2023 ක්‍රිකට් ලෝක කුසලානය බලන්න ආව ඉන්දියානු තරු

2023 ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහා තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය නොවැම්බර් 19 වෙනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුන බව ඔබ දන්නවනෙ. 

ලෝක කුසලාන තරඟාවලියෙ තමන් ක්‍රීඩා කරපු තරඟ 10 ම ජයග්‍රහණ කරල අපරාජිත කණ්ඩායමක් විදිහට අවසන් මහා තරඟයට තේරී පත්වුණ ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පස්වන වරටත් ලෝක කුසලානයක් තමන් සතු කරගන්න සමත් වුණා. 

ප්‍රේක්ෂකාගාරය ඒක පාර්ශවීය වෙන බව තමන් හොඳටම දන්න බවත් ඒවන් දැවැන්ත2023 ක්‍රිකට් ලෝක කුසලානය බලන්න ආව ඉන්දියානු තරුරතිවාදී ප්‍රේක්ෂකාගාරයක් නිශ්ශබ්ද කිරීම තමන්ගෙ අරමුණ බවත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් තරඟයට පෙරදින මාධ්‍ය සාකච්ඡාවෙදි ප්‍රකාශ කරා.

කමින්ස් කීව වගේම නිල් පැහැයෙන් පිරීගිය නරේන්ද්‍ර මෝදි ප්‍රේක්ෂකාගාරය ඉන්දියානු කොඩි වලින් වර්ණත් වෙලයි තිබුණෙ

මේ ප්‍රේක්ෂකාගාරයේ හිටිය විශේෂ පිරිසක් දිහාවට නිතරම කැමරාව යොමුවන බව ඔබ දකින්න ඇති. අද අපි කතා කරන්නෙ ලෝක කුසලාන අවසන් මහා තරඟය නරඹන්න ආව ඒ නිරන්තර ප්‍රේක්ෂක සහ මාධ්‍ය අවධානය යොමුවුණ ඉන්දියානු තරු කවුද කියලයි.

බොලිවුඩ් තරු 

King khan එහෙමත් නැත්නම් ශාරුක් ඛාන් අවසාන මහා තරඟය නරඹන්න ඇවිත් හිටියෙ තමන්ගෙ බිරිඳ ගෞරි ඛාන්, පුතුන් වල ආදිත්‍ය සහ ඒබ්‍රම් ඛාන් සහ දියණිය සුහානා ඛාන් සමඟයි. 

දීපිකා පදුකෝන් සහ ඇගේ සැමියා වන රන්වීර් සින්ද පැමිණ සිටිනු දකින්න ලැබුණා.

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගෙ බිරිඳ අනුෂ්කා ශර්මා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල්. රාහුල් ගෙ බිරිඳ ආදිත්‍යා ශෙට්ටි ත් ප්‍රේක්ෂකාගාරයේ සිටිනු කැමරා ඇසට හසුවුනා.

ගායන තරු

මනබඳන ඉන්දීය කාන්තා හඬ පෞරුෂය කියල හඳුන්වන ආශා බෝස්ලේ දීපිකාට අනෙක් පසින් වාඩීවී සිටිනු දකින්න ලැබුණා. 

ක්‍රීඩා තරු 

1980 වර්ෂයේ ලොව හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කිරීම් අතරට ගිය ඉන්දියානු ශ්‍රේෂ්ඨ බැඩ්මින්ටන් ශූරයෙක් වන ප්‍රකාශ් පාදුකෝන් සහ ඉන්දියානු හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ද ඉන්දියානු කණ්ඩායමට සුබ පතන්න එක්වී සිටියා. 

ඉන්දියානු බැඩ්මින්ටන් ක්‍රීඩාව ලෝකයක් හමුවේ ඔසවා තැබූ ප්‍රකාශ් වැනි චරිත ප්‍රේක්ෂකාගාරයේ සිටියදී බොලිවුඩ් තරු වලට පමණක් මාධ්‍ය අවධානය යොමුකළ බව ඉන්දියානු ජාතිකයන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කරනවත් අපිට දකින්න ලැබුණා.

මේ සියළු සහයන් ලැබුනත් පැට් කමින්ස් කීව වගේම ඔවුන් මුළු ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයම නිහඬ කරමින් තම බිමේදීම ලෝක කුසලානයක් දිනා ගැනීමේ ඉන්දියානු සිහිනය බොඳ කරන්න සමත් වුණා. 

දක්ෂතාව, හැකියාව වගේම වාසනාව තිබුණෙත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කියලයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරේ. ඔබට හිතෙන්නෙ කොහොමද ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles