පර්ස් එකට හිතැති, අතුරු ආබාධ නොමැති සුදු හඳුන් සත්කාර

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී කෘතීම ආලේපන ඉක්මවා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සම පැහැපත් කරලීමේ මෙන්ම විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීමටත්, සමේ තෙතමනය රැක ගැනීමටත් සුදු හඳුන් උපකාර වනවා. විවිධ ලේබල් වලින් පිරුණු කෘතීම ආලේපන නොමැති ඉපැරණි කාලයක සුන්දර ලලනාවන් සිය රූ සපුව රැකගත් රහස් පිලිබඳ වත්මන් ලෝකය අන්කවරදාටත් වඩා උනන්දුයි.

  • සුදු හඳුන් ජලයෙන් ගලගා මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා ඇල්වතුරෙන් සෝදා හරින්න.
  • සුදු හඳුන් කෝමාරිකා සමග මිශ්‍ර කර ආලේපකර විනාඩි 15 ක් පමණ තබා සෝදන්න.
  • සුදු හඳුන් මී පැණි සමග මිශ්‍ර කර ආලේපකර විනාඩි 15 පමණ තබා සෝදා හරින්න. තෙල් සහිත සමකට ඉතාමත්ම යෝග්‍යයි.
  • සුදු හඳුන් වලට ජලය මිශ්‍ර කර සතියකට වරක් මුහුණ ස්ක්‍රබ් කරන්න.
  • සුදු හඳුන් සහ මී කිරි මිශ්‍ර කර ආලේප කොට විනාඩි 20 පමණ තබා සොදා හරින්න.
  • සුදු හඳුන්, කස්තුරි කහ, යෝගට් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 පමණ තබා සෝදා හරින්න.
  • සුදු හඳුන්, රෝස වතුර, කස්තුරි කහ, දෙහි යුෂ මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 20 කින් සෝදා හරින්න.
  • බ්ලැක් හෙඩ්ස් සඳහා සුදු හඳුන්, තක්කාලි යුෂ, රෝස වතුර මිශ්‍ර කර ආලේප කර, විනාඩි 20 ක් තබා ඉවත් කරන්න.
  • සුදු හඳුන් ජලය සමග මිශ්‍ර කර, මුහුණ, දෑත්, දෙපා සහ ශරීරය ස්කරබ් කරන්න. විනාඩි දෙකක් පමණ තබා එය ශරීරරයේම වියලෙන්නට හැර සෝදා දමන්න.
  • සුදු හඳුන් සීනි සමග මිශ්‍ර කර සිරුර සහ මුහුණ ස්ක්‍රබ් කරන්න.
  • සුදු හඳුන්, කහ ,දෙහි බිංදුවක් සහ ජලය මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් මුහුණ සහ සිරුර ස්ක්‍රබ් කරන්න.
  • සුදු හඳුන් වලට කෝමාරිකා යුෂ, සීනි සහ ජලය මිශ්‍ර කර මුහුණ සහ සිරුර ස්ක්‍රබ් කරන්න. සුදු හඳුන් වලට පිරිසුදු පොල්තෙල් මිශ්‍ර කර ස්ක්‍රබ් කිරීමට යොදාගන්න.

ශරීරයේ දැවිල්ලට – සුදු හඳුන් කුඩු,කිරි සමග මිශ්‍ර කර, මුලු සිරුරේම ගල්වන්න. සිරුරේ දැවිල්ල නැති නැති කරන මේ සත්කාරය දිනපතාම වුවත් සිදු කළ හැකියි.

යටි පතුල් පැලෙනවාට – සුදු හඳුන් කුඩු සහ එලඟිතෙල් මිශ්‍ර කර, හොඳින් සෝදා පිරිසුදු කරගත් පැලුණු දෙපා මත ආලේප කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles