මරණයෙන් අවසන් වූ මිතුදම

කළ්‍යාණ මිත්‍ර ඇසුර අපිව ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා කියන දේ අපි ඉගෙන ගත්තෙ පුංචි කාලෙ ඉඳලා. ඒ නිසාම අපි කෙනෙක්ව යාලුවෙක් කියලා අඳුන්වන්න කලින් එයාව කොච්චර නම් හොඳට තේරුම්ගන්න උත්සහ කරනවද නේද? සමහර යාලුකම් අපිට දැනෙන්නෙ සංසාරෙ පතාගෙන ආව යාලුකම් විදියට. සමහර යාලුකම් තියෙනවා අපි මැරෙන දවස වෙන තුරාම කිසි වෙනසක් නැතුව අපෙ ළඟින් හැම දුක සැපකදිම ඉන්න.

ඒත් ඒ අතරෙම තියෙනව අපේ ජීවිතේ කෙලවර කරන්න හේතුවෙන විදියෙ යාලුකම් කියන වෙස් මුහුණු වලින් වැහිච්ච අපි නොදන්න ජාතියෙ සබඳතවා. අද අපි අරගෙන එන මේ crime story එකෙන් ඔයාලා එක්ක බෙදාගන්නෙත් අන්න ඒ වගේ වැරදියට identify කරගත්ත යාලුකමක් ගැන කතාවක්.

මේ 2025 මාර්තු 29 වෙනිදා ඉන්දියාවේ ගුජරාත්වල තැනක්.බාරුච් වල කාණුවක් ලඟ තියෙන මැස්සො වහන බෑග් එකට බල්ලො සෙට් එකක් රණ්ඩු වෙන ගමන් තමයි ඉන්නෙ. සාමාන්‍යයෙන් බල්ලො මේ වගේ දේවල් වලට රණ්ඩු වෙන හන්දා මිනිස්සු ඒක ගැන ලොකුවට උනන්දු උනේ නෑ. හැබැයි මේ බෑග් එකෙන් පුදුම කුණු ගඳක් තමා ආවේ. මෙතන ඉඳපු එක බල්ලෙක් මේබෑග් එකට කටට අරගෙන උස්සන්න හදද්දි තමා හැමෝම බයවෙන මහ පුදුම දෙයක් උනේ.

බෑග් එක ඇතුල තිබිලා බිමට වැටෙන්නෙ විකෘති වෙලා තිබුන, නරක් වෙන්න මනුස්සයෙක්ගෙ ඔලුවක්. අන්න ඒක දැකලා තමා මිනිස්සු ඒ වටේට එකතුවෙන්නෙ සහ පොලිසිය එතනට එන්නෙ. මේ කේස් එක හැන්ඩ්ල් කරන්න පටන් ගන්න ගුජරාට් පොලිසිය හොයාගත්ත මිනිස් ඔලුව forensic department එකට භාරදෙනවා පරීක්ෂණ වලට. ඒ වගේම “ඔලුව මෙතනින් හම්බුනා කියන්නෙ අනිත් ශරීර කොටසුත් මේ කාණුවෙම ඇති” කියල පොලිසිය උපකල්පනයකට එනවා.

ඒ මෙහෙයුම් වලට අනුව පොලිසියට පුලුවන් වෙනවා හිස හොයාගත්ත තැනට මීටර් දෙකක් විතර දුරින් තිබිල ඇඟේ කොටසුත් හොයාගන්න.

ඒත් කාගෙද මේ ශරීර කොටස්? කවුද මේ විදියට නැතිවෙලා තියෙන්නෙ? අන්න ඒ ප්‍රශ්නෙ තමයි පොලීසියට ඊලඟට හිතට එන්නෙ. Forensic Team එක ඒ වෙද්දි හිටියෙත් මේ ඇඟේ කොටස් පරීක්ෂණය කරන ගමන් තමයි හිටියෙ. මූණ හොඳටම විකෘති වෙලා තිබුන හන්දා මේ මිය ගිහින් ඉන්නෙ කවුද කියන එක හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම ශරීරය නරක් වෙලා තියෙන විදියට මෙ මනුස්සයා මිය ගිහින් තියෙන්නෙ මීට දවස් තුන හතරකට කලින් කියන එකත් හොයාගන්න පුලුවන් වෙනවා.

පොලිසිය පටන් ගන්නවා අතුරුදහන් වෙලා ඉන්න මිනිස්සු කවුද කියලා හොයන්න. ඒ අතරෙ මැරිච්ච මනුස්සයගෙ දත් පරීක්ෂා කරනවා. එතනදි හොඳ හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙනවා. මොකද මේ මැරිච්ච කෙනා දතට කොපුවක් දාලා තියෙනවා. ඒ වගේ කොපු දැම්මම ඒ දන්ත ශල්‍යාගාර වල patients ලගෙ records තියාගෙන ඉන්නවා. එතකොට එහෙම තැනකින් මේ සෝදිසිය පහසු කරන බව පොලිසිය දන්නවා අත් දැකීමෙන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද කොපු දාන හැම කෙනාගෙම, විශේෂයෙන්ම මේක ගමක් නිසා ඒ වගේ ගම්වල තියෙන දන්ත ශල්‍යාගාර patients ලගෙ records තියාගෙන ඉන්නවද කියන එක. කොහොමහරි තව හෝඩුවාවක් හම්බුවෙනවා මේ මියගිය කෙනාගෙ අතට tattoo එකක් තිබුනා කියල හඳුනගන්න පුලුවන් ඩොට්ස් තුනක්. මේ මනුස්සයව මරපු කෙනා ඒ tattoo එක අයින් කරලා දාන්න උත්සහ කරත් එයා නොදැනුවත්වම මේ ඩොට්ස් තුනක් ඉතුරුවෙලා තිබුන එක සෝදිසි මෙහෙයුම තව අඩියක් ඉස්සරහට ගෙනියන්න උදව් වෙනවා.

ඒ අතරෙ අතුරුදහන් වීමේ පැමිණිලි පරීක්ෂා කරද්දි පොලිසිය දකිනවා මාර්තු 28 වෙනිදා, ඒ කියන්නෙ මේ ශරීරය හොයාගන්න කලින් දවසෙ මෝහිත් චෝහාන් කියලා කෙනෙක් එයාගෙ සහෝදරයා වුණ සචින් චෝහාන් අතුරුදහන් කියලා පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා කියන එක.ඒ ගැන විස්තර හොයද්දි සචින් චෝහාන් ගේ පින්තූරෙකුත් තියෙනවා. අන්න එතනදි තමයි පොලිසිය දැනගන්නෙ මේ ඉන්නෙ අර තමන්ට හොයාගන්න පුලුවන් උන ශරීර කොටස් වල අයිතිකාරයා කියලා. මොකද පින්තූරෙ ඉන්න සචින්ගෙ අතේ එයාගෙ නම tattoo කරලා අන්තිමට ඩොට්ස් තුනක් තියලා තියෙනවා.

මෝහිත් චෝහාන්ට කෝල් එක යන්නෙ ඒ විදියට. මෝහිත්ට කෝල් කරන පොලිසිය අහනවා “ඔයාගෙ මල්ලි දතට කොපුවක් දාලා ඉන්නවද?” කියලා. මෝහිත් කියනවා “ඔව් සති කීපෙකට කලින් මල්ලි දතට කොපුවක් දැම්මා” කියලා.

