මල් උද්‍යාන, උද්හිද උද්‍යාන, ඖෂධ උද්‍යාන ගැන ඕනෑ තරම් අහලා ඇති. ඒ වගේම ඕනෑම අයෙකුට හිතලා බැලුවොත් ඒ උද්‍යාන සකස් කරලා , පහසුවෙන් නඩත්තු කරගෙන යන්නත් පුලුවන්. රිසි පරිදි ඇවිදලා කරලා ඒ සොබා සුන්දරත්වය එක්ක මුහු වෙන්නත් පුලුවන්.
ඒත් සුවඳ බලන්න ලං වුනොත් ජීවිතේ පවා අහිමිවෙන උද්‍යානයක් ගැන තමයි මේ ඔත්තුව. මේ උද්‍යානයේ නම තමයි Alnwick විෂ පැලෑටි උද්‍යානය, ඉතා කුඩා නමුත් මරණය ගෙන එක්ක පුලුවන් පැලෑටි වර්ග සීයකට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානයේ තියෙනවා. එංගලන්තයේ නොදර්මන්ලන්ඩ් කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ උද්‍යානය වසර සිය ගණනාවක අතීතයකට උරුමකම් කියනවා.
Alnwick උද්‍යානයට නිතරම ඇතුළු වෙන්න සාමාන්‍ය අවසරය තියෙන්නේ විෂ පැලෑටි පිළිබඳව විශේෂ දැනුමකින් සන්නද්ධ වෙලා ඉන්න එක් අයෙකුට පමණයි. ඔහුත් හිසේ සිට දෙපතුල දක්වාම ආරක්ෂිත ඇඳුම් වලින් සැරසිලා තමයි මේ උද්‍යානයට ඇතුලු වෙන්නේ. උද්‍යානයේ තියෙන සීයකට ආසන්න විෂ පැලෑටි ගැන හොයලා, බලල ඒවාට අවශ්‍ය සාත්තු සප්පායම් කරවිම ගැන සියලුම වගකීම් දරන්නේ ඔහු. ඒ වගේම ඔහු විෂ පැලෑටි සහ සංයෝග ගැන ආචාර්ය උපාධියක් පවා දරන කෙනෙක්.
අතීත කාලයේදී මේ උද්‍යානය නඩත්තු කෙරිලා තියෙන්නේ විශේෂයෙන්ම යුද්ධ කටයුතු වලදී ජෛව අවි විදියට භාවිතා කරන්න බව කියැවෙනවා. ප්‍රතිවාදීන් මරණයට පත් කරන්න වගේම, ප්‍රතිවාදීන්ව අඩපණ කරන්නත් අවශ්‍ය කරන පැලෑටිමය යුෂ මේ උද්‍යානයෙන් සපයාගෙන තියෙනවා. ඒ වගේම යුද්ධ වලදී අල්ලා ගන්න ලද සතුරු පාර්ශව වල සෙබලුන් ට වධ බන්ධන පමුණුවන්නත් මේ උද්‍යානයෙන් විෂ පැල ලබාගෙන තියෙන බව කියැවෙනවා. ඒ කොහොම වුනත් වර්තමානයේත් රජයන් විසිනුත් මෙම විෂ උද්‍යානය නඩත්තු කරමින් පවත්වාගෙන යනවා.
අන්තර්ජාලයේ සිදු කරපු සොයාබැලීම් වලට අනුව, මේ වෙනකොට Alnwick විෂ උද්‍යානය නරඹන්න කැමැත්තෙන් ඉන්න සංචාරකයන්ට ඒ සඳහා අවස්තාවත් උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම ඒ උද්‍යානයට සමාන්තරව තවත් සාමාන්‍ය උද්‍යානයකුත් සකස් කරලා තියෙනවා. ඒත් සංචාරකයන් වැඩි දෙනා කැමැත්තක් දක්වන්නේ Alnwick විෂ උද්‍යානය නරඹන්න කියලා තමයි කියැවෙන්නේ.
” අන්තරායන් ගවේෂණය කරමින්, bamboo labyrinth විෂ පැලෑටි තුළ ඔබව නැති කරගන්න …”
Alnwick විෂ උද්‍යානයට සංචාරයන් ලෙස පිවිසෙන්නට ආරාධනාව ඒ විදියට කෙරෙනවා. උදෑසන සංචාරකයන් වෙනුවෙන් විවෘත කලාට පස්සේ, හැම පැය භාගෙකට වතාවක් සංචාරකයන් වෙනුවෙන්, උද්‍යානය විවෘත කෙරෙනවා. ඒ වගේම එක් සංචාරක කණ්ඩායමක් උපරිම සංචාරකයන් විසි දෙනෙක්ට තමයි සීමා කරන්නේ. එහෙම අඩු සංචාරක පිරිසක් එක් කණ්ඩායමකට එකතු කරන්නේත් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා තමයි, උද්‍යාන භාරකාරීත්වය කියලා තියෙන්නේ. ඒ වගේම ඒ සංචාරකයන් වෙනුවෙන් නිර්මාණය වුන විශේෂ ඇඳුම් සහ හිස් වැසුම් අනිවාර්යෙන්ම මිලදීගැනීම සංචාරකයන් විසින් සිදු කල යුතු බවත් උද්‍යානයේ භාරකාරීත්වය ප්‍රකාශ කරලා තියෙනවා.
මේ විදියට විෂ උද්‍යානයේ පැලෑටි ගැන විස්තර හොයන්නත් බොහෝ දෙනා උනන්දු බවත් Alnwick විෂ උද්‍යානය භාරව කටයුතු කරන අය කියනවා. ඒ හින්දාම ඔවුන් නිතරම උත්සාහ කරන්නේ මේ උද්‍යානය වඩාත් තිරසාර විදියට තියා ගන්න බවත් ඔවුන් කියනවා.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |