කල්පනා උසස් පෙළ ඉවර වෙලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යන්න පටන් ගත්තේ තමන්ට වගේ ගෙදරටත් ශක්තියක් වෙන්න හිතාගෙන. දෙවැනි වතාව විභාගය කරන්න සූදානමක් නොතිබුණු නිසා කල්පනාට වෙනස් විකල්පයක් තිබුණෙ නැහැ. රෝගාතුර වෙලා ඉන්න තාත්තා සහ අම්මා වගේම ඒ වෙනකොට පාසල් අධ්‍යාපනය ලබමින් උන්න මල්ලිලා දෙන්න වෙනුවෙනුත් කල්පනී තමන්ගේ ජීවිතේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු ඉඩ එතනම නැවැත්තුවා.
පළවෙනි වතාවේ උසස් පෙළ ප්‍රතිඵල එනකොට කල්පනා විභාගය සමත් වෙලා තිබුණොත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන්න තරම් ඒ ලකුණු ප්‍රමාණවත් වුණේ නැහැ. පාසලේ ගුරුවරු නම් කිව්වෙම දෙවැනි වතාවෙත් විභාගයට පෙනී සිටින්න කියලා. ඒත් අන්තිමේදි කල්පනා තීරණය කරලාම කර්මාන්තශාලාවේ සේවයට යෑම තෝරා ගන්නා.
“ලොකු ……. ලොකු ඉස්කෝලෙ මහත්තයා කියන විදිහට පුතාට වෛද්‍ය විද්‍යාලයට යන්න තව ලකුණු කිහිපයක් ලු මදි. ඉතින් පුතේ කොහොම හරි ආයෙත් පාරක් විභාග කරන්න ….තාත්තටයි මටයි ඇහැකි ඔය කියන ඒවා බලාගන්න……”
කල්පනා ගේ අම්මා එහෙම කිව්වත් කල්පනා ගත්ත තීරණය වෙනස් කරේ නැහැ. මොකද කල්පනා දැනගෙන හිටියා කල්පනාගේ තාත්තට තවදුරටත් ඔවුන් පස්දෙනා නඩත්තු කරන්න වෙහෙසෙන්නන බැරි බව.
“ලකුණු කිහිපයයි කිව්වට ඒක එහෙම ලකුණු කිහිපයක්ම නෙමෙයි …. අනිත් එක මේ රස්සාවෙත් ඇති වැරැද්දක් නැහැ. බලමු. ඉස්සරහට එන විදියකට , ඉගෙන ගන්න දේවල් වලට කාලය යොමු කරන්න පුළුවන් වුනොත් මං ඒක කරනවා. දැන් ආයෙ ආයේ ඕක ගැන කතා කරන්න එපා ….. අනිත් එක අම්මා ඕක නිතරම කියන්න ගත්තම ලොකු මල්ලිගේ හිත පෑරෙන්න පුළුවන්. මල්ලිට මේ පාර විභාග කරගන්න ඉඩ දෙන්න…….”
කල්පනා අම්මට ආයෙම එහෙමත් කිව්වා. ඊට පස්සේ කල්පනා උසස් පෙළට දෙවැනි වතාවට පෙනෙන්නේ එක ගැන ගෙදර කිසිම දෙයක් කතා වුණේ නැහැ.
මිතුරියෝ දෙවැනි වතාව විභාගයට පෙනී සිටින්න උපකාරක පන්තිවලට යනකොට කල්පනා ඇඟලුම් කර්මාන්තශාලාව සේවයට ගියා. කල්පනාගේ මිතුරියෝ උපකාර පන්තියේ ඇරිලා එනකොට කල්පනා ඇඟලුම් කර්මාන්ත ශාලාව සේවය නිම කරලා ගෙදර ආවා.
හිත රිදුනත් කල්පනා හිත ඇතුලේ තිබුණු සැලසුමකට ශක්තිය අරගෙන කොහොම හරි ජීවිතය ලබාදෙන ඔස්සේ ඉදිරියට යමින් හිටියා.
ඒ අවුරුද්දේ කල්පනාහේ ලොකු මල්ලිත් උසස් පෙළට පෙනී සිටියා. පළවෙනි වතාවට උසස් වලට පෙනී හිටපු ගමන් මල්ලි කොළඹ වැඩපළක අත් උදව් කරන්න දෙන්න ගියා. මල්ලී අවධාරනය කලේ එකම එක තීරණයයි.
