ඇත්තටම කේලිව මරලා දැම්මෙ කේසිද?

මේ කතාව පටන්ගත්තෙ 2015 ජුලි මාසෙ 15 වෙනිදා. ඒ කේලි ඇන්තනි කියන පුංචි ගෑණු ළමයගෙ ආච්චි අම්මා වෙන සින්ඩි ඇන්තනි එයාගේ මේ අවුරුදු දෙකක් වයස මිණිපිරී මාසෙක ඉඳලා අතුරුදහන් කියලා පොලිසියට කෝල් කරලා පැමිණිලි කරන එකත් එක්ක.

මුලු ලෝකෙම බලාගෙන ඉද්දි ඒ ආච්චි අම්මාගෙන් එන ඒ කෝල් එක ලොකුම ලොකු පොලිස් මෙහෙයුමක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මේ පොලිස් මෙහෙයුම අතරවාරයේම පොලිසියෙ සෝදිසි ඇස කේලි ඇන්තනිගෙ අම්මා වෙච්ච 22 හැවිරිදි කේසි ඇන්තනි වෙතටත් යොමුවෙනවා. ඒ අනුව තමයි පොලිසිය කේසිගෙ වාහනේ, සෙල් ෆෝන් එක, කම්පියුටර් එක වගේ දේවල් පරික්ශා කරලා බලන්නෙ. ඒ මෙහෙයුම අතරෙ පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා කේලිගෙ අතුරුදහන් වීම පිටුපස්සෙ සැකය කේසිගෙ පැත්තට හැරවෙන විදියෙ තොරතුරු කීපයක්ම. ඒ ක්ලොරොෆෝම්, බෙල්ල මිරිකීමක් සහ human decomposition. අන්න ඒ කරුණු සහ සාක්කි මුල් කරගෙන තමයි ඔක්තෝබර් මාසෙ කේසි ඇන්තනීව මිනීමැරුමකට වැරදිකරු විදියට අත් අඩංගුවට ගන්නෙ. එයිනුත් මාස දෙකකට පස්සෙ තමයි අම්මා අතින් මිය ගිය පුංචි කේලිගෙ ඇටකටු ෆ්ලොරිඩා වල ඇන්තනි නිවසට පොඩි දුරකින් තියෙන කැලෑබද ප්‍රදේශයකින් හොයාගන්න පුලුවන් වෙන්නෙ.

2011 අවුරුද්ද වෙනකම් කරපු ට්‍රයල් වලදි කේසි ඇන්තනිගෙ පැත්තට තියෙන සාක්කි එහෙම කොච්චර ශක්තිමත් ඒව උනත් කේසි නම් කිව්වෙම කේලිගෙ මේ මිය යාමට තමන්ගෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා. හැබැයි වෙච්ච දේවල් මොනවද කියල කේසි කියපුවා නම් අවස්තා කීපෙකදිම ප්‍රස්පර විරෝධී කියන එක කේසිගෙ පැත්තට තිබිච්ච සැකය තව තව වැඩිවෙන්න හේතුවක් උනා. කේසි මුලින්ම පොලිසියට කිව්වෙ කේලිව එයාගෙ බේබි සිටර් අරගෙන ගියා කියලා. හැබැයි ට්‍රයල් එකෙදි කේසි ඒ කතාව වෙනස් කරා කේලි වැරදීමකින් එයාලගෙ ගෙදර තිබුන ස්විමින් පූල් එකේ ගිලුණා කියලා. ඒ වගේම මේ කේස් එක අලලා හැදුන 2022 Peacock documentary Casey Anthony: Where the Truth Lies එකේ එයා සම්පූර්න වැරැද්ද්දම පටවන්නෙ එයාගේ තාත්තාගෙ අත් දෙක උඩට.  තමන්ගෙ තාත්තා වෙන ජෝර්ජ් ඇන්තනි කේලිව ස්විමින් පූල් එකේ ගිල්ලවන්නෙ තමන්ගෙ අතින් කේලි ඇන්තනීව අපයෝජනයට ලක් වුනා කියන එක හංගන්න කියලා කේසි ඇන්තනි කියනවා.

ඔය සිද්දියෙන් පස්සෙ ජෝර්ජ් ඇන්තනිත් තමන්ගෙ දුව කියන කතාවට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කතාවක් තමයි තමන්ගෙ සාක්කියෙදි කියන්නෙ.තමන් කියන්නෙ බොරුවක් නෙවෙයි කියල ඔප්පු කරන්න ජෝර්ජ් සහ සින්ඩි lie detector test එකක් පවා අරගන්නවා. කේසි සහ එයාගෙ දෙමව්පියන් කියන කතන්දර එකිනෙකට එකක් වෙනස් උනාට මේ වෙච්ච සිදුවීමෙන් සහ අවුරුදු දෙකක් වයස පුංචි කෙලීගේ අතුරුදහන් වීම ආයෙ කවදාවත් හරිගස්සවන්න බැරි විදියට ඇන්තනී පවුල කඩා වට්ටලා තියෙනවා කියන එක හැමෝම පිළිගන්නවා.

2008 ජුනි 16: කේසි ඇන්තනි සහ ඇගේ දියණිය කෙලී ෆ්ලොරිඩාවේ පවුලේ නිවසින් පිටවෙනවා

කේසිගෙ නඩුව පටන්ගන්නෙ 2008 ජුනි මාසෙදි.ඒ කේසි එයාගෙ අවුරුදු දෙකක් වයස පුංචි දුව උන කෙලි එක්ක තමන්ගෙ ෆ්ලොරිඩාවල තියෙන ගෙදරින් පිටවෙච්ච දවසෙ සිදුවීම් එක්ක. මොකද එහෙම පිටවෙලා ගිය කේලි ආයෙ මාසයක් යනකම් දකින්න උනේ නැති නිසා. 2008 ජූලි 15 වෙනිදා කේසි ඇන්තනිගේ දියණිය කේලි අතුරුදහන් වී ඇති බවට සින්ඩි විසින් වාර්තා කරනවා පොලිසියට. “මගේ මිණිබිරියව කවුරුහරි අරන් ගිහින් කියලා මට ආරංචි වුණා,” කියල තමයි සින්ඩි පොලිසියට පැමිණිල්ලක් දානවා.

“එයා අතුරුදහන් වෙලා මාසයක් වෙනවා. අන්තිමේදී එයාගේ අම්මා එයා අතුරුදහන් වෙලා කියලා පිළිගත්තා.මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල මට තේරෙනවා. මට අද මගේ දුවගේ කාර් එක හම්බුනා, ඒ කුණු කාර් එකේ මළ සිරුරක් තිබුණා වගේ ගඳක් එනවා.” කියලා සින්ඩි කියනවා.

හැබැයි මේ ගැන විස්තර හොයද්දි කේසි කියන්නෙ “මමත් මගෙ දරුවව මාසෙකින් දැක්කෙ නෑ. බේබි සිටර් ගෙ නම සැනී. එයා තමයි බබාව අරගෙන ගියේ.” කියලා.

2008 ජූලි 16 වෙනිදා කේසි ඇන්තනි අත්අඩංගුවට ගන්නවා.ඒ එයාගෙ අම්මා කෙලි අතුරුදහන් වෙලා කිව්ව දවසට පස්සෙන්දා. දරුවන් නොසලකා හැරීම, අසත්‍ය ප්‍රකාශ ලබා දීම සහ බාධා කිරීම කියන චෝදනා එයාට එල්ල වෙනවා. කේසි එයාගෙ බබාවා එයාලගෙ බේබි සිටර්ගෙ ගෙදර දාලා ගියා කියල කියනවා. ඒ වගේම තමන් වැඩ කරන්නෙ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ කියලත් කියනවා. ඒ උනාට මේ ප්‍රකාශ දෙකම අසත්‍ය බව පොලිසිය හොයාගන්න එකත් එක්ක තමයි මේ කේස් එකේ සැකේ කේසි දිහාවට වැඩිපුර යොමුවෙන්නෙ.

