මේ ඒ වසන්තයයි – 50

0
2794

ඉසිනි ඇහැරුනේ පසුදිනදින උදෑසන නවයත් පසු වූ පසුය.  නුරාන් ඒ වෙද්දීද උන්නේ ඔහුගේ කාමරයේ නින්දේය. එක්වරම සිදුවුයේ කුමක්දැයි සිහි එලවා ගන්නට නොහැකි වූ ඉසිනි යහනේ කෙළින් වී හිඳගෙන වටපිට බැලුවාය. ඊයේ දහවලේ සිට සිදුවූ සියල්ල සැනින් ඇගේ සිත තුළ ඇඳී ගියේය. නෙත් කෙවෙනි උණුසුමක නංවමින් ගලා  ආ කඳුලි රාත්‍රී ඇඳුමේ ලය තෙමමින් කඩා වැටීම ඇයට නවතා ගන්නට හැකි වූයේ නැත. සියල්ල සපිරි ලොවක තමා අසරණව වැටී ඇතයි ඇයට දැනුනේ ඇසට පෙනෙන මානයේ කිසිවෙකු නොවීම නිසාය. යහනෙන් බැස, අඩවන්ව ඇති දොර විවෘත කරගෙන කාමරයෙන් පිටතට යන්නට නොහැකි තරමටම ඒ අසරණ හැඟීම ඕ වසාගෙනය.

ඉසිනි හිස කේ එක් මිටකට වන සේ ගෙන  ගෙල පාමුලින් ගැට ගැසුවාය. දෑත් රිදුම් දෙන්නේ කිසිවෙකු තලා පෙලා දමා මෙන් ය. ඕ වැලමිටේ සිට පහතට වන සේ දෑත් පිරිමැදගත්තාය. මේ දැනෙන්නේ මානසික අයහපතක් ඇය කඩා දමා ඇති විදියය.  මානසික වද වලට කායික හිංසාද එක්වී මෙවැනි දවස් ගෙවා දැමූ වසර පහක්ම ඇගේ ජීවිතයේ විය.  ඕ මුහුණ දෑතින්ම වසාගෙන කල්පනා කලාය.

අද දින අරඹන්නේ, ගෙවා දමන්නේ කෙලෙසකින්දැයි සිතා ගන්නටවත් නොහැක.  හෙට දිනක් ගැන කෙලෙස සිතන්නවත්ද?

ඉසිනි ජංගම දුරකතනය ගෙන නුරාන්ගේ නම සෙව්වාය. ඇමතුමක් ගත්තාය. පිළිතුරු ලැබුනේ නැත. ඒ වෙනුවට අඩවන්ව තිබූ දොරෙන් නුරාන් ඇතුලුවූයේය. කෙටි කලිසමකින් පමණක් සැරසී, තමා වෙත ඇවිද විත් සැණින් තමා වැලඳගත් උණුසුම් හැඟීමට ඉසිනි දැන උන්නේ නුරාන්මය නාමයක් දෙන්නට පමණි. එය ජීවිතයේ කිසිඳු උදයක ඕ ලබා තිබූ යමක් නොවේය.

” නින්ද ගියාද ? …ම්ම්ම්ම්…”

නුරාන් ඇගේ වත තම දෝතින්ම ගෙන විමසුවේය. ඉසිනි හිස සැලුවාය. නුරාන් ඇගේ හිසකේ දෙසවන් අතරින් පිටිපසට වන සේ සැකසුවාය.

“ඇඳෙන් බැහැලා මූණ චුට්ටක් සෝදගෙන එන්න … අම්මා කිරි උණු කරලා ඇති.. බීලා ඉමු….. ඒකෙන් ඇඟට පණක් එයි..”

ඉසිනි නොහැකි බව පවසන්නට හිස සැලුවාය. ඒ දෙමාපියන් ඉදිරියේ සිට ගන්නට තරම් සවියක් තමාට නැත. පැහැසරා සහ ධනුක සමඟ කෙලෙසකින් හෝ මුහු වීම සිදු වුවද, අම්මලාගේ සමාවට තමා කිසිලෙසකින්වත්  සුදුසු නොවන බව ඕ සිතුවාය.

නුරාම් නොරිස්සුම් බැල්මක් මවා ගත්තේය. ඉසිනිව බලෙන්ම අල්ලාගෙන යහනෙන් බස්සවා ගත්තේය.

නිරුවත් පිරිමි ගතකින් වන ස්පර්ශයේ  ඇවිලීම, ඒ පිරිමි ගත මත මෙතරම් සිසිලසෙන් නිවෙන බව ඉසිනි අසා තිබුණා පමණි. එය මෙතරමින් සැනසීමේ තත්පර උදා කරන බව ඕ දැන උන්නා පමණි.

ඉසිනිව නාන කාමරය තුළට ඇරලවූ නුරාන් ඕ එන තුරූ ඒ අසලට වී උන්නාය. බලෙන්ම ඇයද කැටුව පහළ තට්ටුවට ගියාය. එක්වරම නුරාධ්‍යා කොහෙදෝ සිට කෑ ගසාගෙන ආවාය

” යන්න .. යන්න… නෝටි බාප්පා… ඔයා.. අයින් වෙන්න .. එයා මගේ… එයා මගේ….”

ඉසිනි එතරම් වෙලා අකුලවාගෙන උන් මුහුණ එළි වැටුනේය. ඕ නුරාධ්‍යා වඩා ගත්තාය. පැහැසරා සිනාසෙමින් විත් නුරාධ්‍යාගේ කොපුලක් සිම්බාය..ඉසිනි  දෙසද සිනාසී බැලුවාය.

” මල්ලී.. අම්මා කිරි උණු කරලා තියෙන්නේ … ඉල්ලගෙන එන්න දෙන්නාටම.. මෙයා මේ කිරි එක බොන්නේ නැතුව ජෝගි දාන්න අරන් උදේම..”

ඕ නුරාධ්‍යාගේ හිසකේ අවුල් කර, ඉසිනිගෙන් ඕ තමා වෙත ගන්නා අතරේ කීවාය . නුරාන් නුරාධ්‍යා වෙතට ලං වූයේය.

” එතකොට දැන් බාප්පා එපාද ?”

“එපා..”

“එහෙනම් ඉතින් මෙයාවත් අරගෙන මම කොහේ හරි යනවා..”

ඉසිනිව තමා වෙත ලං කරගෙන  ඇයවද කැටුව නිවසින් පිටතට යන්නට සූදානම් බවක් පෙන්වමින් නුරාන් රඟ දක්වද්දී නුරාධ්‍යා කෑ ගසා හඬන්නට ගත්තාය. නුරාන්ගේ අම්මාද සාලයට ආවේ නුරාන්ට කෑ ගසමිනි.

” පොඩි කෙල්ල අවුස්සන්නේ නැතුව ඉන්න පොඩී….”

ඕ ඉසිනිව දුටුවේ ඒ අතරේය. ඉසිනි වහා නුරාන්ගේ පසෙකට වන්නට උත්සාහ කලාය. නුරාන් ඕ තමා ඉදිරියට වන සේ තල්ලු කලේය ඇගේ උරිස්සට උඩින්  නිකට තබාගෙන අම්මා දෙස බැලවේය.  අම්මා දෙදෙනා ඉදිරියේ සිට ගත්තාය. නුරාන්  නළල රැළි ගන්වාගෙන අම්මා දෙස බලා උන්නේය.

නුරාධ්‍යාගේ හැඬුම්ද නැවතී තිබුණි. ධනුක උදෑසන ආහාරයට වැවු මාලු රැගෙන නිවසට විත් , ඒවා කුස්සියේ තබා සාලයට එන අතරේ දුටු දසුන දෙස නැවතී බලා උන්නේය.

ඉසිනි රාත්‍රී ඇඳුම ගුලි කරගනිමින්, ටයිල් කැට මතට ඍජු කඳුළු වැටෙන්නට හැරියාය.

තමන්ගේ ලෙය කකියන්නේ තම දරුවා විඳි දුක් වේදනාවන් නිසාවෙන් නොවේදැයි ඕ සිතුවාය.

එක්වරම ඉසිනිගේ කොපුල මත රළු අත්ලල ස්පර්ශය දැනුනි. එහෙත් එය ඇය සනීපවත් හැඟීමකින් පුරවා ලූවේය. ඉසිනි හිස එසෙව්වාය.

” ආයේ අඬන්නෙපා දුවේ….. දූගේ අම්මල තාත්තලා මෙහෙ ඇවිල්ලා මේවා කතා බහ කරලා පිළිවෙලක් කරගන්නකල් දූ එලියේම ඉන්නවා නම් තමා මම කැමති..  ඒත් නුරාන් ගේ තාත්තා කියනවා මෙවෙලෙ  තමයි දූ මේ ගේ ඇතුලේ තියාගන්නම ඕනි කියලා….නුහුරෙන් බයෙන් අඩිය තියලා ඇවිදින්න ඕනි නෑ ඒ නිසා… දූගේ ගේ කියලා හිතාගෙන මෙහෙ ඉන්න.. අපිට  දූ එක්ක කිසිම තරහක් නෑ දැන් …. මෙයා දූව මෙච්චරකල් බලාගෙම උන්න බවක් අපි දන්නේත් මේ ඊයේ…. ඉතින්, අපි ආයේ විරුද්ධ නෑ…”

ඉසිනි හඬමින්ම නුරාන් ගේ අම්මාගේ දෙපා මුළ වැටුනාය. ඇයට ඉසිනිව නැගිටුවාටන්නට සවියක් වූයේ නැත. නුරාන් ඒ වෙනුවට දෙදෙනාටම වාරුව වූයේය.

“මට සමාව දෙන්න එපා අම්මේ…”

ඕ නුරාන් ගේ අම්මා වෙතට දෑත් එක් කරමින් හඬා වැටුණාය. නුරාන් ගේ අම්මා ඇගේ හිස පිරිමැද ඕ අස්වැසුවාය. ඉන් පසුව කිරි රැගෙන එන්නමැයි පවසා කුස්සිය වෙත ගියේ කඳුලු හැට්ට අතින් පිසිමිනි.

” රණයා කාර් එක ගෙනල්ලා දැම්මා ..”

ධනුක එවෙලෙහි වූ ඉකි බිඳුමේ හඬ පරයා යන හඬකින් කීවේය. නුරාන් ඉසිනි ව අසුනකට බර කලේය. ඉසිනි ඉකි බිඳිමින්ම උන්නාය.

” දැන් මෙයාට ගෙදර ඇතුලේදිත් ඒඩී මිස් කියලාද බං කියන්නෝනා …?”

ඉසිනිගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් දෙසකට හරවන්නට ධනුකගේ විමසීම සමත් විය. ඉසිනි ධනුක දෙස බැලුවේ විමතිය අලවාගෙන.

” අනේ මන්දා ධනුක … මෙහෙදි නම් මොක වුනත් කමක් නෑ.. ඔෆිස් එකේදී වචන පැටලුනොත් එහෙම මොකද කරන්නේ ?”

පැහැසරා ද එයටම එක් වූයේ නුරාධ්‍යා ගේ කිරි කෝප්පය ද ගෙනවිත් හොඳ ගනිමිනි.

නුරාන් ඉසිනිගේ කොපුලකට තට්ටුවක් දැම්මේය. කඳුලින්ම පෙඟී තිබූ කොපුලෙහි සීතල ඔහුගේ ඇඟිලි අග්ගිස්සෙන් ශරීර ගත වෙද්දී, නුරාන් ඉසිනි වෙත තරවටු බැල්මක් හෙලුවේය.

” උඹ දැන් ගෑනි ගෙනාවා නම් එව්වාටත් උත්තර දීපං…”

ධනුක නුරාන් ට පවසමින් රූපවාහිනිය ක්‍රියාත්මක කලේය

” ඒඩි බැරි නම් ඩීඩී හරි කියාගනින් ඉතින්…මට මොකෝ..”

නුරාන්ගේ හඬට ඉසිනිගේ මුව මතද සිනා මතු විය. ඉන් පසුව සාමාන්‍ය කතා බස් ඇදුණි. ඉසිනි කිරි වීදුරුව තොල ගාමින් තිදෙනාගේ කතා බස් අසා උන්නාය.

ඒ ගෙවුණ කාලයේ ඇගේ සිතට බරක් දැනුනේද නැත. එහෙත් සැනින් සිත හෙල්ලී ගියේය.

ඒ ලිපි වල වූ අපහාසය ගින්නක් සේ මතුව ආවේය.

අතෙහි වූ කිරි වීදුරුවෙන් තමා පෙඟී යනු ඉසිනිට දැණුණි. ඉන් පසුව ස්ලාං හඬක්ද, ඉන් පසුව නුරාන්ගේ හඬද ඇසුණි..

” තාරා… තාරා…”
” කැබ් එක ගනින් …”
” අම්මේ..දෝණිව ගන්න…”
” සරා.. ඇඳුමක් දාන්න වෙන …”

කලබලය දෙඟුණව නැඟුණි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here