“ආහ් එහෙනම් ඔන්න මමත් හායි කියලා කියන්නම්කො. දැන් කියන්නකො මොකටද එකපාරටම මට හායි කියලා කිව්වේ”
“ඔයා මාර වෙනස්නෙ මේ චැට් කරද්දි අප්පා”
“ඇයි එහෙම කිව්වෙ?”
“නෑ ඉතින් ශූටින් වලදි ඔයා වැඩිය කතා බහ එහෙම කරන්නෙ නෑනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. මම හිතුවෙ ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා. ඔයා අනිත් අය එක්ක නම් හොඳට කතා කරනවනෙ”
“ආහ් එහෙම දෙයක් නැ. හේතුවක් තියෙන්න ඕනනෙ ඉතින් කතාකරන්න. අනික ඉතින් ඔයාට මොනවහරි කතා කරන්න තිබුනා නම් මාත් එක්ක ඇවිල්ල කතා කරන්න තිබ්බනෙ. මොකෝ මං ඔයාව ගිලිනවා කියලද?”
“නෑ ඉතින් මං හිතුවා ඔයාගෙ ලොකු සීන් කියලා”
“දැන් ඉතින් ඔයා කිව්වෙ මම අනිත් හැමෝම එක්ක කතාකරනව දැක්කා කියලා. ලොකු සීන් නම් ඉතින් මම කීයටවත් අනිත් අයත් එක්ක කතාකරන්නෙ නෑනෙ”
“ඒ උනාට මං ඉතින් එහෙම තමයි හිතාගෙන හිටියෙ”
“මං දැක්කා ඔයා ශූටින් දවසෙ බලාගෙන ඉන්නවා මං දිහා. ඒත් මම කල්පනා කරා එහෙම බලාගෙන ඉද්දිවත් ඔයා මොකෝ කියලා මාත් එක්ක කතා කරන්න ආවෙ නැත්තෙ කියලා” සප්තමී එහෙම මැසේජ් එකක් එව්වට පස්සෙ සමුද්රට ඇත්තටම හිතාගන්න බැරිඋනා දැන් මොකද්ද මේකට දාන මැසේජ් එක කියන එක. අනික සප්තමී ශූටින් අතරවාරෙ තමන් එයා දිහා බලාගෙන ඉන්නවා දැක්ක එකේ එයා අර වත්තෙ ශූටින් වලට යාලුවා එක්ක ආවා කියල “ මොනවද එවලා ඩිලීට් කරේ?” කියලා තමන් ක්සීසේත්ම බලාපොරොත්තු වෙන්න නැති විදියෙ හරිම ෆ්‍රෙන්ඩ්ලි ටෝන් එකකින් කතා කරද්දි සමුද්ර උන්නෙ ඇත්තටම දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඒ අස්සෙ ටයිල් පොලොවෙ වැදිච්ච කකුල යාන්තමට ඇදුම් කද්දි සමුද්ර බැරි මරගාතෙ නැගිලට කකුල අතගාගන්න ගමන් සබන් පිටින්ම හිටගෙන ෆෝන් එක දිහා බලාහෙන කල්පනා කරේ දන් මම මොකද්ද මේකට යවන රිප්ලයි එක කියලා.
තාම සප්තමී ඔන්ලයින් ඉන්නව කියල පෙන්නුවට තමන්ගෙ පැත්තෙන් එන්න ඕන රිප්ලයි එක එන්න එන්න පරක්කු වෙද්දි ඔය කෙල්ල ආපහු ඕෆ්ලයින් යාවිද කියල හිතලා ඒ බයට තමයි සමුද්ර තමන් මේ පැත්තෙ “අවධානෙ දීගෙන” තමයි ඉන්නෙ කියලා පෙන්නන්න ටයිප් කරන්න පටන් ගත්තෙ.
“ඔයා දකින්න ඕන නැති දෙයක්” කියලා යැව්වට මොකෝ ඇත්ත ඒක නෙවෙයි කියන එක ඉතින් දැනගෙන හිටියෙ සමුද්ර විතරක් හන්දා හොඳ්අයි.
“දකින්න ඕන නැති දෙයක් ඉතින් එව්වෙ ඇයි?” කියල සප්තමී මැසේජ් එකක් එවලා අනිත් අතට වින්ක් කරන එමොජි එකකුත් එව්වම සමුද්රට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ මොකද්ද දැන් ඒකට කියන්නෙ කියලා. අනික් එක ශුටින් වලදි තොත්ත බබා වගේ ඉන්න සප්තමී චැට් කරද්දි මෙච්චර ෆෝවර්ඩ් කෙල්ලෙක් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙත් සමුද්රට තිබ්බා. ගොඩක් කෙල්ලො ඉතින් මූණ ඉස්සරහා රඟපාන්නෙ වෙනම චරිතයක් ඒ උනාට ඇතුලෙ ඉන්නෙ වෙනම චරිතයක් කියලා හිතනවා ඇරෙන්න සමුද්රට මේ වෙලාවෙ නම් වෙන කරන්න දෙයක් ඇත්තටම තිබ්බෙ නෑ.
“නෑ නෑ එහෙම දකින්න නරක දෙයක් නෙවෙයි එව්වෙ. එ උනාට එව්වට පස්සෙ මට හිතුනා ඒක එව්වෙ අපරාදෙ කියලා. ඒකයි මම ඩිලීට් කරේ.”
“හරි ඉතින් නරක දෙයක් නෙවෙයිනම් එව්වෙ දැන් ආයෙ කියන්න නේඩ්ග මොකද්ද එව්වෙ කියලා”
“මම හායි කියලා එව්වෙ”
හිතලා තමන් එතනටත් ගිහිල්ලා බලන් උන්නු විත්තිය දැනගත්තොත් කොහොම හිනාවේවිද කියන එක සමුද්රට ඔක්කොම අස්සෙ කල්පනා උනා. ඇඟේ ගාගත්ත සබන් ටික එන්න එන්න වේලෙන හන්දා තමයි සමුද්ර බාත් කියුබිකල් එකට පේන තැනක ෆෝන් එක තියලා ටක් ටක් ගාලා ඇඟ හෝදගත්තෙ.
“හරි ඉතින් තාම කිව්වෙ නෑනෙ මොකද්ද මේ මට එවලා ඩිලීට් කරපු මැසේජ් එක කියල සහ එකපාර මට මැසේජ් එකක් එවන්න හිතුවෙ ඇයි කියලා සමුද්ර මහත්තයට?” කියල සප්තමී තමන්ට සමුද්ර මහත්තයා කියල ආයෙම ඇහැක් ගහන එමොජි එකක් එක්ක එව්ව මැසේජ් එකේ මාරම කිචි කිචියක් තියෙනවා කියන එක සමුද්රගෙ හිත කිව්වා. ඒ කිචි කිචිය දෙතොල් උඩ හිනාවක් මවන්නත් හේතුවක් වුණා.
“මං ඇත්තටම අහන්න ගියේ මම හෙටානිද්ද දවසක ඔයාලගෙ ගෙදර ආවට කමක් නැද්ද කියලා” බොහොම අමාරුවෙන් අහගත්තට පස්සෙ සමුද්රට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මෙච්චර වෙලා එක දිගට මැසේජස් ටයිප් කර කර උන්නු සප්තමී එකපාර සද්ද නැතිඋනේ තමන් කිව්ව දේ වරදක් විදියට හිතාගත්ත හන්දද කියලා. ආන් ඒ හන්දම තමයි සප්තමීගෙ පැත්තෙන් උත්තරයක් එන්නත් කලින්ම සමුද්ර තමන් එහෙම ඇහුවෙ වැරදි අදහසකින් නෙවෙයි කියලා කියන්න ඊලඟ මැසේජ් එක ටයිප් කරේ.
“මං එහෙම එන්නම් කිව්වෙ වැරදි අදහසකින් නෙවෙයි. නිකන් ඔයාලගෙ අම්මල එක්කල එහෙම කතා බහ කරලා යන්න. අපි දැන් ඉතින් තව කාලයක් වැඩ කරගෙන යනවනෙ. අම්මල එහෙම බයත් ඇතිනෙ තරුණ කෙල්ලෙක්ව එහෙම ශූටින් වලට පිරිමි සෙට් එකක් එක්ක එහෙ මෙහෙ යවද්දෛ. ඒකයි. මං එහෙම අහපු එක අවුලක් නම් අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි”
“අනේ නෑ මම මේ පොඩ්ඩක් එහාට ගියා, ඒකයි මට බැරිඋනේ මැසේජ් එකක්වත් දාන්න. එන්න අනේ එහෙම අවුලක් නෑ. අපි ඉතින් ඔයාලට එන්න එපා කියන්නෙ නැ. ඔයාගෙ ස්ක්‍රිප්ට් එක හින්දනෙ ඉතින් මටත් මේ විදියට රඟපාන්න චාන්ස් එකක් හම්බුනේ”
“එහෙමමත් නෙවෙයි ඉතින්, හරි කමක් නෑ. මට ඔයාලගෙ ගෙදරට එන ලොකේශන් එක දානවද? ඇඩ්‍රස් එකත් කෝකටත් දෙන්නකො. හැබැයි පොඩි කේස් එකක් තියෙනව. මට නෙවෙයි ඇත්තටම ඔයාට”
“මොකද්ද කේස් එක?”
“අර ඔයා එක්ක ශූටින් එන අනිත් යාලුවාත් ඔයාලගෙ ගෙවල් ලඟ කිව්වනෙ? එයා මම ඔයාලගෙ ගෙදර එනවා දැක්කොත් ඒක ඔයාට අවුලක් වෙයිද?”
“එයා ඉන්නෙ අපෙ ගෙවල් ලඟ තමයි. ඒ උනාට ඉතින් එහෙම අවුලක් වෙන්න දෙයක් නෑ. අනික මොකෝ ඔයාව නොදන්නවද එයා. ඒ නිසා බය නැතුව එන්න. කවුරුවත් මුකුත් හිතන්නෙ නෑ අනේ ඔයා ආව කියල. එන්න කලින් මට මැසේජ් එකක් දාන්න. හවස එන්නකො. රෑට මොනවහරි කාලම යන්න පුලුවන් නෙ” කියල සප්තමී කියද්දි නම් තමන් හිතුවට වඩා උත්තරේ පොසිටිව් වෙච්ච එක ගැන සමුද්ර උන්නෙ සන්තෝසෙන්. දැන් කොහොමත් මේ විත්තිය කිව්වම සුමල් “දැක්කනෙ අපි ප්ලෑනක් ගැහුවත් වරදිනවද?” කියලා අහලා කෝචෝක් එකක් දාන එක ශුවර් උනත් මිනිහ දුන්න ප්ලෑන් එක වැඩ කර හන්දා ඒක නොකිය ඉන්න එක හොඳ්අ නෑ කියලා හිතලා තමයි සුමල්ට කතා කරලා කිව්වේ වැඩේ සෙට් කියලා.
හිතුවා වගේම “දැක්කනෙ අපි ප්ලෑනක් ගැහුවොත් වැරදෙනවද?” කියල සුමල් හිනාවෙවී අහද්දි සමුද්රට ඊලගට තිබිච්ච ප්‍රශ්නෙ තමය් දැන් මොනවද සප්තමීලගෙ ගෙදර අරගෙන යන්නෙ කියන එක.
“උඹ ඒ ගෙදරට මොනවහරි අරන් යන අතරෙම කෙල්ලටත් ඔය චොක්ලට් එකක් වගේ අරගෙන පලයන්. එතකොට කෙල්ලට උනත් තේරේවිනෙ උබේ හිතේ මොකක් හරි කිචි බිචියක් තියෙනව කියලා” සුමල් කියද්දි ඒක තමයි කරන්න ඕන කියල හිතල තමයි සමුද්ර ගමන දාගත්තෙ. ඒ විදියට තමයි ගෙදරකට අරගෙන යන්න ඕන සීනි, තේ කොල, අයිස්ක්‍රීම්, චිකන් වගේ ජාති එක්ක සප්තමීට දෙන්න සමුද්ර ජෙරාඩ් මෙන්ඩිස් එකෙන් චොකලට් පෙට්ටියකුත් ගත්තෙ. හදවතේ හැඩේ චොකලට් කෑලි තියෙන ඒ පෙට්ටිය දැක්කම කොහොමත් සප්තමී තමන්ගෙ හිතේ තියෙන අදහස තේරුම් ගන්න බව දන්නවා උනත් මේ චොකලට් කෑලි ටික දැක්කම ඒ ගෙදර අනික් මිනිස්සු මොනව හිතාවිද කියන එක හිතුනත් අන්තිමේ ඒ ලැජ්ජව සමුද්ර වහගත්තෙ “නෑ ඉතින් මං වරදක් කරන්න හිතන් යනවා නෙවෙයිනෙ” කියලා හිතලා.
සප්තමී කිව්ව විදියට එයාලගෙ ගෙවල් තියෙන තුන්වෙනි තට්ටුවට යන්න පයින් ඒ ඩ්ලැට් එකේ පඩිපෙල නැගලා,සප්තමී කිව්ව විදියට ගෙදර දොරේ බෙල් එක ගහලා සමුද්ර බලාගෙන හිටියෙ තමන් ආව විත්තිය මැසේජ් එකකුත් දාලා තිබ්බ හන්දා සප්තෛඉ දැන් දැන් දොරකඩට ඇවිල්ලා තමන්ව පිළිගනී කියලා.
“මං හිතුවා අනේ ඒත් තව පරක්කු වෙයි” කියල හිනාවෙවී කෙල්ල ඉස්සරහට එද්දි තමයි සමුද්රට තේරුණේ තමන් වැඩේ ඇදගෙන නාලා විත්තිය.