ගුරු පත්වීම හම්බුනාට පස්සේ ජයනි වෙනදට වඩා පිළිවෙලට අඳින්න පළඳින්න පුරුදු වුනා. කොහොමටත් ජයනි පිට ආටෝපෙට වැඩිපුර මුල් තැනක් දීපු කෙනෙක්.
” හැඩට ඇඳලා ගියා වගේම දරුවන්ට හොඳට උගන්නන්නත් ඕනේ….”
දවසක් ජයනිගේ අම්මා ජයනිට එහෙම කිව්වේ, ජයනි ඉස්කෝලෙදි හරියට උගන්නන්නෙ නැහැ කියලා ජයනිගේ අම්මගේ මිතුරියක් ජයනිගේ අම්මට කියලා තිබුණ නිසා. අම්මත් ඒ ගැන ජයනිට කෙලින්ම කතා නොකර වක්‍රාකාරව ඒ විදියට කිව්වේ ඇත්තටම තමන්ගේ දියණියගේ සමහර චරිත ලක්ෂණ ගැන අම්මාටත් කලකිරීමක් තිබුණ නිසා.
” ඉගෙන ගන්න උන්ට ඕනේ අම්මේ උගන්නන්න… උන් බලන් ඉන්නෙ පන්තියෙන් එලියට පනින්න කොයි වෙලාවෙද කියලා.
.. එහෙම ඔවුන්ට මොනවද උගන්වන්න පුලුවන් …. අනෙක උන් ඉගෙන ගන්න එක නැති එක අදාල නෑනේ මගේ අඳින පළඳින එකට….”
අම්මට ජයනිගෙන් ලැබුන එහෙම උත්තරයක්. අවුරුදු හතළිස් ගානක ගුරු වෘත්තියේ අත්දැකීම් එක්ක උන්නු ජයනිගේ අම්මට ඒ වචන දැනුනේ පිහි පාරක් වගේ. ඉගෙනීමට අකැමැත්තක් දක්වන දරුවන් කෙරෙහි වැඩි අවධානයයි යොමු කරමින් තමන් බොහෝ දරුවන්ව සාමාන්‍ය පෙළ කඩඉමෙන් එපිටට පන්නවපු විදියට අම්මට මතක් වුනා.
සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ කරන්න ඒ ළමුන්ගේ හිත් වල අධ්‍යාපනය වෙනුවෙන් වටිනාකම ඇති කරන්න තමන් වෙහෙසුණු හැටි මතක් වුණා. ඒ වෙහෙසීමේ ප්‍රතිඵල විදියට රෝහල්වල වෛද්‍යවරුන් , නීතිඥවරුන් ගුරුවරුන් , තමන්ගේ ඇස් දෙකට පෙනෙද්දී ඒ තමන් විඳින නිරාමිස සුවය ගැන සිහිවෙලා අම්මට සැනසුම් සුසුමක් හෙලවුනා. ඒ වගේම අනෙක් පැත්තට තමන්ගේ දියණිය ගුරු වෘත්තයේ වටිනාකමත් වගකීමත් හරි හැටි තේරුම් නොගෙන කටයුතු කරන එක ගැන වේදනාවේ සුසුමකුත් ජයනිගේ අම්මට හෙළුනා.
ඔය අතරෙවදි ජයනිට නගරේ පාසැලට මාරුවක් ලැබුනා. ගමේ ඉස්කෝලෙ ඉන්නකොට වඩා නගර ඉස්කෝලෙට ගියහම වැඩිපුර ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වියදම් කරන්න ජයනිට සිද්ධ වුනොත් ජයනි ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ.
අවුරුදු හතරකට පස්සේ මේ විදියට නගරයේ ඉස්කෝලේට මාරුවීමක් ලැබුණත් ජයනිගේ ඉගැන්වීම් ක්‍රම වලවත්, ඇය ළමුන් කෙරෙහි දක්වපු ආකල්ප හැසිරීම් වලවත් වෙනසක් නම් වුණේ නැහැ. නමුත් ගමේ ඉස්කෝලේ අම්මලා ජයනිට විරුද්ධව පෙනී සිටින්නට තරම් දැනුවත් නොවුනට නගරයේ ඉස්කෝලේ අම්මලා නම් ජයනි ගැන විදුහල්පතිතුමියට පැමිණිලි කරන්න දෙපාරක් හිතුවෙ නැහැ.
” මේකයි ජයනි මිස්…..පාසලක් ඇතුලේ ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම අනුගත වෙන්න ඕනෙ විනය පද්ධතියක් තියෙනවා. ජයනි මිස් , මං හිතන්නේ ජයනි මිස්ගේ සේවා කාලය ඇතුලේ දැන් මිස් ඒ ගැන දැනුවත්……”
විදුහල්පති තුමිය ජයනිව තනි කරලා, විදුහල්පතිතුමියගේ කාමරයට ගෙන්නවගෙම එහෙම කිව්වා.
” ඔව් මැඩම් ….මම ඒ ගැන දන්නවා මං අඳින පළඳින විදිහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න…..”
” නෑ නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ ……ගුරුවරු උනාම ළමයින්ට ප්‍රසන්න විදියට ඇඳලා පැළඳලා ඉන්න එක බොහොම හොදයි. ….”
“මං ඒත් හිතුවා මං මේ පෙනුමට අඳින අඳින පළඳින එක ගැන මැඩම්ටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මොකද මම කලින් ගමේ ඉස්කෝලේ ඉන්නකොට ගමේ ඉස්කෝලේ කීප දෙනෙක් මගේ සාරිවල ගණන් ගැනයි , මං කොණ්ඩෙට ගහන කටු වල හැඩ ගැනයි කතා කර කර ඉඳලා තියෙනවා කියලා මටම ආරංචි වෙලා තියෙනවා….”
” නෑ නෑ මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි ජයනි….. තමන් කරන්න ඕන විලාසිතාව හරි, තමන්ගේ ඇඳුම අදාල ස්වභාවය හරි තීරණය කරන එක තමන්ගේ වගකීම…. මම මේ කතා කරන්න හැම දෙයක් ගැන නෙවෙයි…..”
“එහෙනම් මැඩම් .., මොන වගේ ප්‍රශ්නයක්ද ?”
” ජයනි මිස්ගේ සබ්ජෙක්ට් එකේ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා කියලා දෙමව්පියෝ කීපදෙනෙක්ම කම්ප්ලේන් කරලා තියෙනවා. ඒ වගේම පළවෙනි වාර විභාගේ ළමයින්ගේ ලකුණු වලත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා …. ජයනි මිස් ලකුණු සැසඳුම බලන්න ඇතිනෙර්..”
“ඉතිහාසය කියන්න එහෙම දිය කරලා පොවන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි මැඩම්. මම මගේ පුළුවන් උපරිමෙන්ම ළමයින්ට උගන්වනවා… ළමයි ඉගෙනගන්නේ නැති එක ඇත්තටම මගේ වරදක් නෙවෙයි ..මට ඒකට කරන්න දෙයක් නැහැ……”
” එහෙම නෙමේ ජයනි මිස්… ඉතිහාසය කියන්නේ කොහොමටත් ළමයි බහුතරයකට ප්‍රියශනක විෂයක් නෙවෙයි. සෑම මිස්ගේ අතේ තමයි විෂය ප්‍රියජනක කිරීමේ වගකීම තියෙන්නේ. අනිත් එක මේ ඉගෙන්වීම් ක්‍රමවේදය ඇතුලේ කොහොමද ළමයට සමීප වෙලා අපිට අවශ්‍ය කරන දැනුම ළමයට දෙන්න කියන කාරණය ගැන මිස්ලා ඕන තරම් ඉගෙන ගෙන ඇති……ප්‍රායෝගික ප්‍රායෝගික පුහුණුවීම් කරලත් ඇති. අන්න ඒ දැනුම චුට්ටක් පාවිච්චි කරන එක වෘත්තීය වගකීමක්… මේ අපි කරන දේ … කියන්නේ රැකියාවක් වගේම වගකීමක්. මොකද අපි මෙතනින් එළියට යන දරුවන්ට මූලික දැනුමවත් හරියට නොදී අතෑරියොත් එහෙම ඒ ළමයි ඉබේ පාවෙන සරුංගල් වගේ වෙනවා. අඩුම තරමේ ඉස්කෝලෙන් එළියට යනකං වත් අපි මේ ළමයින්ට පාර කියන්න ඕනේ….”