” ආ ඉතිං ඕක කතා කරන්න දෙයක් නෑ අක්කේ. තව මාස අටක් තියෙනවා. තවුසේ ලෑස්ති වෙල විභාගය කරන්නම ඕනේ……”
එතරම් කාලයක් නිහඬව වේලා උන්න ලොකු මල්ලිගේ හඬ ඉක්මවා යන්න කල්පනාට පුළුවන් වුණේ නැහැ. අන්තිමේදී මිතුරියන්ගේත් උදව් ඇතුව කල්පනා විගයට සූදානම් වෙන්න පටන් ගත්තා
මල්ලි කල්පනාගේ පන්ති ගාස්තු වගේ ම, ගෙදර වියදමට ඕන මුදලුත් හැකි උපරිමයෙන්ම ගෙදරට එව්වා. ලොකු මල්ලී ගෙදර ආවේ පවා මාසෙට එක දවසයි.
ප්‍රතිඵල ආවා ආවා. ප්‍රතිඵලවල හැටියට කල්පනාගේ ලොකු මල්ලි ගාල්ල ඉංජිනේරු පීඨයට තේරිලා තිබුණා.
තමන්ගේ පුතා ඉංජිනේරුවෙක් වෙන්න යනවා කියන එක කල්පනාගේ අම්මටයි තාත්තටයි දරාගන්න බැරි තරමේ සතුටක් උනා. කල්පනා සතුටු වෙන අම්මයි තාත්තයි දිහා බලාගෙන හිටියේ විභාගෙට පෙනී ඉඳලා මේ සතුට තාත්තටයි දෙන්න ඕනේ කියලා හොඳින්ම හිතා ගන්න අතරේ.
ඊට පස්සේ කල්පනාගේ උසස් පෙළ විභාගයක් තිබුණා. විභාගය අවසන් කරලා කල්පනා ආයෙමත් ඇඟලුම් කර්මාන්තශාලාවට එකතු වුණා. මල්ලි ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා.
ඒ අනතුර රැකියව කරන කාලේ හඳුනගත්ත ගත්තු හිතවතුන් මාර්ගයෙන් කල්පනාගේ ලොකු මල්ලි laptop පරිගණකයකුත් මිලදී අරගෙනයි තිබුණේ. ඔහු ඒ පරිගණක උපරිමයෙන් භාවිතා කරමින් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ කටයුතුයි කිහිපයකටම යොමු වෙලා උන්න නිසා කල්පනාට ගෙදර වියදම් වෙනුවෙන් සෑහෙන සහයෝගයක් ලැබුණා
අන්තිමේදි කල්පනාගේ උසස් පෙළ ප්‍රතිඵලත් නිකුත් වුණා. කල්පමා කරාපිටිය වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබලා තිබුණා.
” තමන්ගේ දෙමව්පියෝ ගැන හිතෙන මේ වගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. කල්පනා දෙවැනි වතාවට විභාගය අතහැරියේ මල්ලිගේ ජීවිතය අඩියක් ඉස්සරහට ගන්න හිතාගෙන…. අම්මලාගේ බර තමන්ගේ කරට අරගෙන….. අන්තිමේදී මල්ලි ඉදිරිපත් වෙලා අක්කගේ ජීවිතේ ඉදිරියට ඇද්දා……”
කල්පනාට උපහාර පිදීමේ උත්සවයේදී එහෙම කියවුනේ ඒ කාරණාව සඟවන්න දෙයක් නොතිබුණු නිසා.
කල්පනා හිස සලලා විදුහල්පතිතුමිය කියපු කතාව පිළිගත්ත
“සමහර වෙලාවට අපට ජීවිතයේ අඩියක් පස්සට තියන්න වෙනවා. හැබැයි ඒ පස්සට තියෙන අඩිය නිසා අපට අඩි දෙකක් ඉස්සරහට තියන්න ශක්තිය ලැබෙනවා. මම දෙවැනි පාර විභාගය අතහැරලා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයට ගියත් මම නිතරම හිතුව තව අවුරුදු එකකින් හරි දෙකකින් හරි ආයෙම උසස් පෙලට කොහොම හරි පෙනී ඉන්නවා කියලා…. මම හැමදාම ඒක හිතුවා… .. හැමදාම එක පේපර් එකකට හරි උත්තර ලිව්වා.
…. අන්තිමේදී ලොකු මල්ලි ඉදිරිපත් වෙලා මගේ කරේ තිබිච්ච බර ටිකක් නිදහස් කරා. දැන් අපි දෙන්නම ජීවිතේ ඉස්සරහට අඩියක් තියලයි තියෙන්නේ ……..මට හැමෝටම කියන්න තියෙන්නේ කොයි තරම් බාධක ගැටලු තිබුණත් ඉගෙනීම අතහරින්න එපා. ඔබට අහසට ඉගිල්ලෙන්න ලැබෙන ශක්තිමත් අත්තටු හදන්න ඉගෙනීම නිසා……..”
කල්පනා තමන්ට ලැබුණු අවස්ථාවෙන් කතා කරපු වචන ස්වල්පය අවසන් කලේ එහෙම.
ReplyForwardAdd reaction |