මේ ඒ වසන්තයයි – 07

0
2824

සෝමා ඉසිනිවද කැටුව පන්සල් භූමියෙන් පිටත්ව යන්නට සූදානම් වෙද්දී නුරාන් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් සිට ගත්තේ ගම මඟ අහුරමිනි.

” අනේ අපේ මහත්තයෝ.. නෝනාට කෑ ගහන්න එපා… හිතලා කරපු දෙයක් නෙවෙයි නේ…”

“සෝමා නැන්දාගේ දුවට ඔය වගේ දෙයක් වෙලා, මම ඔය කතාවම කිව්වොත් සෝමා නැන්දා මොකද කරන්නේ ?”

නුරාන් සන්සුන් හඬකින් විමසද්දී සෝමා නිහඬ වූවාය. ඉසිනිට වචන ගැලපුණේ නැත. ඕ බිම බලාගෙනම උන්නාය.

” මින් පස්සේ මගේ අක්කගේ , අයියාගේ,  දරුවාගේ ජීවිත වලට ඩියුටියෙන් පිට හුස්මක්වත් වැටෙන්න දෙන්න එපා… මේ පළවෙනි සහ අවසාන මතක් කිරීම …. අද වාසනාවට දෝණි පාරට ගිහින් නෑ.. ඒ ගියා නම් එහා කැලේ… අනෙක් පැත්තෙන් ඇල… දෝණිට හීරීමක්වත් නොවුන නිසයි මම ඒඩී මිස්ට මෙහෙම කියන්නේ… ප්ලීස් ඩෝන්ට් ක්‍රොස් යුවර් ලිමිට්ස්… දැන් ඉඩක් නෑ කොහේවත් ….”

සෝමාට අපැහැදිලි වන සේ  ඉංග්‍රීසිද පටලවමින් පැවසූ නුරාන් ආපසු හැරුනේය. ඉසිනි වාහනට නැග්ගේ හඬාගෙනමය. සෝමා වාහනයට ගොඩ වි හඬා වැටෙන යුවතිය දෙස බලා උන්නේ වේදනාවෙනි. 

නුරාන් මහතා එතරම් කෝප ගෙන සිටි දිනයක් දැක නැති බව සෝමාට විශ්වාසය . දියණිය පවා පවසන්නේ ඔහු ඉතා සංයමයෙන් සහ කෝප ගැනීම දෙවෙනි තැන තබමින් වැඩ කටයුතු සිදු කරන බවය. 

එහෙත් ඔහු අද හැසිරුනේ යකෙකු ලෙසින් ය. ඉවසීමක් නැත්තෙකු ලෙසින් ය.

 ඉසින් වාහනය ගෙන යමින් සිටින්නේ හඬමින් මය 

” නෝනා… ඔහොම අඬ අඬා මේ වාහන පදින්නත් බෑනේ…”

“සෝමා නැන්දාව මම ගෙදරින් දාගෙන යන්නම්…”

ඉසිනි නාසය බුරුල් කරගන්නට මෙන් ඉහලට අදිමින් එලෙස කීවාය.

” නෑ නෑ.. ඒමම නෝනේ ගෙදර යංකෝ.. මං නෝනේ ඇඟ පත හෝදගන්නකල් ඩිංගිත්තක් ඉඳලාම යන්නම්..”

ඉසිනි එය නෑසුණාක් මෙන් මෝටර් රිය සෝමාගේ නිවස කරා ගෙන ගියයාය. බලෙන්ම ඇයට සමුදුන්නාය. 

” දුව එනකොට රෑ වෙනවාද ?”

“ඔව් නෝනා .. ඒගොල්ලෝ ඔක්කොමලා ඔපිස් එකේ වාහනෙන් ඇරලවනවානෙ…”

ඉසිනි වාහනය හරවා ගත්තාය. අතරමඟ තැනක නැවතුණාය. හිස සුක්කානම මත තබා ගත්තාය. මේ පාලුව ගැන ඇයට බයක් දැනුනේ නැත. අලින් කැලෑවෙන්  එළි බහින වෙලාවක් ගැන සිහි වූයේද නැත.

“මින් පස්සේ මගේ අක්කගේ , අයියාගේ, දරුවාගේ ජීවිත වලට ඩියුටියෙන් පිට හුස්මක්වත් වැටෙන්න දෙන්න එපා… මේ පළවෙනි සහ අවසාන මතක් කිරීම …. අද වාසනාවට දෝණි පාරට ගිහින් නෑ.. ඒ ගියා නම් එහා කැලේ… අනෙක් පැත්තෙන් ඇල… දෝණිට හීරීමක්වත් නොවුන නිසයි මම ඒඩී මිස්ට මෙහෙම කියන්නේ… ප්ලීස් ඩෝන්ට් ක්‍රොස් යුවර් ලිමිට්ස්… දැන් ඉඩක් නෑ කොහේවත් ….”

ඒ වෙනුවට ඇගේ සිත තුළ දෝංකාර දුන්නේ නුරාන්ගේ කෝපාග්නියය. ඇය දැවුණේ නුරාන් ගේ කෝපය පිරුණු ඇස් වලින් ය.

” මට ඇති මේ ජීවිතේ…”

ඉසිනි එක්වරම එලෙස සිතුවාය. ඒ සැණින් ඇගේ ජංගම දුරකතනය නාද විය. 

පැහැසරා අමතමින් උන්නාය. ඉසිනි පලමු ඇමතුම මඟ හැරෙන්නට දුන්නාය. දෙවෙනි වරටද නාද විය. ඕ එයට පිළිතුරු දුන්නාය.

” කියන්න මිස් පැහැසරා ..”

ඉසිනි හැකි තරම් සාමාන්‍ය හඬක් වෙත ආරූඪ වෙන්නට උත්සාහ කලාය.

” ඒඩී මිස් කොහේද ?”

” මම සෝමා නැන්දාව ඇරලවන්න ඇවිල්ලා ඉන්නේ… දැන් මඟ …”

“මඟ කියන්නේ ??”

“මෙතන මේ සෝමා නැන්දලාගේ ගෙදරට හැරෙන හරියේන් එහාට වෙන්න…”

“අනේ.. ඒඩී මිස්… ඉක්මනට ගෙදර යන්න …ප්ලීස්…. මේ වෙලාවට සත්තුත් එළි බහිනවා…”

පැහැසරා ගේ කලබල හඬ සමඟ ඉසිනිටද යමක් සිහි විය.

” අලියෙක් ආවොත්  එකපාරම මාව උස්සලා පොළවේ ගහන එකනේ පැහැසරා මිස්… මේ වෙන දේවල් තත්පරයක් ගානේ , ආයේ ආයේම මාව උස්සලා පොළවේ ගහනවා…”

ඉසිනි එලෙස  පවසා ඇමතුම විසන්දි කලාය. පැහැසරා යළි ඇමතූවද පිළිතුරු ලැබුනේ නැත. විනාඩි පහලොවකින් පමණ පසු ඉසිනි මෝටර් රිය පණ ගන්වා ගත්තාය. ඇය පසුපස යමෙකු හඹා එන බව වැටහුණේ මද දුරක් යද්දීයම. ඉසිනි මෝටර් රිය නවතද්දී පිටිපසින් ආ ඒ ජීප් රියේද වේගය බාල විණි. 

” මොන මඟුලක්ද ඒ පාර… මොකෙක්ද ඒ..?”

ඉසිනි තමාටම එලෙස පවසා ගන්නා අතරේ යළි මෝටර් රියේ වේගය අඩු කලාය. ඇයට සිතා ගන්නට නොහැකි වේගයෙන් ජිප් රිය ඉදිරියට ධාවනය විය. ඇයගේ මඟ හරස්වන සේ නැවතිණි.

ඉන් බැස එන්නේ කවුරුන්දැයි හඳුනාගත් ඉසිනි සුක්කානමට තම පීඩනය සම්පූර්ණයෙන් බර කලාය. පැමිණි පුද්ගලයා අය උන් පස ශටරයේ වීදුරුවට ගැසුවේය.

 ඉසිනි එය පහතය කලේ යාන්ත්‍රිකවය.

” කැම්පස් එකෙන් පිට වුනේ නම් අත උස්සල නෙවෙයි කියලා දන්නවා… ඔය ඒඩී පට්ටම ගන්න එග්සෑම් පාස් වුනේ අත උස්සලාද ? පැය භාගයක් තිස්සේ අලි මංකඩක කාර් එක නවත්‍තලා මදිවට, මෙතන ශර්ලොක්.හෝම්ස්ගේ ගෑනි වගේ  මාව අල්ලන්න වාහනෙත් ස්ලෝ කර කර නාඩගම් නටනවා.. වෙලාව බලනවා… තමුන් වගේ කෙල්ලෙක්ට හැපෙන්න ලේසි කාෂ්ටකයක් නෙවෙයි මෙහෙ තියෙන්නේ… කරුණාකරලා ඒක තේරුම් ගන්නවා…. සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න බැරි නම්, දෙයියනේ කියලා ඔය තියෙන එව්ව අකුලගෙන ආයේ කොළඹම යනවා ඉසිනි….  ඔහොම නිකන් අසිහියෙන් නාස්ති නොවී ගිහිලා අර දොස්තර මහත්තයා එක්ක සැනසීමෙන් ජීවත් වෙනවා… තමුන් බලාපොරොත්තු වුණ හැමදේම ලැබුනාට පස්සේ මේ කරන්නේ මොන විගඩමක්ද කියලා හිතලා බලනවා…

අන්තිමේදි දොස්තර මහත්තයාට වෙන්නේ තමනුන්ගේ කෑලි එකතු කරන්න එන්න එහෙ ඉඳන් …. 

ඒ විතරක් නෙවෙයි, ඔය විදියට ආයේ මගේ ජීවිතේට ඇවිල්ලා මාව ආයෙම විනාශ කරන්නයි යන්නේ තමුන්… දෙය්යනේ කියලා, ආයේ පවු පුරවගන්නේ නැතුව ආව අතක් බලාගෙන යනවා ඉසිනි… යනවා….. 

අද තමුසේ නිසා නුරාධ්‍යා …. හෙට මම වෙන්නත් පුලුවන් ….. 

යනවා…යනවා…”

නුරාන් එලෙස  කෑ ගසමින්ම  ගොස් ජීප් රියට ගොඩවී, ජීප් රිය පසෙකට කර ගත්තේය. ඉසිනි සැනින් ඔහු ඉක්මවා පිටත් වූවාය. නවාතැන අසල ම් මෝටර් රිය අතුරු පාරට හරවන තෙක් ජීප් රිය තනි රැක්කේය. එය ඉසිනිගේ නවාතැන පසු කර ගියේ ඉසිනි ගේට්ටුව අඟුලු ලාගෙන, නිවස තුළට ගියාට පසුවය.

” එපා දෙය්යනේ .. එපා නුරාන් .. එපා…”

ඉසිනි කුෂන් අසුන මතට වී හඬා වැටුණාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here