මෝහිත්ට පොලිසියට එන්න වෙන්නෙ ඒ අනුව. මෝහිත්ගෙන් පොලිසිය දැනගන්නවා සචින් බාරුච් වල වේදන්ග් සොසයිටි එකේ එයාගෙ බිරිඳ සහ දරුවා එක්ක තමයි ජීවත් උනේ කියලා. සචින්ගෙ ගෙදර හොයාගෙන යන පොලිසිය දකින්නෙ වහලා දාපු ගෙයක්. අසල්වැසියන් කියනවා සචින්ගෙ බිරිඳ එයාගෙ දරුවා අරගෙන බිරිඳගෙ ගමට කියා කියලා. ඒ කතාව පොඩ්ඩක් අමුතු හන්දා පොලිසිය සැක කරනවා. සචින් මැරෙන්න කලින් ඇයි පාරුල් ගෙදර ගියේ කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න තමා පොලිසිය පාරුල්ගෙ මහ ගෙදරට යන්නෙ.

“සචින්ගෙ ෆෝන් එක වැඩ නැත්තෙ එයා බැංගලෝර් වලට ගිහින් ඇති” කියලා පාරුල් කියද්දි පොලිසියට හිතාගන්න බැරිවෙනවා ඇයි පාරුල් එහෙම කියන්නෙ කියලා. ඇත්තටම පාරුල් බොරු කරනවද එහෙම නැත්තම් එයා ඇත්තටම සචින් මැරිලා කියලා දන්නෙ නැද්ද/ ඇයි පාරුල් මෙච්චර දවසක් තමන්ගෙ මහ ගෙදර ඉන්නෙ කියලා. මේ ප්‍රශ්නෙ නිසා පොලිසිය ආයෙ මෝහිත්ට කතා වෙනවා. මෝහිත් කියනවා “පාරුල්ගෙ ගමේ වෙඩින් එකකට සචින් එක්කමයි එයාලා ගමේ ගියේ. හැබැයි ආපහු ආවෙ සචින් විතරයි. සචින් ඉඳියෙ පාරුල්ටයි දරුවටයි ආපහු එන්න කෝච්චි ටිකට් බුක් කරන්න” කියලා.

ඒ කියන්නෙ ඒ දෙන්න අතරෙ ප්‍රශ්නයක් තිබිල නැති බවත් පාරුල් සමහර විට අහිංසක වෙන්න පුලුවන් බවත් පොලිසිය හිතනවා. ඒ වගේම මෝහිත්ගෙන් පොලිසිය දැනගන්නවා සචින් එක්ක අවසාන කාලෙ ඉඳපු සචින්ගෙ හොඳම යාලුවා උන ශෛලේන්ද්‍ර ගැන. පොලිසිය උත්සහ කරනවා එයාව සම්බන්ධ කරගන්න. ඒත් පොලිසියට ඒක කරන්න පුලුවන් වෙන්නෙ නෑ. මෝහිත් එක්ක සචින් අතුරුදහන් කියලා පැමිණිලි කරන්න ඇවිත් තියෙන්නෙත් ශෛලේන්ද්‍ර මයි. හැබැයි මේ වෙද්දි මිනිහා ආ ගිය අතක් හොයාගන්න නැති වෙනවා. මේ ගැන සැක හිතෙන තමයි පොලිසිය සචින්ගෙ වගේම ශෛලේන්ද්‍රගෙ ෆෝන් ලොකේශන් චෙක් කරනවා. ඒකෙන් පොලිසියට දැනගන්න පුලුවන් එනවා සචින්ගෙ බොඩි එක හොයාගත්ත තැනදිම ශෛලේන්ද්‍රගෙ ෆෝන් එක ඇක්ටිවෙ වෙලා තියෙනවා කියන එක පොලිසිය හොයාගන්නවා.

ඒ අනුව තමයි ශෛලේන්ද්‍රව හොයාගන්න ලොකු මෙහෙයුමක් දියත් වෙන්නෙ. ඒ මෙහෙයුම අනුව සචින්ගෙ බොඩි එක හම්බුවෙලා දවස් හතරකට පස්සෙ ශෛලේන්ද්‍රව අල්ලගන්න පොලිසියට පුලුවන් වෙනවා.

“ඔව් මම සචින්ව මැරුවා” කියල පිලිගන්න ශෛලේන්ද්‍ර ඒකට හේතුව විදියට කියන කතාව පොලිසියෙ ඇස් උඩ යවන්න හේතුවෙනවා.මොකද ඒ කතාව වින්දිතයා කවුද කියලා ප්‍රශ්නාර්තෙකට පොලිසියව ඇදලා දානවා.

හැබැයි ඒ හේතුව දැනගන්න අපිට ආපහු අවුරුදු දොලහක් පස්සට යන්න වෙනවා.

සචින් සහ ශෛලේන්ද්‍ර එකටම තමයි ගුජරාට්වලට රස්සාවට එන්නෙ.සචින් පාරුල්ව බැඳලා එයාව ගෙදර තියල තනියම තමා එන්නෙ. සචින් තනියම කුලී ගෙදරක තමයි ඉන්නෙ. ශෛලේන්ද්‍ර ඉන්නෙ එයාගෙ බිරිඳ එක්ක කුලී ගෙදරක.

“දෙන්නම කුලී ගෙවල් දෙකක ඉන්නෝන නෑනෙ. ඔයා අපේ ගෙදර එන්න. අපි කුලිය බෙදාගමු” කියල සචින්ව ගෙදර එක්කරගෙන එන්නෙ ශෛලේන්ද්‍රමයි. අන්න ඒක තමයි මේ හැම ප්‍රශ්නෙකටම හේතුවෙන්නෙ. ශෛලේන්ද්‍ර ගෙදර නැතිවෙලාවක සචින් ශෛලේන්ද්‍රගෙ නෝනා බාතෘම් එකේ නාන එකක් හොරෙන් රෙකෝඩ් කරගන්නවා.

ඉන්පස්සෙ පාරුල් ආපහු තමන්ගෙ පුතා එක්ක බාරුච් වලට ආව හන්දා සචින්ට ශෛලේන්ද්‍රගෙ ගෙදරින් අයින්වෙලා වෙනම ගෙදරකට යන්න වෙනවා. දෙන්නා තමන්ගෙ පවුල් එක්ක ගෙවල් දෙකක ඉද්දි ශෛලේන්ද්‍රට උවමනා වෙනවා ලක්ෂ හතරක මුදලක් හොයාගන්න.සචින් ඒකට උදව් වෙනවා. ඒ ප්‍රයිවට් ලීසින් කම්පනි එකකින් සල්ලි අරන් දීලා. ඒකෙ වාරික හරියට ගෙවාගෙන යන ශෛලේන්ද්‍රට එක මාසෙක ඒක ගෙවන්න බැරි වෙනවා. සචින් ශෛලේන්ද්‍ර ඒකට බණීනවා. ඔය පටන් ගන්න රණ්ඩුව කෙලවර වෙන්නෙ දෙන්නා තරහකාරයො කරලා. අන්න ඒ සිදුවීම එක්ක තමයි සචින් ශෛලේන්ද්‍රව බ්ලැක්මේල් කරනවා අවුරුදු කීපෙකට කලින් සචින් රෙකෝඩ් කරපු ශෛලේන්ද්‍රගෙ නෝනා නාන වීඩියෝ එක පෙන්නලා.

මේක දකින ශෛලේන්ද්‍රගෙ කකුල් වෙව්ලනවා තමන්ගෙ පොඩි කාලෙ ඉඳලා හොඳම යාලුවා මෙහෙම දෙයක් කරේ කොහොමද කියලා. ශෛලේන්ද්‍ර සචින්ගෙ කකුල් දෙක ළඟ වැටිලා ඒක ඩිලීට් කරන්න කියලා ඉල්ලනවා. ඒත් සචින් ඒක කරන්නෙ නෑ. එයා හිනාවෙලා ඒක මගාරිනවා. ශෛලේන්ද්‍රට ඒක දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ. එයා මේකම හිතනවා. මානසිකව වැටෙනවා. ශෛලේන්ද්‍ර මේ වීඩියෝ එක ඩිලීට් කරන්න විදියක් හොයන්නෙ ඒ විදියට. මේ අතරෙ තමා සචින් පාරුල් එක්ක වෙඩින් එකකට ගෙදර ගිහින් ආපහු එන්නෙ තනියෙන් කියලා. මේක දැනගන්න ශෛලේන්ද්‍ර තමන්ගෙ බිරිඳවත් හෝලි උත්සවේට ගමේ යවනවා. ගෙදර තනියෙම ඉන්න ශෛලේන්ද්‍ර සචින්ට ඩිනර් එකකට එන්න කියනවා. හොඳටම බොන සචින් මත්වෙලා නිදාගෙන ඉද්දි ශෛලේන්ද්‍ර ෆෝන් එක ඩිලීට් කරන්න ෆෝන් එක ගන්නවා. ශෛලේන්ද්‍රට උවමනා වෙන්නෙ නෑ සචින්ව මරන්න. එයාට ඕන උනේ විඩියෝ එක ඩිලීට් කරන්න. ශෛලේන්ද්‍ර සචින්ගෙ ෆෝන් එකේ ගැලරි එකේ වීඩියෝ එක් සර්ච් කර කර ඉද්දි සචින් එකපාරටම නැගිටලා ඇවිත් ෆෝන් එක උදුර්ලා අරගෙන ශෛලේන්ද්‍රට හොඳටම බණිනවා.

මෙච්චර දවස් හිත අස්සෙ හිරකරගෙන උන්න හැම වේදනාවක්ම ඉවසීමේ සීමාව පන්නලා එලියට මතුවෙන්නෙ අන්න එවෙලේ. ඒ කේන්තිය නිසාම මේසෙ උඩ තියෙන පිහිය ගන්න ශෛලේන්ද්‍ර සචින්ගෙ බෙල්ලෙ ඉඳලා බඩ වෙනකම් එක දිගටම පිහියෙන් ඇණගෙන ඇණගෙන යනවා.

සචින් මිය යන්නෙ ඒ විදියට. මේක අතපසුවීමක් කියල ශෛලේන්ද්‍ර දන්නවා. මොකද එයාට උවමනා උනේ වීඩියෝ එක ඩිලීට් කරන්න විතරයි. ඒත් අන්තිමෙ මොකද උනේ? අන්න ඒ නිසා තමයි ශෛලේන්ද්‍ර කඩේට ගිහින් මස් කපන පිහියක් අරන් ඇවිල්ලා සචින්ව කොටස් කරන්නෙ. ඒ වගේම සචින්ගෙ ටැටූ එක තියෙන මස් කොටස කපලා අයින් කරන්නෙ. ඊටපස්සෙ ඒ සිරුරු කොටස් සීසීටිවි නැති තැන්වලට ගිහින් මේ සිරුරු කොටස් රෑට ගිහිල්ලා එක එක තැන්වල දාලා එනවා. කාන්තාවක් විදියට වෙස් වලාගෙන අත් වලට ග්ලව්ස් දාලා, මූණට මාස්ක් දාගෙන තමයි ශෛලේන්ද්‍ර මේ ගමන යන්නෙ.

ඒත් කොච්චර හැංගිලා කරත් වරදක් කරොත් ඒකට දඬුවමක් ලැබෙනවමයි. ඒ අනුව තමයි පොලිසියට පුලුවන් වෙන්නෙ සචින්ව මරලා දැම්මෙ ශෛලේන්ද්‍ර කියන එක හොයාගන්න.

යාලුකමක් අවසන් වෙන්නෙ ඒ විදියට.

ඒත් ඇත්තටම මෙතන වැරදි කවුද?

අන්න ඒ ප්‍රශ්නෙ නම් හැමදාම ඉතුරුවෙලා තියේවි.

Related Articles

Don't Miss


Latest Articles