තම පවුලම ඝාතනය කළ John List

ඒ 1971 නොවැම්බර් මස 9 වෙනිදා. පොලිසිය ඉන්නෙ එක්තරා ගෙයක් පරීක්ෂා කරන ගමන්.එහෙම පරික්ෂා කරන්න පොලිසියට තිබුණ හේතුව තමයි කාලයක් තිස්සෙ ඒ ගෙදර කවුරුවත්ම පේන්න උන්නෙ නැති එක. සාමාන්‍යයෙන් කවුරුහරි ගේ අත ඇරල යනවනම් අහල පහල අයට එහෙම කියලනෙ යන්නෙ. එහෙම නැතුව එකපාරටම අතුරුදහන් වෙන්නෙ නෑනෙ. අන්න ඒ සැකේ උඩ තමයි පොලිසිය මේ ගෙදර පරික්ශා කරන්න එන්නෙ.

ඇමරිකාවෙ Westfield, New Jersey වල තමයි මේ කියන ගෙදර තිබුණෙ.පොලිසියට මේ ගෙදර ඇතුලට එනකොටත් මාරම ගඳක් තමයි දැනිලා තියෙන්නෙ.ඒ වගේම පොලිසියට මේ ගේ අස්සෙන් හරිම ගුප්ත සංගීතෙකුත් ඇහිලා තියෙනව. ගඳත් දරාගෙන සංගීතෙත් අහගෙන ඉස්සහට ගියපු පොලිසියට දකින්න වෙලා තියෙන්නෙ නම් එච්චර ලස්සන දර්ශනයක් නෙවෙයි.

මේ ගෙදර සාලෙ තිබිලා තියෙනව සිරුරු හතරක්. නිකන්ම සිරුරු නෙවෙයි හොඳටම කුණූ වෙලා ඕජස් ගල ගල උන්නු මල සිරුරු හතරක්. ගඳ ආවෙ කොහෙන්ද කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද?ඉතින් මේ විදියට මැරිලා ඉඳලා තියෙන්නෙ අවුරුදු 47 වයසැති Helen සහ ඇයගෙ දරුවන් තුන්දෙනා.මේ හතර දෙනාවම මරලා දාලා තිබුනෙ ඔලුවට වෙඩි තියලා කියලා හොයාගන්න පොලිසියට පුලුවන් වෙනවා. කොහොමහරි තව දුරටත් ගේ සෝදිසි කරලා බලද්දි පොලිසියට ඒ ගෙදරම උඩ තට්ටුවේ මරලා දාල තිබුන අවුරුදු 84 ක Alma කියන වයසක කාන්තාවගෙ සිරුරත් හොයාගන්න පුලුවන් වෙනවා.

පොලිසියට මේ විස්තර ඔස්සේ හොයාගන්න පුලුවන් වෙනවා මේ විදියට මේ මරලා දාලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ජෝන් ලිස්ට් කියන මනුස්සයගෙ බිරිඳ, අම්මා සහ දරුවන් කියන එක.හැබැයි දැන් කෝ ජෝන් ලිස්ට් කියන ප්‍රශ්නෙ ඔලුවට එන නිසාම පොලිසිය ඊලඟට කරන්නෙ ජෝන් ලිස්ට්ව හොයන එක. හැබැයි පොලිසියට ජෝන්ව නම් හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ.හැබැයි ගෙදර ලාච්චුවක තිබිලා රිවෝල්වර් දෙකක් වගේම ලියුමක් හොයාගන්න පොලිසියට පුලුවන් වෙනවා.ලියුම ලියලා තියෙන්නෙ ජෝන් විසින් එයාලගෙ ගමේ පල්ලියෙ දේවගැති වරයාට.

“මේ මිනී මැරුම් සියල්ලම මම තමයි කරෙ එවැනි සාහසික දෙයක් වෙනත් කිසිවෙක් කරන්නෙ නැ. මට කිසිම සමාවක් නොලැබෙන බව දන්නවා” කියලා තමයි ජෝන් ඒ ලියුමෙ ලියලා තියෙන්නෙ.ඒ වගේම ජෝන් මේ ලියුමෙ ලියලා තියෙනවා එයා මේ වගේ දෙයක් කරන්න හේතුවෙච්ච කාරනාව මොකද්ද කියන එකක්. එකක් විදියට එයා දක්වලා තිබුනෙ එයාට තිබුණ ආර්තික ප්‍රශ්න. අනෙක විදියට එයා කියලා තිබුනෙ එයා ඉතාම භක්තිමත් කතෝලිකයෙක් හන්දා, එයාගෙ දුව චිත්‍රපටිවල රඟපාන්න යන එක තමන්ට සහ තමන්ගෙ පවුලට කැලලක් වෙන්න හේතුවක් වෙන්න පුලුවන් කියල තමන් හිතපු බව.ඒ හැමදෙයක්ම වෙන එක නතර කරන්න තමයි තමන් මේ විදියෙ තීරණයක් අරගත්තෙ කියලා ජෝන් කියනවා.

මුලින්ම තමන් වෙඩි තිව්වෙ කුස්සියෙ උන්න තමන්ගෙ බිරිඳට බවත් ඒ සද්දෙ ඇහිලා ළමයි දුවගෙන ආවම ලමයින්ට වෙඩි තිබ්බා කියන එකත්,ඊටපස්සෙ අම්මගෙ කාමරේට ගිහින් අම්මට වෙඩි තිබ්බා කියන එකත් ජෝන් මේ ලියුමෙ කියනවා.එහෙම මරල දැම්මට පස්සෙ සිරුරු ටික සාලෙට ගෙනල්ල පිලිවෙලට තියලා මෙයාලගෙ ආත්මයන් දෙවියන්ට භාර කරා කියන එකත් ජෝන් ඒ ලියුමෙ කියනවා.

ඒ විදියට තමයි පොලිසිය දැනගන්නෙ මේ ඔක්කොම මිනීමැරුම් කරේ ජෝන් කියන එක. හැබැයි එහෙම කරාට දැන් කෝ මිනිහා කියන ප්‍රශ්නෙ පොලිසියට ලොකුවටම තියෙනව. කොහොමද ජෝන්ව හොයාගන්නෙ කියන ප්‍රශ්නෙ පොලිසියට තියෙනවා. මේ මිනීමැරුම් වෙලා දැන් මාසයක් විතර කාලෙ ගෙවිල හන්දා ඒක මිනිහට පැනගන්න ඕන තරම් වෙලාව අරන් දීල තියෙන හන්ද ජෝන්ව හොයාගන්න එක ලේසි නෑ කියන එක පොලිසිය දන්නවා. කොහොමහරි අවුරුදු ගාණක් ජෝන්ව හොයලා හොයාගන්න බැරිවෙච්ච තැන පොලිසිය මොකද කරන්නෙ කේස් එක වහලා දානවා.

හැබැයි අවුරුදු දහ අටකට පස්සෙ මේ වහලා දාපු කේස් එක ආයෙ රී ඕපන් කරන්න 1988 අවුරුද්දෙදි පරීක්ෂකයෙක් කටයුතු කරනවා. ඒකාලෙ ඇමරිකා එක්තරා රූපවාහිනි නාලිකාවක් America’s most wanted කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. ඒකෙන් පොලිසියට අල්ල ගන්න බැරි උන අපරාදකරුවන් ගෙ විස්තර සමාජයට ලබා දීලා සමාජයේ උදව්ව ගන්නව එයාලව අල්ල ගන්න.ඒ වගේම එහෙම අපරාධකරුවො හොයල දෙන අයට මුදල් තෑග්ගකුත් දෙනවා. ඉතින් ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් අපි හියන ජෝන් ලිස්ට් ගැනත් විස්තර කියල එයාව හොයල දෙන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලනවා. හැබැයි ඒ වෙද්දි පොලිසිය ලඟ තිබිල තියෙන්නෙත් ජෝන්ගෙ අවුරුදු දහ අටකට විතර කලින් ගත්ත ෆොටෝ එකක් විතරයි. ඒ නිසා මෙයාව හොයන එක එච්චරම ලේසි දෙයක් වෙන්නෙ නෑ.ඒ නිසාම අවුරුදු දහ අටකට පස්සෙ ජෝන්ගෙ දැන් පෙනුම කොයි වගේද කියල බලන්න එයාලා forensics sculpture කියන තාක්ශනික ක්‍රමය යොදාගෙන තිබෙනවා.

ඒකට අරගන්නෙ forensics sculpture field එකේ වැඩ්ඩෙක් වෙච්ච ෆ්‍රෑන්ක් කියන කෙනාව. එයා මේ තාක්ශණය යොදාගෙන ජෝන් ගෙ වර්තමාන පෙනුම හදනවා. America’s most wanted එක පෙන්නන්නෙ අන්න ඒ පින්තූරෙ තමයි.ඒක දැක්කට පස්සෙ පොලිසියට කෝල් එකක් එනවා ඇමරිකාවෙ ඩෙන්වර් කියන පලාතෙ ඉන්න මනුස්සයෙක්ගෙන් තමන්ගෙ ගෙවල් ලඟ ඉන්න රොබට් කියන මනුස්සයට තියෙන්නෙත් ඔන්න ඔය පෙනුමම තමයි කියලා.පොලිසියෙන් ඒ ඔත්තුව ඔස්සේ ඩෙන්වර් කියන ප්‍රදේශෙට ගිහින් රොබට් කියන නමින් ඉන්න ජෝන්ව අත් අඩංගුවට ගන්නවා.

ඒකට තව උදව් වෙන සාක්කියක් වෙන්නෙ මිනීමැරුමට කලින් ජෝන් රොබට් කියන නම පාවිච්චි කරලා අරගත්ත රිවෝල්වර් දෙක සහ ඒ රිවෝල්වර් අරගන්න එයා යූස් කරපු ඇප් එකේ එයගෙ ඇඟිලි සලකුණු සටහන් වෙලා තියෙන එක.ඒ ඇඟිලි සලකුණු රොබට්ගෙ ඇඟිලි සලකුණු එක්ක සංසන්දනය කරාම පොලිසිය දැනගන්නවා රොබට් සහ ජෝන් කියන්නෙ එක්කෙනෙක් කියන එක.

උසාවියෙදි රොබට් එහෙම නැත්තම් ජොන් තමන් විසින් කරපු අපරාධය පාපොච්චාරණය කරනවා. ඒ අනුව උසාවිය එයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙනවා.

හිරේ ඉද්දිම 2008 අවුරුද්දෙ මාර්තු 21 වෙනිදා ජෝන් මිය යනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles