“එයා වටපිට බැලුවේ කිසිම හදිස්සියක් නැතිව. එයාගේ අතේ තිබුණ ලේ තැවරුණු පිහිය බිමට දාලා, කිසිම ගානක් නැතිව අයිස්ක්‍රීම් එකක් කන්න ෆ්‍රිජ් එක ඇරියා. ඒ අතරේ එයා ගෙදර කම්පියුටර් එක ඔන් කරලා ඉන්ටර්නෙට් ගියා. මේ හැමදේම අස්සේ මේ ගෙදර තාත්තයි අම්මයි දුවයි පුතයි මැරිලා බිම වැටිලා උන්නා”
ඒ අලුත් සහශ්‍රයක් පටන් ගන්න තිබ්බ දවසක්.
මුළු ලෝකෙම බලාගෙන උන්නේ අලුත් සහශ්‍රය පිළිගන්න.
අලුත් සහශ්‍රය වෙනුවෙන් ගිනිකෙළි දල්වන්න ලෝකයම ලෑස්ති වෙලා හිටපු 2000 අවුරුද්දේ අන්තිම දවසේ රෑ, ටෝකියෝ නගරයේ සෙටගායා කියන නිස්කලංක පළාතේ මියසාවා පවුල උන්නෙත් අලුත් අවුරුද්ද වෙනකල් බලාගෙන හරිම සතුටින්.
ඒත් ජීවිතේට කරදර බාධක එන්නෙ අපිට කළින් කියලා නෙවෙයිනෙ. අන්න ඒ හන්දම අලුත් අවුරුදු සැමරුම් වෙනුවට, එයාලගේ ගෙදර ජපානයේ බිහිසුණුම අබිරහසකට වේදිකාව වෙනවා.ඔයාලා X files බලලා තියෙනවා නම් ඔන්න මේකත් ඇත්තටම ස්කලී සහ මල්ඩර් එක්කහු වෙලා විසඳන්න ඕන ලෙවල් එකේ ඇත්තටම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි විදියෙ මහ අමුතුම අබිරහස කතාවක් වෙනවා.
මම මේ ආටිකල් එක ලියන අවුරුදු විසි ගාණකට පස්සෙත් ඒ අපරාධය විසඳිලා නැහැ කියලා කියන එකෙන්ම මේ අබිරහස කොච්චර ලොකු එකක්ද කියල හිතාගන්න ඔයාලට අමාරු වෙන එකක් නෑනෙ නේද?
ඉතින් වැඩි කතා නැතුව අපි බලපු ඇත්තටම එදා මොකද උනේ කියලා.
1991 අවුරුද්දේ, මියසාවා පවුල කමිසොෂිගයා කියන පාරේ තියෙන ගෙදරකට එනවා. ඒ වෙනකොට ඒ පළාතේ ගෙවල් 200කටත් වැඩිය තියෙනවා. මිකියෝ මියසාවා (44), එයාගේ වයිෆ් යසුකෝ (41), සහ එයාලගේ ළමයි දෙන්නා, නීනා (8) සහ රෙයි (6) ජීවත් වෙන්නේ පොඩි ගෙදරක. එයාලගේ ගෙදර පිටිපස්සේ “චූ-චූ ට්‍රේන් පාර්ක්” කියලා පොඩි ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. ළමයි නිතරම එතන සෙල්ලම් කරනවා.
මිකියෝ මියසාවා මාකටින් කම්පැණියක තමයි වැඩ කළේ. එයා හරිම හොඳ, නිහඬ, පවුලට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියලා තමයි එයාව දැනගෙන උන්න හැම කෙනෙක්ම වගේ කිව්වේ. එයාගේ බිරිඳ යසුකෝ හරිම කරුණාවන්ත, ඉවසිලිවන්ත ගෑනු කෙනෙක්. එයා ඒ ගමේම පොඩි ළමයින්ට පාඩම් ඉගන්නුවා. එයාලගේ දුව නීනා හරිම සතුටින් හිටපු, හරිම දඟ කෙල්ලෙක්. පුතා රෙයි ටිකක් නිහඬ, බය නැති පොඩි කොල්ලෙක්. මේ දරුවො දෙන්නා එක්ක මේ දෙමව්පියෝ දෙන්නම හරි සන්තෝසෙන් තමයි ජීවත් උනේ.
එයාලා ජීවත් වුණේ සෙටගායා වල තියෙන පාර්ක් එකක් ළඟ, තට්ටු දෙකක ගෙදරක. මෙයාලා හරිම සරල ජීවිතයක් ගත කරපු මිනිස්සු. ඉස්කෝලේ යනවා, ඔෆිස් යනවා, ගෙදරදී සමාදානෙන්, සන්තෝසෙන් ඉන්නවා ඇරෙන්න මහ ලොකුවට note වෙන highlight වෙන ජිවීතයක් මෙයාලට තිබ්බෙ නෑ. අහල පහළ හිටපු අය කිව්වේ එයාලා හරිම සතුටින් හිටපු පවුලක් කියලා. ඒ සාමකාමී ගෙදරක් මෙහෙම බිහිසුණු තැනක් වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. ඒත් කවුරුවත් නොහිතුව විදියට තමයි මේ හැමදෙයක්ම වෙන්නෙ.
අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒ පළාත වෙනස් වෙන්න පටන් ගන්නවා. ගොඩක් පවුල් එයාලගේ ඉඩම් නගර සභාවට විකුණනවා. මොකද එහා පැත්තේ තියෙන සොෂිගයා පාර්ක් එක ලොකු කරන්න එයාලා ප්ලෑන් කරලා තියෙන හන්දා. 2000 අවුරුද්ද වෙනකොට ඒ පළාතේ ගෙවල් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ගෙවල් හතරෙන් එකක් තියෙන්නේ මියසාවා පවුලේ ගෙදරට යාබදව. ඒක යසුකෝගේ වැඩිමහල් අක්කා වන ඈන්ගේ. ඒ ගෙදර ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එයාලගේ අම්මා. ඈන්ගෙ හස්බන්ඩ් ඉන්ජිනේරුවෙක් නිසා ගොඩක් වෙලාවට එයා ඉන්නේ රටෙන් පිට. යසුකෝත් පොඩි ළමයින්ට ක්ලාස් කරන්නේ මේ ගෙදර. මොකද ඒක එයාගේ ගෙදරට කිට්ටුවම තියෙන නිසා.
ගෙවල් දෙක ලං වෙලා තියෙන නිසා එක ලොකු ගොඩනැගිල්ලක් වගේ තමයි පෙනෙන්නේ. අනාගතයේදී පවුලේ ප්‍රශ්න ඇති වෙයි කියලා මිකියෝ බය වෙනවා. ඒ නිසා එයා ගෙදරට සවුන්ඩ්ප්‍රූෆින් එකක් දාන්න යෝජනා කරනවා. ඈනුත් ඒකට කැමති වෙනවා. අනිත් අසල්වැසියෝ වගේම මේ පවුල් දෙකත් දවසක ඒ පළාතෙන් යන්න හිතාගෙන ඉන්නවා. ඒත් යසුකෝට ටිකක් බය හිතෙනවා. එයා බය වෙන්නේ එයාගේ ළමයි, විශේෂයෙන්ම රෙයි, අලුත් ගෙදරකට හුරු වෙන්නේ කොහොමද කියලා. මොකද රෙයිට පුංචි developing issue එකක් තියෙනවා.
ඒ දෙසැම්බර් 30 වෙනිදා.
රෑ දොළහට විතර මනුස්සයෙක් මියසාවා පවුලේ ගෙදරට රහසින්ම ඇතුළු වෙනවා.
මියසාවා පවුලෙ අය, අලුත් අවුරුද්ද පිළිගන්න බලාපොරොත්තුවෙන් උන්න හන්දද මන්දා ඒක දැනගත්තෙ නෑ කියලා තමයි විමර්ශන වලදි පොලිසිය හිතුවෙත්. පොලීසිය පස්සේ හිතුවේ එයා පාර්ක් එක පැත්තට සම්බන්ධ වෙන මේ ගෙදර බාත්රූම් එකේ ජනේලෙන් ගෙදෙට්ට ඇතුළු වෙන්න ඇති කියලා. කොහොම කොහොමින් හරි ඊට පස්සේ වෙච්ච දේ හරිම දරුණු එකක් බව කියන්නම ඕන.
මියසාවා පවුලේ ගෙදර ඇතුළේ ඇත්තටම මොකද වුණේ කියලා අදටත් පැහැදිලි නැහැ. ඒත් හැමෝම පිළිගන්න විදිහට මිනීමරුවා ගෙදරට ඇවිත් තියෙන්නේ උඩ තට්ටුවේ තිබුණු පොඩි බාත්රූම් එකේ ජනේලෙන්. එයාගේ පළවෙනි ගොදුර වුණේ අවුරුදු හයේ පොඩි දරුවෙක් වෙච්ච රෙයි. එයා නිදාගෙන ඉද්දි තමයි බෙල්ල මිරිකලා මරලා තියෙන්නෙ. රෙයි තමයි පවුලේ පිහි ඇනුමක් කරලා නැතිව මැරුණ එකම කෙනා. පොලීසිය පස්සේ එයාගේ කාමරයේ අඩි සලකුණු ගොඩක් හොයාගත්තා.
ඊළඟට මිනීමරුවා පහළ තට්ටුවේ හිටපු තාත්තා මිකියෝට පහර දෙනවා. එයාට ගොඩක් පිහි ඇනුම් කරලා තිබුණා, විශේෂයෙන්ම කලවා, අත්, සහ පපුවට ලොකුවටම තුවාල වෙලා තිබුනා. එයාගේ මරණයට හේතුව පපුවේ තුවාල වලින් ලේ ගොඩක් යන්න ගිය එක කියලා පස්සෙ හොයාගන්නවා. ඒ වගේම සෂිමි පිහියක කෑල්ලක් පවා මිකියෝගේ කපාලයේ හිරවෙලා තිබිලා හම්බවෙනවා.
අන්තිමට මිනීමරුවා යසුකෝයි, එයාගේ දුව නීනායි පස්සෙන් යනවා. එයාලා නිදාගෙන හිටියේ උඩ තට්ටුවේ. දෙන්නාටම ගොඩක් පිහි ඇනුම් කරලා, විශේෂයෙන්ම මූණටයි, බෙල්ලටයි. පේන විදිහට යසුකෝ ලේ ගොඩක් ගලන් යද්දිත් නීනාවත් අරගෙන පඩිපෙළෙන් පහළට දුවන්න හදලා තියෙනවා. ඒත් මිනීමරුවා එයාලව අල්ලගෙන තවත් පිහියෙන් ඇනලා තියෙනවා. අම්මයි දුවයි දෙන්නාවම හම්බවෙන්නේ එකට, පිටට පිට තියාගෙන. අවුරුදු අටේ නීනා මැරිලා තියෙන්නේ පිටට පිහි ඇනුම් කිරීමෙන්. ඒ වගේම සාක්ෂි වලින් පෙන්නුම් කරනවා එයාට පහර දීලා තියෙනවා කියලා.
හැබැයි මේකේ හරිම බය හිතෙන දෙයක් තියෙනවා.
ඒ තමයි මිනීමැරුම් ටිකෙන් පස්සේ වෙච්ච දේ.
හොරා පැනලා ගියේ නැහැ. ඒ වෙනුවට, එයා ගෙදර ඇතුළේ පැය ගාණක් නැවතිලා හිටියා කියන එකත් හරියට කිසිම දෙයක් වෙලා නැති ගානට ඔහේ ඉඳලා තියෙනවා කියන එකත් පොලිසියට විමර්ශනයෙන් හොයාගන්න පුළුවන් වෙනවා..
එයා ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රීම් කාලා තියෙනවා. තේ හදාගෙන බීලා තියෙනවා. ඒ පවුලේ කම්පියුටරෙන් අන්තර්ජාලය පාවිච්චි කරලා තියෙනවා. එයා ටික වෙලාවක් සෝෆා එකේ නිදාගෙනත් ඉඳලා තියෙනවා. ඒ වගේම පහරදීමේදී එයාගේ අතේ වුණු තුවාල වලට බෙහෙත් දාන්න ගෙදර ප්‍රථමාධාර පෙට්ටිය පාවිච්චි කරලාත් තියෙනවා. සාමාන්‍යයෙන් මිනීමැරුමක් කරාට පස්සෙ මිනීමරුව එතන ඔහොම රැඳිලා ඉන්නෙ නෑනෙ. එහෙම එකේ මේ මනුස්සයා කිසි බයක් නැතුව එහෙම සෑහෙන වෙලා තමන් මරලා දාපු මිනිස්සු අස්සෙම උන්නෙ එයා අසාමාන්‍ය කෙනෙක් නිසාද කියන ප්‍රශ්නෙ පොලිසියට එනවා.
අවුරුදු ගාණක් පොලීසිය හිතුවේ මිනීමරුවා උදේ දහයට විතර පැනලා ගියා කියලා. මොකද කම්පියුටරය ආයෙත් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා තිබුණා. ඒත් පස්සේ හෙළි වුණා මළ සිරුරු දැකලා යසුකෝගේ අම්මා අහම්බෙන් මවුස් එක එහෙ මෙහෙ කරපු වෙලාවේ මේක වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මිනීමරුවා පාන්දර 1.30ත්, උදේ 10ත් අතරේ ඕන වෙලාවක පැනලා යන්න ඇති කියලා තමයි අන්තිමේ නිගමනයකට එන්නෙ.
පොලීසිය පස්සේ එයාගේ ලේ, වින්දිතයන්ගේ ලේ එක්ක මිශ්‍ර වෙලා තියෙනවා කියන එක හොයාගත්තා. පරීක්ෂකවරුන්ට මේක එක අතකට වාසනාවක් වගේම අවාසනාවක්. මොකද ගොඩක් සාක්ෂි තිබුණත්, පැහැදිලි සැකකරුවෙක් හිටියේ නැති හන්දා.සාක්ෂි වලින් පෙන්නන්නේ මිනීමරුවා හරිම සැහැල්ලුවෙන්, එහෙම නැත්තම් “ආ මං මෙයාලව මැරුවනෙ” කියන ego එකකින් හැසිරුණා කියලා. ඒත් එයාගේ identity එක තාම තියෙන්නෙ හැංගිලා. එයා මේ පවුල දන්න කෙනෙක්ද? පාරේ යන ආගන්තුකයෙක්ද? එහෙමත් නැතිනම් අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි අබිරහස් චරිතයක්ද කියන ප්‍රශ්නෙ තාම ඉතුරුවෙලා තියෙනවා.
පොලීසිය ඇඟිලි සලකුණු, අඩි සලකුණු, ලේ, සහ ඇඳුම් වගේ සාක්ෂි ගොඩක් එකතු කරගත්තා. ඒත් මිලියන 5කට වඩා මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරලා, මිලියනයකට වඩා DNA සාම්පල බැලුවත් ගැලපෙන කෙනෙක් හම්බවුණේ නැහැ. එයාගේ DNA වලින් පෙන්නුවේ එයා මිශ්‍ර පෙළපතක කෙනෙක් කියලා—එයාගේ තාත්තා නැගෙනහිර ආසියානු (සමහරවිට ජපන්, කොරියානු, හෝ චීන) කෙනෙක් වෙන්න ඇති. අම්මා ඇඩ්‍රියාටික් මුහුද ළඟ යුරෝපීය ජාතික කාන්තාවක් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.
මිනීමරුවා අවුරුදු 15ත් 35ත් අතරේ කෙනෙක් කියලා විශ්වාස කරනවා, උස සෙන්ටිමීටර් 170ක් විතර. එයා කළු කොණ්ඩයක්, බකට් හැට් එකක්, යූනිකෝ එකේ කළු ජැකට් එකක්, ග්ලවුස්, සහ ෆැනී පැක් එකක් ඇඳලා උන්න කෙනෙක් කියන එකත් සමහර ඇඳුම් වල ප්‍රංශ පර්ෆියුම් සුවඳ පවා තිබුණා කියන එකත් විමර්ශන වලදි හොයාගන්නවා.
මේ සාක්ෂි තිබුණත්, කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. මිනීමරුවා කොහෙන්ද ආවේ කියලා දන්නේ නැති එකම එයාව හොයාගන්න වැඩේ හරිම අමාරු වැඩක් කරනවා.
සෙටගායා මිනීමැරුම ජපානයේ විශාලම පරීක්ෂණයක් බවට පත් වෙන්නෙ ඔන්න ඔය කාරණා නිසාමයි. අවුරුදු ගාණක් තිස්සේ පොලීසියේ නිලධාරීන් 250,000කට වඩා මේ search එකේ නිරත වෙලා තියෙනවා. ඒ පවුල මිය ගිය ගෙදර තවමත් එහෙමමයි. ඒක වෙච්ච දේ ගැන බිහිසුණු මතක් කිරීමක්. හැම අවුරුද්දකම දෙසැම්බර් 30 වෙනිදා පොලීසිය සහ අහල පහල මිනිස්සු ඉටිපන්දම් පත්තු කරලා මියසාවා පවුල මතක් කරනවා.
මේ අපරාධය කොච්චර බය හිතෙන එකක් වුණත්, ඒකෙන් පස්සේ තිබුණු නිහඬතාවය හරිම අබිරහස්. කොහොමද කෙනෙක් මුළු පවුලම නැති කරලා, සන්සුන්ව අයිස්ක්‍රීම් කකා, ඉන්ටර්නෙට් එකේ සැරිසරලා යන්නේ? ඒ වගේ භයානක තැනක එහෙම ඉන්න පුළුවන් වුණේ මොන වගේ මනසක් තියෙන මිනීමරුවෙක්ටද කියන එකම “මේක මේ x files එකට යන්නෝන කේස් එකක්” කියන කතාව මිනිස්සු අතරෙ ප්‍රචලිත කරන්න හේතු වෙනවා.
දශක දෙකකට පස්සෙත්, සෙටගායා පවුලේ මිනීමැරුම් ලෝකයේ විශාලම නොවිසඳුණු අබිරහස් අතර උඩින්ම තියෙනවා. ගොඩක් ජපන් මිනිස්සුන්ට මේක කවදාවත් සුව නොවෙන තුවාලයක් වගේ. මොකද මේ අපරාධය නිසා අහිංසක ජීවිත හතරක් විතරක් නෙවෙයි, එයාලගේ ගමේ තිබුණු ආරක්ෂාව කියන හැඟීමත් නැති වෙච්ච හන්දා.
මේ විදියට මේ පවුල මරන්න ඇත්තෙ ඇයි කියලා මිනිස්සු අහන ප්‍රශ්නෙට පොලිසිය නිගමන දෙකක් දීලා තිබුණා. එකක් තමයි හොරකමක් නිසා වෙච්ච එකක් නැතිනම් පළිගැනීමක් නිසා වෙච්ච එකක් කියලා. හොරකම් කතාව එච්චර විශ්වාස කරන්න බැහැ, මොකද මිනීමරුවා යෙන් 150,000ක් විතරයි අරගෙන ගිහින් තියෙන්නේ. ඒත් ගෙදර තව සල්ලි තිබුණා. පළිගැනීම ගැන තියෙන කතාව හරිම බරපතළ එකක්. මොකද මිනිමරුවා කරපු පහරදීම් හරිම දරුණු හන්දා. අනික පලිගන්නවා නම් වැඩිහිටියන්ගෙන් ගන්නෝන පලිගැනීමකට මේ පොඩි දරුවො අල්ල ගත්තෙ ඇයි කියන ප්‍රශ්නෙත් මිනිස්සු අහනවා.ඒ වෙලාවේ එහාට මෙහාට ගිය අය කිහිප දෙනෙක්ම දැකලා තියෙනවා කෙනෙක් දුවනවා. තවත් කෙනෙක් දුම්රිය ස්ථානයක තුවාල වෙච්ච කෙනෙක්ව දැකලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයක් confirm කරන්න පුලුවන් වෙලා නැහැ. සමහරු කියනවා ඒක පාර්ක් එකේ හිටපු ස්කේටර්ලාගේ වැඩක් කියලා, එහෙමත් නැතිනම් කොරියානු ගෲප් එකක වැඩක් කියලා. හැබැයි ඒකට කිසිම සාක්ෂියක් අදටත් හම්බෙලා නෑ.
අවුරුදු 20කට වඩා ගියාට පස්සෙත් සෙටගායා මිනීමැරුම් තාමත් නොවිසඳුණු එකක්. සයන්ටිස්ට්ලා දැන් DNA ටෙක්නොලොජි පාවිච්චි කරලා මිනීමරුවාගේ ෆොටෝ එකක් හදන්න බලනවා. එයාගේ සෞඛ්‍ය තත්ත්වය, ස්කින් කලර් එක පවා හොයාගන්න ට්‍රයි කරනවා. හැබැයි අදටත් එයා කවුද, මොකටද මේක කළේ කියන එක ජපානයේ ලොකුම අබිරහසක් ඉතුරු කරලා තියෙනවා.