ලස්සන දෑසකට රහස් කිහිපයක්

”ඔබේ දෑස ඔබ ගැන ලොවට කියයි ”කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඉතින් අපි බලමු ලස්සන ඇස් දෙකක් හදාගන්නේ කොහොමද කියලා..

අයි ලයිනර්

මෙය සෑම කාන්තාවක් ලඟම තියාගන්න ඕනා දෙයක්.පහළ ඇසිපියට එතරම් තදපාට නොවන අයි ලයින් එකක් පාවිච්චි කරන්න.රාත්‍රී කාලයේදී නම් මෙය ඉහළ ඇසි පිහාටු වලට යෙදුවත් කමක් නැහැ. ඔබට දෑස් විශාලව පෙන්වීමට ඕනා නම් ඇසිපිය පහළ රේඛාව වර්ණවත්ව ඇඳ ගන්න.

කියවන්න :  ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

අයි ෂැඩෝ

අයි ෂැඩො අලේප කිරීමට පෙර ප්‍රයිමර් එකක් යූස් කරන්න. දිගු කාලයක් වර්ණය රඳා පවතීවි.

ලෑෂස්

මස්කාරා එක කෝට් එකකට වැඩිය ආලේප කරන්න. පළමු ඇතිරුම වේලුනු පසු ඒ මත ඊළඟ තැවරුම් සිදු කරන්න.

කියවන්න :  ලස්සන දෙතොලකට නිවැරදිව තොල් ආලේපන ගල්වන්නේ මෙහෙමයි

අයි බ්රෝස්

ස්වභාවික පෙනුමකින් පවත්වා ගන්නට උත්සාහ කරන්න. වඩාත් ඝන කමින් යුතුනම් පමණක් මඳක් සිහින් කරන්න.

මේක් අප්

දෑස් කැපී පෙනෙන ලෙස මේක් අප් භාවිතා කරන්න. ඇස් යටට හයිලයිටර් එකක් භාවිතා කරන්න.

– චම්මි –

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජන සන්නිවේදනය පාඨමාලාව සමග ජාතික තරුණසේවා සභාවෙන් නිර්මාණාත්මක සංනිවේදනය ඇතුලුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝතාක්ෂණය හදාරා ඇත. රන්දිව ජාතික පුවත් පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසද,ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර ආයතනයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියක ලෙසද ,පිටපත් රචිකාවක ,වෙලද දැන්වීම් පිටපත් රචිකාවක ලෙසද අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.ළමා පොත් 12කට ආසන්න ප්‍රමාණය ක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් අන්තර්ජාතික සංවිධානය ක් වන රූම් ටු රීඩ් ආයතනය සමග සිදුකර ඇත.විනෝදාංශය ක් ලෙස කෙටි චිත්‍රපටකරණයේ නියැලෙනීය.