කොන්දෙ වේදනාවට නොවරදින පිළියම

කොන්දෙ වේදනාව කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු බොහොමයක් අඩාල කරන කාරණයක්. 

ඒ අතරින් එකක් තමයි ව්‍යායාම වල නිතර වීම. ශරීරයේ බර නිසිලෙස පවත්වා ගන්න ඔබ ව්‍යායාම කරන්න හිතුවත් කොන්දෙ වේදනාව ඔබට ඒ සඳහා බාධාවක් වෙන්න පුළුවන්.  

නමුත් කොන්දෙ වේදනාව අඩු කරන්න හෝ සම්පූර්ණයෙන් සුව කරන්න ව්‍යායාම වලටත් පුළුවන් කියල ඔබ දැනන් හිටියද? 

ඉතිං අද අපි ඔබව දැනුවත් කරන්න යන්නෙ කොන්දෙ වේදනාව තිබියදීම ඔබට කරන්න පුළුවන් ව්‍යායාම කීපයක් ගැන. 

මේ ව්‍යායාම කිරීමෙන් කොන්දෙ වේදනාවට සහනයක් ලැබෙන ගමන්ම ශරීරයේ 

අනවශ්‍ය බර අඩු කරගැනීමටත් ඔබට පුළුවන්. 

මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ fitness ball එහෙමත් නැත්නම් ව්‍යායාම කිරීමේදී භාවිතා කරන බෝලයක් පමණයි. 

දැන් අපි බලමු මොනවද මේ ව්‍යායාම කියල. 

T’s

Fitness ball ය මත මුහුණ බිමට සිටින සේ වැතිර ගන්න. 

ඔබේ බඩ ප්‍රදේශය බෝලය මත තිබිය යුතුයි.

කකුල් දෙක නවා බෝලය දෙපස ගෑවෙන සේ තබා ගත යුතුයි.

යටිපතුල් වලට ආධාරයක් ලබා දීම මගින් කකුල් ස්ථාවර ඉරියව්වක පවත්වාගත හැක.

ඉන්පසු ඔබේ අත්ල පහලට සිටින සේ අත්දෙක දෙපසට දික්කල යුතුයි. 

එවිට ඔබේ කොන්ද සහ අත්දෙක T හැඩයෙන් පිහිටයි.

දැන් අත් නොනමා සෘජුව තබා ගනිමින් සෙමින් දෑත්  ඉහළට හා පොළවේ ගෑවෙන පරිදි පහළ ගෙනයා යුතුයි. 

Y’s 

Fitness ball ය මත මුහුණ බිමට සිටින සේ වැතිර ගන්න. 

ඔබේ බඩ ප්‍රදේශය බෝලය මත තිබිය යුතුයි.

කකුල් දෙක නවා බෝලය දෙපස ගෑවෙන සේ තබා ගත යුතුයි.

යටිපතුල් වලට ආධාරයක් ලබා දීම මගින් කකුල් ස්ථාවර ඉරියව්වක පවත්වාගත හැක.

ඉන්පසු ඔබේ දෑතේ අත්ලවල් එකිනෙක දෙසට හරවා අත්දෙක V හැඩයෙන් දෙපසට දික්කල යුතුයි. 

එවිට ඔබේ කොන්ද සහ අත්දෙක Y හැඩයෙන් පිහිටයි.

දැන් දෑත් නොනමා සෘජුව තබා ගනිමින් දෑත් සෙමින් ඉහළට හා බෝලයේ ගෑවෙන තෙක් පහළට ගෙනයා යුතුයි.

BirdDog 

Fitness ball ය මත මුහුණ බිමට සිටින සේ වැතිර ගන්න. 

ඔබේ බඩ ප්‍රදේශය බෝලය මත තිබිය යුතුයි.

ඔබේ කකුල් නිදහස්ව පිටුපසට දික්කර තබා ගත යුතු අතර අත් දෙක සිරස්ව පොලව ස්පර්ශ වන ලෙස තබා ගත යුතුයි.

දැන් පලමුව ඔබේ වම් අත හා දකුණු කකුල එකවර සෙමින් එසවීම කලයුතු අතර දෙවනුව ඔබේ දකුණු අත හා වම් කකුල එකවර සෙමින් එසවීම කලයුතුයිි. 

Back Extension 

Fitness ball ය මත මුහුණ බිමට සිටින සේ වැතිර ගන්න. 

ඔබේ බඩ ප්‍රදේශය බෝලය මත තිබිය යුතුයි.

කකුල් දෙක නවා බෝලය දෙපස ගෑවෙන සේ තබා ගත යුතුයි.

යටිපතුල් වලට ආධාරයක් ලබා දීම මගින් කකුල් ස්ථාවර ඉරියව්වක පවත්වාගත හැක.

ඔබේ දෑත් හිස දෙපසින් තබා ගත යුතුයි. 

දැන් දෑත් ඒ අකාරයටම තබාගෙන කොන්ද සෙමින් ඉහළට හා පහළට එසවිය යුතුයි. 

ඔබට පහසුවාර ගනනක් එක් ව්‍යායාමක නිරත වෙන්න ඔබට පුළුවන්. 

මෙම ව්‍යායාම සතියකට දින 02 ක් හෝ 03 ක් සිදුකිරීම ඔබට හොඳ ප්‍රතිඵල ලබාදෙනව. 

විශේෂයෙන් ඔබ, 

ගර්භණී තත්වයෙන් හෝ හෘද රෝගී තත්වයෙන් පසුවෙන, 

එහෙමත් නැත්නම් දරා ගැනීමට අපහසු ශාරීරික වේදනාවකින් පෙලෙන හෝ

ව්‍යායාම සිදුකීරීම අවධානම් බව හඳුනාගත් කෙනෙක් නම්,  

මෙම ව්‍යායාම වල නිරත වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. 

මෙවැනි සරල ව්‍යායාම වල නිරත වීම මෙන්ම නිවැරැදි ඉරියව් පවත්වා ගැනීමත් යහපත් ආහාර රටාවකට හුරුවීමත් එක ලෙස වැදගත්. 

එමඟින් ශරීරයේ අනවශ්‍ය බර අඩුකර ගැනීම වගේම කොන්දේ වේදනාවන් වලට සහනයක් ලබා ගැනීමටත් ඒ මඟින් බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු කරගැනීමත් ඔබට පහසුවෙනව. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles