මේ ඒ වසන්තයයි – 57

0
5055

  නුරාන් සිහියට එලැබියද තමාට කුමක් සිදුවීදැයි සිහියේ වූයෙ නැත. කමිසය ද යම් නුහුරක වන බව ඔහුට වැටහුනේය. ඔහු ස්තාවර දුරකතනයෙන් ඇමතුවද පිලිතුරු නොලැබුනේය.

” සර් …ක්ලයන්ට්ලා කෝල් කරාලු ඔෆිස් එකට.. සර්ගේ නම්බර් එක ආන්සර් කරන්නේ නැතිලු …”

අයෙක් පැමිණ පැවසූ වහාම නුරාන් යළි ඉදිරි සැලසුම් වෙනුවෙන් පිවිසියේය. ඇමතුම් ලබාගෙන යළි එම කටයුතු සැලසුම් කලේය.

එහෙත් වත්සලා පෙනෙන්නට නොසිටීමත්, පැයක පමණ කාලයක් තමා නින්දේ සිටීමත් නිසා නුරාන්ගේ සිතෙහි වූයේ යම් නොසන්සුන් කලබලයකි.

” වත්සලා මිස් ඔෆිස් එකට ආවෙ නැද්ද ?..”

” හදිසියේම අසනීපයි කියලා ලීව් දාලා යනවා කියලා තිබුණා සර් ….”

නුරාන් හිස සැලුවේය. මෙම කටයුතු වලට පසුව ඇය සමඟ නිදහසේ කතා බහ කර ඇගේ සිත නිදහස් කරගන්නට යම් සහයෝගයක් දිය යුතු වග නුරාන් සිතුවේය.

වැඩ කටයුතු සිතූ පරිද්දෙන්ම සිදු විය. ගැණුම්කරුවන් උන්නේ සියලු කටයුතු පිළිබඳව පැහැදීමෙන්ය. නුරාන් තමා සතු උපරිම ශක්‍යතාවය යොදාගෙන කටයුතු වෙනුවෙන් පැහැදිලි කිරීම් කලේය. අවසානයේ ඔවුන් පිටව ගියේ දින දෙකක් ඇතුලත තීරණය දැනුම් දෙන වග පවසමිනි.

වැඩ කටයුතු අවසන් කර නුරාන් නිවසට පැමිණෙන විට  රාත්‍රී හත පසු වී තිබුණි. ඉසිනි නිසා ජීවිතයට දැනෙන නැවුම් ආශාවන් පිලීබඳව නුරාන් උත්කර්ශවත්ව ඉපිලුණේය.

එහෙත් නිවසට ඇතුලු වෙත්ම ඔහුට දැනුනේ යම් නුහුරු බවකි. සියල්ලන්ගේම මුහුණු වල වූයේ භීතියකි. කලකිරීමක් සහ වේදනාවක්ද විය. ඉසිනි හඬා ඇති බවද ඔහු දුටුවේය. එක්වරම නැගිට ආ ධනුකගෙන් මිදෙන්නට නුරාන්ට හැකි වූයේ නැත.

ධනුක කිසිවක් නොපවසාම අතුල් පහර දෙකක් සමඟින් නුරාන්  වෙත කඩා පැන්නේය. නුරාන් පසෙකට විසිව යන්නට ගොස් යළි බිත්තියේ වාරුවෙන් ධනුක දෙස බැලුවේය. සිදුවන්නේ කුමක්දැයි  ඔහුටද බිඳකුදු වැටහුනේ නැත.

” බ ල් ලා …”‘

ධනුක අසුනකට වැටුනේ හිසකේ දෑතින්ම සකසා ගනිමිනි. නුරාන් කිසිවක් වටහා ගන්නට නොහැකිව මෙන් උන් ඉරියව්වේම උන්නේය.

ඔහු පියවි සිහියට එලැඹියේ ඉසිනිගේ ඉකි බිඳුමෙනි.

” තාරා …. “

ඔහු වහා ඉසිනි අසලට යන්නට සූදානම් වුවත්, ධනුක දෙදෙනා අතර සිට ගත්තේය.

” කොන්ද පණ තියෙන පිරිමියෙක් වෙයං නුරාන් .. උඹ හිතාගෙන ඉන්නේ උඹට වැඳුම් පිදුම් කරගෙන ඉන්න මිනිස්සු ඉන්න ගමක අන්තංපුරයක් දාගන්න එක මහ වීරකමක් කියලද ?…”

අම්මාගේ ඉකි බිඳුමද ඇසුණි. නුරාන් ධනුක දෙස විමසිලිමත්ව බලා උන්නේය. කිසිවක් වැටහෙන්නේ ණැත.

” ඉසිනි තවදුරටත් මෙහෙ ඉන්නවාද නැද්ද කියලා එයාටම තීරණය කරන්න දීලා, උඹ උඹේ වැඩක් බලාගනින්…. “

ධනුක නුරාන් පසෙකට තල්ලු කරමින් කීවේය. ඉන් නුරාන්ගේ ඉවසීම කුඩු පට්ටම් වූයේය.

” මොන  මඟුලක්ද බං උඹ ඒ පාර කියන්නේ ?… තාරාගේ වැඩයි මගේ වැඩයි කියලා උබ ඉරි ගහලා වෙන් කරන සීමාවල් අඳින්නේ මොන හයියෙන්ද කියහං ….”

” හයියද ?.. හයියද ?… මෙන්න මේ හයියෙන් …”

ධනුක පැහැසරා අසල වූ ජංගම දුරකතනය ගෙන එහි වූ යම් වීඩියෝවක් වාදනය වන්නට හැර නුරාන්ට පෙනෙන සේ ජංගම දුරකතනය අල්ලා ගත්තේය. නුරාන් ඒ වෙත තීක්ෂණාත්මක සැලකිලිමත් බැල්මක් හෙලුවේය.

තත්පරයෙන් තත්පරය වීඩියෝව වාදනය වෙද්දී නුරාන්ට දැනුනේ තමා පිළිස්සී වැගිරෙන බවය. මේ අද දිනය බව සැනින් සිහි වූයේ තම ගතලා ඇති කමිසය බිම වැටී තිබියදීය.

ඇය.., වත්සලා බව ඔහු හඳුනාගත්තේ ඊලඟ තත්පරයේදීය. තම කාර්‍යාල කැබිනය තුල ඇය මත තමා කුමක් කරන්නේදැයි ඔහුට වැටහුනේ නැත. විනාඩි තුනක වීඩියෝව අවසන් විය. නුරාන් ධනුක දෙස බැලුවේ දෑස් භීතියෙන් විසල් කරගෙනය.

” ගමේ උන් කුලප්පු වෙන්න කලින් ගිහින් ඒකිට කතා කරහං …”
ධනුක ඉන් පසුව පැවසුවේය. නුරාන් ඒ පැවසූවේ කුමක්දැයි යලි සිතා බැලුවේය.

” මොන මඟුලක්ද ඕයි ඔය ?…”

අවසානයේ ඔහු එලෙසින් විමසුවේය. ධනුක නුරාන් වෙත හෙලුවේ පිළිකුල් සහගත බව පෙන්වන බැල්මකි.

” ඒක අපි උඹෙන් අහන්න ඕනි …. ලැජ්ජ නැද්ද බං .. හම්බ කරන් කන තැන මෙහෙම වෙන්න …. ඇරත්, අද අර ක්ලයන්ට්ලා එනවා කියලා නේද උඩ දාගෙන ගියේ .. ඒ ටිකට ඉන්න බැරි තරමට තොට අසහනේද ?…”

“: කුණුහරුප කියවන්නෙපා ධනුක  අම්මලා ඉස්සරහ… මං කරපු මඟුලක් නෑ …. ඕක වෙන මොකක් හරි මරාලයක් ….”

ධනුක සිනාසුනේය. පැහැසරා දෙසද බැලුවේය.

” මල්ලී මේ .. ඉසිනි උඹේ ජීවිතේ නොඋන්න කාලේ උඹ වත්සලා එක්ක පැටලි පැටලි හිටපු බව අපි නොදන්නවා නෙවෙයි …. උඹලා කොච්චර එකතුවෙන් උන්නද කියලා ගමේ මිනිස්සුත් නොදන්නවා නෙවෙයි … ඒක හින්දා ආයේ නාඩගම් තියන්න ඕනි නෑ …. උඹ කොච්චර නැ කිව්වත්, මේ ඉන්නේ උඹයි වත්සලයි නෙවෙයි කියන්න උඹට පුලුවන්ද ?…. පුලුවන්ද ?..”

” පිස්සු බං උඹලාට …. මං වත්සලා එක්ක එකතුවෙන් උන්නා.. ඒ ඒක අපි ඔක්කොම එකතු වෙලා කරන බිස්නස් එක නිසා. එහෙම නැතුව මම ඒකි එක්ක ඇඳට නඟින සම්බන්ධතා නඩත්තු කලේ නෑ යකෝ … තොපිට පිස්සුද ඔහොම  මගේ දිහා බලන්න …. අම්මේ ?…. හ්හ්හ් …  මං හොයාගන්නම් මොකක්ද  මේ නාඩගම කියලා …එතකල් , මගේ ඔලුව කන්නේ නැතුව හිටහල්ලා දෙයියනේ කියලා…”

නුරාන් කාමරය තුලට ඇවිද ගියේ ඉසිනිව ඇදගෙනය. ඉසිනි ආපස්සට ඃඇරෙන්නට උත්සාහ කලා වුවද, නුරාන් ඇයට ඉඩ දුන්නේ නැත.

” අම්මා අඬන්නේ නැතුව ඉන්න අම්මේ… ඔක්කොම වෙන්නේ හොඳට … මේ  වීඩියෝ ගමේ උන් දකින්න කලින් මේක නිවලා දාගන්න ඕනි …. නැත්නම් පවුල් පිටින් මේවා අතෑරලා යන්න වෙන්නේ ..”

ධනුක උස් හඬින් කීවේ පැහැසරාටද ඇසෙන්නය.

” අපි මොකක්ද ධනුක කරන්නේ ?..”

” ඇඳුමක් දාගන්න ..වත්සලා මුන ගැහිලා එමු ..”

” ඒත්..”

” මෙවෙලේ අරූ නටන පිස්සුවට ඉඩ දීලා ඇස් කන් වහගෙන ඉන්න බෑ කියලා ඔයාට තේරෙන්නේ නැද්ද සරා …”

‘ එතකොට ඒඩී මිස් ?..”

“ඒකිට ලැජ්ජාවක් තේරුමක් තියෙනවා නම් , නුරාන් ඉස්සරහට පත් වෙන්න යන තත්වේ  ගැන තේරෙනවා නම් හෙට උදේ වෙනකොට ඒකි යන්න යාවි ..”

” මල්ලි යන්න දේවිද ධනුක ..?… “

” පේන බල බල ඉන්න එහෙනම් .. මම ගිහින් එන්නම්…”

පැහැසරා වහා සූදානම් වන්නට නික්මුනාය. ධනුක නොසන්සුන්ව සාලය පුරා ඇවිද්දේය.  එම වට්සැප් පණිවිඩය තවත් කවුරුන්හට ලැබී ඇතිදැයි විශ්වාස නැත. එකත් එකටම මේ සියල්ල පටිගත කරන්නට ඇත්තේ කාර්‍යාලය තුල සිටින අයෙකි. එලෙස නම්  එම තැනැත්තා සමීප  කිහිප දෙනෙකු සමඟ හෝ මේ තොරතුරු බෙදාගෙන ඇතිවාටද සැක නැත.

ධනුක නොසන්සුන් සුසුම් හෙලුවේය. බිඳෙන් බිඳ ගොඩ නඟා ගත් සියල්ල විනාශ විම ඉතා ඉක්මනින් සිදු විය හැඛි බව දැනෙන්නේය. සියල්ලටම වඩා දේවත්වයෙන් සැලකුම් ලබන නුරාන්, සල්ලාලයෙකු බවට පත්වීම කෙලෙස ඉවසා ගන්නද ?

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here