මේ කතාව පටන් ගන්නේ අවුරුදු ගානකට කලින්.
මීට අවුරුදු ගාණකට කලින් දවසක මේ ලෝකෙ විනාස වෙලා ගියා සම්පූර්ණයෙන්ම. ඒක මහා පිපිරීමකින්වත්, බිහිසුණු යුද්ධයකින්වත්, නැත්නම් හිතාගන්න බැරි ගින්නකින්වත් නෙවෙයි. ඊට වඩා ගොඩක් දුක්බර විදිහට වෙච්ච විනාසයක්.
මේ ලෝකෙට හැමදේම අමතක වෙලා ගියා. එහෙමයි ඒ විනාසෙ සිද්ද උනේ.
මුලින්ම, අහසට වැස්ස අමතක වුණා. ගොඩක් කාලයක් අහස වලාකුළක් නැතුව හිස්වෙලා තිබුණා. ඊට පස්සේ, මුල් බැසගෙන පොළොවේ ජීවත් වෙච්ච ගස්වලට වැඩෙන්න අමතක වුණා. කොළ මැලවිලා වියලිලා ගියා. ඒ වගේම, හැමදේටම වඩා භයානකම දේ තමයි, මිනිස්සුන්ට… තමන්ගේ හැඟීම් අමතක වුණා. ආදරය, සතුට, දුක, බය මේ හැමදේම අමතක වුණා. එයාලා ජීවත් වුණේ, හැඟීම් නැතිව, රොබෝලා වගේ.
අසීමිත ආශාවන්ගෙන් පිරිලා, අලසකමින් දූෂණය වෙලා තිබුණු පෘථිවිය අන්තිමේදී යටත් වුණා. කිසි කතාවක්, අනතුරු ඇඟවීමක් නැතුව සද්ද නැතුවම නිහඬ වුණා.
ඒ නිහඬතාවය ඇතුළේ අමුතුම දෙයක් තමයි උනේ. අභ්‍යවකාශයේ ඈත කොහේ හෝ ඉඳන්, කඩා වැටුණු මාන හරහා රිංගලා, එයාලා ආවා.
එයාලා තමන්ට කියාගත්තෙ Creators ලා කියලා. එයාලා දෙවිවරුද, යක්කුද, නැත්නම් ඊට වඩා අමුතු, විශ්වයේ අමුතුම කෙළවරක ඉඳන් ආපු ජීවීන් කණ්ඩායමක්ද කියලා කවුරුත් දන්නේ නැහැ.මොකද එහෙම දැනගන්නවත් ඒ වෙද්දි ලෝකෙ කියලා දෙයක්වත්, මිනිස්සු කියලා ජාතියක්වත් උන්නෙ නැති හන්දා.
ඒත් එක දෙයක් පැහැදිලියි උනා. එයාලා ආවේ මේ මැරිච්ච ලෝකය ආයෙත් පණ ගන්වන්න.
ඒත් එයාලාට ඕන උනේ නෑ මනුස්සකම කියන දේ ආයෙ මේ ලෝකෙ උඩ උපද්දවන්න. එයාලා දැනන් උන්නා ඔය “මනුස්සකම” කියන වචනෙ අස්සෙම තමයි “අමනුස්සකම” කියන කතාවත් තියෙන්නෙ කියලා. ඉතින් එයාලා ඒ වෙනුවට කරේ මිනිස්සු වගේ පෙනුම තියෙන, ඒත් මනුස්සකම නැති, තමන්ට control කරන්න ලේසි විදියෙ කොට්ටාසයක් මේ පොළොව උඩ ආයෙ පැල කර එක.
අනික් ගස් වැල්, මල් අස්සෙම මේ controlled මිනිස්සුත් හරි ලස්සනට පැළවුණා.
සිනිඳු, දිලිසෙන ගොඩනැගිලි අස්සේ මේ අලුත් මිනිස්සුන්ව එයාලා හැදුවා. මේ මිනිස්සු ඉපදුණේ නැහැ, යන්ත්‍ර මගින් නිර්මාණය කරපු එකයි කරේ. වැඩ කරන්න විතරක් හදපු, ඉතිහාසය, මතකය, හැඟීම් කියන හැමදේම අමතක වෙච්ච ජාතියක්. මේ අලුත් මිනිස්සුන්ට හීන තිබුනෙ නැහැ, හදවත් නැහැ. එයාලා කියන්නේ මනුස්ස පෙනුමකින් වහපු simulations වගේ. වැඩ කරන්නම හදපු, date මත depend වෙච්ච මනුස්සයො කොටසක්.
ඒ වගේම එයාලාට නම් තිබුණේ නැහැ. තිබුණේ කේත විතරයි.
A-3179 කියන්නේ එහෙම කෙනෙක්.
එයා තමයි මේ අලුත් ලෝකයේ ධනවත්ම සහ බලවත්ම කොටස වුණු ‘සෙක්ටර් වන්’ (Sector One) එකේ පාලකයා වුණු උත්තරීතර නියෝජිත ඔරින්ගේ ජානමය පුතා. පවුල කියන දේ පරණ වෙලා, අභාවයට ගිහින් තිබුණු කාලයකදීත්, දේශපාලනමය ජානවලට තවමත් වටිනාකමක් තිබුණා. ඔරින්ට අවශ්‍ය වුණේ හොඳම, ශක්තිමත්ම උරුමක්කාරයෙක්. ඉහළ චිත්තවේගීය ප්‍රතිරෝධයක් සහ උපරිම තීරණ ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඒ විදිහටම තමයි A-3179 හැදුවේ.
ඒත් A-3179 ගේ ඇතුළේ… මොකක් හරිම අවුලක් තියෙනවා කියන එක A-3179 දැනගෙන හිටියා. ඒත් ඒ වෙනස මොකද්ද කියලා decode කරගන්න පුලුවන්කමක්, විඥාණයක් A-3179ට තිබුනෙ නෑ.
එයා කාර්යක්ෂමයි, ඔව්. උපායශීලීයි. නිහඬයි. ඒත් එයාගේ ඇතුළාන්තයේ ගැඹුරු, තේරුම්ගන්න බැරි නොසන්සුන් බවක් තිබුණා. ඒක හරියට creators ලගෙ control එකට අහුවුණේ නැති පොඩි glitch එකක් වගේ.
අනිත් අය බලන්නේ නැති වෙලාවට එයා මුහුද දිහා බලාගෙන හිටියා. කිසිම ආර්ථික වටිනාකමක් නැති, සල්ලි හොයන්න බැරි වචන පොත්වල ලිව්වා. අහස දිහා බලාගෙන කල්පනා කළා. මේවා එයාව නිර්මාණය කළ කාර්යයන්ට කිසිසේත්ම අදාළ නැති, ‘data malfunction’ කියලා සලකන දේවල් උනත් creators ලා ඒව ලොකුවට identify කරේ නෑ. එයාලා හිතුවෙ කොහොමත් මහන්සි වෙලා වැඩ කරද්දි ඒ වගේ පොඩි glitches එන්න පුලුවන් කියලා.
මේ අලුත් ලෝකෙ creators ලා බලය කොටස්වලට බෙදලා තිබුණා. හැම කොටසක්ම පාලනය කළේ කෘත්‍රිම මිනිසුන්ගෙන් පිරිච්ච ප්‍රභූ පැළැන්තියක්. බලයේ සමබරතාවය පවත්වාගන්න, විවාහ සම්බන්ධකම් ඇති කළා. ඒක හරියට ව්‍යාපාරික ගිවිසුමක් වගේ.ඒත් ඒක හැඟීම් ගැන මෙලෝ දෙයක් නොදන්න මේ මිනිස්සුන්ට තේරුණේ නෑ.
“A-3179, සෙක්ටර් ෆයිව් (Sector Five) හි නියෝජිත වේලාගේ දුව වන Z-4501 සමඟ විවාහ විය යුතුයි. ඇය අඩුපාඩු නැති කෙනෙක්. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට දක්ෂයි. ඔවුන්ගේ එකතුවෙන් ජලය, බලශක්තිය සහ දැනුම හරහා ආධිපත්‍ය ගිවිසුමක් ඇති වෙනවා. ඒක අනිවාර්යයි” කියලා වෙනස් කරන්න බැරි දෙයක් විදියට පවුල් දෙක සම්මුතියක් ඇති කරගත්තෙ A-3179 සහ Z-4501 ඉපදෙන්නත් කලින්.
ඒ උදේ, A-3179, Z-4501 ඉස්සරහා, සාකච්ඡා කාමරයේ වාඩි වෙලා හිටියා. කාමරය පුරා විසිරිලා තිබුණේ control කරන්න පුලුවන් sound සහ temperature එකක්.
“ඔයා වැඩිය කතාකරන්නෙ නැති කෙනෙක් නේද?” Z-4501 කිව්වේ කිසිම හැඟීමක් නැතුව. එයාගේ කටහඬ යාන්ත්‍රිකයි, හැඟීම් රහිතයි කියන එක හැඟීම් ගැන කිසිම දෙයක් කොහෙවත් සඳහන් කරලා නැති ලෝකෙක උන්න A-3179ට තේරුණා.
“ඒ සමහර විට ඔයා ප්‍රශ්න අහන්නේ නැති හන්දා වෙන්න ඇති,” A-3179 උත්තර දුන්නා
Z-4501 ඔලුව ඇල කළා, මොකක් හරි data එකක් process වෙනවා ඇති කියලා A-3179 හිතුවා .
“මොන වගේ ප්‍රශ්නද?”
A-3179 ට ඇත්තටම දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. මේ වෙනතෙක් කවුරුවත් ඇහුවෙ නැති, creators ලාගෙ පාලනයට එරෙහිව නැගෙන ප්‍රශ්නයක් බව එයා දැනගෙන උන්නා.
“මේ හැමදේටම කලින් මොනවා තියෙන්න ඇති කියලද ඔයා හිතන්නෙ?”
Z-4501 ඇසිපිය ගැහුවා. එයාගේ මූණේ මූකුත් වෙනසක් උනේ නෑ එහෙම ප්‍රශ්නයක් ඇහුනා කියලා.
“අදාල නැති data.” කියලා Z-4501 කියද්දි A-3179 හිනා වුණා. ඒ හිනාවේ තිබුණේ දුකක්ද, උපහාසයක්ද කියලා කියන්න බැහැ.
“ඒක තමයි.”
එදා රෑ, A-3179 උන්නෙ එයාගේ තාත්තා එක්ක වාද කරන ගමන්. ඔරින් බිත්තියෙ අලවලා තිබ්බ full screen monitor එක ඉස්සරහ හිටගෙන, විවාහ දත්ත, stock වාර්තා සටහන් බලමින් උන්නෙ.
“ඔයා මේ සම්බන්ධය සම්පූර්ණ කරන්න ඕනේ. මේක තමයි ඔයාගෙ life එක. තෝරාගත්ත, පවරලා දුන්න, හරිම safe, secure life එකක්.”
ඔරින්ගේ වචන තීරණාත්මකයි. ඒත් A-3179 උන්නෙ ඒ වචනවලට ඔලුව නවන අදහසක නෙවෙයි.
“ඔයා මාව හැදුවේ නායකයෙක් විදිහට. හොඳ නායකයෙක් system එක ප්‍රශ්න කරන්න ඕන කියලා ඔයා හිතන්නෙ නැද්ද? මේක union එකක් නෙවෙයි. මේක merge එකක්.” එයා උන්නෙ තමන්ගෙම වචනවලින් පුදුම වෙලා. ඔරින්ගේ ඇස් පොඩි වුණා.මූණ ගල් වුණා.
“ඔයාව නායකයෙක් විදියට පත්කරන්න මං ගත්ත තීරණේ වැරදි වෙන්න පුලුවන්. හැබැයි Z-4501 ඔයාව lead කරාවි කියල මං හිතපු දේ හරි කියන තැන මම තාම ඉන්නවා.”
A-3179 silent උනේ අන්න එතනදි.
“මට අධිරාජ්‍යයක් ඕනේ නැහැ.” කියන කතාව ඒ silence එක අස්සෙ හිමින් සැරේ A-3179ගෙ හිත කිව්වා.
“ඔයාට ඕන දේවල් මෙහෙ වෙන්නෙ නැහැ. මේ ලෝකෙ ඒ විදිහට හැදිලා නැහැ. ඔයාව හැදුවේ allocated job එකක් වෙනුවෙන්. ඒක ඔයා මොනවා කරලා හරි කරන්න ඕන කියන දේ අමතක කරන්න එපාඅ”
ඒක තමයි එයාලා දෙන්නා කතා කරපු අන්තිම වචන කීපය. A-3179 එයාගේ තාත්තගෙ ලෝකයෙන් පොඩි වෙලාවකට එලියට ආවා. කිසි සද්දයක් නැතුව එයාගේ වාහනේට නැග්ගා. Auti pilot වාහනේ එයාව එයාගේ private holiday home එක පැත්තට අරගෙන ගියා. ඒක තිබ්බෙ බටහිර කඳු වැටියේ කෙළවරට වෙන්න machines වලින් කපපු පරණ වතු යායක් කෙලවරක. නිල් මුහුද අයිනටම වෙන්න මේ මුහුද, creators ලා හදපු, සාගර අනුකරණ නෙවෙයි, ඇත්ත මුදක්. විනාස වෙච්ච මූදු කීපයක් එක්කහු වෙලා හැදුණ තනි ගැඹුරුම ගැඹුරු මූදක්.
එයාගේ ගෙදර හරිම minimalistic. ඕනවට වඩා මුකුත් නෑ.කොටින්ම ගෙදර වැඩට සහායකයෝ පවා උන්නෙ නැහැ. Monitors නැහැ. තිබුණේ එයාගේ කාමරයේ ඉඳන් මුහුදට උඩින්, නිදාගෙන ඉන්න මනුස්සයෙක්ගෙ ඇඟිලි තුඩක් වගේ ඉස්සරහට නෙරලා තිබුණු කළු ගල් පතුරක් විතරයි. එයාහිඒ ගල් පොත්ත කෙලවරටම ඇවිදගෙන ගියා. හුළඟේ ලුණු රස එයාගෙ දිවට තදට දැනුණා. එයා ඇස් පියාගෙන මූදෙ සද්දෙට ඇහුම්කන් දුන්නා. කිසිම artificial සද්දයක් නැති තැනක එයාට ඈතින්, සෙමින්, heart beat එකක් වගේ සෞම්‍ය හඬක් ඇහුණා. ඒ සද්දෙ එයාගේ හිත ඇතුළාන්තයේ නිදන්ගත වෙලා තිබිච්ච හැඟීම් අවදි කරනවා වගේ දැනෙද්දි ඒ සද්දෙ තව හොඳට අහන්න කියලා හිතාගෙන එයා තව තව ගල් පොත්තෙ කෙලවරට ගියා.
ඒ තමයි පලවෙනි වතාව එයා එතනට ගිය. මොකක් හරි වෙනසක් එක්ක එයාට මතක තිබ්බෙ එක දෙයයි. ඒ ගල් පතුර උඩින් එයා ලිස්සල මූදට වැටුණා කියලා.
මුලින්ම දැනුනෙ බයක්.කිසිම control එකක් නැතුව නිදහස් වෙන්න තිබිච්ච බයක්. ඊට පස්සෙ එයා හයියෙන් හුස්ම ගත්තා. වතුර පාර ඇඟේ ඇඉත් හැපෙනවා, තමන්ව පහලට පහලට ඇදිලා යනවා එයාට මතක තිබ්බා.
එයා හිතුවෙ මූද එයාව ගිලීව කියලා උනාට මූද එයාව ගිල්ලෙ නෑ. ඒ වෙනුවට එයාව ලා උණුසුම් වතුර පාරකින් hug කරා.
එයා ඇස් ඇරියෙ ඒ වෙලාවෙදි. එයා, ඇයව මුලින්ම දැක්කෙ අන්න එතනදි.
එයාට තිබ්බෙ දිලිහෙන හමක්. හඳ එලිය වැටිච්ච වතුර බිංදුවක් වගේ. එයාගෙ කොණ්ඩ කැරලි වතුර පාර එක්ක එහෙට මෙහෙට විසිරුනා. ලා රෝස පාට සිනිදුයි කියලා අල්ලන්නෙ නැතුව උනත් කියන්න පුලුවන් සලුවක් එයාගෙ ඇඟේ දැවටිලා තිබ්බා.
වලිගය වගේ කොටසෙ තිබ්බ කොරපොතු රෝස පාටට දිලිසුණා. එයාගෙ මූණ දඟකාරයි, ලස්සනයි, ඒත් නුහුරුයි. ඒ මූණෙ ඇඳිලා තිබුන එයාගෙ හැඟීම් තේරුම් ගන්න පුලුවන් කමක් A-3179ට තිබුනෙ නෑ. එයා හති වැටුණා. මොකක් හරි අමුතු හැඟීමකින් තමන්ගෙ ඇඟ ඇතුල පිරිලා ගිහින් කියලා එයාට හිතුනා.
එයාට සිහිය ආවේ සිනිදු වැලි අතුරපු වෙරළේදී. මුහුදු පැලෑටිවලිනුයි වැලිවලිනුයි එයා වැහිලා උන්නේ. ඒත් එයා උන්නෙ තනියෙන් නෙවෙයි. ඇය එයාගෙ ළඟ වාඩි වෙලා හිටියා, වලිගය තිබ්බෙ වතුරේ.
“ඔයා වැටුණා පහලට” කියද්දි එයාගෙ කටහඬ A-3179ට දැනුනෙ සිංදුවක් අහනවා වගේ. ඒ කටහඬට තාලයක් තිබ්බා. හරියට මූදෙ සද්දෙ වගේ.
“ඔයා මාව බේරගත්තා” A-3179 කිව්වා.
“ඇයි ඔයා එච්චර අයිනට ආවේ?”
“මට මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනා”
“දෙයක් දැනගන්න නම් ඔයාට ඇහුන්කම් දෙන්න වෙනවා” එයා කිව්වා.
A-3179 ට ඇහුනා මූදු රල සින්දු කියනවා. ඒත් ඒ හැමදේටම වඩා එයාට ඇහුනා එයා ඇහුන්කන් දුන්න ඒ heart beat එක.
මේ කතාව පටන් ගත්තෙ ඒ heart beat එකත් එක්ක.
(දෙවනි කොටස ඉක්මනට අරගෙන එන්නම්)