මරණය වේදනාවක් වෙන්නෙ ජිවත්වෙලා ඉන්න මිනිස්සුන්ට කියලා අපි හැමෝම දන්නවා. අපි ආදරය කරන කෙනෙක් මිය යන එක ඇත්තටම ලොකු වේදනාවක්. මරණය නියතයි කියලා කිව්වට ඔන්න ඇමරිකාව පැත්තෙන් අපිට ආරංචි වෙනවා ඒක එහෙම නැති බව. ඇමරිකාවෙ ඇල්කෝර් මධ්‍යස්තානය සූදානම් වෙනවලු මිය ගිය සිරුරට යළි පණ දෙන්න.
පොඩ්ඩක් අමුතුයි නේද? ඉතින් අපි බලමු කොහොමද මේ ඇල්කෝර් මධ්‍යස්තානය මිය ගිය සිරුරු වලට යලි පණ දෙන්නෙ කොහොමද කියලා.
මැරිච්ච දවසක ආයෙම ඕන උනොත් පණ ගන්න ඔයාලට උවමනා නම් ඔන්න ඒකට ක්‍රමයක් දැන් තියෙනවලු. මේ ලිපියෙන් අපි කතාකරන්නෙ අන්න ඒක ගැන. ඇමරිකාවෙ ඇල්කෝර් මධ්‍යස්තානය මේ වෙනවිට මේ විදියට පස්සෙ කාලෙක මැරුණට පස්සෙ ආයෙ පණ ගන්න හිතාගෙන මල සිරුරු 250ක් විතරක් සංරක්ශනය කරන්න. මේ සිරුරු 250ට දවසක පණ දෙන්න තමයිලු මෙයාලාගෙ අදහස.
මේ ස්තානයේ නම වෙන්නෙ ඇල්කෝර් – ජීවිත සරක්ෂණ මධ්‍යස්තානය. ඇමරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තයේ තියෙන මේ මධ්‍යස්තානයේ මේ වෙද්දිත් මල සිරුරු 250ක් වගේ සංරක්ශනය කරලා තියෙනවා. ඒවයින් භාගෙක තියෙන්නෙත් ඔලුව විතරයි.
තාමත් මෙහෙම මිය ගිය සිරුරකට ආයෙ පණ දෙන්න පුලුවන් තාක්ශණයක් ලෝකෙ බිහිවෙලා නෑ. හැබැයි කවදමහරි දවසක ඒ තාක්ෂනය බිහිවෙයි සහ එදාට මේ මිය ගිය සිරුරු වලට ආයෙ පණ ගන්වන්න පුලුවන් කියන අදහසෙන් තමයි මේ සිරුරු සහ සිරුරු කොටස් සංරක්ෂණය කරලා තියෙන්නෙ.
“මැරුණට පස්සෙ මාව සංරක්ශණය කරන්න” කියලා මේ මධ්‍යස්තානය එක්ක agreement එකකට යන්න අපිට පුලුවන්.එහෙම agreement එකකට ඇවිල්ලා අපි මිය ගියයින් පස්සෙ මේ මධ්‍යස්තානය අපේ සිරුර අයිස් සහ වතුර තියෙන බෑග් එකක ද්‍රව නයිට්‍රන් එක්ක ගබඩා කරලා ඇලුමිනියම් කුටීරයක තැන්පත් කරනවා.
මේ කුටීරවල තත්ත්වය කෘතිමව පාලනය කරනවා වගේම මේ කුටීර ඇතුලෙ තැන්පත් කරලා තියෙන මල සිරුරු ඇත්තටම මිය ගිය කෙනෙකුට වඩා දීර්ඝ කාලීන කෝමා එකක ඉන්න ශරීරයක් විදියට තමයි සැලකෙන්නෙ.
මේ සිරුරු සංරක්ෂණය කරන එක අපි හරි සරලව කිව්වට මේක ඉතාම සංකීර්ණ process එකක්. මේ විදියට සංරක්ශණය කරපු සිරුරක් කිසිම හානියක් වෙන්නෙ නැතුව අවුරුදු 100ක් වුණත් තියාගන්න පුලුවන් කියලා තමයි මේ ඇල්කෝර් මධ්‍යස්තානයේ නියමුවරුන් කියන්නෙ.
කෙනෙක් මිය ගිහිල්ලා පැය නවයක් ඇතුලතදි මේ සංරක්ෂණ ක්‍රියාවලින් කරන්න ඕන බව ඇල්කෝර් මධ්‍යස්තානය කියනවා.සම්පූර්න ශරීරයකට අමතරව මොලය විතරක් සංරක්ෂනය කරපු කුටීරත් මේ ඇල්කෝර් මධ්‍යස්තානයේ තියෙනවලු.
ඒ මොලය විතරක් බද්ධ කරලා පණ ගන්න හිතාගෙන. ඇල්කෝර් මධ්‍යස්තානය එක්ක ගිවිසුමකට යන හැම කෙනෙක්ටම විශේෂ අත් පලඳනාවක් හම්බෙනවා. ඒ අත්පලඳනාවෙ තියෙන තාක්ශනය ඔස්සේ කෙනෙක් මිය ගියාම ඇල්කෝර් මධ්‍යස්තානයට ඒ ගැන ඉක්මනටම දැනගන්න පුලුවන්කම ලැබෙනවා.
පණිවිඩය ලැබුණ ගමන් එතනට එන ඇල්කෝර් මධ්‍යස්තානයේ සාමාජිකයන් ඒ සිරුර අරගෙන ගිහිල්ලා සිරුර සංරක්ෂණය කරන්න පටන් ගන්නවා.
ඊටපස්සෙ සතියකට වතාවක් මෙයාලා මේ කුටීරවල තියෙන ද්‍රව නයිට්‍රජන් මාරු කරනවා වගේම පරිඝණක තාක්ෂණය ඔස්සේ මේ කුටීර නිතරම පරික්ශාවට ලක් කෙරෙනවා. ඇල්කෝර් මධ්‍යස්තානය 1972 දි මුලින්ම මේ වැඩේ පටන්ගන්නෙ කැලිෆෝනියා ප්‍රාන්තයෙදි උනත් භූමිකම්පාවක් නිසා ආයතනය විනාශයට පත් වුණයින් පස්සෙ මෙයාලා ඇරිසෝනා ප්‍රාන්තයට මාරු වෙලා යනවා.
විශේෂම දේ තමයි මේකෙ ආරම්භක නිර්මාතෘ වරුන්ගෙන් එක්කෙනෙක් දැන් ඉන්නෙත් මේ ආයතනයේම එක කුටීරයක් ඇතුලෙ කියන එක.මිනිස්සුන්ට අමතරව සුරතල් සතුන්ව පවා සංරක්ෂනය කරන්න හැකියාවක් මේ ඇල්කෝර් මධ්‍යස්තානය ඇතුලෙ සපයනවා.
මේකෙ සාමාජිකයන්ට විශේෂ රක්ෂණාවරනයක් හම්බෙනවා වගේම එයාලා මාසිකව රක්ෂණ මුදලක් ගෙවන්න ඕන.ලෝක ප්‍රසිද්ධ මිනිස්සු පවා දැනටමත් මේකෙ සාමාජිකයන් වෙලා ඉන්නවා වගේම මේ වෙද්දිත් මෙකෙ කුටීර ඇතුලෙ ඉන්න සුප්‍රසිද්ධ මිනිස්සු අතරෙ Computer software engineer කෙනෙක් වෙන හැල් ෆීනි සහ සුප්‍රසිද්ධ බේස් බෝල් ක්‍රීඩක ටෙඩ් විලියම්ස් විශේෂයි.
අන්තරජාලයේ සඳහන් වෙන තොරතුරු අනුව දැනට මේ වෙද්දි මේ ඇල්කෝර් මධ්‍යස්තානයේ සංරක්ෂනය කරලා තියෙන වයසින් අඩුම කෙනාගෙ වයස අවුරුදු 2යි. ඒ මොලේ පිලිකාවක් නිසා මියගිය අවුරුදු දෙකක් වයසැති තායිලන්ත දැරියක්.
ඉතින් මේ හැමෝම ඉන්නෙ ආයෙ දවසක තමන්ට ඉපදෙන්න, හුස්ම ගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තුවකින් සුව නින්දක.
මොකද කියන්නෙ< ඔයාලා කැමතිද කවදහරි ආයෙ හුස්ම ගන්න බලාපොරොත්තුවෙන් ඒ දවස වෙනකම් මේ වගේ කුටීරයක් ඇතුලෙ නිදාගන්න?