සංචාරයට ගිය හොදම යාලුවෝ දෙන්නට ඇත්තටම මොකද උනේ?

Kris kremerers සහ  lisanne froon ගේ අතුරුදන් වීම

Kris Kremers (21) සහ Lisanne Froon (22) කියන  දෙදෙනා ඕලන්ද ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සහ  සහ අළුතින්ම  උපාධිය අවසන් කල උපාධිධාරිනියක්.  ඔවුන් ඉගෙනීම් වැඩ කටයුතු ඇරුනම සංචාරයේ යෙදෙන්න වැඩි කාලයක් වැය කලා. මේ දෙදෙනා 2014 අප්‍රේල් මාසයේදී පැනාමා වල  Boquete නගරයේ සංචාරයකට ගියේ එම ප්‍රදේශයේ  ජීවිතය අධ්‍යයනය කිරීමට සහ ඒ ප්‍රදේශයේ දරුවන්ට භාෂාව කියලා දෙන  ස්වෙච්ඡා සේවාවක යෙදීමටත් එක්ක. මේ ගමන මොවුන් එතරම් සැලසුම් කරලා යොදාගත්ත එකක් නොවුනත්, ලෝකේ වටේම ඇවිදින එක අරුමයක්නොවුන නිසා ඔවුන්ගේ දෙමාපියන් පවා ඒ ගැන වැඩි විමසීම් කලේ නැහැ. ඔවුන්ගේ මිතුරුමිතුරියන් ඔවුන්ගේ ගමන් ගැන දන්න නිසාම සුභ පතලා ආයෙම හමුවෙන බලාපොරොත්තු එක්ක සමුදෙනවා.

අතුරුදන් වීම

පැනමා වලට ඇවිල්ලා, තාවකාලිකව නවාතැන් ගත වුනාට පස්සේ  , 2014 අප්‍රේල් මාසේ මැද දවසක  ඔවුන් Boquete නගරයට ආසන්නව තියෙන පයනිස්ටා  කියන පර්වත මාවතේ සංචාරයකට යනවා. ඒ පර්වත ප්‍රදේශයේ තියෙන පාරිසාරික විවිධත්වය අධ්‍යනය කරන එක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුවක්ව වෙලා තිබුනේ. කොහොම වුනත්, ඔවුන්ට මාර්ගගත මගපෙන්වන්නෙක්  සිටියේ නැහැ. දෙන්නාටම ඒ වෙනුවෙන් අවශ්‍යතාවක් තිබුනෙත් නැහැ. හැබැයි, උදේ කඳු නඟින්න කියලා  නවාතැනින් පිටවුන මේ දෙන්නාව එදා  ඉඳන්   කාටවත් ආයේම හමු වුනේ නම් නැහැ.  ඔවුන් නවාතැනට ආවේ නැතිනිසා කලබල වෙන න්වාතැන් හිමියා මේ ගැන වහාම පොලිසියට දැනුවත් කරනවා.

දින කිහිපයකට පස්සේ පැනමාවේ පොලීසිය, හමුදාව සහ ප්‍රදේශවාසීන්  එකතුවෙලා අති විශාල සෙවුම් මෙහෙයුමක් ආරම්භ කරන්නේ මේ තරුණියන් දෙන්නාගේ අතුරුදහන් වීම ඒ වෙද්දිත් ආන්දෝලනයකට තුඩු දෙන්න පටන් අරගෙන තිබුන නිසා.  කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු හෝ ඔවුන් සිටි බවට කිසිම  සලකුණක් හොයාගන්න පුලුවන් වුනේ නම් නැහැ.  ඒ අතරේ තරුණියන් දෙන්නාගේ දෙමාපියන් සහ හිතවතුනුත් ඉතා ඉක්මනින් පැනමාවට එනවාම් ඒත් ඔවුන්ටත් කිසිම ධනාත්මක තොරතුරක් නම් ලැබෙන්නේ නැහැ.

ජංගම දුරකතන සාක්ෂි

අතුරුදන් වූ දවසට   පස්සේ  ඔවුන්ගේ ජංගම දුරකථනවල භාවිත සටහන් අනාවරණය වෙන්නේ ඊට පස්සේ.  ඔවුන්ගේ දුරකථනවලින් බොහෝ දුරකථන වලට  ඇමතුම් සිදු කිරීමට උත්සාහ කර තිබුණ බව හොයාගන්නවා.  ඒ හින්දා  පොලිසිය සැක කරන්නේ,   ඔවුන් වනාන්තර තුළ අත්අඩංගුවේ ඉන්න ඇති කියලා.

ඒ ගත්ත ඇමතුම් අසාර්ථක වීමත් සමඟ ඔවුන් ජංගම දුරකතන බැටරිය  ගලවලා බැටරිය  ඉතිරි කරගන්න  උත්සාහයක් ද අත්හදා බලලා තියෙන  බවට සලකුණු  සොයා ගන්නවා.

සොයාගත් දේවල්

අතුරුදන් වීමෙන් සති 10ක් ගෙවෙනකොටත් , මොවුන්ගේ සෙවීමේ කටයුතු නිම වෙන්නේ නැහැ.  එම ප්‍රදේශයේ ගම්වැසියෙක් ඔවුන්ගෙ බෑගය  ඒ කන්ද ආශ්‍රිත ගඟක ඉවුරේ තිබිලා සොයා ගන්නවා.

ඒ ඇතුලේ  ඔවුන්ගේ කැමරාවන්, දුරකථන, සහ හැඳුනුම්පත් ආරක්ෂා ව තියෙන බව  පොලිසියට නිරීක්ෂණය වෙනවා.  කැමරාවේ තිබූනු  පින්තූර විශ්ලේෂණය කලාම , අතුරුදන් වීමට පෙර දිනවල නිදහසේ ගත් චායාරූප  සහ අඳුරු රාත්‍රීයක ඔවුන් ගත්ත  අලුත් අමුතු පින්තූර කිහිපයක් පොලිසියට හමුවෙනවා.  ඒ අඳුරු චායාරූප  තවමත්  අභිරහසක් ඒ වගේම  මේ චායාරූප අරගෙන තියෙන කෝණය අනුව තවත් අයෙක් ඔවුන් එක්ක උන්නාද කියන සැකයත් මතු වෙලා තියෙනවා. ඒ වගේම අඳුරු රාත්‍රීන් වල ඔවුන්  අරගෙන තියෙන චායාරූප ගත්තාම, ඒ සඳහා ආලෝකය විහිදුවන ෆ්ලෑශ් ලයිට් එකක්  භාවිතා කරන්න ඇති කියන සැකයත් පොලිසියට ඇති වෙලා තියෙනවා.

ඔවුන්ගේ ගමන් බෑගය තුල තිබුණු කිසිවකට හානි වී නොතිබීම පොලිසියට සිතා ගන්නට නොහැකි කාරණාවක් වෙනවා. පොලිසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා හෝ, ඔවුන් සමඟ උන්න අනෙකා මේ ගමන් බෑගය ප්‍රවේශම්  සහිතව ගං ඉවුරේ කොහේ හෝ රඳවා තබන්නට ඇති කියලා.

අවසානය

තවත් මාස කිහිපයකට පස්සේ ඔවුන්ගේ ඇඟේ අස්ථි කොටස් සහ ඇදුම් සොයා ගන්නවා.  වාර්තා  වලට  අනුව, ඔවුන්ට පහරදී මරා දැමූ බවට තහවුරු කරන්න තරම් සාක්ෂි නැහැ.. සමහර සලකුණු අනුව ඔවුන් අතුරුදහන් වීමෙන් පසුව අවාසනාවන්ත විදියට ස්වභාවිකවම මිය ගියා කියලත් සැක කරනවා.

අද තත්ත්වය

මේ තරුණියන් දෙන්නාගේ  අතුරුදහන් වීම අද  වන තෙක් සම්පූර්ණයෙන්ම විසඳීලා නැහැ. කවුරු  හරි කෙනෙක් මේ දෙන්නාගේ  ජීවිත වාට  හානියක් සිදු කළාද? නැතිනම් වනයේ අනතුරකින්  මැරී ගියාද?  දෙන්නාගෙන් කෙනෙක් අනෙකාව මර දමා, පසුව ඇයත් මිය ගියාද ? මේවගේ මත්වාද  පිළිබඳව විවිධ  මතවාද සහ පැහැදිළි කිරීම් තියෙනවා.

ඔබ ඉගෙන ගත යුතු පාඩම
මෙම සිදුවීම ඔබට කියන්නේ , සංචාරකයන් විදියට   අවදානම් ම්ං  මාවත් වල  ගමන් කිරීමේදී අනිවාර්‍යෙන්ම මඟපෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය. එලෙස නොවීමේ  අවදානම ගැන මේ සිදුවීම  ලෝකයාට මතක් කළා. මේ වෙද්දිත් පැනමා වල  ප්‍රාදේශීය බලධාරීන් දැන් මේවා සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරලා තියෙනවා.

තමන්ගේ අධ්‍යාපන මට්ටම් සහ සමාජ දැනුම කොහොම වුනත් අවදානම් කටයුතු වල යෙදෙනකොට ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණ අයගේ උපදෙස් අනිවාර්‍යෙන්ම ලබා ගන්න ඕනි බව ලෝකයටම මතක් කරලා, මේ උගත් තරුණියන් දෙන්නා හැමෝගෙන්ම සමුගන්නවා.

Related Articles

Don't Miss


Latest Articles