Polaroid

කතාව පටන් ගත්තේ පොඩි ෆොටෝ එකකින්.

ඒ අප්‍රේල් මාසේ හවස් කාලේක. අමායා එයාගේ නැති වෙච්ච ආච්චිගේ පරණ ගෙදර සොල්දරේ අස් කර කර තමයි උන්නේ. එතන තිබුණා ආච්චිගෙ වෙන්නැති කියලා අමායා හිතපු පරණ හැබැයි vintage look එකක් තියෙන සාරි ගොඩක්, එතකොට පොඩි පොඩි අබලන් වෙලා තිබුණු පිඟන්,කැටයම් බඩු, , අමතක වෙලා ගියපු කෑම හදන පොත් වගේම ඒ ඔක්කොම අස්සෙන් ලාවට වගේ හමාගෙන ගියපු තෙත ගතියක් තියෙන ගඳක්. අමායාට හැබැයි ඒ කිසිම දේක විශේෂත්වයක් තිබ්බෙ නෑ.එයා ආවෙ මේක අස්කරන්න විතරක් මිසක්කා මුකුත් දේවල් හොයන්න අරගන්න කියල නෙවෙයි.

එහෙම අස් කරද්දි තමයි අමායා දැක්කෙ, කෙලවරේ බිත්තියක පොඩ්ඩක් බුරුල් වෙලා තිබුණු ටයිල් එකක් පිටිපස්සෙන් කහපාට රෙදි කෑල්ලක කොටසක් මතුවෙලා තියෙනවා.

ටයිල් කෑල්ල හීන් සැරේ එහාට කරපු අමායා ඒ කහ පාට රෙදි කෑල්ල එලියට ඇදලා ගන්නවත් එක්කම ඒ රෙදි කෑල්ලෙ ඔතලා තිබ්බ පරණ ලියුම් පොකුරක් එළියට විසි උනා. බිම වැටිච්ච ඒ ලියුම් ටික අස්සටම වෙන්න තිබුණා, පොඩි ෆොටෝ එකක්. Polaroid photo එකක්.

ඒක කළු සුදු ෆොටෝ එකක්. කොන් ටික පොඩ්ඩක් නැවිලා තිබුණා. Photo එකක් වුණත් අමායාට ඒ පින්තූරෙ ඉඳපු කොල්ලව පෙනුනෙ හරිම realistic විදියට.  

ඒ කොල්ලා හිටියෙ ගඟක් ළඟ බයිසිකලයක වාඩිවෙලා. ඒ පින්තූරෙ අනුව නම් ඒ කොල්ල එයාට දහනවයට වඩා වැඩි වෙන්න බෑ කියලා තමා අමායා හිතුවෙ. මහ ලොකුවට පැහැදිලි නොඋනට ඒ පින්තූරෙ ඒ කොල්ලගෙ මූණෙ තිබුනෙ හරිම හිස්, silent look එකක් කියන එක,  අතරමං වෙච්ච පෙනුමක් තියෙන බව අමායාට හිතුනා . එයාගේ කමිසය වැලමිට ළඟ රැලි ගැහිලා. කොණ්ඩේ සුළඟට විසිරිලා. ඒත් එයාගේ ඇස්… එයාගේ ඇස් තිබුනෙ කෙලින්ම අමායා දිහා බලාගෙන. ඇසිපිය නොහෙලා. කාලය නැවතිලා වගේ කියන එකත් ඒ ඇස්වලින් ඒ නොදන්න මනුස්සය තමන්ව අල්ලගෙන ඉන්නවා වගේ කියන එකත් අමායාට හිතුනා.

අමායා ඒ ෆොටෝ එක අතේ තියාගෙන  එයා හිතුවටත් වඩා වැඩි වෙලාවක් ඒ කොල්ල දිහා බලාගෙන හිටියා. ඒත් මේ කවුද කියලා අමායා දැනගෙන හිටියේ නැහැ.

ඒත් අමායාගෙ පපුවට දැනුණේ එයා ආත්ම ගාණක් තිස්සෙ ඒ කොල්ලා අඳුනනවා වගේ හැඟීමක්. නමක් දෙන්න බැරි වුණත් හුරුපුරුදු හැඟීමක්. ඒ රෑ, අමායා ෆොටෝ එක එයාගේ කොට්ටය ළඟින් තියාගත්තා. ඇයි කියලා එයාට තේරුණේ නැහැ. හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ තමයි අමායාගෙ හැම රැයක්ම හොරකම් කරගත්ත හීන පේන්න පටන් ගත්තේ.

ඒ 1940 ගණන්වල railway station එකක්. ලී බංකු, කඩල විකුණන කොල්ලෝ, ලේස් සාරි ඇඳලා ඉන්න කාන්තාවෝ පිරිලා උන්නා station එකක්. එතන උන්නා අමායා තාමත් කවුද කියලා නොදන්න ඒ කොල්ලා. එයා උන්නේ හිටගෙන, කෝච්චිය එනකම් බලාගෙන, අතේ තිබිච්ච පොතක මොන මොනවද කුරුටු ගාණ ගමන්. 

අමායා හිතුවෙ නෑ ඒ හීනෙ දකින තමන්ව ඒ කොල්ලට පේන්න ඇති කියලා. ඒත් එයා තමන්ව දැකලා තියෙනවා කියන එක අමායාට තේරුණේ එයා හිනාවෙලා තමන් දිහාවට ඇවිදගෙන ආව හන්ද.

“මට ඔයාව පේන්නෙ නෑ කියලා නේද හිතුවෙ?” කියලා ඒ මනුස්සයා හරිම friendly විදියට තමන් ඉස්සරහට ඇවිල්ලා අහද්දි ඇත්තටම අමායාට කියන්න දෙයක් තිබ්බෙ නෑ.එයා උන්නේ තක්බීර් වෙලා. ඒත් අමායා හරිම අමාරුවෙන් වචන එක්කහු කරගෙන තාමත් එයා කවුද කියලා නොදන්න මනුස්සයා එක්ක කතාකරා.

“ඔයා කොහොමද දන්නෙ ඒක?”

“ඔයා දිහා මම බලාගෙන හිටියෙ. ඔයා මං දිහා බලන් හිටපු විදියට මට තේරුනා ඔයා කල්පනා කරන්නෙ ඒක ගැන කියලා”

අමායා හිනාවුණා. හිනාවුනා නෙවෙයි අමායාට හිනා ගියා. හීනෙන් උනත් එයා නිදහසේ හිනාවුණා. 

“ඔයා අමුතුයි,” අමායා කිව්වා.

“ඔයා ප්‍රමාදයි,” එයා උත්තර දුන්නා, “මම අවුරුදු ගාණක් බලන් හිටියා.”කියලා කියද්දිම අමායා හති දාගෙන ඇහැරුණා. ෆොටෝ එක තාමත් තමන්ගෙ කොට්ටෙ යට තියෙනව උනාට දැන් ඒක කලින්ට වඩා realistic කියල අමායාට හිතුණා. එතනින් පස්සෙ අමායා දිගටම එයාව හීනෙන් දැක්කා. ඒ හීන ගෙවෙන හැම දවසක් පාසා තව තවත් ලස්සන උනා.

එක රෑක, මේ දෙන්නා උන්නෙ ගඟක් අයිනේ කදුරු ගහක් යට වාඩි වෙලා කතා කර කර. එයාගෙ නම සුමේධ බව අමායා ඒ වෙද්දි දැනගෙන හිටියා. සුමේධ උන්නේ මොට්ට පිහියකින් ලී කෑලි කප කප එක එක හැඩ හද හද. ඒ වගේම අමායා මීට කලින් කවදාවත් අහලා නැති සිංදුවක් කියන ගමන්.

 “ඔයා ඇත්තක්ද බොරුවක්ද හීනයක්ද කියන එක මට වෙලාවකට හිතාගන්න බෑ. ඇත්තටම ඔයා ඇත්තක්ද?” කියලා අමායා ඇහුවෙ මෙච්චර දවසක් තමන්ගෙ හිතට වද දුන්න ඒ ප්‍රශ්නෙ.

 “සමහරවිට මෙතන නෙවෙයි. ඒත් කොහේ හරි තැනක මම ඇත්ත කෙනෙක් වෙන්න පුලුවන් නේද?” එයා උත්තර දුන්නා.

“මට ඔයා ගැන ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ.”

“ඔයා දන්නෙ නෑ. හරියටම කිව්වොත් ඔයා තාම දන්නෙ නෑ. හැබැයි මම ඔයාව දන්නවා.” කියලා එයා කිව්වම අමායා එකපාරටම එයා දිහා බැලුවා. ප්‍රශ්නයක් ඇහුවෙ නැතත් අහන්න ඕන ප්‍රශ්නෙ තමන්ගෙ ඇස්වල ඇඳිලා තියෙන බව දන්න නිසාම අමායා එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු උනා.

“ඔයාගේ වම් ඇහැ ළඟ උපන් ලපයක් තියෙනවා නේද?” 

 “ ඔව්පොඩි තරුවක් හැඩේ උපන් ලපයක්.” කියද්දි අමායා ඉබේටම වගේ ඒ උපන් ලපේ අල්ලන්න අත ඉස්සුවා.. “ඔයා ඒක දන්නේ කොහොමද?”

 “ඔයාවත් ඔයාව නොදැක උන්න කාලෙක මම ඔයාව දැනගෙන හිටියා මම ඔයා ගැන ලිව්වා. මම ඇත්තටම කිව්වොත් ඔයා එනකම් බලාගෙන හිටියා”

කෑගහන්න, අඬන්න, තව ප්‍රශ්න අහන්න වගේ දාහක් සිතුවිලි හිත අස්සට ආවත් අමායාට අහන්න පුලුවන් උනේ එකම එක දෙයක් විතරයි. ඒකත් සුමේධගෙන් නෙවෙයි තමන්ගෙමයි.

“එහෙම නම් ඇයි මට හිතෙන්නෙ මට ඔයාව දැනටමත් නැතිවෙලා ගිහින් කියලා?” අමායා එයාගෙ හිත අස්සටම කොඳුරගත්තා.

ඇත්ත ලෝකයේදී, අමායා එයාව හොයන්න පටන් ගත්තෙ ආන් ඒ සිදුවීමෙන් පස්සෙ. ආයෙත් එයාගේ ආච්චිගේ දිනපොත්, ලියුම්, මැකිලා ගිය ෆොටෝ පෙට්ටි අස්සෙ අමායා සුමේධගෙ සලකුණක් හොයන්න ගත්තා. ආච්චි කවදාවත් සුමේධ කියලා කෙනෙක් ගැන කියලා තිබුණේ නැහැ. අතීතයේ පෙම්වතෙක් ගැනවත්, ගං ඉවුරේ කවි ගැනවත් කිසිම දෙයක් ලියලා තිබුනෙ නැහැ.  ඒත් අමායා තමන්ගෙ උත්සාහෙ අතෑරියෙ නෑ. අන්න ඒ mission එකට අනුව තමයි අමායාට පුලුවන් උනේ එකම එක ලියුමක් හොයාගන්න.

. 1947 අවුරුද්දේ දවසක් දාපු ලියුමක්. අත් අකුරු හීනෙන් දැක්ක සුමේධ තමන්ට පෙන්නපු එයාගෙ කවි සටහන්වල තිබුණ අකුරු එක්ක ගැලපුණා.

“තරු උපන් ලපයක් තියෙන කෙල්ලට,

 ඔයා මාව නොදන්නවා ඇති. තාම නොදන්නවා වෙන්න පුලුවන්.ඒත් කඳුළු අතරින් ඔයා හිනාවද්දි මම ඒක බලාගෙන හිටියා කියන එක, ඔයා පුංචි දේටත් හිත රිද්දගන්න කෙනෙක් කියන එක, overthinker කෙනෙක් කියන එක, ඔයා කන්නම ආස දූරියන් කියන එකා මම දන්නවා.මම දන්නවා ඔයා සද්දෙට පොත් කියවන බව, ඒ වගේම මම තව දෙයක් දන්නවා.

ඒ දවසක ඔයා මාව හොයාගනී කියලා. ඒත් මම ඒ වෙනකොට නැති වෙලා ගිහින් ඉන්න පුලුවන් බවත් මාව නොපෙනුනාට අපේ මේ පුංචි යාලුකම හැමදාම ඔයාගෙ මතකය අස්සෙ නැතිවෙන්නෙ නැතුව තියෙන බව ඔයා දැනගනීවි.”

අමායාට තේරුණේ නෑ ඇයි ඒ ලියුම කියවද්දි එයාට ඇඬුණෙ කියලා.මේ කියන සුමේධ කවුද කියල හොයාගන්න විදියක් එයාට තිබුනෙ නෑ. ඒත් පුලුවන් කියල හිතුව හැම විදියකටම අමායා සුමේධ ගැන හෙව්වා. සුමේධ වතාවත් “මගේ නම සුමේධ බණ්ඩාර විජේතුංග” කියලා කිව්ව සාක්කියකට අමායා පුස්තකාලෙ තිබ්බ පරන ලේඛන අස්සෙ සුමේධව හෙව්වා.

 1929 ඉපදිලා 1947 මැරිච්ච සුමේධ බණ්ඩාර විජේතුංග කෙනෙක්ව අමායාට හම්බුවේ ඒ විදියට. මැරිලා තිබුනේ ගඟේ ගිලිලා. කවියෙක්. හැබැයි පොත් පල කරලා නැහැ. බැඳලා නැහැ.අමායා ගොඩක් වෙලා ඒ වාර්තාව දිහා බලාගෙන කල්පනා කරා.

එදා රෑ අමායා ආයෙ එයාව හීනෙන් දැක්කා. කවදාවත් ඇත්ත ජීවිතේ නොදැක්ක කෙල්ලෙක්ට ලියුම් ලිව්ව, කවි ලිව්ව ප්‍රේමවන්තයව.

ඊළඟ රෑ, අමායා එයාව ආයෙත් දැක්කා – ඇගේ මාලිත්, තාම ඉපදිලා නැති කෙල්ලන්ට ලියුම් ලියපු කෙනා. දැන් තමන් එකිනෙකාව දන්නවා කියන එක දන්න හන්දා දෙන්නට කතාකරන්න දෙයක් තිබුනෙ නැති තරම්. 

ඒත් ඒ Silence එක බිඳුණෙ අමායාගෙන්. 

 “ඔයා මැරිච්ච කෙනෙක්,” එහෙම අහද්දි අමායාගේ කටහඬ වෙව්ලුවා. සුමේධ හිමීට ඔව් කියන්න වගේ ඔලුව වැනුවා

 “එහෙනම් ඔයා මෙතන ඉන්නේ කොහොමද?”

 “මම දන්නේ නැහැ,” 

“මට හිතෙන්නෙ කවදාවත් අයිතිකරගන්න බැරි ආදරයක් ගැන සිතුවිල්ලක් මම ඕනවට වඩා හයියෙන් අල්ලගෙන ඉන්න ඇති. ඒ නිසාම ඒ සිතුවිල්ල පාර හොයාගෙන ඔයා ළඟට එන්න ඇති.”

 අමායා එයා දිහා බැලුවා. “ඒ කිව්වෙ?”

 “මට මගේ කතාව ඉවර කරන්න බැරි වුණා. ඉතින් සමහරවිට ඔයාව මෙතනට එව්වේ මට ඒක ඉවර කරන්න වෙන්න ඇති.”

ඒ හීනෙන් පස්සෙ ඇහැරිය අමායා ලියන්න පටන් ගත්තා. නිකම්ම සටහන් නෙවෙයි. කවි පොත්. එයා ආදරේ ගැන, කවදාවත් අයිති උනේ නැති, ඒත් වෙන් උනෙත් නැති ආදර කතා ගැන. ඒ හැම කවියකටම පස්සෙම අමායා හීනෙන් සුමේධව දැක්කා. සුමේධට ආදරේ කරන්න පටන් ගත්තා.

එක හීනෙක ඒ දෙන්නම උන්නේ ගඟේ වතුරෙ බැහැගෙන.දණහිස වෙනකම් වතුර තිබ්බා. ඒ හැන්දෑ වෙලාවක් කියල අමායාට තේරුණේ ඉර එළිය රත්තරන් පාටට ගඟේ වතුරට වැටිල තිබ්බ හන්දා.

“ඇයි මාවම තෝරගත්තෙ?” අමායා හීන් සැරේ ඇහුවා.

“මොකද ඔයාට මතක තිබුණා”

“මොකද්ද?”

“ආදරේ කරන්න ඕන හරි කෙනාව මිසක් හරි කාලය නෙවෙයි කියලා”

 “ඒත් මට ඔයාව දිගටම හීනෙන් දකින්න බැහැ,” 

“මම දන්නවා. මොකද දවසක, ඔයාට ජීවත්වෙන කෙනෙක් හම්බවෙයි. එයා ඔයාගේ මුළු හදවතම ඉල්ලයි.”

“මට ඒක වෙන කාටවත් දෙන්න ඕනේ නැහැ.”

 “ ඔව් ඔයා මුලු හිතම දෙන්න ඕන නෑ. මම හැමදාම ඔයාගෙ හිත අස්සෙ echo එකක් වෙලා ඉඳීවි. එයා ඔයාගෙ ඇත්තම ආදරේ voice එක වේවි”

අමායා කතා කරන්න හැදුවා, ඒත් කාලෙ තිබුණෙ ඒකට හරස්වෙලා. සුමේධ ඉදිරියට නැමිලා අමායාගෙ නළල kiss කරා.  අන්තිමට කවදාවත් කියන්න උන්නෙ නැති ඒත් කියන්න ඒ වචන ටික කිවා

“ඔයා විශ්වාස කරන්න ඕන ආදරෙ විතරයි අමායා. නියම ආදරේ. එතනදි කාලෙ මොකද්ද කියන එක ගැන නෙවෙයි ඇත්ත මොකද්ද කියන එක ගැන විශ්වාස කරන්න”

එතනින් පස්සෙ අමායාට කවදාවත් සුමේධව හීනෙන් හම්බුනේ නෑ

අවුරුදු ගණනාවකට පස්සේ, අමායා එයාගෙ පළවෙනි කවි පොත ප්‍රකාශයට පත් කළා. ඒකේ නම Polaroid.

ඒක නිකන්ම කවි පොතක් නෙවෙයි. Poetic Novel එකක්. කවි,ලියුම්, සහ හීන හරහා කියපු Poetic Novel එකක්.  පොත ගැන කිව්ව සම්මුඛ සාකච්ඡාවලදී, අමායා කවදාවත් සුමේධ කවුද කියලා පැහැදිලි කළේ නැහැ. ඒත් අන්තිම පිටුව කියවපු අය කවදාවත් අන්තිම පේළි ටික අමතක කළේ නැහැ.

“සමහර මිනිස්සු එක පාරක් මැරෙනවා.

අනිත් අය ජීවත් වෙන්නේ මතකයන් තුළ, නින්දේ ඒ වගේම අපි ලියපු අකුරු අස්සේ, ඒ තීන්තවල. මම කවදාවත් එයා හුස්ම ගන්නවා දැක්කේ නැහැ.

ඒත් මම එයා ජීවත් වෙනවා දැක්කා.

And that, I think, is a kind of forever”

More Stories

Don't Miss


Latest Articles