විදුහල්පති තුමිය ජයනිගේ අම්මට පාදන්න බැරි උන, ජයනිගේ ඇස් දෙක පාදන්න හේතු වෙන කාරණා ගොඩක් කිව්වා
වැටුපකට කරන රැකියාවක් වුණත් ,ගුරු වෘත්තිය ඇතුලේ තම තමන් ස්වාධීනව දරන්න ඕනේ ස්වයංව වග වෙන්න ඕනේ කාරණා තියෙන බව විදුහල්පතිතුමිය මතක් කරා
ජයනි එදා ගෙදර ගියේ වෙනදට වඩා හිතේ බරක් තියාගෙන
අවුරුදු ගනනාවක් තිස්සේ තමන් ගත්ත වැටුපට සරිලන සේවයක් තමන් කරලා නැද්දෝ කියන සැකය ජයනිගේ හිතේ එකපාරටම කැලතෙන්ම වෙන්න ගත්තා. ඒ වගේම තමන්ගේ අම්මා ගුරු වෘත්තියේ යෙදුණු කාලෙට පස්සේ මගදී හමුවෙන බොහෝ දෙනා අම්මගේ හොඳ කියපු විදිය ගැන ජයනිට මතක් වෙන්න ගත්තා
“ඇත්තටම මම ළමයින්ට ඉගැන්නුවෙ නැද්ද ඇත්තටම මම ළමයින්ට යන්න ඕනේ පාර පාදලා දුන්නේ නැද්ද ?”
ජයනි එහෙම කල්පනාකරා
කාලය හරිම වේගයෙන් ගෙවුනා.
ජයනි උගන්නපු පළවෙනි ළමුන් කණ්ඩායම සාමාන්‍ය පෙළ විභාගයට පෙනේ සිටියා. ඉතිහාසයේ විශය සඳහා සමත් ප්‍රතිශතය සියයට සීයයි. එයිනුත් සියට 85ක්ම ඒ සාමාර්ථ එය කලාපයේත් හොඳම ඉතිහාසයේ ප්‍රතිඵලය
” ඉතිහාසය වගේ විෂයක් ළමයින්ට මේ තරම් ප්‍රියජනක විදියට උගන්වන ළමයි මේ තරම් සමත් ප්‍රතිශතයකට ගෙන්වන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම හරිම සතුටුයි… අපි ආරාධනා කරනවා කලාපයේ අනිත් ඉතිහාසය ගුරුවරුන් එක්කත් ඔබගේ ගැන්වීම් ක්‍රමවේද බෙදාගන්න කියලා…”
පන්ති පරීක්ෂාවට ආපු වෙලාවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විදුහල්පතිතුමියත් ඉදිරියේ ජයනිට එහෙම කියනකොට ජයනි විදුහල්පතිතුමිය දිහා බැලුවේ ඉබේටමයි. විදුහල්පතිතුමිය ජයනි දිහාවට හිස නවලා යන්තම් හිනා වුණා. ජයනි විදුහල්පතිතුමිය දිහා බලලා ඒ හිනාව දස දහස් ගුණයකින් ඇය වෙතට ආයෙම ලබා දුන්නා
” අම්මා මට මේ කාරණා කිව්වත් කිව්වත් මං ඒ කාරණා ගැන ඒ තරම් හිතුවේ නැහැ මැඩම්. ඇත්තටම මම හිතුවේ…., ඇත්තටම මම ගුරු වෘත්තියේ වගකීම හරියට තේරුම් අරගෙන හිටියේ නැහැ කියලා මට දැන් හිතනවා. ඒත් මැඩම් කියල කියපු කාරණා වලට පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.. ඇත්ත ඉස්කෝලේ නෝනා කෙනෙක් කියන්නේ , ඉස්කෝලෙ මහත්තයෙක් කියන්නේ වැටුප් එකට එහා ගියපු වගකීමක්. මැඩන්ට බොහොම ස්තූතියි මට ඒ පාර කිව්වට….”
ජයනි එහෙම කිව්වම විදුහල්පතිතුමිය නැගිටලා ඇවිල්ලා ජයනි එකේ අත් දෙකෙන්ම අල්ලලා ඇයට සුබ පැතුවා
” අපේ ජීවිතය අපට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ හැරවීම් වලට මුහුණ දෙන එක ජයනි මිස් ………ජයනි මිස් රැකියාව ඇතුළේ ගමන් කරගෙන ආපු විදිය සීයට සීයක්ම අනෙක් පැත්තට හැරෙව්වා ……..බලන්න ඒකෙන් කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වුණාද කියලා. සුබ පැතුම් ඉදිරියටම යන්න ……!”
ReplyForwardAdd reaction |