මේ ඒ වසන්තයයි – 58

0
5650

වත්සලා සේම ඇගේ මවද උන්නේ ඉකි ගසමිනි. ධනුක පැහැසරා යමක් පවසනතුරු  බලා උන්නේය. එහෙත් පැහැසරා උන්නේද කිසිවක් වටහා ගන්නට නොහැකිවය.

” ඔය කියන වීඩියෝ එක වත්සලාට කොහෙන්ද හම්බුනේ ?…”

” වට්සැප් එවල තිබ්බේ … ඒ නම්බර් එක වැඩ නෑ…”

ඕ හුස්ම අසීරුවෙන් නවතා ගනිමින් කීවාය.

” මෙහෙම අහනවාට සමාවෙලා, මට වුනෙ මොකද්ද කියන්න දරුවෝ …”

ධනුක පැහැසරා දෙසවත් නොබලාම විමසුවේය. සෝමාගේ සේම වත්සලාගේද හැඬුම් උස්ව නැඟුණේය. වත්සලා කිසිවක් පවසන්නට උත්සාහ නොකරම උන්නාය. ධනුකද ඉවසීමෙන් බලා උන්නේය.

” ඕ හෙමින් හෙමින් දවසේ ඇරඹුම කීවාය. බිඳෙන් බිඳ මතක අවුස්සන බව පෙන්වූවාය. තමා රඟපෑම විශයෙහි ලා මෙතරම් සමත්කාරියක බව වත්සලා දැන  උන්නේ නැත. මේ ඒකපාර්ශවීයව නමුදු, ප්‍රේමයක් නිසා නැඟෙන හැකියාවන් විය යුතුය. ලෝකයම හා ගැටෙන්නට තරමේ ශක්තියක් දැනෙන්නේය. එකී ශක්තිය අවැසි ඔනෑම දෙයකට කාවද්දා භාවිතා කිරීමේ හයියද දැනෙන්නේය.

” දවසටම ආයේ කන මොන එක කොහොම වේද දන්නේ නැති නිසා මම සර්ගෙන් ඇහුවා එළ කිරි එකක් ගේන්නද කියලා.. මම ඒකත් අරගෙන  කැබින් එකට ගියා… අපි ප්‍රසන්ටේශන් එක ඩිස්කස් කලා…. ඊයේ රෑ මම සර් කිව්වට වඩා ඒක ඇඩ්වාන්ස් කලා.. ඒක දැක්කම ඒ සතුටට සර් මාව බඳාගත්තා… මට .. මට ඒක තේරුනේ නෑ… ඒ කියන්නේ..  මම හිතුවේ ඇත්තටම සර් මාව අගය කලා කියලා.. ඒත් .. සර් යකෙක් වගේ වුණා.. අනේ අම්මේ.. මට බෑ .. මට බෑ… මේ දේවල් කාටවත් කියන්න බෑ .. බෑ .. සර්ට නරකක් වෙන්න බෑ… මම මැරෙන්නම් … මම මැරිලා යන්නම් .. අර .. අර මිස් අම්මව බලාගනී නේද අම්මේ… අනේ අම්මේ… අනේ මට එවෙලේ කිසිම දෙයක් කරගන්න බැරුව ගියා අම්මේ .. මට මුකුත්ම කරගන්න බැරුව ගියානේ … කවුරුවත් අපේ දිහා බලන් උන්නා කියලාවත් මම දැක්කේ නෑනේ අම්මේ … අනේ…”

වත්සලා හඬා වැටෙන්නට ගත්තේ මහ හඬිනි. පැහැසරා වහා නැගිට ඕ වැලඳගත්තාය. එහෙත් ඇය අස්වසන්නට පැවසිය යුත්තේ කුමක්දැයි ඇයට වැටහුනේ නැත. සෝමා උන්නේ භීතියෙන් ගල් ගැසීගෙනය.

” වත්සලා .. ජීවිතේට මෙහෙම ප්‍රශ්න එනවා.. අපේ එකා මෙහෙම අසහනේකින් ඉන්න බවක් අපිවත් දැනගෙන උන්නේ නැති එකේ ඔයාට එහෙම දෙයක් නෝතේරුන එක මට තේරෙනවා.. ඒත්, මම මෙවෙලේ වගකීම බාරගන්නවා…. මේ වීඩියෝ එක මෙතනින් එහාට කොහේවත් නොයවන්න අපි බලාගමු.. මේක එවපු කෙනා අනිවාර්‍යෙන්ම ඔයාව ආයේ කන්ටැක් කරාවි … ඒක මැනේජ් කරගන්න ඕනි .. ඒ වගේම, නුරාන් ඔයාගේ වගකීම, ඔයාගේ ජීවිතේ බාරගන්නවා.. ඒක මගේ පොරොන්දුවක්… සමහරවිට ඔයාට එකපාරටම හිත හදාගන්න බැරි වෙයි .. ඒකටත්, ඔයාට සුවපත් වෙනකල් අපි ලඟින් ඉන්නවා…”

වත්සලාගේ කඳුළු මල් වැල් බවට පරිවර්තනය වෙන්නට ගත්තේය. ධනුකලා තම වත මත වන කාන්තිය දකීවියැයි ඕ බිය වූවාය. සැලසුමේ වූ සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවන බව පෙනෙන්නේය. ධනුකලා වීඩියෝව ගැන දක්වන භීතිය වත්සලාට නැත. එනිසාම ඇයට තිබුනේ සැනසීමම පමණි.

නුරාන් ඉසිනිව තම කාමරය තුලටම ඇදගෙන ආවේය. දෙදෙනාම එක්වර කාමරයට ඇතුලු වූයේ නුරාන්ගේ උවමනාව පමණක් ඉස්සර වෙමිනි. ඉසිනි උන්නේ අප්‍රාණිකවය. අඟුලු දැමූ දොර අසල තත්පර කිහිපයක් ඉසිනිව අත් නොහැර උන් නුරාන් ඉන් පසුව ඕ අත් හැරියේය. ඉන් තත්පර කිහිපයකට පසු ගොස් යහනේ හරහට වැටුණේය. ජංගම දුරකතනය බිමට වැටෙනු ඇසුණි.  ඉසිනි කලේ උන් ඉරියව්වේම හිඳ බලා සිටීමය,

නිහැඬියාව  තරමක වෙලා දිගුවට ඇඳුණි. ඉසිනි කාමරයෙන් පිටව යන්නට සිතමින් දොර අඟුලු හරින්නට උත්සාහ කලාය. එහෙත් එක්වරම නැඟුණු හඬින් ඕ නැවතුණාය.

” ඉන්නවාද නැද්ද නොදැන, ඒවිද නැද්ද නොදැන මං අවුරුදු අටකට එහා බලාගෙන උන්නා තාරා…  මට තිබුන එකම විශ්වාසේ වතාවක් පැටලුනත්, ඔයා මට ආදරේ කලේ හදවතින්ම කියනෙක.. ඔයා ඔය හැරුනේ මං ඒ වීඩියෝ එකේ සිහියෙන් ඉන්නවා කියලා හිතාගෙන නම්, ඔය යන ගමන ඔහොමම යන්න තාරා … මං මැරිලා ආරංචියටවත් ආයේ හැරෙන්න එපා ….”

ඉසිනි අඟුල අත් හැරියාය. වේගවත් සුසුම් හෙලුවාය. එක්වරම නුරාන් දෙස බැලුවාය. නුරාන් උන්නේ දෑතින් යහනට බරවී කෙලින් ව හිඳගෙනය. ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ ඔහු යහන  මත පෙරලාගෙනය,

” මේ හැම තැනම ඉම්බාද ඒ කෙල්ල ?…”

ඕ එක්වරම හඬා වැටෙන්නට වූයේ අතොරක් නැතිව නුරාන්ව සිප ගන්නට පටන් ගනිමිනි. ඔහු මතින්ම වත වෙත ඇදෙමින් කොපුල්, නළලත, දෑස් සහ දෙතොල් සිප ගත්තේ උමතුවෙන් මෙන් ය. නුරාන් ඕ පසෙකට කරගන්නට උත්සාහ කලද, ඕ කොටි දෙනක මෙන් නැගෙමින් උන්නාය.

” ඇයි ඉඩ දුන්නේ ?…ඇයි ?…”

ඕ ඉන් පසුව නුරාන් මතින් දෙපා දමා හිඳගෙන ඔහුගේ පපුවට අත මිට මොලවා පහර දෙමින් විමසුවාය. නුරාන් ඇය නවතන්නට උත්සාහ නොකර බලා උන්නේ, ඒ සිප ගැනීම් සහ පහර වැදීම් මතින් තමා තුළ වූ පීඩනය ක්‍රමයෙන් දියව යන බව වටහා ගත් නිසාය. ඇය දැවෙන ඉරිසියාව ප්‍රේමය ලෙසින් කියවා ගන්නට එවෙලෙට නුරාන් රුචි වූයේය.

ඉසිනි දෑත් නුරාන්ගේ ලය මත තදින් තරපවාගෙන ඒ මතට ගතේම බර වැටෙන්නට දෙමින් ඉකි ගසා හැඬුවාය. නුරාන් ඕ පසෙකට කරගත්තේ ඇයට නොදැනෙන්නට සේය. ඉන් පසුව ඇය යළි තම ළයටම ගුලි කරගත්තේය,

” ඒක මං දැනුවත්ව ගත්ත වීඩියෝ එකක් නෙවෙයි තාරා …”

නුරාන් ඇගේ හිස් මුදුන ඉඹිමින් එලෙස කීවේය.  යළි ඉම්බේය. ඉසිනි ගේ හැඬුම් අඩපණව තිබුණි.

” මොකක්හරි වුනා උදේ .. මට ඒක පොඩ්ඩක් ගලපගන්න ඕනි තාරා… සීසීටීවී ෆුටේජ් ටික බලලා ඉමු…”

නුරාන් එක්වරම සිහිව මෙන් කීවේය. එහෙත් ඉසිනි ඔහුට නැගිටින්නට දුන්නේ නැත.

” චුට්ටක් ඔහොම ඉන්න නුරාන් .. ඒ ඔක්කොම නරක හීනය්ක් කියලා මට හිතාගන්න දෙන්න …”

ඕ නුරාන් දෙස හිස යන්තමින් ඔසවා බලමින් කීවාය. නුරාන් මදක් නැවී ඇගේ දෙතොලම  ඉම්බේය. ඉසිනි තිගැස්සුණාය. එහෙත් කම්පනයක් පෙන්වූනේ නැත.

” ඒක නරක හීනයක් නෙවෙයි මගේ තාරා .. ඒක ඇත්තටම වෙන සිද්දියක් … මේක එලියේ පැතිරෙන්න කලින්, මම මේක ලිහාගන්න ඕනි තාරා ….  ඒකට වත්සලාව මුණ ගැහෙන්නම වෙනවා… “

” මාත් එනවා…”

” යමු .. සෝමා නැන්දාව ඔයා දන්නවනේ…”

” අනේ නුරාන් .. ඔයාට කරදරයක් වෙවිද නුරාන් ?… මගේ අවාසනාවටද මේ..”

එක්වරම ඉසිනි යළි ගිණිගත්තාය. නුරාන්ගේ බිඳීම දරාගන්නට නොහැකි තරමින් තමා නුරාන්ට ඇලී සිටින අබ්ව ඕ වටහාගෙන උන්නාය.

” අනේ අනේ තාරා… මගෙ ඔලුව නොකා ඉන්න එකම එක්කෙනා හරි වෙන්නකෝ නෝනා…. මේක විසඳගන්න මට සිහියෙන් ඉන්න උදව් කරන්නකෝ ….”

ඉසිනි හිස සැලුවාය. යලි යලි හිස සැලුවාය.

නුරාන්ගේ ජංගම දුරකතනය අහුලාගෙන එය ඔහු අතට දුන්නේය. නුරාන් ආරක්ෂිත කැමරා පද්ධතියේ දිනයේ දර්ශන  බලන්නට පටන් ගත්තේය. ඉසිනිද අසලින් හිඳ ගත්තාය.

කෙටි වේලාවකට හෝ නුරාන්ව අවිශ්වාස කීරීම ගැන වන කෝපය , ලැජ්ජාව සහ පසුතැවීම ඕ තමා තුලම සඟවාගත්තාය. ඒ හැඟීම සේම මේ හැඟීමද නුරාන් ගැන තම සිත තුල ඇති යම් ඇලීමක හේතු නොවේද ? 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here