ලෝකෙ තියෙන පුදුම හිතෙන අමුතු උත්සව

අපේ ජීවිතේ කියන්නෙම එක්තරා විදියක ලොකුම ලොකු උත්සවයක් නේ. සමහර තැන්වලදි අපි ජීවිතේ සමරනවා. සමහර තැන්වලදි අපි වැළපෙනවා.

අවුරුදු 250,000කටත් වඩා ඈත අතීතයක් තියෙන හෝමෝ සේපියන්ස් යුගයෙ ආරම්භයේ ඉඳලම මිනිස්සු තම තමන්ගෙ ඇවතුම් පැවතුම් අනුව විවිධාකාරයේ සිරිත් විරිත් අනුගමනය කරල තියෙනව. මේ පැරණි සිරිත් විරිත් කාලයක් යද්දි උත්සව බවට පත් වෙලා තියෙනවා.

ඉතින් අද ලිපියෙන් අපි ඔයාල එක්ක බෙදාගන්න යන්නෙ ඒ වගේ ලෝකෙ වටේ තියන අමුතු විදියෙ උත්සව 5ක් ගැන.

ස්පාඤ්ඤයේ තියෙනවලු දරුවො උඩින් පැනල යන උත්සවයක්

අහද්දිත් නිකන් මේ මොකද්ද මේ කියල හිතෙනව නේද?

හැබැයි ඉතින් එහෙම උත්සවයක් ඇත්තටම ස්පාඤ්ඤයේ තියෙනවා.

මේක ඒ රටේ ප්‍රාදේශීයව පැවැත්වෙන, දරුවන් බෞතීස්ම කිරීමට සමාන උත්සවයක්.

පාස්කු ඉරිදා දවසට දවස් 60කට පස්සෙ එළඹෙන දවසක තමයි මේ උත්සවේ පැවැත්වෙන්නෙ. වයස අවුරුද්දකට අඩු පසුගිය අවුරුද්දෙ ඉපදිච්ච පොඩ්ඩන්ව පාපයෙන් ගලවගන්න එක හේතුවක් කරගෙන තමයි මේ උත්සවේ පැවැත්වෙන්නේ.

අවුරුද්දක් වත් නැති ළමයි කරන පව් මොනවද කියල අපි හිතුවට ස්පාඤ්ඤ මිනිස්සු ඔන්න ඔහොම තමයි ළමයින්ට එහේ සළකන්නේ.

දැක්කම බය වෙන යක්ශයො වගේ ඇඳගෙන, පාරෙ අතුරපු මෙට්ට උඩ තියල ඉන්න ළමයින්ගෙ ඇඟවල් උඩින් පැනගෙන යන එක තමයි මේ උත්සවේදි වෙන්නෙ.

මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටවනවලු ඉන්දුනීසියාවේ

ඕන් ඊලඟ අමුතුම උත්සවේ ආරංචි වෙන්නෙ ඉන්දුනීසියාවෙන්. ඒ උත්සවේ ගැන කියවද්දි මට මතක් වුනේ මේ දවස්වල නැගල යන අර්ජුමාන් ගේ සිංදුව.

“අපි වැස්සෙ නෑව තමයි ලෙඩ වුණ තමයි මැරෙන්ට හදලයි ආවේ

මොකො එහෙ ඉන්නයි ආස ආච්චි සීය ළඟ අඩි හයක් යට සැපේ”

ඉන්දුනීසියාවෙ නම් ඒ කතා නෑ, මැරිච්ච මුතුන් මිත්තන්ව මරණෙන් නැගිට්ටවල සමරනවලු.

මේක වෙන්නෙ ඉන්දුනීසියාවෙ සුලවෙසි කියන කඳුකර ප්‍රදේශයේ ජීවත් වන ටොරාජන් ගෝත්‍රික ජනයා අතරෙ.

ඒ මිනිස්සු විශ්වාස කරනවලු මේ මරණය කියන්නෙ අවසානයක් නෙවෙයි, අධ්‍යාත්මික ජීවිතයක පළවෙනි අඩිය කියලා. අපි නම් ලොකුවට සලකන්නෙ දරුවෙක් ඉපදෙන එකයි කසාදයක් බැඳගන්න එකයි උනාට මොකෝ ඒ මිනිස්සු ලොකුවටම සමරන්නෙ මරණය.

මේ මිනිස්සු තමන්ගෙ පවුලෙ කෙනෙක් කොහෙ ගිහිල්ල මලත්, කොහොමහරි මැරිච්ච මනුස්සවය අවසන් කටයුතු වලට ගෙදර ගේනවලු. ඒකනම් ඉතින් මෙහෙත් අපිට දකින්න ලැබෙනවනේ. හැබැයි අපි මෙහේ මැරිච්ච මනුස්සය වෙනුවෙන් අඬා වැළපෙද්දි ඒ මිනිස්සු සතියක්ම මේ මරණය සමරනවා කියල තමා අන්තර්ජාලයේ කියන්නේ.

හැම අවුරුදු තුනකට පාරක්ම තියෙන මේ උත්සවේදි එයාලා පවුලෙ මැරිච්ච උදවිය වල දාපු තැන්වලින් ගොඩ අරගෙන හොඳට හෝදල කරල ඇඳුම් එහෙම අන්දවනවා. ඊටපස්සෙ ඒ ඇටකටු ගෙදරට අරගෙන ගිහින් ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ ආස කරපු කෑම බීම ජාති හෙම හදල දෙනවලු.

ඒ විතරක් නෙවෙයි Family Photos හෙමත් ගන්නවලු.

උත්සවය අවසානයේ මීහරක් මස් වලින් ගමේ කට්ටියට සංග්‍රහ කරලා මැරිච්ච මිනිස්සුන්ව ආය වලට දානවලු.

මොකෝ කියන්නේ? මෙහෙත් පටන් ගමුද එහෙම එකක්?

Torajanese men hold three mummies of Nek Tosai family member during they perform Ma’Nene Ritual in Pangala Village, Toraja, South Sulawesi, Indonesia, 2015. Every three years in the month of August after the harvest season, Torajanese people in some villages perform Ma¿Nene Ritual, cleaning corpses ritual takes place in which the bodies of the deceased are exhumed to be washed, groomed and dressed in new clothes. Damaged boxes are fixed or replaced. The ritual is a part of the local beliefs known as Aluk Todolo (¿Way of the Ancestors¿), which most visible during funeral festivities and customs of clean the deceased. Locals believe dead family members are still with them, even if they died hundreds of years ago.

මෙක්සිකෝවේ රාබු උත්සවේ

ඉන්දුනීසියාවෙ මැරිච්ච මිනිස්සුන්ව සමරද්දි මෙක්සිකෝවෙ තියෙනවලු රාබු සමරන උත්සවයක්.

මේ රාබු උත්සවය පැවැත්වෙන රාත්‍රියේදි ඒ මිනිස්සු රාබු වලින් එක එක විදියෙ කැටයම් හෙම කපලා ප්‍රදර්ශනයට තියනව කියල තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ.

මේක 1897 දි නිල උත්සවයක් කරල තියෙනවා. ඒක පටන් ගත්තේ ඒ රටේ වෙලෙන්දෝ රාබු වලින් එක එක කැටයම් කපලා නත්තල් කාලෙට ටවුමෙ තියන් විකුණන්න ගත්තයින් පස්සේ. සමහර විට ඒක මේ රාබු විකුණගන්න කරපු මාකටින් ටිප් එකක් වෙන්නත් ඇති. ඒත් කොහොමහරි ඉතින් වැඩේ නතර වුනේ මෙක්සිකෝවෙ මිනිස්සු ඒක නිල උත්සවයක් කරගත්තයි පස්සෙ.

Noche de los Rabanos කියල තමයි මෙක්සිකෝවෙදි මේ උත්සවේ නම් කරන්නේ.

රාබු ගඳයි – හැබැයි ඉතින් රහයිනේ.

ඉතින් මේ උත්සවෙත් ඒ රාබු තරම්ම රසවත් ඇති කියල මට හිතෙනවා.

නාගයින්ට වඳින ඉන්දියාවේ නාග පංචමී උත්සවේ

ඉන්දියාවේ මේ උත්සවේ පැවැත්වෙන්නේ අගෝස්තු හරි ජූලි හරි මාස වල. සර්ප දෙවියන්ට වන්දනාමාන කරන ඉන්දියාවෙ මිනිස්සු ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ පවුලට සර්ප දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න කියලා.

මෙදාට මිනිස්සු නාගයො විදියට හදපු පිළිම වලට පුද පූජා පවත්වනවා. හැබැයි උතුරු ඉන්දියාවේ බෙංගාලය, මහාරාෂ්ට්‍රය වගේම දකුණු ඉන්දියාවෙ නම් මිනිස්සු මේ විදියට පුද පූජා පවත්වන්න ඇත්තටම පණ තියෙන් විශ ඝෝර සර්පයන්වත් යොදාගන්නව කියල තමයි ආරංචිය.

තායිලන්තෙ සමරන වඳුරන්ට දෙන Buffet එක  

මේ උත්සවේ නම් ඉතින් නම ඇහුවම වෙන්නෙ මොකද්ද කියල ලාවට තේරුම් ගන්න පුලුවන් නේ. මේ උත්සවේ තායිලන්තෙදි හඳුන්වන්නෙ Lopburi Monkey Banquet කියලා.

ප්‍රදේශයට සහ ප්‍රදේශයේ මිනිසුන්ට සුබම වෙන්න කියල තියල මේ උත්සවේ Lopburi කියන ප්‍රදේශයේ දි සමරන්නේ කිලෝ 4000 ක් විතර වෙන පලතුරු, එලවලු, කේක් වර්ග, සහ තව රස කැවිලි වඳුරන්ට ඇවිත් කන්න පුලුවන් විදියට තියලා. මේ උත්සවේ නිසා අවුරුද්දකට වතාවක් වඳුරො 2000-3000 අතර ප්‍රමාණයක් ආය නෑ බඩ පැලෙන්න කනවා කියල තමයි කියන්නේ.

1989 ආරම්භ වෙච්ච මේ උත්සවේ තායිලන්තෙ මනුස්සයෙන් නිකමට වගේ පටන් අරගෙන තියෙන්නෙ විදේශිකයන්ව ආකර්ශණය කරගන්න සහ වඳුරන්ට ස්තුතියි කියන්න.

කොහොමහරි ඉතින් මොකද්ද වාසනාවකට ඒකෙන් තායිලන්තෙ වඳුරන්ට හරිගියා!

අපේ රටේ නම් ගත්තොත් ඉතින් ලොකුවටම තියෙන්නෙ අවුරුදු උත්සව, නත්තල්, දීවාලි, තෛපොන්ගල් වගේ ඒවනේ.

සමහරවිට අපි නොදන්නවා වුණාට මේ වගේ අමුතුම විදියෙ උත්සව අපේ ඔය ගම් පළාත්වල හැංගිල තියෙන්න පුලුවන්.

ඉතින් මොකද කියන්නේ අපිත් බෙදාගන්න බලමුද මම මේ ලියල තියන ඒවට අමතරව ඔයාල දන්න, අහල දැකල තියෙන ලෝකෙ වටේ තියෙන අමුතු උත්සව මොනවද කියලා?

Related Articles

Don't Miss


Latest Articles