත්තෙම අම්මලත් මේ ප්‍රශ්නෙට සේන්දු උනේ.

“මං නම් කියන්නෙ දූ අපේ පුතා ඔය පොඩ්ඩක් තරහ ගත්තට නරක ළමයෙක් නෙවෙයි. මැරි කරාම ඕක හරියාවි” කියලා මනේශ්ගෙ අම්මා කිව්වට නිශීලගෙ පැත්තෙන් නම් නිශීට බලපෑමක් නොකල තරම්. “තමන් ජීවත්වෙන්න ඕන මොන වගේ මනුස්සයෙක් එක්කද කියලා තීරණය කරන්න ඕන නිශී” කියලා තමයි අම්මයි තාත්තයි අක්කයි තුන්දෙනාම කිව්වෙ.

මනේශ් තැන් තැන්වල “නිශී මාව රැවැට්ටුවා” කියලා කතා හද හද යන බව ආරංචි වුණත් නිශී ඒව ඒ කණින් ඇහුවා මේ කණින් පිට කරා.

හොඳට ඉගෙන ගත්තා, රස්සාවෙ උඩට ගියා. කාලෙ ඒ විදියට ගියා.මනේශ් එක්ක බ්‍රේක් අප් වෙලා අවුරුදු එකහමාරකට විතර පස්සෙ තමයි නිශීට ශෙහාන්ව හම්බුනේ. ඒ ඔෆිස් එකේම ටේනින් එකකදි. හීන් සැරේ කතා කරලා, දැන අඳුනගත්තට පස්සේ “මේ තමයි එයා” කියලා දෙන්නටම තේරුණම තමයි කසාදෙක කතාවක් පටන් ගත්තෙ. වෙඩින් එකට හැමදේම ලෑස්ති කරලා, කාඩ් බෙදලා, මාසයක් වගේ තියෙද්දි තමයි දවසක් මනේශ්ගෙන් කෝල් එකක් ආවෙ.

“උඹ ඔය අලුත් කොල්ල නිසා නේද මාව දාලා ගියේ? මට බොරු කියලා මගේ පවුලෙ උන් ඉස්සරහ මට ලැජ්ජ කරලා. මං උඹට ඌව කසාද බඳින්න දෙන්නෙ නෑ. මං ඌට කතා කරලා කියනවා උඹ මාත් එක්ක එහෙ මෙහෙ ගිය ඒවා” කියලා මනේශ් කෝල් එක පටන් ගත්තෙම තර්ජනේකින්.

“කිසි ප්‍රශ්නයක් නෑ මම ඕන නම් ශෙහාන්ගෙ නම්බර් එක එවන්නම් ඔයා කෝල් කරන්න. ඔයා ගැනයි, ඔයා ඔය කියන අපි දෙන්න එහෙ මෙහෙ ගිය ඒවයි ඔක්කොම කොහොමත් මම කියලා තමා තියෙන්නෙ. මට පුරුද්දක් නෑනෙ මනේශ් මිනිස්සුන්ට හංගලා දේවල් කරලා. ඒක ඔයා හොඳටම දන්නවනෙ නේද?

හැබැයි ඔයාම කෝල් කරලා ඕව කියන එක හොඳයි. මං විතරක් කිව්ව ඒව නෙවෙයිනෙ එතකොට කාට වුණත් තේරෙනව මං ඔයා වගේ මනුස්සයෙක්ව අතෑරියෙ සාධාරණ හේතුවකට බව”  කියලා නිශී ෆෝන් එක තිබ්බා.

සමහර සබඳතා තියෙනවා කොච්චර පරණ වුනත්, ගෙවල්වලින් සමාජෙ මිනිස්සු අරව මේව කියයි කියල බයෙන් උන්න උනත් අතාරින්න වෙන.

රෙඩ් ෆ්ලෑග්ස් පෙනි පෙනි වලේ වැටෙන්න යනවට වඩා මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න කියල ඔයාගෙ සැනසීම හොයාගන්න එක හැමදේටම වඩා වටිනවා.

මොකද අපි හැමෝම ජීවත්වෙන්න ඕන. ජීවත්වෙන්නං වාලෙ නෙවෙයි, සතුටෙන් සැනසීමෙන්, සැහැල්ලුවෙන්!

ඉතින් මේ වගේ කතාවක් ඔයාටත් තියෙනම් අපේ Smartlady Online Counselling සේවය ලබාගන්න ඔයාටත් පුළුවන්. Smartlady Admin වරියක හරහා අපිව සම්බන්ධ කරගන්න.ඔයා වෙනුවෙන් ඔයා එක්ක කතාකරන්න අපි සූදානම්!

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles