නර්මදා දිනාරාට අසුන් ගැන්වීමට පෙන්වූයේ තමාට එහා පස අසුනය .ඉන් එහා පස අසුනෙහි වූයේ හිමාශාය.
“ අද ඔයා හරි ලස්සනයි.”
නර්මදා පැවසූයේ ලෝබකමකින් තොරවමය.
සැබවින්ම උත්සවය අංග සම්පූර්ණ එකක් විය..එය වෙනදාටවත් වඩා වර්ණවත්යැයි මුලින්ම පැවසුවේ තේජාය.
උත්සවය පැවැත්වෙන අතරවාරයේදීත් කිහිප වරක්ම දිනාරා ප්‍රියංකාට කතා කරමින් සොයුරා පිළිබඳව සොයා බැලුවාය. ඔවුන් තනිකර ඒම පිළිබඳව ඇසිතේ වූයේ පසුතැවීමකි.
“ ආපහු චුට්ටක් ඇඟ රස්නෙයි පුතේ.කුමාරි අක්කත් ඉන්නවා.එහෙම වුනොත් රෑ වෙලා ආපහු ඩොක්ටර් කාවට එක්කරගෙන යමු.පුතා ඔතන වැඩ ටික හරියට කරන්නකෝ.අද තේජා, නර්මදා හරි ලස්සනට ඇති.”
“ ඔව් ආන්ටි ඔක්කොම හරි ලස්සනට ඉන්නවා.හැමෝම ආන්ටි ගැන ඇහුවා. මටත් හරි සතුටුයි.මෙච්චර දෙයක් කළාද කියල හිතෙනවා.
“ ඒකනේ පුතේ සතුටු වෙලා එන්න .මම මල්ලිව බලා ගන්නම්.”
හේෂානුත් අකලංකත් එහෙ මෙහේ දුව පනිමින් උත්සවයේ වැඩ කටයුතු පිළිබඳව සොයා බලන්නට විය.දිනාරාට හෙළුනේ දුක් සුසුමකි.සැබෑය..මේ නරකම අහිමිවීමය.
මහින්දත් ඉදිරි පෙළ අසුනක ඉඳගෙන උන්නේ අගමැතිතුමා සමඟින්ය.යහපත් පුතුන් දෙදෙනකු හැදූ වැදූ ඒ මවත් පියාත් උන්නේ සතුටින්ය.
“ අදනම් බං මං චුට්ටක් අතින් හරි අල්ලනවා.මේ පිස්සු කෙල්ලට තේරෙන්නේ නෑනේ මං විඳවන තරමක්..”
අකලංක වරක් එසේ පැවසූයේ හේෂාන් සමඟය.
“ ඇත්තටම ඇයි බං ඒකි මැරි කරන්නේ නෑ කියන්නේ .මොන අපරාධයක්ද බං ඒ.අපි උපරිම සපෝර්ට් කරනවා උඹ අල්ලලා බලෙන් බැද ගනින්.ඊට පස්සේ ලෙහාගෙන යන්නයෑ..”
සජන පැවසූයේ සැබෑවටමය.මිතුරාට රිදී ඇති තරමටම ඔහු කෝපගෙන උන්නේය.
“ නෑ බං . එයා කවද හරි දවසක මගේ ළඟට එනකල් මට බලන් ඉන්න පුළුවන්.ඒක අදද , හෙටද , අනිද්දද මාසෙකින්ද , දෙකකින්ද අවුරුදු ගානකින්ද කමක් නෑ..”
“ ඒක තේරුමක් නැති වැඩක් බං.දිනාරා කොච්චර ලස්සන උනත් කොච්චර වටිනවා උනත් එහෙම බලන් ඉන්න පුළුවන්ද බං..”
“පුළුවන්..මුළු ලෝකෙම එයා උනහම එහෙම ඉන්න බැරි කමක් නෑ.”
“ එක අතකින් බලන් ගියහම උඹල දෙන්න හොඳට මැච් වෙනවා. උඹලා දෙන්නටම පිස්සු බං.”
අවසන හේෂාන් පැවසූයේ අකලංකට රවාගෙනය.
උත්සවයේ අවසන් මොහොත දිනාරාට සේම අකලංකටත් ඉතා වැදගත් එකක් විය.අකලංක දිනාරාව පුදුම කරවන්නට ඇගේ සේවය අගයන්නට සිතුවත් අකලංකවත් පුදුම කරවන්නට සොහොයුරා සහ තාත්තා අපේක්ෂාවෙන් උන් බව ඔහු දැන උන්නේ නැත.
මෙවර විශේෂිත කෑම වට්ටෝරුව සඳහා ලැබෙන මුදල් ත්‍යාකයෙන් පිදුම් ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක තරුණියකි. ඇය ඒ රසවත් ව්‍යංජනය සකස් කර තිබුණේ සියඹලා වලින්ය. රෝග රාශියකට ගුණ ගෙන දෙන පැණි සියඹලා නිෂ්පාදනයත් මැක්රීන් ෆුඩ්ස් ආයතනයෙන් ඉදිරියේදී මිලදී ගත හැකි බව මහින්ද මහතා ඔහුගේ කතාවේදී පැහැදිලිවම සඳහන් කළේය.
එසේම ඔහුගේ විශේෂ ස්තුතිය දිනාරාටත් අකලංකටත් හිමිවිය.
අවසන මයික්‍රෆෝනය අතට ගත්තේ නිවේදක දෙපළය.
“ කලින් මෙම ශාලාවේ මෙම වේදිකාවේ සිදුවන මෙම කර්තව්‍ය ඔබ දෑසින් දැකල තියෙනවනම්.එහෙම නැත්නම් රූපවාහිනී තිරයක නරඹා ඇත්නම් ඔබට දැනේවි මේ වැඩකටයුත්ත වෙනදාට වඩා වෙනස් ආකාරයකින් මේ වර්ෂයේදී සිදුවුණු බව.මං හිතන්නේ මමත් නිලක්ෂිත් ඒ වෙනස්කම සියැසින් දැක බලා ගන්නට තරම් වාසනාවන්තයෝ වුණා.
මේ මැක්රීන් ෆුඩස් ආයතනය කියන්නේ හරි පුදුම තැනක්. දැකලා තියෙනවද තාත්තලා පුත්තු එකට එකතුවෙලා ව්‍යාපාර දියුණු කරන තැන්.හරි සීමිතයි.මං හිතන්නේ අම්මලාට පුත්තුන්ට එකට ඉන්න පුළුවන් උනාට තාත්තලාට පුත්තුන්ට එකට ඉන්න ටිකක් අමාරුයි.හැබැයි මෙන්න මේ මැකරීන් ෆුඩ්ස් ආයතනයේ දියුණුවේ රහස තමයි මේ තාත්තලා පුත්තු එකට එකතු වෙලා සාකච්ඡා මට්ටමින් තීරණ ගන්න එක.එකිනෙකාගේ අදහස වලට සවන් දෙන එක..
ඉතින් අදින් වසර එක හමාරකට පමණ ඉහතදී අපේ විශ්ව ගලප්පත්ති මැතිතුමාගෙන් පසුව මේ පවුලේ බාලම පුතණුවන් වන අකලංක ගලප්පත්ති මැතිතුමන් පවුලේ ව්‍යාපාරයේ තමාගේ තැන බාරගන්නවා. මං හිතන්නේ මහින්ද මැතිතුමා සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම සාර්ථක පියෙක්. ඔහු මේ ඉදිරිපෙළ අසුන්ගෙන බොහොම සංයමයකින් වේදිකාව දිහා බලාගෙන ඉන්න විදිහ අද මං මෙතනට ආපු වෙලේ ඉඳලම දුටුව දෙයක්.නිලක්ෂි වෙනදා මම ඒ සංයමය එතුමගෙ ඇස් වල දුටුවේ නැහැ.
ඉතින් මං හිතන්නේ අන්න ඒ සංයමයට ,සැනසීමට හේතුව වෙලා ඇත්තේ මෙවර වෙනදාටත් වඩා උත්කර්ෂවත් අන්දමින් අති සාර්ථක ලෙස මේ කර්තව්‍ය නිමාවට පත්වීම.”
“ එහෙම නිමා කරන්න බැහැ ගගන.මොකද ඒ නිමාව සනිටුහන් කරන්න කලින් විශේෂ ත්‍යාගයක් විශේෂ ඇගයීමක් මේ වේදිකාවේ සිදු කරන්නට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.අද මේ කර්තව්‍ය මේ සා සාර්ථක ලෙස නිම කරගන්න හේතුව වුණේ අර ඔබ සඳහන් කළ මහින්ද මැතිතුමාගේ පොඩි පුතණුවන්.මේ ළඟදි උසස් අධ්‍යාපනය නිමා කරමින් ව්‍යාපාරය හා සම්බන්ධ වුණු අකලංක ගලප්පත්ති මහතා, විශ්ව ගලප්පත්ති අපි හඳුනන ප්‍රසිද්ධ නීතිඥවරයා, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා..ඔහුගේ උපදෙස් මත මේ වසරේ මැක්රීන් ෆුඩ්ස්..හොඳම කෑම වට්ටෝරුව තේරීම සහ සේවකයන්ට ත්‍යාක ලබා දීම සංවිධානය කරන්නේ මහින්ද ගලප්පත්ති මැතිතුමන්ගේ පොඩි පුතණුවන් වූ මේ ව්‍යාපාරික ලෝකයට අලුත් මුහුණක් වූ අකලංක ගලප්පත්ති මහතා.”
“ ඒ වගේම තමයි නිලක්ෂි තවත් කෙනෙක් මෙහිදී ඇගයීමට ලක්වෙනවා.වසර ගණනක් පුරා මම දැකපු මැක්රීන් ෆුඩ්ස් සාර්ථකත්වයේ රහස තමයි ඒ…මහින්ද මහත්මයා නිතරම රූපවාහිනියේදී , එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවලදී කියන දෙයක් තමයි ආයතනයක පාලක පක්ෂය විතරක් හිටියට වැඩක් නැහැ සේවක පක්ෂය නැතුව කියන එක. මම රූපවාහිනි වැඩසටහනක දැක්කා එතුමා ප්‍රකාශ කරනවා මැක්රීන් ෆුඩ්ස් කියන්නේ ටීම් වර්ක් එකක් කියලා.අන්න ඒක තමයි වැදගත්ම දේ.තමන් එක්ක වැඩ කරන ඒ ටීම් එක තමන්ව උස්සලා දියුණුවේ හිනිපෙත්තේ තබන්න වෙහෙස මහන්සි වන අන්න ඒ ටීම් එක ඇගයීමට පත්කරන්න කවදාවත් මේ මැක්රීන් ෆුඩ් සායතනයේ පාලකයන් අමතක කරන්නේ නැහැ.දිනපතා පැමිණීම , ආයතනය තුළ කරන විශේෂ කාර්යභාරය, සේවයේ යෙදී සිටින වසර ගණන මේ සියල්ලම ඇගයීමට පත්කරමින් ඔවුන්ට සිතට දැනෙන අයුරේ මුදල් ත්‍යාගයක් ලබා දෙන්නේ අන්න ඒ නිසා.. මේකත් එහෙම ඇගයීමක් .ඉතින් මේ විශේෂ ඇගයීම ගැන සඳහන් කරන්න ඔබට අවසරයි නිලක්ෂි “
“ ඔව් මම ඒක බොහොම ආඩම්බරයෙන් බාරගන්නවා මොකද ඒක මේ උත්සවයේ සුවිශේෂීම මොහොතක් කිව්වොත් මම නිවැරදියි ඉතින් මෙම උත්සවය මේ සා සාර්ථකව සංවිධානය කරන්නට මේ තිරය පිටුපස සිටිමින් මාස ගණනාවක් පුරා සියල්ල නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කළ අකලංක ගලප්පත්ති මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස මේ කර්තව්‍ය පිටුපස සිටිමින් ඔහුව දිරිමත් කරමින් අති සාර්ථකව තම සේවය මැක්රීන් ෆුඩ්ස් ආයතනයට ලබාදුන් දිනාරා ජයසුන්දර ඔබටයි මේ ඇරයුම වේදිකාවට පැමිණෙන ලෙසට..”
එමෙන්ම ඔවුන් අගයනුවස් එම ත්‍යාග සහ සමරු තිලිණ පිරිනැමීම සඳහා මහින්ද ගලප්පත්ති මහතාට, ඒ වගේම විශ්ව ගලප්පත්ති මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වේදිකාවට පැමිණෙන ලෙස.
නිවේදකයාත් නිවේදිකාවත් විනාඩි ගණනාවක වර්ණනාවකින් පසුව එසේ පවසද්දී දිනාරා තමා අසල උන් නර්මදාගේ වම් අත මිරිකා ගත්තේ ගැහෙන හදවත සන්සුන් කර ගැනීමට උපරිම උත්සාහයක යෙදෙමින්ය.
“ අනේ අක්කා මම…”
“ ඔව්.. ඔයා තමයි දිනාරා ජයසුන්දර කියන්නේ.යන්න නංගී..ස්ටේජ් එකට..”
“ අනේ මං ඒ තරම් දෙයක් කලේ නෑනෙ අක්කා..”
“ ඔයා ඒ තරම් දෙයක් කරලා ..ඒකනේ එහෙම වටිනාකමක් ලැබෙන්නේ යන්නේ. තවත් පරක්කු වෙන්න එපා..”
ඇය එසේ පවසද්දී වම්පස උන් හිමාෂා ඇය අත වූ ජංගම දුරකථනය තම දකුණතින් අල්ලා ගත්තේ දිනාරාට නැගී සිටීමට සලස්වමින්ය.
සිය අසුනින් නැගී සිටිද්දී යුවතියට බැලුනේ තේජා දෙසය.අත්පුඩි ගසමින් ඈ සිනහසෙමින් දිනාරා දෙස බලා උන්නාය.
“ යන්න දුව…ඔයාට නොදැනුනාට ඔයා අපි වෙනුවෙන් කලේ ලොකු දෙයක්.”
දිනාරා වේදිකාව දෙසට ඇවිද ගියේ බියෙන් ගැහෙන තම පපුව සන්සුන් කර ගැනීමට උපරිම වෙර තරමින්ය.ඇගේ දෙතොල්පට පවා වෙව්ලමින් තිබිණ.මහින්දත්, විශ්වත් වේදිකාව උඩ බලා සිටියේ සිනහසෙමින්ය.අකලංක වේදිකාවට නගින පඩිපෙළ අසලට වී ඇය එනතුරු බලා උන්නේය.තවමත් ශාලාව එකම අත්පොළසන් නාදයකින් ගිගුම් දෙමින් තිබිණ.
අකලංක සිනාසී තම දකුණත පෑවේ ඇයට ඉස්සර වන්නයැයි ව්‍යංගාර්ථයෙන් පවසමින්ය.
( හෙටත් හමුවෙමු දයාබරව )