ඒ 1954 අවුරුද්ද.
ටෝකියෝ වල හනේඩා ගුවන් තොටුපලට එනව අමුතු මනුස්සයෙක්. එයාගෙ අතේ තියෙනව මේ ලෝකෙ අපි අහලවත් නැති රටක් ගැන කියවෙන පාස්පෝට් එකක්. “මං ආවේ Taured වල ඉඳලා” එයා කියනවා.
Taured කියලා රටක් තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙ එතන ඉන්න කාර්ය මණ්ඩලයට හිතාගන්න බැරිවෙනවා. ඒ අනුව තමයි මේ ඇවිත් ඉන්නෙ අපි නොදන්න, ඒත් පවතින වෙනත් මානයකින් ආව සංචාරකයෙක්ද එහෙමත් නැත්තම් රට ඇතුලට රිංග ගන්න උත්සහ කරන කවුරු හරි වංචාකාරයෙක්ද කියන ප්‍රශ්නෙ.
මේ මනුස්සයා රැවුල වවාගත්ත, suit එකක් ඇඳගත්ත, කිසිම විදියකින් විශේෂයක් පේන්න නැති කෙනෙක්. හැබැයි මේ මනුස්සය කිසිම විශේෂයක් නැති කෙනෙක් වුණේ එයා පාස්පෝට් එක දෙන කම් විතරයි.කියවගෙන යද්දි නම් ඒ පාස්පෝට් එකෙත් කිසිම වරදක්, වෙනසක්, අවුලක් පේන්න තිබුනෙ නෑ. ඒත් අමුත්තකට තිබුණෙ මේ පාස්පෝට් එක Issue කරලා තිබුණ රට. ඒ රට විදියට සඳහන් වෙලා තිබුනෙ Taured කියන රට. ටෝකියෝ වල හනේඩා ගුවන් තොටුපලේ උන්නු කාර්ය මණ්ඩලය සහ Immigration Officers ලගෙ දැනුම අනුව Taured කියන්නෙ මේ ලෝකෙ පවතින රටක් නම් නෙවෙයි.
ඉතින් අහන්න තියෙන්නෙ එක ප්රශ්නයයිනෙ. Immigration එකෙන් අහනවා මේ මනුස්සයගෙන් මොකද්ද ඔය රට ඒක තියෙන්නෙ කොහෙද කියලා?
පුදුමයට පත්වෙන මනුස්සයට දෙන්න තියෙන උත්තරේ වෙන්නෙ “ඇයි ඔයාලා අපේ රට ගැන අහලා නැද්ද? ඒක දැන් අවුරුදු දාහක් විතර තිස්සෙ පවතින රටක් නෙ?” කියලා.
මෙම අමුතු මනුස්සයා අපරාධකරුවෙකු වෙන්න පුලුවන් කියලා විශ්වාස කරන ජපාන නිලධාරීන් එයාව රාත්‍රිය සඳහා අසල හෝටලයක නවත්තලා එයාගෙන් ප්‍රශ්න අහන්න කරන්න පටන් ගන්නවා. ඒ වගේම එයා පැනලා යාවි කියල බයට, එයාට ආරක්ෂාව දෙන්න මුරකරුවන් දෙන්නෙක් එයාගෙ කාමරෙන් එලියෙ තියලා තියනවා.
හැබැයි උදේ පාන්දර ආයෙ එයාගෙන් ප්‍රශ්න කරන්න හිතාගෙන කාමරේට යන පරීක්ෂකවරුන්ට දකින්න ලැබෙන්නෙ දකින්න බලාපොරොත්තු වෙච්ච දෙයක් නම් නෙවෙයි.
මුරකරුවන් දෙන්නෙක් තියලා පරිස්සම් කරන්න හදපු “අනන්තෙන් ආ තරු කුමරා” කිසි සද්දයක් බද්දයක් නැතුව අතුරුදහන් වෙලා තියෙනවා.
ඔය විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ.
මේ කතාව ගැන ලියවිච්ච Theory ගොඩක් තියෙනවා.
ඇතැමෙකුට, ටෝරඩ් මිනිසාගේ කතාව, ඔහු ප්‍රසිද්ධියට පත් වූ පරිදි, ඇත්ත වශයෙන්ම අපගේ විශ්වයට සමාන්තර විශ්වයන් ඇති බවට සාක්ෂියක් විදියට කටයුතු කරනවා. මොකද එහෙම රටක් ගැන අපි අහලවත් නැති කාලෙක ඒ රටෙන් නිකුත් කරපු පාස්පෝට් එකක් තියෙන මනුස්සයෙක් මේ විදියට මතු වුනාම වෙන හිතන්න දෙයක් නැති හන්දා.
තවත් සමහරු මේක මේ අවධානය දිනාගන්න ගොතපු ප්‍රබන්ධ කතාවක් කියලත් කියනව.
මේ මනුස්සයා ගැන අවුරුදු ගණනාවක් පුරාවට මිනිස්සුන්ට කතා කරන්න හේතු හදපු, ඒ වගේම මේ අපේ ලෝකයට සමාන්තරව වෙනත් ලෝකයක් පවතින්න පුලුවන් කියල මතවාද ගොඩනගපු හේතු කාරණා ගොඩක් මේ කතාව ඇතුලෙ ගැබ් වෙලා තියෙනවා.
එයින් ප්‍රධානම එක තමයි මේ Taured කියන රට.
මේ මනුස්සයට එයාගෙ රට තියෙන්නෙ කොහෙද කියලා මැප් එකක පෙන්නන්න කියල මැප් එකක් දිග ඇරියම එයා අත දිගුකරලා තියෙන්නෙ ස්පාඤ්ඤ සහ ප්‍රංශය අතර ඉඩකඩ. ඒ වගේම ඒ මැප් එකේ තමන්ගෙ රට සලකුණු වෙලා නෑ කියලා දැක්කම එයාට හොඳටම කේන්ති ගිහිල්ලත් තියෙනවා. එයාට අනුව එයා පෙන්නපු තැන තමයි එයාගෙ රට තියෙන්න ඕන සහ අවුරුදු දාහක් තිස්සෙ තිබ්බෙ. ඒත් මේ මැප් එකේ ඒක පෙන්නන්නෙ නෑ.
ඒ වගේම එයා අපේ ලෝකයේ මේ වෙද්දි භාවිතා කරන බොහොමයක් යුරෝපියානු මුදල් ඒකක ගැනත් කියල තියෙනව වගේම එයාගෙ පාස්පෝට් එකේ එයා මීට කලින් අවස්තා කීපයකම ටෝකියෝ වලට ඇවිත් තියෙනවා කියන එකත් පෙන්නලා තියෙනවා.
හැබැයි එයා රාජකාරි කරනවා කිව්ව ආයතනය එයාව දන්නෙ නැති බවත්, එයා Reservation එකක් දාලා තිබුණ හෝටලය එයාව දන්නෙ නැති බවත්, එයා මුණගැහෙන්න ආව ටෝකියෝවල කම්පනි වල ඉන්න නිලධාරින් එයාව දන්නෙ නැති බවත් කියද්දි මෙතන මොකක් හරි අවුලක් තියෙන්න පුලුවන් කියලා හිතෙන එක සාධාරණයි නේද?
හැබැයි ප්‍රශ්නෙ තිබුනෙ මේ අමුතු මනුස්සයා ලඟ එයා කියන කතාව ඔප්පු කරන්න ඕනවටත් වඩා ලිඛිත සාක්ශි තිබුණ එක.
ඊලඟට පුදුම හිතිච්ච කාරණාව තමයි මුරකාරයො දාලා හොඳටම ආරක්ෂාව දීලා තියෙද්දිත් ඒ මනුස්සය අරුම පුදුම විදියට කාමරයෙන් අතුරුදහන් වෙච්ච එක.ඒ කාමරේ තිබුණෙ තට්ටු ගාණක් උඩ ඒ වගේම බැල්කනි එකක් තිබුනෙත් නෑ.පොලිස් පරීක්ෂන වලදි හොයාගන්න පුලුවන් උනා කිසිම විදියකින් එයාට ජනේලයෙන් පිටවෙන්න විදියක් නෑ කියන එක. ඒ වගෙම මුරකරුවන් කිව්වා කිසිම වෙලාවක එයා කාමරෙන් එලියට ආවෙත් නෑ කියලා.
ඔය සිදුවීම් ඔක්කොම ආරංචි වීමත් එක්ක හිතන්න පුලුවන් උන එකම කතාව උනේ “ඒ මනුස්සයා එන්න ඇත්තෙ අපිට සමාන්තර ලෝකෙකින්. ඒ ලෝකෙ Taured කියන රටක් ඇත්තටම ඇති. එයා ආව විදියටම ආපහු එයාගෙ ලෝකෙට යන්න ඇති අපිට නොතේරෙන විදියට” කියලා.
ඒ වගේම සමහරු මේක “මොකක් හරි වංචාකාරී වැඩක් වෙන්න පුලුවන්” කියලත් හිතුවෙ ඇත්තටම ඉතින් ඔය Parallel Universe වගෙ දේවල් තාමත් අපි ඇත්තටම ඇහැට දැකපු දේවල් නොවෙන හන්දා.ඒ වගේම සමහරු කියනවා මේ මනුස්සයා වෙන කවුරුවත් නෙවෙයි 1960 අවුරුද්දෙදි ටෝකියෝ වලදි අත් අඩංගුවට ගත්ත බොරු චෙක්ස් වලට සල්ලි ගන්න උත්සහ කරපු John Allen Zegrus කියන මනුස්සයා කියන එක.
John Allen Zegrus ගෙ කතාව
1960 ජුලි 29 වනිදා, බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ විවාදයකදී ජෝන් ඇලන් සෙග්රස්ගේ සිද්ධිය ගැන සඳහන් කරද්ද, ඔහු විස්තර කළේ “කර්නල් නසාර්ගේ බුද්ධි අංශ නියෝජිතයෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකු විදියට. මෙම පුද්ගලයා, සාක්ෂි වලට අනුව, සැබවින්ම ඉතා ආකර්ෂණීය පෙනුමක් ඇති විදේශ ගමන් බලපත්‍රයක් සමඟ ලොව පුරා සංචාරය කර ඇත. එය ලියා ඇත්තේ නොදන්නා භාෂාවකින් වන අතර එය දීර්ඝ කාලයක් තිස්සේ philologists විසින් අධ්‍යයනය කර ඇතත් එය හඳුනාගෙන නොමැත” කියලා.
ඒවගේම සාමාජිකයා දිගටම කියා සිටියේ, “Zegrus ගේ විදේශ ගමන් බලපත්‍රය ටෝරෙඩ් ප්‍රාන්තයේ අගනුවර වන Tamanrosset නගරයේ නිකුත් කර ඇති බව විස්තර කරන අතර, Zegrus ප්‍රකාශ කළේ දළ වශයෙන් සහරාවට දකුණින් මිලියන දෙකක ජනතාවක් සිටින ස්වාධීන රාජ්‍යයක් බව” කියලා.
විවාදයේ අරමුණ උනේ විදේශ ගමන් බලපත්‍ර කෙතරම් පහසුවෙන් ව්‍යාජ ලෙස සකස් කරන්න පුලුවන්ද කියන එක පෙන්නුම් කරලා දෙන එක.
වැන්කුවර් පදනම් කරගත් The Province පත්‍රය ද එකල Zegrus ගැන වාර්තා කළේ, “Mr. Zegrus හට ලොව වටා සංචාරය කිරීමට අවශ්‍ය විය. නිලධාරීන් විශ්මයට පත් කිරීම සඳහා ඔහු ජාතියක්, අගනුවරක්, ජනතාවක් සහ භාෂාවක් නිර්මාණය කළේය. මේ සියල්ල ඔහු විසින්ම සාදන ලද විදේශ ගමන් බලපත්‍රයක සටහන් කර ඇත” කියලා.
වාර්තාවට අනුව, මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය භාවිතා කරමින්, විශේෂයෙන් මැද පෙරදිග ප්‍රදේශ හරහා සාර්ථකව ලොව පුරා සංචාරය කිරීමට Zegrus සමත් වෙලා තියෙනවා. ඔහුගේ ලියකියවිලි ගැන මිනිසුන් සැක කළ විට, ටෝරෙඩ්හි ජාතික සංකේතයට යටින් මුද්‍රා තබන ලද කුඩා ප්‍රකාශයක් කියවීමට ඔහු ඔවුන්ට ආරාධනා කරානවා: “Rch ubwaii ochtra negussi habessi twap turapa.”
හැබැයි ඉතින් ඒක කාටවත් තේරෙන එකක් නම් නෙවෙයි.
.Zegrus ටෝකියෝ වෙත යාමට උත්සාහ කරන තෙක් එයාගෙ කතාවට කවුරුවත් කිසි ප්‍රශ්නයක් ඇති කරලා නෑ. ජපන් නිලධාරීන් සිතියම් අධ්‍යයනය කර, ටෝරෙඩ් රාජ්‍යයක් නොමැති බව දැක, Zegrus ට නඩු පැවරීමට පියවර ගැනීමට පටන් ගත්තා.Reddit පරිශීලක taraiochi ව 1960 ගිම්හානයේ සිට 1961 ශීත ඍතුව දක්වා ජපන් පුවත්පත් ලිපි කිහිපයක් පළ කරන ලද අතර එය Taured Man නඩුව ආවරණය කරන ලද අතර, මෙම පුරාවෘත්තය පිටුපස ඇති සත්‍යය පිළිබඳ වඩාත් අවබෝධයක් ලබා දෙන්න හේතු වුනා.
වාර්තා වලට අනුව, නීතිවිරෝධී ලෙස ඇතුළුවීම සහ වංචා කිරීමේ චෝදනාව මත ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසින් වසරක සිරදඬුවමක් නියම කිරීමෙන් ටික කලකට පසු Zegrus සියදිවි නසා ගැනීමට උත්සහ කරලා තියෙනවා.
ඔහුට දඬුවම් නියම වූ බව ඔහුට දැනුම් දුන් විට, ඔහු “මම සියදිවි නසාගන්නවා” යැයි කෑගසමින් සඟවාගෙන සිටි කැඩුණු වීදුරු බෝතලයක කැබලිවලින් ඔහුගේ දෑත් කපා ගත් බව වාර්තා වෙනවා.
Zegrus 1959 ඔක්තෝම්බර් මාසයේදී ඔහුගේ කොරියානු බිරිඳ සමඟ ඔහුගේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කර ජපානයට ඇතුළු වී ඇතත්, රට තුළ සිටියදී ඔහු රැඳී සිටීම සඳහා මුදල් ගෙවීමට වෙහෙස වෙලා තියෙනවා. ඔහු විවිධ ටෝකියෝ බැංකුවලින් දළ වශයෙන් ¥200,000 ($1,406) ක් වටිනා ව්‍යාජ චෙක්පත් මුදල් ලබා ගෙන තියෙනවා.
Zegrus ගේ විදේශ ගමන් බලපත්‍රය “සතිපතා සඟරාවක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර බැලූ බැල්මට එය ව්‍යාජ එකක් ලෙස හඳුනාගත හැකි” බව ද පත්තරවල එහෙම සඳහන් කරලා තියෙනවා.
කොහොම උනත්, Zegrus ගේ කතාවේ ලොකුවටම පුදුම හිතෙන කතාව තමයි, එයා කිසි විටෙකත් සිරගෙදර කිසි දිනක කාලයක් ගත නොකල එක. සියල්ල පවසා අවසන් වන විට, ඔහු දැනටමත් රැඳවුම් භාරයේ ගත කළ දින ගණන ඔහුගේ දඬුවමට වඩා වැඩි වූ අතර, එබැවින් ඔහු නියමිත වේලාවට නිදහස් කරා.අවසානයේදී, Zegrus පැවසුවේ “නව රටක නව ජීවිතයක්” ආරම්භ කිරීම සඳහා ජපානයෙන් පිටවෙනවා කියලා. ඇත්තටම පැමිණියේ කොහෙන්ද හෝ ඔහු ඇත්තටම කවුදැයි කාටවත් කවදාවත් දැනගන්න පුලුවන් උනේ නෑ. ඔහු ජපානයෙන් පිටව ගිය පසු, ආයෙ ඒ වගේ දේකින් එයාගෙ නම කවදාවත් ඉස්මතු උනේ නෑ.
ඉතින් ඔයාලා මොකද හිතන්නෙ ආව විදියට මෙයා අතුරුදහන් වෙලා යන්න ඇතිද?
Taured කියන රටේ ඉඳගෙන එයා ගැන ලියවිච්ච මේ වගේ ආටිකල්ස් එයා කියවන්න ඇතිද?
ReplyForwardAdd reaction |