දුරකතනයකින් මම ඔබ අමතමි

රුවන් කවදාවත් මහේෂා ගැන වැඩිය කතා කළේ නැහැ.

 අවුරුදු හතක් තිස්සේ තමන්ගේ වයිෆ් වුණු හිරුණිටවත් එයා කිව්වේ නැහැ. “පරණ යාළුවෙක්” කියලා සරලව කිව්වා මිසක්කා වැඩිපුර කිසි දෙයක් කිව්වෙ නෑ. සමහරවිට ඒක ඇත්ත වෙන්නත් ඇති. එහෙමත් නැත්නම්, කාලයත් එක්ක මතකයන් ගැන තිබ්බ අදහස් වෙනස් වෙලා, පිහියක් ඔප දානවා වගේ, සමහර මතකයන් මුවහත් වෙලා, තවත් ඒවා බොඳ වෙලා වෙන්නත් ඇති.

ඒ දෙන්නා මුණගැහෙනකොට, ආදරය කි‍යාගන්න බැර තරම් පොඩි වයසක තමයි හිටියේ. වචනයෙන් නොකිව්වට ඒකත් ආදරේම එක වර්ගයක් කියලා තේරුම්ගන්න බැරිකමක් ඒ දෙන්නටම තිබ්බෙ නෑ. ඒ ආදරය මතු වුණේ එකිනෙකාගේ රහස් ඒගොල්ලෝ ආරක්ෂා කරගත්ත විදියට. රුවන්ගේ බල්ලා මැරුණාම, මහේෂා ඒ බල්ලාව කවදාවත් දැකලා නැතත්, ඇඬුවේ තමන්ගේම කෙනෙක් නැති වුණා වගේ. රුවන්ගේ මතකයේ මහේෂා ගැන හැම පොඩි detail එකක්ම in detail තිබුණා. හරියට මහේශා තේ බොන්නේ සීනි නැතුව, ගොඩක් රස්නෙට, තේ කොළ දෙපාරක් පෙරලා අරගෙන වගේ.

 ඒගොල්ලෝ “forever” කියලා කවදාවත් කිව්වේ නැති වුණත්, ඒක සදහටම පවතියි කියලා විශ්වාස කරමින් තමයි ජීවත් වුණේ.

එක දවසක්, මහේෂා රුවන්ගෙන් ඇහුවා, “මම ගියොත්, ඔයා මට නතරවෙන්න කියනවද?”කියලා.

 රුවන් හිනාවෙලා උත්තර දුන්නා. “මම කවදාවත් ඔයාව ඒ විදියට control කරන්නෙ නෑ.”

 මහේශා ඒ උත්තරේට හිනා උනා. ඒත් එයාගේ ඇස් පිටිපස්සෙන් වචනවලින් කිව්වෙ නැති දුකක් හරි බලාපොරොත්තුවක් හරි තිබුණා කියන එක රුවන්ට එදා තේරුම්ගන්න තිබ්බා.

ඊට ටික දවසකට පස්සේ, කැනඩාවේ රස්සාවක් ලැබුණා කියලා මහේශා රුවන්ට කිව්වා. ඒත් එයා රුවන්ගෙ අවසරය ඉල්ලුවේ නැහැ.

 “මම යනවා” කියලා හරි සරලව කිව්වා.

 රුවන් ඔළුව හෙලෙව්වා. “මම දන්නවා.”කියලා කිව්වා.

 ඒගොල්ලන්ගේ අන්තිම මොහොත ෆිල්ම් එකක් වගේ උනේ නෑ. මහේශා යන්න හදද්දි එයාව නතර කරන්න රුවන් ගේට්ටු උඩින් පැනගෙන එන ශොට්ස් තිබුනේ නෑ. තිබ්බේ ලාවට බෙදාගත්ත hug එකක් අස්සෙ තිබිච්ච කිව්වෙ නැති, වචනවලට හැරෙව්වෙ නැති feelings දහස් ගාණක් විතරයි.

“අපි හැම වෙලාවෙම කතා කරමු,” එයා කිව්වා.

 “Long distance උනත් අපේ සම්බන්ධෙ සදහටම තියෙනවා.” කියලා රුවන් කිව්වා.”යන්න එපා” කියන්න එයාට හිතක් තිබුණේ නැහැ. එයා හිතුවේ එයා ආත්මාර්ථකාමී නැහැ කියලා. ආදරය කියන්නේ අත්හැරීම කියලා එයා හිතුවා. ඒත් අවුරුදු ගාණකට පස්සේ, එයාට තේරුම් ගියා – සමහර වෙලාවට ආදරය කියන්නේ ආත්මාර්ථකාමී වෙන එක තමයි කියලා. ඒත් එහෙම හිතෙද්දිත් එයා පරක්කු බව රුවන් දැනන් උන්නා

පළවෙනි අවුරුද්දේදී,  දෙන්නාම උත්සාහ කළා මේ සම්බන්ධෙ පවත්වාගෙන යන්න. උපන්දින පණිවිඩ හුවමාරු වුණා. වොයිස් නෝට් එහා මෙහා ගියා. “ලංකාවෙ තේ බිව්වා කෙල්ලෙක්ව convince කරන්න ඔය පිටරටවල තියෙන කෝපි වලට බෑ” කියලා රුවන් මහේශාට Dilmah එකෙන් අරගත්ත තේ පැකට් සෙට් එකක්ම යැව්වා.

ඒත් හෙමිහිට, ජීවිතය කාර්යබහුල වෙන්න ගත්තා. රස්සාවෙ වැඩ, ගෙදර වැඩ, අලුත් යාළුවෝ, ඒ හැමදේම ඒගොල්ලෝ දෙන්නා අතර තිබුණු silence එක සාමාන්‍ය දෙයක් උනා. ටිකෙන් ටික, ඒ නිහඬතාවයන් සදහටම තියෙන දේවල් වුණා.

අවුරුදු දෙකකට පස්සේ රුවන් හිරුණිව කසාද බැන්දා. හිරු හරිම safe, stable option එකක් විදියට තමයි රුවන් දැක්කෙ. එයා කවදාවත් රුවන්ගේ අතීතෙ ගැන ඕනවට වඩා ප්‍රශ්න ඇහුනෙ නෑ.

ඒත් දවසක් දෙන්න එක්කහුවෙලා වත්තෙ මල් පැල වලට සාත්තු කර කර ඉද්දි හිරුණි විහිලුවට වගේ රුවන්ගෙන් මහේශා ගැන ඇහුවා.

“තාම ඔයාගෙ හිතේ මහේශා ඉන්නවද?” කිය අහපු ප්‍රශ්නෙට රුවන් හිනා වෙලා, හිතේ කිසිම දෙයක් නෑ වගේ කිව්වා, “මට එයාගේ නමවත් මතක නැහැ.”කියලා.

ඒත් එදා රෑ, රුවන්ට කහ පාට සාරියක් ඇඳගෙන ඉන්න මහේෂාව හීනෙ පෙනුණා.ඒත් මහේශාට ඒ වගේ කහ පාට සාරියක් මහේශාට තියෙනවද කියලවත් රුවන් දැනගෙන උන්නෙ නෑ. හැබැයි ඒ හීනෙන් පස්සෙ මෙච්චර දවසක් හිතේ පතුලෙම කාමරේක හංගල අගුලු දාලා තිබ්බ මහේශා ගැන මතකෙ ආයෙ උඩට ආවා.

අවුරුදු ගණනාවක් ගෙවුණා.

දවසක් වැස්ස දවසක රුවන් උන්නෙ තමන්ගෙ Gmail එක clean කරන ගමන්. කවදාවත් බලපු නැති spam folder එකේ තිබිලා තමන්ට මග ඇරිච්ච voice mail එකක් රුවන්ට හම්බුනේ හිත අස්සෙ අකුණු දාහක් කොටන ගමන්.

ඒ voice mail එක ඇවිත් තිබුනෙ මහේශාගෙන්. මීට අවුරුදු ගාණකට කලින්. අවුරුදු හතරකට කලින් දින යොදලා තිබුණා. ඒක එදාම එයාට ඇහුණා නම් හැමදේම වෙනස් වෙන්න තිබුණා කියලා රුවන්ට එක තප්පරේකට වගේ හිතුනා.

ඒ Voice mail එකේ මහේශා කතා කරේ හිනා වෙවී. ඒ හිනා සද්දෙට රුවන්ට දැනුනෙ පපුව හිරවෙනවා වගේ.

 “අනේ රුවන්, මං මෙච්චර දවසක් මේක හිතේ හිරකරගෙන හිටි…”කියලා කියනවත් එක්කම වොයිස් නෝට් එක නතර වුණා.

රුවන් ආයෙ ආයෙ කොච්චර ඇහුවත් මහේශා හිතේ හිරකරගෙන උන්නෙ මොකද්ද කියලා දැනගන්න රුවන්ට පුලුවන් උනේ නෑ. එතනින් පස්සෙ මහේශා ඒ ගැන කිසිම දෙයක් කියවෙන voice mail එකක් එවලා තිබ්බෙ නෑ.

රුවන් ආයෙ වටහවක් එයා ෆෝන් එකේ සේව් කරගෙන උන්න මහේශාගෙ කොන්ටැක්ට් එක දිහා බැලුවා. M  කියන නමෙන් තාම ඒ කොන්ටැක්ට් එක සේව් වෙලා තියෙනව රුවන් හොයාගත්තා. ඒ පුංචි රෝස මලක සලකුණෙන් කොච්චර කතාවක් කියවුනාද ඒ දවස්වල කියන එක රුවන්ට ආයෙ ආයෙ මතක් උනා.

රුවන් නම්බර් එක ඩයල් කරා. ඒත් no answer. ඒ විදියට රුවන් සතියක් තිස්සෙ විසි තිස් වතාවක් try කරා.ඒත් කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.

කොච්චර call කරත් no answer තැන රුවන් try කරන එක නතර කරා.

දවස් ගාණකට පස්සෙ රුවන්ගෙ phone එක ring උනා.

රෝස මලක් එක්ක M අකුර screen  එකේ වැටිලා තිබ්බා.රුවන් ගැස්සුණා. Phone screen එකේ green icon එක උඩ ඇඟිල්ල තප්පර ගාණක් නතර වෙලා තිබ්බා.ඒත් රුවන් answer කරේ නෑ. ඇත්තටම ඒක answer කරන්න උවමනාවක් නොතිබ්බ එකද එහෙම නැත්තම් හිතේ තිබ්බ මොකක් හරි බයක් දසැකයක්ද කියන එක රුවන් ආයෙ ආයෙ කල්පනා කරා.

ඒ හිතිවිල්ලෙන් මිදිච්ච තැන රුවන් ආයෙ ඒ නම්බර් එකට ගත්තට මහේශා answer කරේ නෑ.

අංකය disconnect කරලා. තමන්ට තව chance එකක් නැතිවෙලා ගිහින් කියල තේරුණාට ඒ නැතිවෙච්ච chance එක මොකද්ද කියන එක හිතාගන්න රුවන්ට බැරි උනා.එහෙම ඉද්දි තමයිදවස් දෙකකට පස්සේ, නොදන්නා අංකයකින් රුවන්ට පණිවිඩයක් එන්නෙ.

“ඔයා මට දහතුන් වතාවක් call කරලා තිබ්බා.” කියලා ඇවිත් තිබ්බ ඒ පණිවිඩේ දිහා රුවන් බලන් උන්නා. ඒ මහේශා බව තේරුම්ගන්න අමුතුවෙන් හේතුවක් රුවන්ට ඕන උනේ නෑ.

ඒ නිසාම එයා reply කරා “ඔව්” කියලා.

“ඇයි දැන්?”

“මට ඔයාගේ voice mail එක අහන්න ලැබුණා”

“ඔයා හිතනවද ඔයා මෙහෙම එකපාර ඔයා ආයෙ මට කතා කරාම මට ආයෙ එන්න පුලුවන් වෙයි කියලා? එහෙම නැත්තම් ඔයාට ආයෙ මගෙ ජිවීතේට එන්න පුලුවන් කියලා?” මහේශා කියද්දි දෙන්න උත්තරයක් රුවන්ට තිබ්බෙ නෑ. ඒ නිසාම එයා සද්ද නැතුව උන්න හරියට පහුගිය අවුරුදු ගානෙම කරා වගේ.

මහේශා දිගටම කතා කරා.

“ඔයා ගියා. මම හිටියා. ඒත් අපි දෙන්නම ඇත්තටම ඉස්සරහට ගියේ නැහැ.”

තිත් තුනක් screen එකේ පේන්න තිබ්බා.

Typing කියලා පෙන්නුවා. ඉන්පස්සෙ අතුරුදහන් උනා.

 ආයෙත්: “මම බලාගෙන හිටියා, දන්නවද. අවුරුදු ගාණක්. ඔයා ‘යන්න එපා’ කියයි කියලා මම හිතුවා. ඔයා එයි කියලා මම හිතුවා. ඒත් ඔයා ආවේ නැහැ.” රුවන් ඒ පණිවිඩේ දිහා බලාගෙන හිටියා, තමන්ගෙ අත් දෙකත් හිතත් වෙව්ලන බව රුවන්ට තේරුණා.

 “මට ඒ තරම් ඔයාව ඕනේ කියලා මම දැනගෙන හිටියේ නැහැ.” කියලා මහේශා කියද්දිවත් තමන් දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා රුවන්ට හිතාගන්න පුලුවන් උනේ නෑ.

එයා බලාගෙන හිටියා. වැස්ස ආයෙත් වැස්සා. හරියට ඒ දෙන්න වෙන් වෙච්ච දවසෙ රෑ වගේ. හරියට අවුරුදු ගානකට පස්සෙ voice mail එක අහන්න ලැබිච්ච දවසෙ වගේ.

රුවන් මේ මුකුත් හිරුණිට කිව්වේ නැහැ. රුවන් පුරුදු විදියට ගෙදර වැඩ කරන්න උදව් කළා. මල් පාත්ති වලට වතුර දැම්මා.

ඒත් සමහර වෙලාවට හොරෙන් ගිහින් ඒ ඉන්බොක්ස් එක චෙක් කළා. අලුතෙන් මැසේජස් මුකුත් නොතිබ්බත් පරණ මැසේජ් ආයෙ කියෙව්වා. Voice mail එක ආයෙ ප්ලේ කළා.

හිත අස්සෙ මහම මහ වේදනාවක් හිරකරගෙන ඇස් දෙකේ කඳුලු කැට දෙකක් හිරකරගෙන අන්ධකාරෙට “ආයෙත් කතා කරන්න.” කියලා මිමිණුවා.

ඒ “ආයෙ කතාකරාවි” කියන බලාපොරොත්තුවට අවසානයක් තිබ්බෙ නෑ. ඒකට තිබ්බෙ දිග silence එකක් විතරයි. හරියට කවුරුවත් මකලා දැම්මෙ නැති voice mail එකක් වගේ.

More Stories

Don't Miss


Latest Articles