වයස අවුරුදු තිහ කියන්නේ ඔබේ ජීවිතයේ තරුණ කාලයේ ආරම්භය වුණත් ඒ කාලයේදී ඔබේ ශරීරය බාහිරින් වගේම අභ්‍යන්තරයෙන්ද විවිධ වෙනස්කම් වලට භාජනය වනවා. මේ කාලයේදී ඔබේ කාර්යබහුල ජීවන රටාව , මානසික තත්ත්වය ,ආහාර පුරුදු සහ රැකියාවේ ආතතිය යන හේතූන් මත විවිධ ආකාරයට ඔබේ ශාරීරික තත්ත්වයන් වෙනස් වන්නට පුළුවන්. එම නිසා ඔබට ස්වයං රැකවරණ පුරුදු තිබීම අතිශයින්ම වැදගත්.
ඔබේ සම රැකවරණ ක්‍රියාවලිය පරිපූර්ණ කරගන්න

ඔබ වයසට යනවාට වඩා ඉක්මනින් ඔබේ සම වයසට යාම සිදුවනවා. ඒ වගේම සම මත විවිධ වෙනස්කම් සිදුවීම ද ඉතා වේගයෙන් සිදු වනවා. සම වියලීමට ලක් වීම ,රැළි ඇතිවීම , පිග්මන්ටේෂන් තත්ත්වයන් ඇති වීම , ඇස් වටා අදුරු කව මතුවීම සහ විවිධ ලප කැලැල් මතුවීම සිදුවනවා. මේවා ඇතිවීමට පෙර ඒවා ඇතිවීම වළක්වා ගැනීම සහ පාලනය කර ගැනීම සඳහා ඔබට නිසි සම රැකවරණ ක්‍රියාවලියක් අවශ්‍ය වනවා. මේ සඳහා ඔබ භාවිතා කළ යුතු වන්නේ ඔබේ සමේ වර්ගයට ගැලපෙන හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයි. එම නිෂ්පාදන නිවැරදි ආකාරයෙන් දිනපතා භාවිත කිරීමෙන් ඔබේ සම විවිධ තත්ත්වයන් වලින් ආරක්ෂා කර ගත හැකි වෙනවා.
හොඳින් වතුර බොන්න

ඔබේ සම නීරෝගීව තබා ගැනීම සහ ඔබේ ශරීර සෞඛ්‍ය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වතුර අත්‍යවශ්‍ය දෙයක්. නමුත් කාර්යබහුල ජීවන රටාවන් නිසා බොහෝ දෙනෙකුට දිනකට අත්‍යවශ්‍ය වතුර ප්‍රමාණය පානය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.නමුත් මෙමගින් සිදුවන්නේ ඔබේ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලින් සඳහා බාධා පැමිණවීම සහ ශරීරය බාහිරින් වියපත් වීමේ සලකුණු ඉතා ඉක්මනින් මතු වීමයි. එම නිසා ඔබ මොනතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කරත් ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය වතුර ප්‍රමාණය දෛනිකව ලබා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
සමබල ආහාර වේලක් ගන්න

ඔබ ඔබේ ආහාර වේල කෙරෙහි විශේෂයෙන්ම උනන්දුවක් දැක්විය යුත්තේ ඔබ වයස්ගත වූ පසුව නොවේ. ඔබ තරුණ කාලයේදීම හොඳ ආහාර රටාවන් වලට පුරුදු වීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ක්ෂණික ආහාර ,සැකසූ ආහාර සහ අධික සීනි සහිත ආහාර භාවිතය හැකි තාක් අවම කිරීම සිදුකළ යුතු අතර ඔබ මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් නිවසේ පිසූ ආහාර ,නැවුම් එළවළු සහ පළතුරු , සීනි රහිත යුශ වර්ග පරිභෝජනය කිරීම මගින් ඔබේ සෞඛ්‍ය සම්පන්න බව වඩාත් හොඳින් පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා.
මිත්‍රත්වයන් පවත්වා ගන්න

සමහර පර්යේෂණ වලට අනුව මිනිස්සුන්ට බොහෝ තනිකම ආශ්‍රිත හැඟීම් දැනෙන්නේ වයස අවුරුදු තිහ සහ ඒ ආසන්න කාල පරාසයන් වලදීයි. වයස අවුරුදු තිහ යනු පරිණත භාවයට පත්ව ඇති වයස් සීමාවක් නිසා ඔබට ඉතා හොඳ මිත්‍රත්වයන් පවත්වා ගෙන යාමට හැකියාව තියෙනවා. ඒවා ඔබේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තිමය ජීවිතයටත් හොඳ ආකාරයෙන් බලපෑම් ඇති කරන මිත්‍රත්වයන් විය යුතුයි. ඒ වගේම ඔබ පවත්වාගෙන යන මිත්‍රත්වයන් ඔබේ මානසිකත්වයට සහ මනෝභාවයට යහපත් බලපෑම් ඇතිකරන ඒවා ද විය යුතුයි.
ව්‍යායාම කරන්න

ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම මගින් ඔබේ ශරීරයට වගේම මනසටත් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ශාරීරිකව ක්‍රියාශීලීව සිටීමෙන් ඔබට දවස අවසානයේදී ඉතා හොඳ සහ ගුණාත්මක නින්දක් ලබා ගැනීමටද හැකි වනවා. ශරීරයෙන් හොඳින් දහඩිය නිකුත් වීම මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති විෂ ඉවත් වීම සිදුවන අතර එමගින් ඔබේ ශරීර අභ්‍යන්තරය වගේම ඔබේ සමග නීරෝගී වීම සිදුවනවා. ඇවිදීම , දිවීම , පිහිනීම ,බයිසිකල් පැදීම හෝ යෝගා අභ්‍යාස වල නිරතවීම වැනි කුමක් හෝ ක්‍රියාශීලී ක්‍රියාකාරකමක නිරත වීම ඔබේ දෛනික චර්යාවක් බවට පත් කර කර ගන්න.
විනෝදාංශයක් තෝරා ගන්න

වයස අවුරුදු තිහ කියන්නේ ඔබ ඔබේ රැකියාව සමඟ , වෘත්තිමය ජීවිතය සමඟ හෝ ඉදිරි අධ්‍යාපන කටයුතු සමග අතිශයින්ම කාර්යබහුල වන කාලයක්. සමහරවිට ඒ වනවිට ඔබ විවාහක අයෙක් නම් පවුල් ජීවිතයේ වගකීම්ද ඔබ සතුව පවතිනවා. මේ කුමන තත්ත්වයක් යටතේ වුනත් ඔබට ඔබව මඟ හැරෙන්නට දීම කළ යුතු නැහැ. එම නිසා ඔබ කැමති දේවල් සහ ඔබ දක්ෂ දේවල් කෙරෙහි ද ඔබ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දින දෙකකට වරක් වත් ඔබ කැමැති දෙයක නිරත වීම කෙරෙහි හෝ යම් විනෝදාංශයක නිරත වීම කෙරෙහි ඔබේ කාලය ඔබ වෙන්කර ගත යුතුයි. මෙවැනි දේවල් මගින් ඔබේ මනස නිරවුල් වන අතර එය ඔබේ ශාරීරික යහපැවැත්මට ද සෘජුවම බලපානවා.
මේ මොහොත සතුටින් ගත කරන්න

බොහෝ දෙනකු මේ මොහොත සතුටින් ගත කරනවා වෙනුවට ඉදිරියේදී සතුටින් සිටීමට කාරණා සොයමින් කාලය වැය කරනවා. මෙහිදී සිදුවන්නේ ඔබට මේ මොහොතේ සතුටු විය හැකි කාරණා මගහැරීමයි.අවසානයේදී සිතා බලන විට ඔබට සතුටින් සිටීමට කාලයක් තිබී නැහැ. ඔබ සෑම විටම උත්සාහ කළ යුත්තේ මේ මොහොතේ ඔබ සතුව ඇති දේවල් වලින් සතුටු වීමට සහ මේ මොහොතේ ඔබ සතුව ඇති දේවල් වලින් තෘප්තිමත් භාවයට පත් වීමටයි.
ඔබේ ජීවන රටාව මොනතරම් කාර්ය බහුල එකක් වුණත් ඔබ වෙනුවෙන් කාල වේලාව වෙන්කර ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ ඔබටමයි. ලෙඩ රෝග වලින් තොර මානසික අතින් ඉතා යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඔබ ඔබ කෙරෙහිම ආදරය දැක්විය යුතුයි. මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ සඳහා ඔබට අනුගමනය කළ හැකි පහසු පියවරයන් කිහිපයක්.