“Don’t Judge a Book By It’s Cover” කියලා අහලා තියෙනවනෙ. ගොඩක් වෙලාවට අපි මිනිස්සුන්ව මනිනව එයාලගෙ මතුපිට පෙනුමෙන්. කතාකරන විදියෙන්. අඳින පලඳින විදියෙන්. එහෙම මිනිස්සුන්ව විශ්වාස කරල වරද්දගත්ත තැන් ඕන තරම් මගෙ ජීවිතෙත් තියෙනවා. ඔයාලගෙ ජීවිත වලත් ඇති.
ඉතින් අද කතාවක් අන්න ඒ වගේ කෙනෙක් ගැන. මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අනංගයෙක් වගේ එක්කෙනෙක්. කතාකරද්දි කෙල්ලෙක් පිස්සු වැටෙන ලෙවල් එකේ Attractive මනුස්සයෙක් කියල තමයි කියන්නෙ.
වෙන කවුරුවත් නෙවෙයි මේ තමයි Rodney James Alcala එහෙම නැත්තම් The Dating Game Killer කියන Serial Killer.
Rodney කියන්නෙ Americn Serial Killer කෙනෙක් සහ Sex Offender කෙනෙක් විදියට අත් අඩංගුවට ගත්ත කෙනෙක්. ඒ වගේම 1977 සිට 1979 කාල වකවානුව ඇතුලතදි කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව කල මිනිමැරුම් පහක් නිසා මරණ දඬුවම හම්බවුන කෙනෙක්.
ඒ වගේම නිව් යෝක් වල කල මිනීමැරුම් දෙකක් වෙනුවෙන් වරදකරු වෙලා වසර විසි පහක සිර දඬුවමක් හම්බ වුණ කෙනෙක්.
Alcala තමන් විසින් ඝාතනය කරපු අයගේ නිරුවත්, අඩ නිරුවත් ජායාරූප එකතු කරලා හදපු Album එකක් පවා maintain කරලා තියෙනවා. එතන නාඹර වයසෙ ගැහැණු ළමයින්ගෙ වගේම පිරිමි ළමයින්ගෙත් පින්තූර තිබිලා තියෙනවා. 2016 දී, 1977 දී එයාගෙ album එකේ තිබු එක් ඡායාරූපයකින් හඳුනාගත් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙලත් තියෙනවා.
Rodney ගෙ ළමා කාලය
Rodney Alcala උපන්නෙ ටෙක්සාස්, සැන් ඇන්ටෝනියෝ නගරෙදි. ඔහුගෙ අම්මා-තාත්තා මෙක්සිකානු ජාතිකයෝ, නමවෙන්නෙ රාවුල් Rodney Alcala බුකර් සහ ඇනා මරියා ගුටරෙස්. පවුලේ ළමයින් හතර අතරින් ඔහු තුන්වෙනි ළමයා. 1951 දි ඔහුගෙ තාත්තා පවුල සමඟ මෙක්සිකෝවට ගෙන ගිහින්, වසර තුනක් යන්නට පෙර ඔවුන් අත්හැරලා දාලා තියෙනවා.
1954දි ඔහුගෙ අම්මා Rodney Alcalaසහ ඔහුගෙ සහෝදරියන් දෙන්නාවත් ලොස් ඇන්ජලීස් වලට ගේනවා. පාසල් කාලෙදි ඔහු ඉගෙනීමේ හැකියාවෙන් ඉස්සරහින්ම උන්නු කෙනෙක් විදියට, මිතුරෝ අතරත් ජනප්‍රියයි. විවිධ පුද්ගලික පාසල්වලින් අධ්‍යාපනය ලබාගෙන, අවසානේ කැන්ට්වෙල්-සේක්‍රඩ් හාර්ට් ඔෆ් මේරි පාසලෙන් උපාධිය අරගනත් රොඩ්නිට පුලුවන් වෙනවා. කලා පැත්තේ, ධාවන කණ්ඩායම් වල, සහ පොත් සැලසුම් කමිටුවෙත් මෙයා සාමාජිකයෙක් වෙනවා.
වයස 17දී ඔහු ඇමරිකානු හමුදාවට සම්බන්ධ වෙලා, පැරෂුට් භටයෙකු වගේ වැඩ කළා. එහෙත්, හමුදාවෙ ඉන්නකොට ඔහුගෙ හැසිරීම ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. අණට ඇහුන්කම් නොදෙන එක, පලිගන්න තියෙන ආශාව, සහ විවිධ විනය ගැටළු නිසා මෙයා ගැන තිබුණ විශ්වාසය අඩු වුණා.
1964දි ඔහුට සයිකොපති ආබාධයක් සහ සමාජ විරෝධී පෞරුෂ ආබාධයක් තියන බවට හමුදාවෙ මනෝ චිකිත්සකයෝ හඳුනගෙන තියෙනවා. ඔහුගෙ IQ ගණනය කරලා 135ක් විතර කියලා හඳුනාගන්නත් පුලුවන් වෙනවා. විවිධාකාර ප්‍රශ්න, විනය ගැටලු වගේ දේවල් නිසා මෙයාව හමුදාවෙන් ඉවත් කර තියෙනවා.
ඊට පස්සෙ ඔහු UCLA පාසලෙන් කලා සහ ගෘහ නිර්මාණය ඉගෙන ගන්නව. පස්සේ නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයට ගිහින් චිත්‍රපටය පිළිබඳ අධ්‍යාපනයත් අරගන්නවා. මේවා කරනකොට ඔහුගෙ මනෝ චිකිත්සකයන් විසින් නර්සිසිස්ටික් පෞරුෂ ආබාධය සහ මල්ග්නන්ට් නර්සිසිසම් වගේ ආබාධ මෙයාට තිබෙන බව හඳුනාගන්නවා.
අපරාධ ඉතිහාසය
ටාලි ෂපීරෝ
1968 සැප්තැම්බර් 25 වෙනිදා, ඩොනල්ඩ් හේන්ස් නම් මෝටර් රථ රියදුරෙකු ඇල්කලා අට හැවිරිදි ටාලි ෂපීරෝව ඔහුගේ හොලිවුඩ් මහල් නිවාසයට ඇදගෙන යනවා දැකල පොලිසියට ඒ ගැන දැනුම් දෙනවා. ඇගේ පවුලේ අය සමඟ චැටෝ මාර්මොන්ට් හි පදිංචිව සිටි ෂපීරෝ පාසලට යමින් සිටියදී අල්කාලා එයාගෙ ලඟට ගෙනිහින් තමන්ගෙ වාහනයෙන් එයාව drop කරන්නද කියලා අහලා තියෙනවා. ෂපීරෝ මුලින් ඒක ප්‍රතික්ෂේප කලාට අල්කාලා තමන්ගෙ දෙමව්පියන්ව දන්නවා කියල කිව්වයින් පස්සෙ වාහනේට නගිනවා. අල්කලා පසුව ඇයව ඔහුගේ මහල් නිවාසයට ගෙන ගිය අතර එහිදී ඔහු ඇයට පින්තූරයක් පෙන්වන්න ඕන කියලා කියනවා. පොලිසිය එනකොට, ෂපීරෝ ඉන්නෙ දූෂනයට ලක් වෙලා ලේ විලක් මැද්දෙ. අල්කාලා පැනලා යනවා. ෂපීරෝ දින 32 ක් කෝමා තත්වයේ ඉඳල මාස ගාණකට පස්සෙ සුව වෙනවා.
ක්රිලී
ෂපීරෝගෙ සිද්දිය නිසා පැන නගින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මග හරින්න හිතාගෙන Alcala California හැර ගොස් NYU වල ලියාපදිංචි වෙන්නෙ “John Berger” කියන නමෙන්. 23 හැවිරිදි ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර්ලයින්ස් ගුවන් සේවිකාවක් වූ කොර්නේලියා ක්රිලී, 1971 ජුනි 12 වන දින ඇගේ මෑන්හැටන් මහල් නිවාසයේදී දූෂණය කර මරා දමා තිබියදී සොයා ගන්නෙ ඉන් පස්සෙ. ඇල්කලා ඇගේම නයිලෝන් මේස් වලින් එයාගෙ බෙල්ල හිරකරල තමයි මරලා දාන්නෙ.ක්රිලීට අල්කාලා මුණගැහෙන්නෙ එයාගෙ නව මහල් නිවාසයට යන කොට කියන එකත්, ගෘහ භාණ්ඩ කිහිපයක් ගෙනයාමට ඇය ඔහුගේ උපකාරය ලබාගත්ත එකෙන් කියන එකත් පස්සෙ හොයාගන්නවා.
වරදකරු කිරීම
1971දී, Alcala , New Hampshire කලා කඳවුරක John Burger කියන නම භාවිතා කරලා ළමුන් සඳහා උපදේශකවරයෙක් ලෙස රැකියාවක් ලබා ගත්තා . 1971 වසරේ මුල් භාගයේදී FBI විසින් Alcalaව එහි වැඩිපුරම අවශ්‍ය පලාගිය පුද්ගලයන් දස දෙනාගේ ලැයිස්තුවට එක් කරනවා. මාස කිහිපයකට පසුව, කලා කඳවුරේ කඳවුරුකරුවන් දෙදෙනෙකු තැපැල් කාර්යාලයේ FBI පෝස්ටරයක ඔහුගේ ඡායාරූපය දකිනවා. එම අගෝස්තු මාසයේදී අල්කාලාව අත්අඩංගුවට ගෙන කැලිෆෝනියාවට පිටුවහල් කරන්නෙ ඒ හඳුනාගැනීම උඩ. ඒ වන විට ටාලි ෂපීරෝගේ දෙමාපියන් ඔවුන්ගේ මුළු පවුලම මෙක්සිකෝවට ගෙන ගොස් තිබූ අතර නඩු විභාගයේදී සාක්ෂි දීමට ෂපීරෝට ඉඩ දුන්නෙත් නෑ. ප්‍රධාන සාක්ෂිකරුවෙක් නොමැතිව, නඩු පවරන්නන් අල්කාලාට ස්ත්‍රී දූෂණය සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා කිරීමට කැමති වූනේ නෑ . ඒ වෙනුවට ළමා අපචාර සහ වසර තුනකට සිර දඬුවම් නියම කරනවා.මාස තිස් හතරකට පසු 1974 දී ඇල්කලාට සමාව ලැබෙනවා.
නිදහස් වෙලා මාස දෙකක් යන්නට මත්තෙන්, අල්කාලා නැවත අත්අඩංගුවට පත්වෙන්නෙ, ජුලී ජේ ලෙස උසාවි ලේඛනවල ලියවිලා තියෙන13 හැවිරිදි දැරියකට පහර දීම සම්බන්ධයෙන් වරදකරු වෙන නිසා. ඇල්කලා වසර දෙකක අත් අඩංගුවෙන් පසු නැවත වරක් නිදහස් කරන්නෙ 1977 දී ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකු ලෙස සඳහන් කරලා.
Hover ගේ අතුරුදහන් වීම
1977 දී ඇල්කලාව දෙවන වරට නිදහස් කිරීමෙන් පස්සෙ, ඔහුගේ ලොස් ඇන්ජලීස් පේරෝල් නිලධාරියා නිව් යෝර්ක් නගරයට යාමට නැවත නැවත වැරදිකරුවෙකු වුන ඇල්කලාට ඉඩ දෙනවා . නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තු විමර්ශකයින් දැන් විශ්වාස කරන්නේ ඇල්කලා විසින් මෑන්හැටන් වෙත ආපසු සතියකට පසුව එලන් ජේන් හෝවර්, රාත්‍රී සමාජශාලා හිමිකරුවෙක් වෙන හර්මන් හෝවර්ගේ 23 හැවිරිදි දියණිය අතුරුදහන් වෙනවා. ඒ 1977 ජූලි 15 වන දින එයා ජීවත් වෙන මහල් නිවාසයෙදි. එදිනම “ජෝන් බර්ගර්” කෙනෙකු හමුවීමට ඇයට හමුවීමක් තිබූ බව ඇගේ දිනපොත පෙන්වා දෙනවා.
පසුව 1977 දී, කැලිෆෝනියාවේ ෂැපිරෝ නඩුවට අදාළව 1971 නිව් හැම්ප්ෂයර්හිදී අල්කාලා අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඔත්තුවක් FBI වෙත ලැබෙනවා. ප්‍රශ්න කිරීම් යටතේ හොවර්ව දැන සිටි බව අල්කාලා පිළිගත්තා වුණත්, එයාගෙ සිරුර සොයා ගැනීමට නොහැකි වූ නිසා පරීක්ෂකයන්ට ඔහුව අත්අඩංගුවට ගන්න පුලුවන් වෙන්නෙ නෑ. 1978 දී ජෝන් ඩී රොක්ෆෙලර් වතුයායේ ස්ථානයක් අසල, හඩ්සන් ගඟට ඉහළින් කඳු බෑවුමක අධික ගල් යට වළලනු ලැබූ ඇගේ දේහය සොයා ගන්නවා.
ලොස් ඇන්ජලීස් වෙත යන ගමන
1977 අවුරුද්දෙදි ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ කෙටි කාලීන යතුරු ලියන්නෙක් විදියට ඇල්කාලා සේවයට එනවා. දන්නා ලිංගික අපරාධකරුවන් පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස හිල්සයිඩ් ස්ට්රැන්ග්ලර් කාර්ය සාධක බලකායේ සාමාජිකයින් විසින් සම්මුඛ සාකච්ඡාවටත් ඇල්කාලාව යොදාගන්නවා. හැබැයි ඒකට නම් එයා එච්චර කැමති වෙන්නෙ නෑ.
Dating Game එකෙන් ජනප්‍රිය වෙන අනංගයා
1978 දි ජනප්‍රිය වෙලා තිබුණ Dating Game Show එකකට ඇල්කාලා සහභාගි වෙන්නෙ ඔන්න ඔය කාලවකවානුවෙදි. සත්කාරක ජිම් ලැන්ග් ඇල්කාලාව හඳුන්වා දෙන්නෙ ජායාරූප ශිල්පියෙක් විදියට.කොහොමහරි ඒ තරගයට එන අනික් තරගකරුවන් අතරෙ වෙනස්ම කෙනෙක්, මොලේ තියන, හරිම තැන්පත් කෙනෙක් විදියට ජනප්‍රිය වෙන්න ඇල්කාලාට පුලුවන් වෙනවා.
ඒ හේතුව නිසාම එයා තරගය ජයගන්නවා සහ තරග නීති රීති අනුව තරගයට සහභාගි වෙන ගැහැණු ළමයා වෙන චෙරිල් බ්‍රැඩ් ශෝ එක්ක එලියට යන්න ඇල්කාලාට ඉඩ ලැබෙනවා.
කැලිෆෝනියා ඝාතන රැල්ල
• Gill Terry Barcomb (1977 නොවැම්බර් 9)
New York හි 18 හැවිරිදි තරුණියක්. ගෙල මිරිකා, ලිංගික අතවරයට ලක්ව, Mulholland Drive අසල සිරුර සොයා ගැනීම. පළමුව Hillside Stranglerගේ මිනීමැරුමක් ලෙස සැලකූවත්, පසුව සම්බන්ධයක් නොමැති බව තහවුරු විය.
• Georgia Marie Wixted (1977 දෙසැම්බර් 16)
27 හැවිරිදි හෙදියක්. ඇගේ නිවසේදී ගෙල මිරිකා මරා දැමීම. DNA සහ අත්සලකුණු මගින් Alcala සමඟ සම්බන්ධය තහවුරු විය.
• Charlotte Lamb (1978 ජුනි 24)
31 හැවිරිදි නීති ලේකම්වරියක්. රෙදි සෝදන කාමරයකදී ගෙල මිරිකා මරා දැමීම. DNA සාක්ෂි Alcala සමඟ ගැලපීම.
• Monique Hoyt (1979 පෙබරවාරි 14)
15 හැවිරිදි දැරියක්. Alcala විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ පසු බේරී ගියේ ඉන්ධන පිරවුම්හලකදී.
• Jill Marie Parenteau (1979 ජූනි 13)
21 හැවිරිදි පරිගණක ක්‍රියාකරවන්නියක් ඇගේ නිවසේදී ගෙල මිරිකා මරා දැමීම. DNA සාක්ෂි Alcala සමඟ ගැලපීම.
• Robin Samsoe (1979 ජූනි 20)
12 හැවිරිදි දැරියක්. හන්ටිංටන් බීච් සිට ණයට ගත් බයිසිකලයක් සමඟ අතුරුදහන්ව, 12 දිනකින් ඇගේ දිරාපත් වූ සිරුර සොයා ගැනීම. මිතුරන්ගේ සාක්ෂි සහ Alcalaගේ පේරෝල් නිලධාරියාගේ හඳුනාගැනීම මගින් ඔහු වරදකරු බව තහවුරු විය.
Alcalaගේ බොහෝ මිනීමැරුම් විවිධ ආකාරයකින් සිදුකර ඇති අතර, DNA සාක්ෂි, අත්සලකුණු, සහ මිතුරන්ගේ සාක්ෂි ඔහුගේ වරද තහවුරු කිරීමට උපකාරී වෙලා තියෙනවා.
ReplyForwardAdd reaction |