තමන්ගේ දෙමාපියන්ගේ වරදින්, සුරංගනා ලෝකෙට ගිය සුරංගනාවියකගේ කතාව.

සාරා ශරීෆ් ඉපදෙන්නේ 2013 ජනවාරි 11 වෙනිදා බෙක්ශයර් වල. ඒ ඔල්ගා සහ උර්ෆාන් කියන දෙමාපියන්ගේ ආදරණීය  දියණිය විදියට. උර්ෆාන් කියන්නේ 2001 දී එංගලන්තයේ බෙක්ශයර් වලට සංක්‍රමණය වුන ටැක්සි රියැදුරෙක්.  සාරා මේ දෙමාපියන්ට දාව ඉපදුණා වුනත්, මේ දෙමාපියන් සාරාට සැනසිලිදායක පවුලක් නම් දෙන්නේ නැහැ. සාරාගේ මව නිතරම සාරාව ප්‍රතික්ශේප කරමින් ඉන්න කෙනෙක්. ඒ වගේම සාරාගේ පියා හැම වෙලාවේම සාරාට බැණ වදින්න සහ පහර දෙන්න හුරු වෙලා උන්න කෙනෙක්.

සාරාගේ පියා  වුන උර්ෆාන් ස්වබාවයෙන්ම ඉතාම කලහකාරී පුද්ගලයෙක්.  ුෆ්ෆාන්ගේ පලමු පෙම්වතිය වුන අංජලිකාගේ ප්‍රකාශයන් දිහා බැලුවම ඒ බව තහවුරු වෙනවා.

“මට උර්ෆාන්ව මුණ ගැසුනේ මම බර්ගර් කින්ග් එකේ වැඩ කරමින් ඉන්නකොට .. ඔහු එතකොට ඒ ආයතනයේ මැනේජර් කෙනෙක් … අපි ඉතාම ඉක්මනින් ආදරයෙන් බැඳුණා.. ඔහු මට ඔහුගේ නිවසේ ඔහු සමඟ එකට ජීවත් වෙන්න ආරාධනා කලා.. මම ඔහු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තේ ආසාවෙන් .. බලාපොරොත්තු ගොඩක් එක්ක.. ඒත් වැඩි කාලයක් යන්න කලින් මට වැටහුනා ඔහු පිටතින් පෙනෙන කෙනා නොවන බව.. ඔහුගේ වාසගම ගන්න කියලා ඔහු මට පහර දුන්නා..  මට රැකියාවට යන්න නොදී  ගෙදර හිර කලා.. ඒ අතරේ මට දරුවෙක් ලැබෙන්න ආවා.. මාස කිහිපයකින් එය ගබ්සා  වුනා…උර්ෆාන් හිතුවේ මම දරුවාව ගබ්සා කරලා කියලා.. එයා මට නොසෑහෙන්න පහර දුන්නා.. අවසානේ මම මගේ ජීවිතේ වෙනුවෙන් සටන් කලා… මම ජනේලින් පැනලා ආවා ..පොලිසියට ඔහු ගැන කිව්වා.. පොලිසියෙන් ඔහුව අත් අඩංගුවට ගත්තාම මම පෝලන්තයට ආවා…”

උර්ෆාන්ට ඔල්ගාව මුන ගැහෙන්නේ අංජලිකාව හොයාගෙන පෝලන්තයට ආවාම. 2009 දි මේ දෙන්නා විවාහ වෙනවා.  2010දී මේ දෙන්නාට පුතෙක් ලැබෙනවා. 2011 දී තමයි අපි මේ කතා කරන සාරා ඉපදෙන්නේ.

මේ අතරේදී  ඔල්ගා විසින් පොලිසියට කරපු පැමිණිල්ලක් නිසා උර්ෆාන්ව අත් අඩංගුවට ගන්නවා.

“ඔහු මගේ ගෙල වටා පටියක් තද කරලා මාව මරලා දාන්න හැදුවා…. මට කාමරෙන් එලියටවත් එන්න දුන්නේ නැහැ..කාමරේ යතුරු තිබුණේ ඔහු ළඟ…. මගේ ජංගම දුරකතන ඔහු බලෙන්ම ගත්තා.. ඒක ඉල්ලුවම කල්‍රේ පහර දෙන එක.. වතාවක් ඔහු  මාව භූමිතෙල් වලින් නාවලා මට ගිණි තියන්න හැදුවා.. මාව බේරගත්තෙ සිදුවීම අහම්බෙන් දැක්ක කෙනෙක්…”

කොහොම හරි දෙමාපියන් දෙදෙනාගෙන්ම දරුවන්ට ආරක්ෂාවක් නොලැබෙන බව පොලිසිය වටහා ගන්නවා. සාරාව ලමා ආරක්ෂණ ආයතනකට බාර කෙරෙනවා. ඊට පස්සේ 2015 දී උර්ෆාන් සහ ඔල්ගා දික්කසාද වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ ඔල්ගා උසාවියෙන් ඉල්ලීමක් කරලා දරුවන්ව ඇය වෙතට බාරගන්නවා.උර්ෆාන්ගේ පීඩාවන්ගෙන් මිදුනට පස්සේ ඇය ආදරණීය කාන්තාවක් බවට පත්වෙමිනුයි ඉන්නේ. ඒත් උර්ෆාන් මේ තීරණයට එරෙහිව ආයෙම නඩු කියනවා. 2019 දී දරුවන්ගේ භාරකාරීත්වය උර්ෆාන්ට පැවරෙනවා.

ඊට පස්සේ උර්ෆාන් දරුවනුත් එක්ක ජීවත් වෙන්නේ හොර්සෙල් වල. ඒ ඔහුගේ දෙවන බිරිඳ වන බෙනාශ් සහ ඔවුන් දෙදෙනාගේ දරුවන් හතර දෙනෙකුත් එක්ක.

මේ අතරේදී උර්ෆාන් සාරා සහ ඇගේ සහෝදරයාව මුස්ලිම් ක්‍රමවේදයන්ට අනුව උස් මහත් කරන බව දැනගන්න ඔල්ගා ඔවුන් සමඟ තියෙන සම්බන්ධතා ටිකෙන් ටික අඩු කරලා දානවා.

 සාරා තමයි මුලු පවුලේම වැඩියෙන්ම වෙහෙසෙන දරුවා බවට පත්වෙන්නේ. මුළු ගෙදරම බඩු එහෙට මෙහෙට ගෙනියන්න වෙන්නේ  සාරාට. උර්ෆාන් සහ බෙනාශ්ගේ සියලු වැඩ කරන්න වෙන්නෙත් සාරාටමයි.ඒ වගේම බෙනාශ්ගේ ඇණුම් බැණුම් වලටත් හැම තිස්සේම අහු වෙන්නේ සාරා.

” බෙනාශ් නිරපරාදේ සාරාට බැණ වදින හැටි අපිට ඇහිලා තියෙනවා…. සාරා ඒ ගෙදර පුදුමාකාර දුකක් වින්දේ …”

අසල්වැසියෝ පොලිස් කට උත්තර වලට එහෙම කියනවා.

ඒ වගේම උර්ෆාන් නොකරපු වැරදි වලටත් සාරාට පහර දීලා ඇයව මාස්කින් ටේප් වලින් ඔතලා දාලා තියන්න කටයුතු කරනවා

” උර්ෆාන් නිතරම කඩෙන් මාස්කින් ටේප් ගෙනියනව.. අපිට වටහා ගන්නවත් බැරි වුනා සතියකට එතරම් මාස්කින් ටේප් මොකටද කියලා…”

වෙළඳසැලේ හිමිකරු පොලිසියට එහෙම කියලා තියෙනවා.

සාරා මේ විදියට තාත්තාගෙන් සහ කුඩම්මාගෙන් පහර කෑම නිසා ඇගේ  ශරීරය පුරාම තුවාල හැදෙනවා. පාසැලේදී ඇය මේ තුවාල ගැන එකිනෙකට වෙනස් කතන්දර කියනකොට, ගුරුවරු ඇය ගැන හොයලා බලන්න පෙළඹුනත් උර්ෆාන් ගුරුවරුන් සමඟත් රණ්ඩු කරනවා. ඒ වෙනුවෙනුත් සාරාටම වද විඳින්න වෙනවා.

ඒත් ගුරුවරුන් මේ ගැන හොයන එක නවත්තන්නේ නැහැ. අවසානයේදි ආයෙම සාරාව ළමා ආරක්ෂන ආයතනයකට යොමු කරන්න කටයුතු කරගෙන යනවා.

” දරුවාගේ තුවාල අපිට බලන්න පවා නොහැකි තරම් අමානුෂිකයි …ඇගේ මුහුණ උලුවස්සට තියලා දොර වහන්න කුඩම්මා කටයුතු කරලා තිබුණා… ඒ වගේම ඇගේ යටි පතුල් වල දරුණු කැපුම් තිබුනා.. ඇය ඒ නිවසේ ඉන්න එක නුසුදුසු බව අපිට තේරුණ නිසා අපි වහාම ඒ ගැන දැනුවත් කලා..”

ඒ ගුරුවරුන් පොලිසියට ලබා දුන්න කට උත්තරයේ සඳහන් වෙලා තිබුන දෙය.

මේ විදියට ජීවිතේ සැනසීම ලැබෙන්න ඔන්න මෙන්න තියෙන සාරා කියන  පුංචි සුරංගනාවිගෙ ප්‍රාණය නිරුද්ධ වුන මළ සිරුව,2023 අගෝස්තු 10 වෙනිදා උදේ වරුවේ ඇගේ නිවසටම යාබදව තියෙන පාරක තිබිලා හොයාගන්නවා.

ඇගේ මළ සිරුර හොයාගන්න දවස වෙනකොටත් උර්ෆාන් සහ බෙනාශ් අනෙක් දරුවන් පස් දෙනා එක්ක පකිස්තානයට පිටත් වෙලා ඉවරයි.

” මට ඇයව මරලා දාන්න උවමන වුනේ නැහැ.. ඒත් ඇය මැරුණා.. මම ඇයට ගොඩක් පහර දුන්නා.. ඇය මාව නවත්තන්න උත්සාහ කලත්, පස්සේ නිසොල්මන් වුනා.. මම දරුණු තාත්තා කෙනෙක් …”

පකිස්තානයට ගියාට පස්සේ

ඔහුගේ මිතුරෙක් හමුවෙලා උර්ෆාන් එහෙම පාපොච්චාරනය කරලා තියෙනවා.

සාරාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙදි අනාවරණය වෙනවා, ඇය ඉතා දැඩි පහර කෑමකට ලක් වෙලා බව. ඇගේ ශරීරය පුරා තුවාල හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් තියෙන බව හෙලි වෙනවා. ඒ වගේම ඇගේ ඉළ ඇට පවා  කැඩිලා ගිහින් බව හෙලි වෙනවා. ඒ විතරක් නොවෙයි, පිළිස්සුම් සලකුණු සහ හපාකෑමේ සලකුණුත් ඇගේ ශරීරයෙන් සොයා ගන්නවා.

එංගලන්තය සහ පකිස්තාන පොලිසි අතර නිසි අවබෝධතා ගිවිසුමක් නැති නිසා උර්ෆාන්ව අත් අඩංගුවට ගන්න එක ලේසි නොවුනත්, පොලිසි දෙකම අවබෝධයෙන් කටයුතු කරන්න එකඟ වෙනවා. අවසානයේදො ඩුබායි වලට පලා යන්න සූදානමින් ඉන්න උර්ෆාන්ව අත් අඩංගුවට ගන්නේ තමන්ගේම දියණියට අතිශය කුරිරු වද දීලා මටලා දාපු මිනිහෙක් විදියට චෝදනා එල්ල කරලා. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles