සිහින් සිරුරක් ඇති යුවතියකට විලාසිතා ටිප්ස්

මහත කෙල්ලන්ට හරියන විලාසිතා ගැන කතා කරපු හින්දම මේ අවධානය කෙට්ටු යුවතියකට හරියන විලාසිතා තෝරා ගන්න අන්දම ගැනයි.

ඔබ කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න බේත් බොන්න, මහත් වෙන ආහාර හොයන්න, මං කැතයි කියලා හිතන්න අවශ්‍ය නෑ. සොබාදහමින් ඔබ ලැබුණු රුව වඩා ලස්සන කරගන්න හැටි හිතන්න.

මේ දවස් වල ඇඳුම් තෝරන කාලේ නිසා ඔබට වඩා ගැලපෙන ඇඳුම් සහ සෙසු විලාසිතා ගැන අපි කතා කරමු.

1. සිරුරට තද වුණු ජීන්ස් ඩෙනිම් තෝරාගෙන ටිකක් ප්‍රමාණයෙන් විශාල ටී ෂර්ට් සහ ටොප් තෝරා ගන්න. ෂර්ට් වර්ගයේ බ්ලවුස් සිහින් යුවතියකට වඩාත් ගැලපෙන විලාසිතාවක්. පලල් හැඩයේ කකුල් සහිත කලිසම් විලාසිතාවත් ඔබට ගැලපෙනවා. එයට කෙටි බ්ලවුස් මෝස්තර තෝරා ගන්න.

2. ගවුමකට වගේම ජීන්ස් එකක් සහ ටී ෂර්ට් එකක් අඳින වෙලාවකටත් බ්ලෙසර් විලාසිතාවක් භාවිතා කරන්න. එය ඔබේ සිහින් බවට හානියක් නැති අපූරු විලාසිතාවක්. එය ඔබේ කෙට්ටු බව උපක්‍රමශීලිව අඩු කර පෙන්වන්නටත් සමත් වෙනවා.

3. ඒ වගේම තරමක කොට ස්කර්ට් තෝරා ගන්න. විහිදී යන හැඩයේ ස්කර්ට් දණහිසේ මට්ටමට ඇඳීම ඔබට හරි ලස්සන වේවි. ගවුම් තෝරා ගන්නා විටත් කොට ගවුමක් හෝ සාය පිම්බී ගිය විලාසිතාවන්ගෙන් යුතු ගවුම් තමයි ඔබට වඩාත් හොඳින් ගැලපෙන්නේ. අත් වැලමිටට ඇති ගවුම්, කර හොඳින් පියවූ මෝස්තරයේ ගවුම් ඔබට අපූරු පෙනුමක් එකතු කරාවි.

4. තරමක් ලොකු ආභරණ සහ බෑග් පැලඳීමත් සිහින් යුවතියකට ගැලපෙනවා. සිහින් ආභරණ තෝරා ගන්න එපා. ඔබේ පෙනුම ඉස්මතු වී පෙනෙන්නේ තරමක් ලොකු මාල, කරාබු ආදියෙන් බව සිහියේ තබා ගන්න. ඔබේ බෑගයත් තරමක මහත එකක් වූවාට කමක් නැහැ. ඔබ සිහින් උස තරුණියක් නම් දිගු පටි වලට වඩා කෙටි පටියක් සහිත බෑගයක් තෝරා ගන්න.

5. තනි පාට ඇඳුමකට වඩා විවිධ මෝස්තර ඇති ඇඳුම්, තිරස් ඉරි විලාසිතා ඇඳුම් ඔබට අපූරු පෙනුමක් එකතු කරනවා.

6. සිහින් යුවතියකට තියෙන්නේ සිහින් හැඩයේ මුහුණක්. ඒ මුහුණට ගැලපෙන මෝස්තරයකට කොණ්ඩය කපන්නත් කොණ්ඩා මෝස්තර දමන්නත් අමතක කරන්නත් එපා.

7. හීල්ස් වර්ගයේ පාවහන් විලාසිතාත් ඔබ සිහින් වූ පමණින් ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ උස යුවතියක් වුවත් ඔබේ පෙනුම ඉස්මතු කර පෙන්වීමට සමහර හීල්ස් විලාසිතා වලට පුලුවන්.

සිහින් සිරුරක් තිබීම යුවතියකට රූමත් පෙනුමක් ලබා ගන්න ඉතා හොඳ හේතුවක්. ඉතින් ඔබ මැණිකක් බව සිතා සෑම විටම ඔපවත් පෙනුමකින් ඉන්නට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles