“කසුනි ප්‍රෙග්නන්ට් වෙච්ච දවසෙ ඉඳල එයා මාව මාර විදියට මගාරිනවා. කසුනි හිතන්නෙ අපි දෙන්නා මේ කාලෙ සෙක්ස් කරොත් ඒක මේ ළමයට ප්‍රශ්නයක් වෙයි කියල.
මං අහන්නෙ ගෑනියෙක් උනාම තේරුම්ගන්න ඕනනෙ පිරිමියෙක්ට උනත් උවමනා එපාකම් තියෙනව කියල. කසුනි හිතන් ඉන්නෙ මම මේ එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න මාස දහය පුරාවටම සෙක්ස් කරන්නෙ නැතුව ඉන්න ඕන කියප. මං අහන්නෙ එහෙම ඉන්න පුළුවන්ද පිරිමියෙක්ට?
මං කවදාවත් කසුනිව රවට්ටන්න හිතුවෙ නෑ. කසුනි එක්ක සෙට් වෙන්න කලින් මට ඔය සම්බන්ධකම් කීපයක්ම තිබ්බට කසුනිව බැන්දට පස්සෙ මට එහෙම එයාව රව්ටටන්න හේතුවක් තිබ්බෙ නෑ. තිබ්බෙ නෑ නෙවෙයි ඉතින් මං එහෙම දෙයක් කලේ නෑ. කසාද බැඳල මාස තුනක් යන්න කලින් මේ අම්මලව සන්තෝස කරගන්න හිතාගෙන ළමේක් හදාගන්න ඕන උනෙත් එයාට. මං කිව්ව අවුරුද්දක්වත් ඉමු කියලා. කොහෙද පුදුම හදිස්සියක්නෙ තිබුනෙ. අන්තිමේ ඒවයින් මේවයින් මේ විඳවන්න උනේ මටེ
නැත්තම් මං අහන්නෙ මං මොකටද මේ කෝච්චියෙදි හම්බෙච්ච ඔයා වගේ මං හරියකට විස්තරයක්වත් දන්නෙ නැති ගෑනියෙක් එක්ක මෙහෙම කාමර අස්සෙ රිංගන්නෙ?” කියා කෝසල අහද්දි ඇඳේ කෝසලට එහා පැත්තෙන් නිරුවත්ව හාන්සි වී උන්නු නර්මදා කලේ හුළඟට හිනාවක් එක්කහු කරන එකය.
“මොකක් හරි එකක් නිසා මං එක්ක මෙහෙම කාමර අස්සෙ රිංගන්න වෙච්ච එක ගැන ඔයා පසුතැවෙනවද?” කියා අහද්දී නර්මදාගෙ වචනවල නම් පසුතැවීමක් ගෑවිලාවත් නැති බව කෝසලට නොතේරුණා නොවේ. මොක උනත් සල්ලි ගෙවා හෝ නොගෙවා ගෑනියෙක් එක්ක නිදාගනිද්දි පිරිමියෙක් පොඩ්ඩක් හරි ඒ ගෑණි එක්ක හදවතින් බැඳෙන විත්තිය කෝසල තේරුම්ගත්තේ නොහිතපු විදියට කෝච්චියෙදි මුණ ගැහී ලොකු දෙයක් එහෙමකට කියා කතා නොකර මේ වගේ කාමරයක් අස්සේ නර්මදා එක්ක පූට්ටු වෙන්න පටන් ගත්තයින් පසුවය. එහෙම සිතුවිල්ලක් හිත අස්සේ හීනියට තියෙද්දී “මොකක් හරි එකක් නිසා මං එක්ක මෙහෙම කාමර අස්සෙ රිංගන්න වෙච්ච එක ගැන ඔයා පසුතැවෙනවද?” කියා නර්මදා හිනාවෙවී අහන එක ගැන කෝසලට සාමාන්‍ය පිරිමි තරහක් ඇතිවුණ එක සාධාරණය.
“ඔයා ඒක හිනාවෙවී අහන්නෙ ලැජ්ජ නැද්ද?” කියා කෝසල හිස පමණක් පැත්තකට හරවා අහද්දිත් නර්මදා කලේ හිනාවෙන එකය.
“ඇයි මං ලැජ්ජ වෙන්න ඕන?”
“කෝච්චියෙදි දවස් කීපයක් විතරක් හම්බෙච්ච මනුස්සයෙක් එක්ක මෙහෙම නිදාගන්න එක ගැන ලැජ්ජ වෙන්න ඕන නැද්ද?”
“මං විතරද එතකොට ලැජ්ජ වෙන්න ඕන? ඔයාට ලැජ්ජ වෙන්න හේතුවක් නැද්ද?”
“මං මොකටද ලැජ්ජ වෙන්නෙ? මම පිරිමියෙක්. පිරිමියෙක්ට මොන මගුල කරල ගෙට ආවත් හෝදල නාලා කරල ආවම ඉවරයි. ගෑනුන්ට එහෙම නෙවෙයි”
“එහෙනම් අප් ආයෙ හම්බුවෙන්නෙ නැතුව ඉමු. එතකොට ඔයාට හිතන්න පුලුවන්නෙ මම ආයෙ එහෙම එන්නෙ නැත්තෙ මම දැන් ලැජ්ජාව දැනෙන ගෑනියෙක් හන්දා කියල” කියමින් නර්මදා හිස හරවා බලද්දී ඒ බැල්ම මගාරින්නට මෙන් කෝසල වහලේ කැරකෙන විදුලි පංකාවේ තටු දෙස බලාගෙන උන්නේය. ඒ වනාහී “කොච්චර කටෙන් කිව්වත් කරන්න ගියාම තමයි අමාරුව දැනෙන්නෙ” කියන කතාව ඇත්තක් බව නර්මදාට ආයෙ ආයෙ ඒත්තු ගන්වමිනි.
“කසුනි කවදහරි දැනගත්තොත් ඔයා මෙහෙම වෙන ගෑනියෙක් එක්ක නිදාගන්නව කියල එයා මොනව කරාවිද?”
“කසුනි කවදාවත් විශ්වාස කරන්නෙ නෑ. කසුනිගෙ හිතේ මම ඉන්නෙ වෙනම ලෙවල් එකක. ඔහොම නෙවෙයි ඔයා ගෙදර ඇවිල්ලා ඔයාගෙ කටෙන්ම මම ඔයා එක්ක නිදාගන්නව කියල කිව්වත් කසුනි කවදාවත් ඒක විශ්වාස කරන්නෙ නෑ” කියා කියද්දී කෝසලගේ මුවේ ඇඳි තිබුන “මගෙ ගෑනිට මාව
පුදුම විශ්වාසයි” කියන කතාවට අයිති හිනාව නර්මදාගේ දෙතොල් මතට මාරු වුණේ වඩා නෝන්ඩි ආකාරයටය.
“තමන්ව එච්චර අන්ධ භක්තියෙන් අදහන ගෑණියෙක්ව රවට්ටන එක ගැන ඔයාට දුකක් නැද්ද?”
“දුකට වඩා අමාරුයි නර්මදා පිරිමියෙක්ගෙ ඇඟට දැනෙන ගින්නෙ වේදනාව. අනික කසුනි උනත් දැනගන්න ඕන එයාගෙ ඇඟට අමාරුයි කියල එයා වෙණද වගේ සෙක්ස් කරන්න බෑ කියන එක මගෙ පැත්තෙන් කොච්චර අසාධාරණද කියල. අපි බැඳල තාම කොච්චර පොඩි කාලෙද? තාම හරිනම් මේ ගෙවෙන්නෙ අපි දෙන්නගෙ මැරේජ් එකේ හනිමූන් පීරියඩ් එක. එහෙම එකේ ඒකෙත් මේ එයා කියන දවසට, එයාට බය නැති දවසට, එයාට රිදෙන්නෙ නැතිවෙන්න, හිමින් සැරේ සිංදුවක් කියනව වගේ සෙක්ස් කරන්න තියාගන්න එක මට ඉවසන්න බෑ.
මට ඕන විදියට ඒක වෙන්නෙ නැත්තම් මට මොකද්ද තියෙන ආතල් එක. කසුනි මේ ටිකේ මාත් එක්ක ඉන්න එන්නෙ හරියට මට යුතුකමක් ඉටු කරන්න එනව වගේ. කොයි වෙලේ බැලුවත් එක්කො ඇඟට මහන්සි, කකුල් රිදෙනව කියාගත්ත ගමන් ඉන්නෙ. එහෙම අඬෝවැඩියාවක් එක්ක කොහොමද හලෝ සෙක්ස් කරන්නෙ?”
කියා කෝසල අහද්දී ඒකට උත්තර දෙනවා වෙනුවට නර්මදා කලේ දිගටම තමන්ගේ සමච්චල් සහගත හිනාව දෙතොල් උඩ ඇඳගෙන කල්පනා කරමින් උන්න එකය.
“කසුනිගෙ බඩේ ඉන්නෙ මගෙ දරුවෙක් බව ඇත්ත. මං ළමයට ආදරේ නැතුව නෙවෙයි. ඔය ගෑනි ප්‍රෙග්නන්ට් වෙච්ච කාලෙට ගෑනිට කවන පොවන, පුළුන් ගුලියක් වගේ සලකන, පොඩ්ඩක් ඇත්තන් වැටෙයි තුවාල වෙයි කියල හිතන අතෙන් අල්ලගෙන එහෙ මෙහෙ එක්කන් යන මිනිස්සු ඒව කරන්නෙ කරන්න පුළුවන්කම හන්දමද කියන්න මම දන්නෙ නෑ. මට නම් ඒ වගේ බෝධිසත්ව සීන් දාන්න බෑ. දාන්න ඕනත් නෑ. අනික මාසෙකට වතාවක් පීරියඩ්ස් දවස්වලටත් පැත්තකට වෙලා ඉඳල තව ළමයි හම්බෙන්න යන කාලෙ ඔහොම ඉවසන් ඉන්නෙ කොහොමද?
පිරිමින්ටත් ඕන එපාකම් තියෙන විත්තිය ගෑනුන්ට තේරෙන්න ඕන”
“ඒක බෝධිසත්තවකමක් ද එහෙම නැත්තම් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න ගෑනියෙක් තමන්ගෙ හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන අවම සදාචාරෙ ඒක නෙවෙයිද?”
“අවම සදාචාරෙ? හරිහමං විස්තරයක් දන්නෙ නැති මිනිහෙක් එක්ක කාමර අස්සෙ රිංගන්න ආව ගෑනියෙක් කොහොමද නර්මදා අවම සදාචාරයක් ගැන කතාකරන්නෙ?
අවම සදාචාරෙ.අම්මගෙ රෙද්දෙ සදාචාරෙ.තමන්ගෙ කසාද මිනිහගෙ ඕන එපාකම් බලන්න කරන්න බැරි උනාම ගෑනු දැනගන්න ඕන ඕන පිරිමියෙක් පිටයන විත්තිය. මිනිහෙක් කසාදයක් කරගෙන ගෑනියෙක්ව අරන් ඇවිල්ල කන්න බොන්න දෙන්නෙ මේ ආසාවට බල බල ඉන්න නෙවෙයිනෙ. යකෝ එහෙම නම් මේ ගෑනුන්ව කසාද බැඳල ගෙට එක්කන් එන්නෙ නැතුව අපිට හැමදාම තමුසෙල වගේ ගෑනු එක්ක ලගින්න එන්න පුළුවන් නෙ. නර්මදා මේ කසාදයක් කියන්නෙ මොකද්ද, පවුල් ජීවිතයක් කියන්නෙ මොකද්ද, ගෑනිගෙයි මිනිහගෙයි සම්බන්ධෙ මොන වගේ එකක්ද කියල දන්න ගෑනියෙක්ද තමුසෙ? පවුලක් තියෙන ගෑනියෙක් වෙන්න ඕන මිනිහෙක්ගෙ අගේ තේරෙන්න.
අනික ඔය කියන විදියට මේ ලෝකෙ ඉන්න හැම ගෑනිමයි මිනිහමයි ඒ ගෑනිට ලමේක් හම්බෙන්න ඉද්ධි ලමය බඩෙන් එලියට පනිනකම් සෙක්ස් නොකර ඉන්න ඕන? අනික තමන්ට සෙක්ස් කරන්න අමාරු හන්ද තමන්ගෙ මිනිහ වෙන ගෑනියෙක් එක්ක නිදාගත්ත කියප දැනගත්තට ගෑනියෙක් කලබල වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන ඒ මිනිහ ඒ ගෑනිව අතෑරල වෙන එකියක්ව බැඳගත්ත නම්. පොඩ්ඩක් රැවටෙන එක හොඳ නැද්ද ඕයි දික්කසාද වෙලා මිනිහෙක් නැතුව නට්ටං වෙනවට වඩා? අනික එහෙම පිරිමියෙක් යන එක වරදක් නෑ. ඒක තමයි පිරිමිකම. ගෑනු යුතුකම් හරියට කරනවනං පිරිමි කවදාවත් පිටයන්නෙ නෑ.
අවම සදාචාරෙ අම්මගෙ රෙද්ද” කෝසල ඇඳෙන් නැගිට කලබලයෙන් මෙන් ඇඳ පාමුල වැටී තිබුණ සුදු පාට යට කලිසම අරගෙන ඇඳගන්න ගමන් කෝසල තරහෙන් මෙන් කියද්දිත් හීන් සීරුවේ ඇඳෙන් නැගිට බිම වැටී තිබුණ තමන්ගේ යට ඇඳුම් අතට ගෙන ඇඳගන්න වෙලාවෙත් දෙතොල් මත හිනාවක් ඇඳගෙන ඉන්නට තරම් නර්මදාගේ සංසුන් ගෑනුකම කෝසලගේ මුරණ්ඩු පිරිමිකමට වඩා වැඩිවිය.
“මං දෙයක් අහන්නද?”
“අහනවා? මොකද්ද?”
“ඔයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලෙක ඔයාට ඇඟට අමාරුව දැනෙන නිසා සෙක්ස් කරන්න බැරුව ඉද්ධි කසුනි තමන්ට සෙක්ස් කරන්න උවමනයි කියල වෙන මිනිහෙක් එක්ක නිදාගත්තොත් ඔයා ඒකට සමාව දෙනවද?”
නර්මදා එදා එහෙම අහපු ප්‍රශ්නයට කෝසලගෙන් ලැබුණ පිළිතුර මෙහි සටහන් කිරීම සභ්‍ය නොවන නිසා ඒ පිළිතුර කැමති එකක් ලෙස සිතාගන්නට මම ඔබට ඉඩ දෙමි.
එදා ඒ හමුවෙන් පසුව කෝසල කෙතරම් උත්සහ කරත් නර්මදාව හමුවන්නට ඔහුට හැකිවුණේ නැත. කොටින්ම කිවහොත් නර්මදා ඉන්පසුව ඔහු ඉදිරියට ආවේවත් නැත. ඇය ආ ලෙසින්ම නොසිතූ නොපැතූ පරිද්දෙන් දෙනෙත් ඉදිරියෙන්ද කෝසලගේ ජීවිතයෙන්ද සමුගෙන තිබුණි.
නර්මදා එසේ අතුරුදහන් වීමත් සමග කෝසල කසුනිට වංචා කිරීම නැවතුණ බව පවසන්නට තිබුණා නම් හොඳ බව ඇත්තකි. ඒ නවත්වන්නට තරම් පිරිමිකමක් නොතිබුන කෝසල ඒ සුපුරුදු හැසිරීම තවත් මාසයක් දෙකක් කරගෙන ගියත් අවසානයේ නතර කරේය.
කරා නොව කරන්නටවුණේය.
ඒ නොසිතු විදියට, දෛවයේ හාස්කමක් විදියට නර්මදා කියූ කතාව ඇත්තක්ව තිබූ නිසාවෙනි. එතැන් පටන් කෝසල මාස දහයක් පුරා කාලය ගෙව්වෙ නර්මදා කියූ වචන සිහිකරමිනි.
“මං ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න නිසා මගෙ ඇඟට අමාරුව දැනෙන නිසා සෙක්ස් කරන්න බැරි හන්දා කසුනි එයාට සෙක්ස් කරන්න උවමනයි කියල වෙන මිනිහෙක් එක්ක නිදාගත්තොත් මංමොකද කරන්නෙ?” කියන ප්‍රශ්නෙ ඒ මාස දහය පුරාවටම කෝසලව රිදවූ තරම් දැන උන්නේ කෝසලම පමණකි.
ReplyForwardAdd reaction |