රන් මල් දම් – 4

0
2337

සිව් වැනි මල් දම

පසුදා මන්දාරම් රෝහලට යන විට රන්දුලාගේ උපකාරය ඇතිව දිලුම් මන්දාරම්ගේ මව අසලටම විත් සුව දුක් ව්චාරන්නට ඉඩ සකසා ගෙන තිබුනේය. මන්දාරම් සහ චානකද  ද දිලුම් වෙත ඉතාම හිතවත් සිනහවක් පාමින් අම්මාගේ තොරතුරු විමසා දැනගන්නට උත්සුක වූයේය.  දිලුම් ඒ වනවිට වූ තත්වය ඉතා සරලව එහෙත් වගකීම් සහගත ලෙසින් මන්දාරම්ට පැහැදිලි කලේය.

“කොහේදිද සිද්දිය වෙලා තියෙන්නේ  මිස්ටර් ….”

” මන්දාරම් .. මම මන්දාරම් දිසානායක….”

මන්දාරම් තමා හඳුන්වා දුන්නේය. දිලුම් වහා හිස සලා ඔහුගේ නම පිළිගත් වග පෙන්වූයේය.

” ඒ විස්තර මුකුත්ම හොයන්න ඊයේ ඉඩක් ලැබුනේ නෑ ඩොක්ටර් …. හොස්පිටල් පොලිස් එකෙන් ලොකේශන් එක චෙක් කරලා එහෙම තිබුනා.. අහල පහල සී සී ටී වී ෆුටේජ් ගන්න පුලුවන් තැනක් තිබ්බොත් ඒ දේවල් වල සපෝර්ට් එකත් ගන්නවා කියලා කියලා තිබ්බා….”

මන්දාරම් එලෙස පවසද්දී ජිනේන්ද්‍ර ගැන දැනෙන විශ්වාසයේ තරමින් දිලුම් සිත සනසා ගත්තේය. ජිනේන්ද්‍ර කිනම් හෝ ගැටයක් ගසා අක්කා නිදහස් වන ලෙස සියල්ල සකසා ඇති බවට සැකයක් නැති බව දිලුම් තමා සමඟම පවසා ගත්තේය. එහෙත් මන්දාරම්ට වෙනකක් පවසා ඔහු අස්වසන බව පෙන්වන්නට උත්සාහ කලේය.

” අනිවාර්‍යෙන්.. පොලිසියෙන් ඒ ගැන හොයාවි …”

” මාත් අද ගිහින් බලනවා.. පොලිසිය එක්ක ගෑවෙන්න අකමැති මිනිස්සු එක්ක සමහරවිට අපිට කතා කරාම දෙයක් අක්‍රවගන්න පුලුවන් මට්ටමට හැදෙනවා…”

දිලුම් එයටද යන්තමින් සිනාසුනේය.  රන්දුලාට සමුදුන් දිලුම් දිනයේ තම රාජකාරින් වෙනුවෙන් යොමු වූයේය. ළමා වෛද්‍ය සායනය ක්‍රියාත්මක වෙන්නට නියමිත දිනයක් නිසා බාහිර රෝගී ඒකකයේ එක් පැත්තක්ම ඉතා කාර්‍යබහුල වෙමින් තිබුණි.  අක්කාට ඇමතුමක් දී ඇය සන්සුන් වන සේ කතා බහ කිරීමටද දිලුම් අමතක නොකලේය.

මන්දාරම් ඉදිරි දින දෙක සඳහාද නිවාඩු ඉල්ලුම් කලේය. ඉන් පසුව ඔහු රෝහල් පොලිසියද හමුවී සිදුවීමේ තොරතුරු ලබා ගත්තේය. එම තොරතුරු ඔස්සේ  චානක සමඟ අදාල ස්තානයට ගියේය. මන්දාරම් පැමිණේවිය යන බලාපොරොත්තුවෙන් ජිනේන්ද්‍ර නිවෙසට වී උන්නේ දිලුම්ද ඒ පිළිබඳව දැනුම් දුන් නිසාය. තාත්තා තනිව නිවසේ හිඳින මොහොතක මන්දාරම් පැමිණීමෙන් යම් සැකයක් කොහේ හෝ ඉතිරි විය හැකි බව ජිනේන්ද්‍ර සහ දිලුම් සාකච්චා කර තිබ්බෝය.

මන්දාරම් ඉතා පහසුවෙන් ස්තානය සොයා ගත්තේය. ජිනේන්ද්‍ර මන්දාරම් සමඟ සුහදව කතා බහ කරමින් ඔහු පිළිගත් අතර සිදුවීම පිළිබඳව ශෝකයද පල කලේය. මන්දාරම් ඉතා කාරුණිකව ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලේය. ජිනේන්ද්‍ර ඒ පිළිබඳව යළි කණගාටුව පල කලේය.

” අපේ සීසීටිවී  හාර්ඩ් එක ගිහින් … කැ මරා තිබ්බට ෆන්ක්ශනින් නැහැ.. මේ දවස් ටිකේ මාත් බිසි වුන නිසා මට ඒක ගොඩ දාගන්න අමටහ්කම වුනා ….. අනේ මිස්ටර් මන්දාරම්… වෙරි සොරි .. මට මේ වෙලාවේ මොනවාම හරි කරන්න පුලුවන්කම තිබ්බා නම් ඇත්තටම මම කැමතියි … ඒත් අයිම් වෙරි සොරි …. මේ අවට වෙන කිසිම තැනක කැමරා නැහැ  මං දන්න තරමින් …..ඒත් අපි හොයලා බලමු ….. “

” අයි නෝ  .. මිස්ටර් ජිනේන්ද්‍ර ..ඉට්ස් ඕකේ….”

මන්දාරම් චානක සමඟින් ජිනේන්ද්‍රට සමුදුන්නේ බලාපොරොත්තු කඩ වූ ලෙසිනි. ඔහු අම්මා හැප්පුණායැයි ජිනේන්ද්‍ර පෙන්වූ ස්තානයට වී ඔහු විනාඩි කිහිපයක් බලා උන්නේය. අම්මාගෙන් ගලාගෙන ගිය රුධිරය මත දමා තිබූ වැලි ගොඩ දෙස ඔහු බලා උන්නේය. කෝපයෙන් දෑත් මිට මොලවා ගත්තේය. චානක මන්දාරම්ගේ ගේ උරීස්සට තට්ටුවක් දැම්මේය.

” අපි බලමු බං…”

” අම්මව හප්පපු එක මට අවුලක් නෑ චානා.. අපේ අතින් වුනත් ඒ වරද වෙන්න පුලුවන්..මොන හිතකින්ද බං  අම්මාව මෙහෙම දාලා ගියේ… චුට්ට එහෙ මෙහෙ වුනානම් අපිට අද මේ සැනසීම නෑනේ බං …”

” ඒක හරි .. ඒත් දැන් ඒක වෙලා ඉවරනේ …. දැන් නැන්දාව සනීප කරගන්න විදියක් බලමූ …. අනෙක ඩොක්ටර්ස්ලා කියන විදියට දැන් අවදානම් තත්වේ අඩුයි … කකුල බැරි එක විතරනේ ප්‍රශ්නේ .. අපිට ඒක සනීප කර ගන්න පුලුවන් නේ ….”

මන්දාරම් හිස සැලුවේය . රෝහලට ගොස් අම්මාගේ තත්වයද යළි විමසා, සාත්තුවට උන් කාන්තාවගේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතාද විමසා මන්දාරම් තාවකාලික නවාතැණටද, චානක සවස් වරුවේ මඟ හැරිය නොහැකි උපකාරක පන්තියක් සඳහාද පිටත් වුහ. මන්දාරම් කාර්‍යාලය අමතා හදිසියේ සිහි වූ කටයුතු කිහිපයක් වෙනුවෙන්ද අවධානය යොමු කලේය. ඒ හැම මොහොතකම අම්මාට යමක් සිදුවේය යන බිය ඔහුගේ හිතෙහි අඩු නැතිව විය.

නිම්නාවී මෝටර් රතය දෙස බැලුවේ දින දෙකකට පසුවය. ඕ මෝටර් රතය දෙසට ඇව්ද ගියාය. එහි කිසිඳු කැඩීමක් බිඳීමක්වත් නොතිබුණි. ඇතැම් විට මල්ලී කුමක් හෝ සිදු කරන්නට ඇත. ඕ මල්ලී නැති ජීඉව්තයක තමාට සිදුවන්නේ කුමක්දැයි සිතුන සිතුවිල්ල හිතා මතාම යටපත් කරගත්තාය.

” ලොකු බබා … හවස ඔයා ඩැනී ආන්ටිගේ පාර්ටි එකට යන්වද?…”

කොහෙදෝ යන්නට පැමිණි  රාජිකා එලෙසින් විමසද්දී නිම්නාවී හිස දෙපසට සැලුවාය.  රාජිකා එයට අවලාද කියමින්ම මෝටර් රියට ගොඩ වූවාය. ඩයස් මහතා මෝටර් රියට ගොඩ වූයේ දුර සිටම නිම්නාවීට සමුගැනීම පෙන්වමිනි. නිම්නාවීද ඔහුට සිනාසෙමින්ම අත වැනුවාය. එහෙත් ඒ සිනහව මවා ගන්නට සෑහෙන්නම වෙහෙසක් දරන්නට වූ බව දැන උන්නේ ඇය පමණි.

” ලොකු බබා .. ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ලිමිට් එක ඊයේ මම වැඩි කලා… ඔයා ශොපින් යනවා නම් යන්න.. නෝ ලිමිට්ස් ..”

ඩයස් මහතා මෝටර් රියට ගොඩ වෙන්නට ගොස් යලි නිම්නාවී දෙස බලා කීවේය. නිම්නාවී එයටද සිනාසෙමින්ම හිස සැලුවාය. රනින් කෙරූ කුඩුවක සිර කෙරූ කිරිල්ලියකට රන් හැන්දෙන් කිරි පෙවීම කෙතරම් වේදනාවක්දැයි වටහා ගන්නට නම් නිම්නාවීගේ ජීවිතයේ උසස්පෙලට පසු කාලය දෙස විමසා බැලිය යුතුය.

ඕ කාමරය වෙතට ගියාය. වාදනය වෙමින් තිබූ ගීතය යළි මුල සිට වාදනය වෙන්නට හැරියාය……”

” ඉතින්  නුඹ තව දුර ගියෝතින්… මාව අමතක නොවෙන්න …. හිත හැදෙන්නට ..දුක නිවෙන්නට ..මටත් කවියක් ලියන්න ….”

උදෑසන කියා වෙනසක් නැතිව කසුන් කල්හාර ඇය පාරමින් උන්නාය. ඕ ජනේලයෙන් පිටත අහස දෙස බැලුවාය. සෙත් … ඔහු කොහේක වනවාද දන්නේ නැත. ඔහු කුමක් කරනවාද දන්නේ නැත. ඔහුට තමා සිහි වනවාද දන්නේ නැත. වසර  දහ තුනක් ගෙවී ගොසිනි. ඔහු දැන් කඩවසම් වඩා උන්මාදනීය ප්‍රේමවන්තයකු සේ සිටිනවා විය යුතු නේදැයිනිම්නාවී සිතුවාය.

ඕ කණ්ණාඩිය ඉදිරියට වූවාය. තමා දෙසම බැලුවාය.

” ඔයා දන්නේ නැහැනේ සෙත් .. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියලා…,. ජූනියර් ඩිබේට් ටීම් එකේ උන්න සෙත් වර්ණකුලට පිස්සුවෙන් ආදරේ කල නිම්නාවී ගැන ඔයා දන්නේ නෑනේ සෙත් … ඔයා හැමදාම බලාගෙන හිටියේ අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් දිහානේ ….”

නිම්නාවී වහා සිතුවිලි වල හැඩය වෙනස් කර ගත්තාය.  සෙත් සහ අපර්ණා විවාහ වී දරුවන්ද ලබා ඇතිවාට සැක නොමැති බව සිතද්දී, ඇගේ අභ්‍යන්තරයෙන් හට ගන්නා ගින්නක දැවීම ඇයට දැණුණි. අපර්ණා වුවද ඒ කල පටන්ම උන්නේ සෙත් ඇය වෙත දැක්වූ උනන්දුවෙන් ප්‍රහර්ශණීය බවක් නංවාගෙන නොවේද?..

” සෙත් ලා ඩිබේට් කම්පිටිශන් එකේ ෆර්ස්ට් ප්ලේස් ලූ ….”

අපර්ණා එලෙස පැවසූ දිනයේ ඇගේ හැසිරීම් තුලින්ම සෙත් සහ ඇය අතරේ ඇති සමීප සම්බන්ධතාවය සුජාතාවේ එකොළහ වසරේ  කෙල්ලන් සියලු දෙනා අතරේ කට කතා මෙන් පැතිරී ගිය අයුරු නිම්නාවී සිහිපත් කලාය. උසස්පෙල පන්ති අතර වාරයේ සෙත්ගේ පියා හදිසි අනතුරකින් මිය ගියාට පසු සෙත්ගේ මවගේ සහෝදරයන් සමඟ සෙත් සහ මව මාතර අතැර ගිය බව පමණක් නිම්නාවී තවම දන්නීය. අපර්ණා ද ඉන් පසුව සෙත් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකර තරම් විය. එහෙත් තමා සෙත් පිළිබඳව සොයා  බලන්නට හැඛි උපරිමයෙන්ම උත්සාහ කල බවද නිම්නාවීට අමතක නැත.

ජීවිතය මෙවන් ලෙසින් ගෙවෙන්නේත් ඒ සොයා බැලීම් වැරදි අතට ලිස්සා ගිය බැවින් නොවේද?….

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here