2008 ජූලි 22 වෙනිදා කේලිගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කේසි ඇන්තනි සැකකාරයෙක් විදියට පොලිසිය නම් කරනවා. 2008 ඔක්තෝබර් 14 වෙනිද තමයි කේසි ඇන්තනිට මිනීමැරුම් චෝදනා යටතේ අධිචෝදනා ගොනුවෙන්නෙ. ඒ ෆ්ලොරිඩා මහා ජූරි සභාව විසින්. 2008 දෙසැම්බර් 11 ඇන්තනි පවුලේ නිවස අසලින් කේලි ඇන්තනිගේ ඇටසැකිලි කොටස් හොයාගන්න පුලුවන් වෙනවා.ඒ වෙද්දි කේලි අතුරුදහන් වෙලා මාස් අපහකට කිට්ටුයි. ඒකට උදව් වෙන්නෙ ඔරේන්ජ් ප්‍රාන්ත මීටර කියවන්නා වෙන රෝයි ක්‍රොන්ක්. කේසිගේ මිනීමැරුම් නඩු විභාගයේදී ක්‍රොන්ක් සාක්කි දෙනවා 2008 අගෝස්තු මාසයේදී ඒ කියන්නෙ කේලිගේ දේහය සොයා ගැනීමට මාස හතරකට කලින් ඒ තැනම සුදු පාට හිස් කබලක් දකින්න ලැබුණා කියන එක. තමන් ඒ විත්තිය පොලිසියට කිව්වට පස්සෙ ඒක බලන්න නිලධාරියෙක් ආවත් එයා හරියට එතන සෝදිසි කරේ නෑ කියලා.

“නිලධාරියා එක් පැත්තක් බලා පසුව අනෙක් පැත්ත බැලුවා. ඊට පස්සේ එයා පැය භාගයක් තිස්සේ එයාගේ කාලය නාස්ති කිරීම ගැන මට බැන්නා.” කියලා තමයි ක්‍රොන්ක් ඒ සිදුවීම විස්තර කරන්නෙ.

2011 මැයි 24 වෙනිදා කේසි ඇන්තනිගේ ඝාතන නඩු විභාගය ආරම්භ වෙනවා.ඒ ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හිදී. මේක සති හයක් විතර කාලයක් තියෙනවා. ජෝස් බේස්ගේ නායකත්වයෙන් යුත් විත්ති පාර්ශ්වය කිව්වේ කේලි අහම්බෙන් පූල් එකට වැටිලා මැරුණා පස්සෙ ජෝර්ජ් දරුවව වල දාන්න උදව් උනා කියන එක. ඒ වගේම ජෝර්ජ් කේලිව අපයෝජනයට ලක් කරා කියන එකත් ජෝර්ජ් කේසිවත් පුංචි කාලෙදි අපයෝජනයට ලක් කරා කියන එකත් මේ නඩු විභාගයෙදි කියනවා. හැබැයි ජෝර්ජ් නම් ඒක දැඩිව ප්‍රතික්ශේප කරපු චෝදනාවක් උනාලු. හැබැයි කේසි එයාගෙ කම්පියුටර් එකෙන් ක්ලොරොෆෝම් ගැන හොයල තිබුණ search history එක කේසි පස්සෙ කිව්ව හැම කතාවක්ම බොරු කරන්න වගේම, කම්පියුටර්, ෆෝන් එක සහ වාහනෙ හම්බුවෙච්ච සාක්කි ඔක්කොම කේසිට විරුද්ධව ගොඩ ගැහුනා. “කිසිවෙකු අනතුරක් මිනීමැරුමක් ලෙස පෙන්වන්නේ නැත,” කියලා ෆ්ලොරිඩාවේ ඔරේන්ජ් සහ ඔස්කියෝලා ප්‍රාන්ත වල රජයේ නීතිඥ වුණ ජෙෆ් ඈෂ්ටන් ජූරි සභාවට කිව්වෙ ඒ ඔක්කොම සාක්කි පෙන්නලා.

2011 ජුලි 02 වෙනිදා කේසි ඇන්තනි මිනීමැරුමකට වරදකරු නොවූ නමුත් වැරදි ක්‍රියා චෝදනා මත වරදකරු බවට පත්වෙනවා. කේසි මිනීමැරුම්, මනුෂ්‍ය ඝාතනය සහ ළමා අපයෝජන ඇතුළු සියලු බරපතල චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු නොවන බව තීරණය කරලා පොලිසියට බොරු කීම සම්බන්ධයෙන් චෝදනා හතරක් මත වරදකරු කරනවා.ඒ අනුව එයාට අවුරුදු හතරක සිර දඬුවමක් හම්බුවෙනවා. 2011 ජුලි 17 කේසි හිරෙන් නිදහස් වෙනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles