දෑත දරා – 28

0
338

” එක අතකට ඒක උගේ චොයිස් එක …. ඒක උගෙයි මගෙයි සහෝදරකමට බාධාවක් වෙන්නේ කොහොමද ?   බැණ බැණ වුනත්, ඌ මාව අල්ලන් උන්න එකා….. මං ගෑණු එක්ක තිබ්බ සම්බන්ධතා වලදි ඌ ඒවා  ප්‍රශ්න කලේ නෑ… එහෙව් එකේ…, ඇයි මම ඌව ප්‍රශ්න කරන්නේ…?”…”

අවසානයේ මනුජ එලෙසින් තීරණය කලේය. එහෙත් විශ්ව ගේ ඇමතුම් වෙනුවෙන් පෙරළා ඇමතුමක් ලබා දෙන්නට තරම් සිතක් ඔහුට වූයේ නැත.  විශ්ව ට ජීවිතය එතරම් සැහැල්ලුවත්, තමාට ජීවිතය මෙතරම් බරෙනුත් දැනෙන්නට හේතුව මනුජට කිසි ලෙසකින්වත් වැටහුනේ නැත. ඔහු අතින් ඖෂධ වේල් කිහිපයක් මඟ හැරුනත්, ඉන් යළි රෝගි තත්වයක් මතු නොවූ නිසා යලි විශ්ව මුණ ගැසීම හෝ යළි වෛද්‍ය උපදෙස් වෙනුවෙන් යොමු වීමද මනුජ මඟ හැරියේය.

සාරතී නැන්දා යලි සින්දූපා ගේ තනියට ඇගේ නිවෙසට යෑම අරඹා ඇති බව දැන දැනම වුවද මනුජ එය තමාට බලනොපාන්නාක් මෙන් උන්නේය. සැබැවින්ම සාරතී නැන්දා සින්දූපා කෙරෙහි මවුවත් කමකින් සිටින බව මනුජට වැටහේ. එනිසාම ඇය සින්දූපා  ගැන වන වද වීම සහ වගවීම නිවෙසක මෙහෙකාරියකට වඩා වැඩිව දැනෙනවා විය හැක.

සති දෙකක් ඉක්මෙද්දීත්, මනුජ කිසිම ප්‍රතිචාරයක් නොදක්වමින් සිටීම ගැන සින්දූපා මහත් මානසික පීඩාවකට වැටී උන්නාය. එහෙත් ඇයටද විශ්ව අමතන්නට තරම් සවියක් වූයේ නැත. ඔහු තම නිවස අසලටම පැමිණි රාත්‍රීයේ තම හැසිරීම් ඔහු රිදවාලන්නට ඇති බවට සින්දූපා ට වූ සැකය දැන් තහවුරු වී ඇත. ඔහු ට තමා එක් අයෙකු වූවා මිසක්, එහෙමට විශේෂයක් සහිතව දැනුණ අයෙක් නොවන බවද සින්දූපා ට දැන් දැන් හිතේ.

” ඕනි එකක් … මං ඔය මොකවත් දන්නෙත් නෑ… දැක්කෙත් නෑ කියලා මට ඉන්න තිබුණා, උඹ කැම්පස් ඉන්න පොඩි කෙල්ලක් වුනානම්   …. ඒත්, උඹ දැන් ඉන්නේ කසාදයක් බැඳලා දරුවෙක් ඉන්නෝනි වයසේ නංගී.. එහෙව් එකේ ඔහොම හීන බල බල කල් මරනඑක විකාරයක්….

හරි, අපේ එකාගේ හිතෙත් ඔහොම දෙයක් තියෙනවා නම්, මේ ගෙවුණ සති දෙකෙන් එක දවසක අඩුම කෝල් එකක් දෙන්න ඕනි නේද ? ඒ තියා ඌ මගේ කෝල් වලටත් වචනේ දෙකේ රිප්ලයි විතරයි… 

ඌ මාව මඟාරින්නේ කොහොම වෙලාවටද දන්නවද ?  ටෙම්පරි රිලේශන්ශිප් එකක් පටන් ගත්තහම … ඒක ඉවර වෙලා දෙන්නා දෙපැත්තට යනකල් ඌ එහෙමයි…..”

විශ්ව එලෙස පවසමින් සින්දූපා අසලින් හිඳ ගත්තාය. එදින රැයේ තමා විශ්ව අය්යාට සිදු කෙරූ සියලි පැහැදිළි කිරිම් දැන් පුස්සක් ව ගොස් හමාරය. තමා සිතුවේ මනුජද , තමා පිළිබ්ඳව යම් උත්කර්ශවත් වන හැඟීමක් දරනු ඇති බවය.

එහෙත්, එය එලෙස නොවන බව දැන් විශ්ව අය්යාම හේතු සහිතවම පවසමින් තමා බිඳින්නේය.

සින්දූපා විශ්ව දෙස බැලුවේ කඳුලු පිරි දෑසිනි.විශ්වද ඉන් තිගැස්සුණේය.  සින්දූපා පහසුවෙන් හඬා වැටෙන්නියක නොවන බව විශ්ව දනී. ඕ  පර්වතයක් සේ බොහෝ දේ දරා සිටින්නියකි.

” වෙන්න ඇති අය්යේ.. එදා බබාගේ ප්‍රශ්නෙදි මත් එක්ක තිබ්බ තරහට පලි ගන්න එහෙම පෙන්නුවාද දන්නෙත් නෑනේ..”

“ඌ එහෙම එකෙක් නම් නෙවෙයි … ඒත්, අවස්ථාවේ විදියට එහෙම එහෙම වෙන්න ඕනි කියලා හිතුනද දන්නේ නෑ…”

විශ්ව එලෙසින්ද පැවසුවේය. සින්දූපා ට ඉන් දැනුනේද අසරණ කමක්ම පමණි.

එදින සවස රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් හදිසි කැඳවීමක් ලැබුනේ ළමා වාට්ටුවේ සිටින සියලුම වෛද්‍යවරුන්ටය. එහිදී සින්දූපා ට සිදුවූයේ සිහිනයකින්වත් බලාපොරොත්තු නොවූ චෝදනාවකට ලක් වෙන්නටය.

” මෙහෙට එනකොට නම් ඩොක්ටර් සින්දූපා කිව්වේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඕනි… මිනිස්සුන්ගේ ජීවිත වලට උදව් කරන්න ඕනි කියලා… දැන් මේ සිද්ද වෙන දේවල් වල හැටියට ඒක එහෙම බවක් නම් පේන්නේ නෑ… මට පේන්නේ හැමදේම කඩාකප්පල් කරන්න උවමනාවක් තියෙනවා වගේ… පෙරේදා මගේ ක්ලෝස්ම යාලුවෙක්ගේ දරුවෙක් ඇඩ්මිට්  කරලා තියෙනවා… ඩොක්ටර් සින්දූපා කිසිම වගකීමක් නැතුවනේ වැඩ කරලා තියෙන්නේ… දරුවාව හරියට ඉන්ස්පෙක්ට් වෙලත් නෑ… පස්සේ අද උදේ ඒ අය ඩිස්චාර්ජ් වෙන්ම අහනකොට ඒකට ඉඩ දීලත් නෑ… මොකද්ද මේ කරන්නේ ? අපේ හොස්පිට්ල් එකේ රෙපියුටේශන් එක ඩැමේජ් කරන්නද ඕනි..? පිට පිට මේ දෙවෙනි වතාව…. ඔය මට ආරංචි වෙන ටික… අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් කරබාගෙන යනවා ඇතිද ??…”

රෝහල් අධ්‍යක්ෂකවරයාහේ හඬ වඩා උස්ව නැගෙද්දී සියලුදෙනා බලා උන්නේ සින්දූපා දෙසය

” එතන පොලිස් කේස් එකක් තියෙනවා සර්…. “

” නිකන් කතාව වටේ යවන්න සූදානම් වෙන්න එපා සින්දූපා …පොලිස් හරි උසාවි හරි … තමුන්ගේ වගකීම හරියට කරලා ඉන්නඑක නෙවෙයිද වැඩේ…”

“මම ඒ දරුවාව මගේ සුපර්විශන් යටතේම තමයි තියන් ඉන්නේ සර්…  අනෙක, ඔය කියන මිනිස්සු සර්ට කිව්වා නම් මම ඒ දරුවා බැලුවේ නෑ කියලා ඒක මහ බොරුවක්… ඔය තියෙන්නේ දරුවාගේ තුවාල සැක නිසා, මම දරුවාව කවුන්සලින් සෙෂන් එකකට දාන්න ඕනි කීව කතාවයි, පොලිසියට මේක ඉන්ෆෝර්ම් කරාට තරහයි.. පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න කරලා ගියපු දවසේම ., ඒ කිව්වේ අද උදේම ඒගොල්ලෝ ඩිස්චාර්ජ් වෙන්න ඇහුවා.. ඒත් ඒ දරුවා ගේ ඇස් වලින් මට මහ බයක් පේනවා.. ඒ නිසයි ඩිස්චාර්ජ් නොකලේ සර්…”

රෝහල් අධ්‍යක්ෂකවරයා සිනාසුනේ සින්දූපා ගේ  හඬ බිමටම පාගා දමමිනි.

” ඇස් කියවන්න ඉගැන්නුවේ මොන සෙමෙස්ටර් එකේද ? නිකන්, වගකීමක් නැති කතන්දර ගොතාගෙන තමන්ගේ අඩුපාඩු වහගන්න හිතන්නෙපා සින්දූපා ….. ඩොක්ටර් කෙනෙක්ගේ වගකීම් ඉගෙනගන්න ඉස්සෙල්ලම…..ඊට පස්සේ පුලුවන් ඔය කියන තාලෙන් සේවේ කරන්න….

සල්ලි, සමාජ තත්වේ තිබුණට වැඩක් නෑ… අඩුම තරමේ සහකම්පනයක් තියාගන්න මිනිස්සු ගැන… 

ඒ මිනිස්සු මගෙන් අහනවා ඒ ඩොක්ටර්ගේ පීපී එකට ගෙන්නගන්නද දන්නේ නෑ එහෙම හැසිරෙන්නේ..? එහෙම නැත්නම් වෙන මොකක් හරි උවමනාවක්ද දන්නේ නෑ කියලා… මටත් ලැජ්ජයි…

ඔය යන විදියට ඩොක්ටර්ට සින්දූපා ගේ හැසිරීම් කොටුවේ බෝ ගහ යට ඉන්න ගෑණු අයට සමානයි නේ… සල්ලි ඉස්සර කරන්න ඕනි මොකටත්…”

සින්දූපා ආපස්සට හැරුණාය.

“—ඔය යන විදියට ඩොක්ටර්ට සින්දූපා ගේ හැසිරීම් කොටුවේ බෝ ගහ යට ඉන්න ගෑණු අයට සමානයි නේ… සල්ලි ඉස්සර කරන්න ඕනි මොකටත්…—–“

ඇයට දෝංකාර දෙමින් ඇසුනේ එපමණක්මය.

ඕ හඬාගෙනම  කොරිඩෝව දිහේ දිව ගියේ රෝහලෙන් පිටතටම යන්නට සිතමිනි. අන් කිසිවක් නොව සියල්ලන්ගෙන්ම සැඟවීයන්නට අවැසි විය. ඔහු තමා බිඳ හෙලන්නට මෙවර තෝරාගෙන ඇත්තේ එවන් අවියක්ද ?

විශ්ව මිතුරු වෛද්‍යවරයෙකූගෙන් සිදුවීම දැනගෙන සින්දූපා අමතන්නට උත්සාහ කලද ඇය ජංගම දුරකතනයට පිළිතුරි දුන්නේ නැත. අත්‍යාවශ්‍යම ශල්‍ය කර්ම දෙකක ඉදිරියට යොදාගෙන උන් නිසා ඔහුට රෝහලෙන් පිටව යන්නට ඉඩක් වූයේද නැත.

” ඩොක්ටර් බෑග් එකත් දාලා ගිහින් තියෙන්නේ.. කී එක අරන් ගියාලු…”

ඔහුට එලෙස පැවසූයේ පැමිණි හෙදියකි.

අවසානයේ විශ්ව මනුජට ඇමතුමක් ගත්තේය. එහෙත් ඔහු පිළිතුරරු දුන්නේ නැත.

” මෙන්න මේ නම්බර් එකට මට කෝල් එකක් අරන් දෙන්න මිස් සඳා…”

ඔහු හෙදියක  අමතා කීවේය. සැනින් පිළිතුරි ලැබුණි.

” තෝ ගස් බල්ලෙක් වගේ මාව ආන්සර් කරන්නේ නැත්තේ මොකද කියලා මට හිතාගන්න පුලුවන් . මට  එව්වා අදාල නෑ…. සින්දූපා ට පොඩි ප්‍රශ්නයක් වෙලා ඒකි හොස්පිට්ල් එකෙන් එලියට ගියා… පුලුවන් නම් කන්ටැක් කරගන්න බලපං.. කෙල්ල චුට්ටක් අවුල් ගිහින් ඉඳලා තියෙනෙනෙ..”

මනුජ උන්නේ විශ්වගේ උගුලට හසුවුන කෝපයනි.

” ඉතින්.., මට කියන්නේ.. උඹ බලපං … මගේ එකක් නෙවෙයි නේ… උඹේනේ…”

“යකෝ… මට සර්ජරි දෙකක් තියෙනවා.. යන්න විදියක් තිබුණා නම් මම තොට ගන්නේ නෑ.. “

“තොගේ හොර එව්වා පස්සේ යන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද යකෝ.. ඔන්න ඔය ෆෝන් එක තියපං…  කොටුවේ ගෑණු පස්සේ යන එකෙක් නෙවෙයි මම…”

“*&% &%-  … දෙයක් කියන්න කලින් හිතලා බලපං බල්ලෝ…. මම  සින්දූපා පස්සෙන් යනවා තමයි … ඒ ඒකි මගේ නංගී නිසා යකෝ…  මට කියලා මුලු නෑදෑ සංහතියටම ඉන්න එකම නංගි නිසා..තූ විතරක් තෝ….. ඕනි නෑ …උඹ යන්නෝනි නෑ… මම ඒක කරගන්නම් .. ආයේ උඹ ඒකිගේ හුස්මක්වත් වැටෙන්න ගිහින් මට අහුවෙන්නත් එපා බල්ලා… මට දැන් නේ තේරුණේ තෝ එකපාරම කෙල්ලට පස්ස හැරෙව්වේ ඇයි කියලා… උඹ වගේ  බල්ලෙක් නෙවෙයි යකෝ මම.. මගේ ගෑණි මට ඉහටත් උඩින්…. තෝ හිතුවේ මම සින්දූපා එක්ක…චි…ක්…චි.ක්ක්.. උඹ එක්ක සහෝදරකම් ඉවරයි.. ආයේ මූණටවත් හම්බෙන්නෙපා තෝ.. මරනවා..”

මනුජ අසුනෙන් නැගිට්ටුණේය.

දෝංකාර දෙමින් ඇසුණු විශ්වගේ හඬ පරයමින් ඔහු යමක් පවසන්නට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත. විශ්ව ඇමතුම විසන්ධි කර තිබුණි.

මනුජ වහා රාජකාරී කැබ් රිය පණ ගන්වා ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here