තමන්ගේ දෙමව්පියන් ඝාතනය කළ මිනීමරු පුතාලා

මරණය කියන්නේ අපි ඉපදෙනකොටම අරගෙන එන දෙයක් වුනත්, ඒ මරණය බලාපොරොත්තු නොවෙන විදියට, බලාපොරොත්තු නොවෙන අය අතින් සිදුවෙනකොට ඒක හරිම අපහසුයි. ඒ වගේ අත්දැකීම් දරාගන්න එක පවා ලේසි නැහැ.

ස්මාර්ට් ලේඩි තුළින් ඔබ ජීවිත වල අවිනිශ්චිතතාවය ගැන වටහා ගන්නට ඉඩ ලැබෙන කතන්දර ඕනෑ තරම් කියවලා තියෙනවා. මේ කියන්න යන්නේත්, තවමත් විසඳුමක් ලැබිලාත් නැති අන්න ඒ වගේ කතාවක්.

ජෝසේ මෙන්ඩේස් සහ කැති මෙන්ඩේස් කියන කැලිෆෝනියාවේ උන්න ධනවත් දෙමාපියන්ට දාව ඉපදෙන දරුවන් දෙදෙනා තමයි ලයිල් මෙන්ඩේස් සහ එරික් මෙන්ඩේස්. ලයිල් 1968දීත් එරික් 1970දීත් තමයි ඉපදෙන්නේ. ධනවත් දෙමාපියන් එක්ක මේ දරු දෙදෙනා අනෙක් දරුවන්ට වඩා සෑහෙන්න මට්ටමක සුඛෝපබෝගී ජීවිතයක් ගත කරනවා. ජෝසේ සහ කැතීට මිල මුදලින් අඩුවක් නොවුන හින්දාම ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරිලා තියෙන අබ්ව තමයි හැමෝටම පේන්නෙත්.

ඔය අතරේ 1989 එක දවසක ජෝසේලා පදිංචි වෙලා උන්න නගරයේ පොලිසියට ඇමතුමක් එනවා. ඒ ලයිල් මෙන්ඩේස්ගෙන්.

” ආයුබෝවන් මහත්මයා.. මේ ප්‍රාදේශීය පොලිසිය.. කෙලෙසද අපට ඔබට සහය විය  හැක්කේ ?..”

” ආයුබෝවන් .. අනේ අහන්න .. අපි විශාල කරදරයක පැටලිලා ඉන්නේ .. අපේ අම්මාවයි තාත්තාවයි මරලා දාලා …”

ඉතා කලබලෙන් එහෙම කියන තරුණයාගෙන් මඟ විස්තර විමසලා තහවුරු කරගන්න පොලිසිය, වහාම අදාල තැනට යන්න පිටත් වෙනවා. ඒ ගියහම තමයි ඔවුන් දකින්නේ තමන් ඇවිල්ලා ඉන්නේ ඒ ප්‍රදේශයේ විශාලතම මන්දිරයක් වුන බෙවන්ස් හිල් මන්දිරයට කියලා.

” අනේ බලන්න සර් .. අපේ අම්මවයි, තාත්තාවයි දෙන්නාම මරලා දාලා.. මල්ලියි මායි පාර්ටි එකකට ගිහින් දැන් ටිකකට කලින් ගෙදර ආවේ.. ඒ එනකොට තමයි අපි මේ සිදුවීම දැක්කේ.. අනේ අපේ අම්මයි තාත්තයි කාටවත් වරදක් නොකර අපි එක්ක සතුටින් උන්නේ .. අනෙක් අතට , අම්මා පැයකට විතර කලින් මට කතා කරලා ඒ දෙන්නා නගරයෙන් පිට යන බවත් කිව්වා.. බලන්න ඒත් වෙලා තියෙන දේ …”

මිනීමැරුම් ඇතුළු අපරාධ ඕනෑ තරම් දැකලා තියෙනවා වුනත් ජෝසේ සහ කැතීගේ මරණ දිහා දැකලා පොලිස් නිළධාරීන් ඉන්නේත් කම්පනයෙන් වගේ. ඔවුන්ගේ හිස් කබල කුඩු වෙලා යන්නම වෙඩි තියලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. ඔවුන්ගේ මොළ කැබලි සහ රුධිරය මන්දිර ආලින්දයේ තැන තැන විසි වෙලා තියෙනවා. පොලිසිය වහාම එම වටපිටාව සියලුම දෙනාට තහනම් කලාපයක් බවට පත් කරන්නේ මේ සිදුවීම ලේසි පහසුවෙන් අරගන්න බැරි බව දන්න නිසා.

” ලයිල් මහත්මයා .. මේ සිදුවීම ගැන සැක කරන්න කවුරුම හරි ඉන්නවාද ?..”

” හරියටම කියනන බැහැ.. ඒත් තාත්තා එක්ක ව්‍යාපාර කාරණාවක් නිසා අමනාපෙන් උන්න කෙනෙක් ගැන දන්නවා.. පහුගිය දවසක තිබුන සාදයකදී ඔහු බිමතින් දිවුරලා තිබූණා අපේ පවුල විනාශ කරන බව.. තාත්තා අපිට ඒ විස්තරය කියලා හිනා වුනා.. එයා හිතුවේ නැහැ කවදාවත් කවුරුවත් ඔහුට මෙහෙම දෙයක් කරාවි කියලා…”

මෙන්ඩේස් සහෝදරයන් ඉතාම වේදනාවෙන් කිව්වා. පොලිසිය සාක්ෂි පසුපස හඹා යන්න පටන් ගත්තා. මෙන්ඩේස් යුවලගේ අවමංගල්‍ය කටයුතු ඉතා විශාල වියදමක් දරලා සිදු කරා.

ලයිල් සහ එරික් තමන්ගේ දෙමාපියන්ගේ වියෝව වෙනුවෙන් දුක් වෙන තරම ගැන අවමංගල්‍ය උත්සවයේ හිටපු හැමෝම සංවේගයෙන් කතා කලා.

සතියක් විතර ගෙවෙනකොට, පොලිසිය ඔවුන්ගේ විමර්ෂණ කටයුතු වඩාත් තීවෘ කරලා තිබුණා. ඔවුන් සැකකරුවන්ගේ නාම ලේඛනයක් සැකසුවා.

” අපේ සැකකරුවන් අතරට මෙන්ඩේස් පුතුන් දෙදෙනාත් ඇතුලු කරගන්න අපිට සිදුවෙනවා.. මෙන්ඩේස් යුවලගේ මරණට සිදුවෙලා සතියක් යනකොට මේ තරුණ කොල්ලෝ දෙන්නාගේ ජීවිත ඉතාම සුඛෝපබෝගී වෙලා.. ඔවුන් දෙදෙනා රොලෙක්ස් ඔරලෝසු හතරක් බැගින් මිලදී ගෙන. ඔවුන් භාවිතා කරන වාහන ඉතා සුඛෝපබෝගී මට්ටමට මාරු වෙලා.  ඒ විතරක් නෙවෙයි, ගෙවුණ රැය  කිහිපයේම ඔවුන් ආහාර අරගෙන තියෙන්නේ ඉතාම මිල අධික ආහාර වට්ටෝරු තියෙන අවන්හල් වලින්…”

පොලිස් කණ්ඩායමේ ප්‍රධානිය තම සගයන්ට විස්තර කලා. ඒ අනුව ඔවුන් මේ පුතුන් දෙදෙනා ගැන දැඩි අවධානයෙන් හිටියා.

ඔය අතරේදී ලයිල් විසින් ඔහුගේ පුද්ගලික පරිඝනකය තුළ වූ යම් වීඩියෝ ගොනුවක් ඉන් මකා දමන්නට උත්සහා දරා ඇති බව විමර්ෂණ කණ්ඩායම් සොයාගත්තා . ඒ වගේම එරික් ඔහුගේ පෞද්ගලික මනෝ වෛද්‍යවරයා ඉදිරියේ කරපු පාපොච්චාරණයක හඬ පටයත් පොලිසියට ලැබුනා.

අවසානේදී, මෙන්ඩේස් යුවලගේ මරණ වලින් සති තුනක් ඉක්ම යනකොට මේ පුතුන් දෙදෙනාව, දෙමාපියන්ගේ මරණ පිළිබඳව සැක පිට අත් අඩංගුවට ගත්තා.

” ඔව් .. අපි ඒක කලා …”

ඔවුන් දෙදෙනාම ඉතා පහසුවෙන් පොලිසිය ඉදිරියේ වරද පිළිගත්තා. ඒත් ඔවුන් තමන් කල ක්‍රියාව ඉතා ටහ්දින් සාධාරිණීකරණය කරන්නත් අමතක කලේ නැහැ.

” අපේ අම්මා වගේම තාත්තත් ඉතා තදින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා උන්නේ .. මට අවුරුදු හයේ විතර ඉඳගෙන, අම්මගේත් අනු දැනුම එක්කම තාත්තා මාව අපයෝජනය කරනවා… ඒක නැවතුනේම නැහැ.. මම ටික ටික ලොකු වෙනකොට මම ඔහුට විරුද්ධ වෙනකොට, ඔහුත් අම්මාත් අපි දෙන්නාව මරා දමන බවට තර්ජනය කරමින් අපිව අපයෝජනයට ලක් කලා.. ඒ පවුකාර ජීවිත වලින් මිදෙන්න අපි තීරණය කලේ ඒ නිසා..”

ලයිල් කිසිම පසුතැවීමක් නැතිව එහෙම කියනකොට එරික් කලෙත් ඔහුව අනුමත කරපු එක.

“අපි අම්මලාව මරණ විදිය සැලසුම් කරලා පොතක  ලිව්වා… ඒ අනුව අපි පියවරෙන් පියවර වැඩ කලා.. .. අන්තිමේදී අපේ ආලින්දයේ අම්මලා රූපවාහිනිය නරඹනකොට අපි ඔවුන්ට වෙඩි තිව්වා. .. ඊට අප්ස්සේ අපි කිසිම  දෙයක්  නොවුනා වගේ බැට් මෑන් චිත්‍රපටය  බලන්න ගියා. ඒත් ටිකට් ඉවර වෙලා තිබුනේ.. ඒ නිසා අපි ඊටත් පස්සේ, නගරයේ තිබුන සාදයකට ගියා … පාන්දර ගෙදර ඇවිල්ලා තමයි අපි කිසිම දෙයක් නොදන්නවා වගේ පොලිසියට කතා කලේ …”

එරික් ලයිල්ගේ කතාව සම්පූර්ණ කරා. පොලිසියත් මේ තරුණයන් දෙදෙනා දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. තමන්ගේ දෙමාපියන්ව මරලා දාලා, මේ තරුණයන් සැනසීමෙන් ඉන්නේ කොහොමද කියලා පොලිසියට පවා හිතාගන්න බැරි වුනා.

ඒ වගේම මෙන්ඩේස් යුවල තමන්ව අපයෝජනය කලා කියලා දිවුරලාම කිව්වත්, ඒ  බව ඔප්පු කරන්න  සාක්ෂි මේ පුතුන් දෙදෙනා ළඟ නැති බවත් විමර්ෂක කණ්ඩායම් සොයාගත්තා.

පොලිසිය අන්තිමේදී තීරණය කලා මේ ඝාතන සැලසුම් කරලා, සිදුකරපු මනුශ්‍ය ඝාතන බව.ඒ අනුව මේ පුතුන් දෙදෙනාට 1996 දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුනා.

ඉන් පස්සේ කිහිප වතාවක්ම ඔවුන් අභියාචනා ඉදිරිපත් කලත්, ඒ හැම එකම නිශ්ප්‍රභා වුනා.

මේ දෙන්නාගේ යහපත් හැසිරීම් පිළිබඳව වන වාර්තා සලකලා බලලා 2024  දෙසැම්බර් මාසේ අන්තිමේදි ආයෙම නඩුවක් කැඳවන්න නියමිත බවත් වාර්තා වෙනවා. ඒ නඩුවෙන් මේ පුත්තු දෙන්නාට ලැබෙන තීන්දුව ගැනත් අපි ඔබට ළඟදිම කියන්නම්

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles