ලෝකයේ සුන්දරම කුමරිය ගැන ඔබ දන්නවාද?

සුන්දරත්වය කියන්නේ එකිනෙකා එක එක විදියට දකින කාරණාවක්නේ. කෙනෙක් සුන්දරයි කියලා දකින දෙයක් තව කෙනෙකුට එතරම් සුන්දර නොවෙන්න පුලුවන්. ඒ වගේම කෙනෙක්ට එතරම් සුන්දරත්වයක් නොපෙනෙන දෙයක් තව කෙනෙකුට ඉතාම සුන්දර වෙන්න පුලුවන්. හැබැයි, මුලු ලෝකයක්ම, කිසිම දෙගිඩියාවක් නැතුව එක හෙලාම සුන්දරයි කියලා පිළිගන්න දේවලුත් තියෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ, මුලු ලෝකයේම ඇස් තමන් වෙතට හරවාගත්ත සුන්දර කුමාරිකාවක් ගැන. ප්‍රසිද්ධ, නම් කියැවෙන සියලුම කුමාරිකාවන් අතරින් වඩා සුන්දර ඇය බව විදෙස් මාධ්‍ය බොහෝමයක ලියැවිලා තියෙනවා. ඉතින්, මේ ලිපිය කියවලා ඉවර වෙලා ඔබත් ඇය ගැන  හොයලා බලලා අපිට කියලා යන්න, ඇය මේ කියන තරම් සුන්දරව ඔබටත් පේනවාද කියලා.

ලෝකයම කතා කරන මේ සුන්දරිය තමයි ස්පාඤ්ඤ යේ ඔටුන්න හිමි කුමාරිය. ඇය ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වගේම සුන්දරම කුමාරිකාව කියලා තමයි වාර්තා කරන්නේ. ස්පාඤ්ඤ කියන්නේ ඉතා බලවත් රජ පෙලපතක් පවතෙන රටක් කියලා ඔබ අහලා ඇති.  අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ බල පෙරලීන් වලට මුහුණ දෙමින් මේ ස්පාඤ්ඤ  රජ පෙලපත් පැවතිලා තියෙනවා.  වර්තමානයේ ස්පාඤ්ඤ යේ බලය දරන රජ පෙලපත බලය ලබාගෙන තියෙන්නේ 1969 ආසන්නව. ඒ රජ පෙලපතේ වර්තමාන ඔටුන්න  හිමි කුමරිය ගැන තමයි අද මේ කතාව.

ලියනෝර් දේ තෝදෝස් ලොස් සැන්ටෝස් දෙ බොන්බෝර් යි  ඕතිස් කියන නමින් හැඳින්වෙන මේ කුමරිය ඉපදෙන්නේ 2005 අවුරුද්දේ. ඒ කියන්නේ මේ වෙනකොටත් ඇයට යන්තම් අවුරුදු විස්සකට ආසන්න වුනා විතරයි. ඒත් ඔබ විශ්වාස කරන්න, ඇය මේ වෙනකොට විදෙස් නිල සංචාර වලට තනිවම සහභාගී වෙනවා.

 ඇගේ නාමය එතරම් දිග වුනත්, ලෝකය පුරාම දැනට ඇති වෙලා ඉන්න ඇගේ රසිකයන් ඇයව හඳුන්වන්නේ ලියනෝර් කුමරිය කියලා. ඇස්තූරියස් හී ලියනෝර් කුමරිය කියල තමයි මේ  සුරූපි කුමරියව රාජ වංශ ප්‍රකාරව හඳුන්වන්නේ. ඒ රාජ පෙළපත් නාමය ඇයට ලැබූණේ ඇගේ පියාගේ පනස්වෙනි උපන්දිනය දවසේ ඇගේ පියාගෙන්මයි.

ස්පාඤ්ඤ පලවෙනි පිළිප් රජුගේ සහ ලැටීශියා රැජිනගේ  වැඩිමහල් දියණිය වෙන ලියනෝර් කුමරිය මේ වෙනකොට ඇගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලයි ඉන්නේ.

උසස් අධ්‍යාපන කටයුතු වලට පස්සේ 2023 සහ 2024 අවුරුදු දෙකේ ඇය තම රට  වන ස්පාඤ්ඤය වෙනුවෙන් යුධ හමුදාවට බැඳිලා සේවය කරනවා.  2004  වසරේ ඉඳන් ඇය ස්පාඤ්ඤ  නාවික හමුදාවට තම රාජකීය සේවය සපයන අතරේ තමයි ඉන්නේ. වසර තුනක හමුදා පුහුණුව අවසාන කරාට පස්සේ ලියනෝර් කුමරිය ඇගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් කියැවෙනවා.

2014 අවුරුද්දේදී ලියනෝර් කුමරියගේ පියා රාජ්‍යත්වයට පත් වුනාට පස්සේ තමයි, ලේ උරුමය යටතේ ලියනෝර් කුමරියට රටේ ඊළඟ කිරුල හිමි කුමරිය කියන නාමය ලැබෙන්නේ. කොහොම වුණත්, ලියනෝර් කුමරියට රැජිණ විදියට අභිසෙස් ලබන්න වෙන්නේ ඇගේ පියා වුන පිලිප් රජතුමා මිය ගියාට පස්සේ බවත් කියැවෙනවා.  

හැබැයි ස්පාඤ්ඤයේ  රැජිණ විදියට අභිසෙස් ලබන්න අවශ්‍ය කරන සුදුසුකම් සියල්ලම වගේ මේ වෙනකොට ලියනෝර් කුමරිය සම්පූර්ණ කරලයි තියෙන්නේ.වියානාවේ කුමරිය සහ සර්වේරාවෙහි ආදිපාදිවරිය කියන නම් වලිනුත් මේ සුන්දර ලියනෝර් කුමරිය  හැඳින්වෙනවා.

ලියනෝර් කුමරිය රැජිණ විදියට අභිසෙස් ලැබීමම ස්පාඤ්ඤ  යේ ඉතිහාස වාර්තා අලුත් කරන සිදුවීමක්. ඇය රැජිනක් විදියට ඔටුණු පැළඳුවහොත් ඉසබෙලා කියන රැජිණට පස්සේ ස්පාඤ්ඤ  කිරුලකට හිමිකම් කියන පලමු කාන්තාව ඇය බවට පත්වෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙසීයකට විතර පස්සේ ස්පාඤ්ඤයට   රැජිනක් ලැබෙනවා.

ලියනෝර් කුමරියගේ පවුලේ ඉන්නේ ඇගේ මව, පියා සහ නැගණිය. ලෝකයේ අනෙක් රජ පවුල් වලට සාපේක්ෂව ස්පාඤ්ඤයේ  ලියනෝර් කුමරියගේ පවුල එතරම් වත්කම් දරන පවුලක් නෙවෙයි. ඒත් ලියනෝර් කුමරියගේ උරුමකාරීත්වය යටතට අනාගතයේ පැවරෙන සුන්දර මාලිගා කිහිපයක් සහ වනාන්තර කිහිපයක් මේ පවුලට තියෙන බව වාර්තා වෙනවා.

ඒ වගේම ලියනෝර් කුමරියගේ මව රජ ලෙය සහිත කාන්තාවක් නෙවෙයි. ස්පාඤ්ඤ  සාමාන්‍ය පවුලක තරුණියක් වෙන ලැටීශියා කුමරිය  මාධ්‍යවේදිනියක් විදියට සේවය කරන අතරවාරයේ තමයි, ලියනෝර් කුමරියගේ පියා වුණ එවකට ඔටුන්න හිමි පිලිප් කුමාරයාගේ ආදරය ලබන්න වාසනාවන්ත වෙන්නේ. පිලිප් කුමාරයාගේ ආදරය දිනා ගන්නා මේ තරුණියව ස්පාඤ්ඤ  රාජකීය පවුලට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිලිගන්නවා. ඒ හින්දාම ලියනෝර් කුමරියටත් රාජකීය නොවන සාමාන්‍ය තරුණයෙකු සමඟ ආදරය කරන්න කිසිඳු ගැටලුවක් ඇති නොවේවි කියලා විදෙස් වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා.

කොහොම වුනත් 2022 අවුරුද්දේදි මේ සුරූපිනිය මොරොක්කෝවේ ඔටුන්න හිමි මෞලි කුමරු සමඟ ආදර සම්බන්ධතාවයක පැටලී උන්න බවත් මාධ්‍ය වාර්තා වල කියැවිලා තියෙනවා.  ඒත් ඒ සම්බන්ධතාවය ප්‍රසිද්දියේ හෙලිදරවු වෙන කිසිම සාක්ෂියක් නම් ලැබිලා නැහැ. ඊට පස්සේ මේ ලියනෝර් කුමරිය ලෝක ප්‍රකට පාපන්දු තරුවක් වෙන පැබ්ලෝ කියන තරුණයා  සමඟ ප්‍රේම සම්බන්ධතාවයක පැටලිලා ඉන්න බවටත් මාධ්‍ය වාර්තා තිබුනා. පැබ්ලෝගෙන් ලියනෝර් කුමරිය කැමැත්ත විමසන ලද බවත්, පැබ්ලෝ ඉතා කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ශේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒකට හේතුව විදියට මාධ්‍ය වාර්තා වල කියැවුණේ රාජකීයත්වයේ වගකීම නිසා ඔහුගේ පාපන්දු දිවිය අහිමි කරගන්න  පැබ්ලෝ අකමැති වීම. ඒක එහෙම වුනත් පැබ්ලෝ ක්‍රීඩා කරන බාසිලෝනා සහ ස්පා පාපන්දු කණ්ඩායම් වලට අයත්, ටී ශර්ට් බොහොමයක් ලියනෝර් කුමරිය සතු බව්ටහ් විදෙස් ගොසිප් වෙබ් අඩවි වල සේයා වාර්තා සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා ඉතා සමීප මිතුරන් බවත් ඇතැම් තැන් වල කියැවෙනවා.

කොහොම වුනත්, කුඩා කාලයේ ඉඳන්ම ඉතාම සුන්දර සිනහවක් එක්ක  හමුවෙන, ලෝකය පුරාම තරුණයන්ගේ හදවත් මොහොතකට සලිත කරවන සුන්දරත්වයක් තියෙන ලියනෝර් කුමරිය නිතර දෙවේලේ පුරුද්දක් විදියට මාධ්‍ය වෙත නිරාවරණය වෙන කෙනෙකුත් නෙවෙයි. ඇය ඉතාම වගකීම් සහගත ලෙසින් තම රාජකීය පවුලේ ගෞරවයත් ආරක්ෂා කරගනිමින් තමයි  ජීවත් වෙන බව වාර්තා වෙන්නේ.ඉතින් ,ලියනෝර් කුමරියගේ රාජකීය උරුමය ඇයට හිමිවෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් අපිට තව කල් බලාගෙන ඉන්න වෙනව. ඒත් ඔබට දැන් පුලුවන් අන්තර්ජාලයේ සැරිසරලා  ලියනෝර් කුමරිය සැබැවින්ම මේ කියන තරමින් සුන්දරද බව ඔබටත් පේනවාද කියලා බලන්න. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles