මේ ඒ වසන්තයයි – 27

0
2927

ඉසිනි අම්මාට ඇමතුමක් ගෙන ඉක්මනින් සමුදුන්නේ අවසන් කල යුතු වැඩ කිහිපයක් ඇති බව පවසමිනි. රාත්‍රී හත පසුවෙද්දීත් නුරාන්ගේ ජංගම දුරකතනය විසන්ධිව තිබීම ඉසිනිගේ සිතට ඇති කලේ බියකි. එහෙත්, ඔහු එවන් හදිසි තීරණ් ගන්නා අයෙකු විය නොහැකි බව වහා සිතමි ඕ ඒ බියෙන් මිදුණාය.

වචන නම් වන කඩු තුඩු වලින් කල හැකි හානිය වඩා හොඳින් දන්නේ ඉසිනිය. අරුණෝදගේ, ඔහුගේ සොයුරියන්ගේ, ඔහුගේ මවගේ සහ වැඩිහිටි නෑදෑ කාන්තාවන්ගේ නොනවතින ඇණුම් පද වලට හුරු වෙන්නට විවාහයේ පලමු වසර ඉක්ම යන්නටත් පෙර ඉසිනිට සිදු විය. අරුණෝද සමඟ, ඔහුට ප්‍රේම කරමින් ඔහුගේ ප්‍රේමය ලබමින් ජීවත් වෙන්නට ඉසිනි උත්සාහ කල වාර ගණන මෙන් සිය දහ ගුණයක ඇණුම් පද ඇයට දරාගන්නට සිදු විය. එහෙව් අත්දැකීම් උර මත තිබියදීම නුරාන් වන් තෙත් හිත් ඇති බව ඇස් පණාපිටම පෙන්වමින් සිටින පිරිමියාට තම වචන වලින් තුවාල කරන්නට සිතුනේ මන්දැයි ඉසිනිට සැබැවින්ම වැටහුනේ නැත.

ඕ ඔහුට වට්සැප් පණිවිඩයක් ගැලපුවාය.

“ නුරාන් .., ඔයා ෆෝන් එක ඕෆ් කරගෙන තරහ පිරිමහන  ජාතියේ කෙනෙක් නෙවෙයි ඉස්සර .. ඒත් දැන් කොයි තරම් නම් කල් ගෙවිලාද ? සමහරවිට ඒ පුරුදු ඔයා අත ඇරලා ඇති. හිතුවක්කාර ගෑණුන්ට කාරණා පැහැදුලි කරනවාට වඩා නිශ්ශබ්දව පැත්ත්කට වෙන එක හොඳයි කියලා ඔයාටත් හිතෙන එක සාධාරනයි … මගේ හිත හරියට ගැස්සෙනවා නුරාන් … ඔයා කියන වචනයක් ගානෙ ගැස්සෙනවා … දැන් තව දුරටත් මට ඔයාට පෑහෙන ගැණියෙක් වෙන්න බැරි  බව මම දන්නවා .. ඒ දැනීම හින්දාම ඔයාගේ වචනයක් ගානේ මම ගැස්සෙනවා …

වඳ ගෑණියෙක්, දික්කසාද ගෑණියෙක්, ඔයාව පිස්සෙක් කරලා දාල ගිය ගෑණියෙක්, කාත් කවුරුත් නැතිව අසරණවෙලා තනි වෙලා වගේ ඉන්න ගෑණියෙක් …, කොහෙන් පෑහෙන්නද මම නුරාන් ඔයාට …

එක අතකට ඔයා මාත් එක්ක අමනාප වෙලා යන්න යන එක හොඳයි .. ඒකෙන් ඔයාට හොඳක් වෙන බව මම දන්නවා …

මම උදේ කිව්ව වචනේ සංවේදනයක් එක්ක කීව දෙයක් නෙවෙයි නුරාන් .. ඕනෙම වාක්‍යක, නොවැදගත්ම වචනේ එල්ලෙන මගේ ඒ පුරුද්දට කීව කතාව … ඔයා දැන් මාව සල්ලි වලට ගන්නවා වුනත්, ඒ ගන්නේ එක රැයකට වුනත්, ඒක මට සැනසීමක් වේවි නුරාන් .. මේ පිච්චෙන , තනි, ආදරයක් නොලබන ජීවිතේට වඩා ඒක මට සැණසීමක් වේවී …”

ඉසිනි මහ හඬින් හඬමින් ජංගම දුරකතනය ක්‍රියා විරහිත කලාය. යළි ජීවිතයට වූ සියලු බලාපොරොත්තු ක්ශයව ගොස් ඇති බව ඇයට දැනෙනේය. තනි වීම මෙතරම් අපහ්සු බව යලි යලි දැනීම ඕ වෙත යම් මරණීය හැඟීමක් ගෙන එමින් තිබුණි. තමාට තමා පාලනය කර ගත නොහැකි විම එලැඹ ඇති බවද , වහා උපකාරයක් ලබා නොගතහොත් තමාට ඉක්මවවා ගත නොහැකි මානසික මට්ටමකට තමා වැටිය හැකි බවද ඕ සිතුවාය. ඉසිනි නින්දර ගියේ නිරාහාරවය. දහවලේද හරි හැටි ආහාරයක් නොවු නිසා ඇයගේ දිනයේ ආහාරය වූයේ නුරාන් ගෙන ආ කිරිබත් කැබලි කිහිපය පමණි.

පසුදා නුරාන් වෙනදා වේලාවට පෙර ඇහැරුනේය. අම්මාගේ වදයට යන්තමින් කුස පුරවාගත්තා මිසෙක රැයේ හරි හැටි ආහාරයක් නොවූ නිසා කුසගිනි දැනෙමින් තිබුණි. මුලුතැන්ගෙයට ගිය නුරාන් ශීතකරණයේ වූ  නැවුම් කිරි පැකැට්ටුවකින් අඩක් පානය කලේය. ඉන් පසුව, යලි කාමරය තුළට වැදුනේය.

සිත සන්සුන්ව ඇති බව දැනෙන්නේය. ඇතැම් කුණාටු වලදී කල යුත්තේ බිම දිගාවී, නිසොල්මන්ව සිටීමය. නුරාන් ජංගම දුරකතනය ක්‍රියාත්මක කලේය. මඟ හැරුණු  ඇමතුම් වල පණිවිඩ රැසකි. ඉසිනිගෙන් ආ තුම් සියයකට වැඩි ගණනක පණිවිඩය.  නුරාන්ගේ මුවඟ සිනා මල් ඉහිරුනේය. එහෙත් වට්සැප් තිරයේ තාරා යන නමට යටින් විත් තිබූ පණිවිඩ කිහිපය ඒ සිනහ වැසා කෝප ගින්නක් කර  දැමුවේය.

“ නුරාන් .., ඔයා ෆෝන් එක ඕෆ් කරගෙන තරහ පිරිමහන  ජාතියේ කෙනෙක් නෙවෙයි ඉස්සර .. ඒත් දැන් කොයි තරම් නම් කල් ගෙවිලාද ? සමහරවිට ඒ පුරුදු ඔයා අත ඇරලා ඇති. හිතුවක්කාර ගෑණුන්ට කාරණා පැහැදුලි කරනවාට වඩා නිශ්ශබ්දව පැත්ත්කට වෙන එක හොඳයි කියලා ඔයාටත් හිතෙන එක සාධාරනයි … මගේ හිත හරියට ගැස්සෙනවා නුරාන් … ඔයා කියන වචනයක් ගානෙ ගැස්සෙනවා … දැන් තව දුරටත් මට ඔයාට පෑහෙන ගැණියෙක් වෙන්න බැරි  බව මම දන්නවා .. ඒ දැනීම හින්දාම ඔයාගේ වචනයක් ගානේ මම ගැස්සෙනවා …

වඳ ගෑණියෙක්, දික්කසාද ගෑණියෙක්, ඔයාව පිස්සෙක් කරලා දාල ගිය ගෑණියෙක්, කාත් කවුරුත් නැතිව අසරණවෙලා තනි වෙලා වගේ ඉන්න ගෑණියෙක් …, කොහෙන් පෑහෙන්නද මම නුරාන් ඔයාට …

එක අතකට ඔයා මාත් එක්ක අමනාප වෙලා යන්න යන එක හොඳයි .. ඒකෙන් ඔයාට හොඳක් වෙන බව මම දන්නවා …

මම උදේ කිව්ව වචනේ සංවේදනයක් එක්ක කීව දෙයක් නෙවෙයි නුරාන් .. ඕනෙම වාක්‍යක, නොවැදගත්ම වචනේ එල්ලෙන මගේ ඒ පුරුද්දට කීව කතාව … ඔයා දැන් මාව සල්ලි වලට ගන්නවා වුනත්, ඒ ගන්නේ එක රැයකට වුනත්, ඒක මට සැනසීමක් වේවි නුරාන් .. මේ පිච්චෙන , තනි, ආදරයක් නොලබන ජීවිතේට වඩා ඒක මට සැණසීමක් වේවී …”

නුරාන් කිහිප වතාවක්ම එහි අග පණිවිඩය කියෙව්වේය.

“ මේ ගෑණිගේ පුදුම උද්දච්චකමක් තියෙන්නේ … අද මං උගන්නන්නම් කට කියවන එකෙත් සීමාවක් තියාගන්න ඕනි කියන පාඩම … සල්ලි වලට ගන්න .. රෙද්ද තමයි ඉතින් …”

එලෙසින් කෝපයෙන් සිතුවා වුවද, ගෙවුණු දිනය පුරාම ඉසිනිගෙන් විත් තිබූ  මඟ හැරුණු ඇමතුම් වල කෙටි පණීවිඩ නිසා ඔහු යම් උත්කර්ශවත් හැඟීමක් විඳිමින් උන්නේය. ඇය තමා අතැර යෑම අතීතයය. මිනිස් හැසිරීම් වල ස්වභාවය එලෙසය. අත් හැරීම් සහ යළි පැමිණීම් සිදු විය හැඛ.

“ ආදරේ නම් යන්න දීමය – ආයේමත් යළි එන්න දීමය”

ඉන්ද්‍රා පෙරේරා නම් කිවිඳියගේ මුහුණුපොතේ පලවූ කවියක් ඔහු වට්සැප් යෙදවුමේ පෝස්ටුවක් ලෙස පල කලේය. සුනීර සුමංගගේ ගීතයක් වාදනය වෙන්නට හැර යළි යහනේ දිග ඇරුනේය

දිනෙක අපිටත් වැරදිලා ඇති

ඉතින් යළි හමු වෙන්නේ නෑ..

නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය

මාව මතක ද දන්නෙ නෑ….

තනි වීම වුව ප්‍රේමය ම බව

යළි යළිත් මේ… අදත් පවසමි

මතක අමතක කරන්නට බැරි

බැවින් නිහඬ ව බිම බලා ගමි

අතීතයේ මතකය දරාගෙන

නුඹව සිහි කර යළි සිනා වෙමි

තවත් රිදවිලි මොටද, එබැවින්

මෙහෙම මෙතැන ම මග නතර වෙමි

දිනෙක අපිටත් වැරදිලා ඇති

ඉතින් යළි හමු වෙන්නේ නෑ..

නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය

මාව මතක ද දන්නෙ නෑ….

 එකම ගීතය තමා වෙත එකිනෙකට වෙනස් සංවේදන කැන්දන බව නුරාන් අත් වින්දේය. වෙනදාට ගීතයේ පද සහ ස්වර සම්ඟ වූ රිදුම අද නැත. ඒ වෙනුවට හදවත තුලින් ප්‍රති පද නැගෙන්නේය. ඒවායේ ඇත්තේ ඇය හා සමඟ වන බලාපොරොත්තුය. සිහිනය. අනාගතයය.

ඉසිනි තම ජීවිතය තුළ වන මහා රික්තකයට  ඛැඳවා ගැනීම පහසු නොවන බව නුරාන් උන් ඉරියව්වේම හිඳගෙන කල්පනා කලේය. පලමු විරෝධය ඇගෙන්මය. එහෙත් ඇ්‍ බිඳ හෙලා ඇය තුලට ඇතුලු වීම තමාට කල නොහැක්කක් නොවන බව නුරාන් දනී. එහෙත් අයියා, අක්කා, අම්මා සහ මිතුරන් සහ මිතුරියන්ගේ විරෝධතා ඉක්මවීම පිළිබඳව නුරාන්ට අදහසක් වූයේ නැත. තාත්තා නම් තම පසින් සිට ගන්නා බවට සැකයක් නැත. අම්මා  කුමක් කිවද තාත්තා තම තීරණය හා සිටිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here