*තාරානාත් දහම් වංශනායක*
නාද්‍යාව සම්මාන උළෙල ඇතුළට එක්කරගෙන යන්න මට එයාව ආදරේ කරගන්න කැමති කරගන්න ගත්ත මහන්සියටත් වඩා වැඩිපුර මහන්සි වෙන්න උනා. අතීතෙ වෙච්ච දේවල් එක්ක එයා උන්නෙ වර්තමානෙදිත් එයාට දඬුවම් කර කර උනත් එහෙම වර්තමානෙකින් කවදාවත් එයාට අනාගතයට ගැලවීමක් නෑ කියන එක මම හොඳාකාරවම දැනගෙන හිටියා.
ජීවිතේන් පැනලා යන්න හිතෙන විදියෙ හිත රිද්දන සිදුවීම් අපි හැමෝටම වෙනවා තමයි ඒත් අපිට හැමදාම ඒවයින් පැනලා යන්න බෑ. දවසක් එනවා අපිට නතරවෙලා ඒ හැමදේටම මූණ දෙන්න සිද්ද වෙන.
ඒක ඕනම කෙනෙකුට වෙනවා. පිටට කොච්චර හයියක් පෙන්නුවත්, හිත රිදිච්ච බිඳිච්ච වෙලාවට “මං මහ කාළකණ්ණීයෙක්” කියලා හිතෙන වෙලාවල් අපි හැමෝටම එනවා. ඒක මට වගේම නාද්යාට වගේම අනිත් හැමෝටමත් පොදුයි වගේම අපි හැමෝම ජීවිතේ එක දවසක් හරි එහෙම මොහොතක් ඇවිල්ලා ඇති කියන එක. මූණ දෙන්න සිද්ද වෙන දේ කොච්චර දරාගන්න අමාරු දෙයක් උනත් අපිට දවසක් එනවා පැනලා යන්න බැරි. මම නැවතිලා ඒකට මුහුණ දෙනකම්ම, ඒ රිදීම හැමදාම මගේ පස්සෙන් එන්න පාරක් හොයාගන්නවාමයි. දවසක් එනවා, මට නැවතිලා මම මඟ ඇරපු හැමදේම දිහා බලන්න වෙන. කරපු වැරදි, හිත රිදිච්ච තැන්, මගේ පපුව බර කරන මතක වගේ මහ ගොඩක් දේවල් එහෙම ආපස්සට හැරිලා බලද්දි මට දකින්න වෙනවා. ඒක පහසු නෑ. මුලදී නම් කරන්නම බෑ වගේ පවා දැනෙන්න පුළුවන්.
ඒත්, මම දුවන එක නවත්වන ඒ මොහොත තමයි මාව ඇත්තටම ජීවිතේට පුරුදු කරන මොහොත වෙන්නෙ. මොකද, හිත රිදෙන දේට කෙළින්ම මුහුණ දීලා විතරයි මට ඒක තේරුම් ගන්න, ඒක පිළිගන්න සහ හිමින් හිමින් ඒක අතාරින්න පුළුවන් වෙන්නෙ. මට ඕන උනේ නාද්යාටත් ඒ ඇත්ත තේරුම් කරලා දෙන්න. එයා මෙහෙම හැංගෙන්න කොච්චර උත්සහ කරත් දවසක් එනවා කියන එක එයාට හැංගෙන්න බැරි.
“මේ අහන්නකො මට ඔයාට මෙතන ඉන්න කියලා ඇතුළට යන්න පුළුවන් හරිද? ඒ උනාට කවදා වෙනකම් ඔයා ඔහොම ඉන්න ප්ලෑන් කරගෙනද ඉන්නෙ? දවසක් එනවා නාද්‍යා ඔයා ඔය දැන් මූණ හංගගන්න උත්සහ කරන මිනිස්සුන්ට ෆේස් කරන්න වෙන. ඒක අදද හෙටද කියලා ඔයා දන්නෙ නෑනෙ. ඒක ඔයා හිතන්නෙම නැති වෙලාවක ඔයා ඉස්සරහට එන්න පුළුවන්. එදාට ඔයා පොඩ්ඩක්වත් රෙඩි වෙලා උන්නෙ නැත්තම් ඒක ඔයාට සෑහෙන දරාගන්න අමාරු වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට හිතෙන්නෙ නැද්ද මේ වගේ දේවල් එකකට දෙකකට හරි ඔයා ෆේස් කරලා තිබ්බොත් ඔයාට ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලට ෆේස් කරන එක තව ලේසි වෙනවා කියලා?”
“අනේ ඒ උනාට මට බයයි. හදිසියේ හරි අපේ කැම්පස් එකේ එක්කෙනෙක් හරි හිටියොත් ඔයා කියන්නෙ මං මොනවද එයාලා අහන ප්‍රශ්න වලට කියන්නේ? මං කොහොමද මට වෙච්ච දේවල් කියන්නෙ”
“ළමයො ඔයා නිකන් කතාකරන්නෙ ඔයා මේ කිසිම දෙයක් නැති, කිසිම අචීව්මන්ට් එකක් නැති මනුස්සයෙක් වගේනේ. හරි ඇත්ත ඔයාට ජීවිතේ එක තැනක් වැරදිච්ච බව ඇත්ත. ඒ උනාට ඔයාට වෙලාවකට හිතෙන්නෙ නැද්ද ඔයා ඔය ඩිග්රි එක අරගත්තා නම් සමහර විට ඔයාගෙ අනිත් යාලුවො වගේම සාමාන්‍ය ජොබ් එකක් කරගෙන ඉන්න කෙනෙක් වෙනවා මිසක්කා මේ වගේ අවෝඩ් විනින් බිස්නස් එකක් ගොඩනගන ලෙවල් එකකට එන්නෙ නෑ කියලා.
ඔයා සෑහෙන දේවල් ඇචීව් කරගත්ත මනුස්සයෙක් නාද්‍යා.ඔයාගෙ වයසෙ වෙන අයට නැති දේවල් ඔයා ඇචීව් කරගෙන තියෙනවා. ඒ දේවල් ලබාගන්න ඔයාට තව දේවල් නැති කරගන්න සිද්ද වෙන්නැති. හැබැයි ඒක ඔයා මුළු ජීවිත කාලෙම විඳවන්න, දුක්වෙන්න ඕන කාරණාවක් නෙවෙයි
හරි අදට විතරක්, අදට විතරක් මම එක්ස්කියුස් එකක් දෙන්නම්. හැබැයි ඔයා මෙතන ඉන්න බෑ, ඔයා මාත් එක්ක කන්ෆරන්ස් හෝල් එකට යන්න එන්නෝන” කියලා මම කියද්දි නාද්‍යා ආයෙ වතාවක් කරේ මගේ අතෙන් අල්ලගෙන “අනේ මට යන්න බෑ අනේ” කියලා නාහෙන් අඬන්න ගත්ත එක.
“ඉන්නකො මං කියලා ඉවර වෙනකම් පොඩි එකෙක් වගෙ වෙලාවකට ඔයා. දැන් ඔයාට යන්න බැරි කවුරුහරි ඔයාව අඳුරගනීවි කියලනෙ. මේක දාන් යන් එතකොට මූණෙන් සෑහෙන කොටසක් වැහෙනවනෙ. කාලෙකින් දැක්කෙ නැති හන්දා අඳුරන කෙනෙක් උන්නත් අඳුරගන්න බැරි වෙයි” කියලා මම නාද්‍යා අතෙ තිබ්බේ වාහනේ කැබි හෝල් එකෙ මම හදිසියකට හරි ඕන වෙයි කියලා හිතලා තිබ්බ ෆේස් මාස්ක් එකක්.
“මේ වගේ ඉවෙන්ට් එකකට මාස්ක් එකක් දාන් ආවොත් මිනිස්සු නිකන් අමුතු විදියට බලාවිද?”
“නෑ කෝවිඩ් වලින් පස්සෙ ගොඩක් අය ඔය වගේ ගැදරින්ස් වලට යද්දි ෆේස් මාස්ක් දාගෙන යනවා ඔය බෝවෙන රෝග වලින් පරිස්සම් වෙන්න එහෙම. ඒ නිසා බයවෙන් එපා. කවූරුහරි නිකන් නෝටිස් කරහෙන ඉන්නවා කියලා දැක්කොත් පොඩ්ඩක් කහින්න. එතකොට කැස්ස කියලා හිතාවිනෙ” කියලා කිව්වයින් පස්සෙ තමයි මට ඇත්තටම නාද්‍යාව වාහනෙන් බස්සවගෙන කන්ෆරන්ස් හෝල් එකට එක්කරගෙන ගියේ.
මගේ අතේ එක පැත්තකින් එල්ලිලා, ෆේස් මාස්ක් එකක් දාගෙන ඉන්නවා මදිවට ඇස් දෙකත් එක්කම මූණත් බිමට හරවගෙන ඉන්න කෙල්ලව දැක්කම මට හිතුනා පොඩ්ඩක් පහත් වෙලා එයාගෙ කඩා වැටෙන කෙස් රොදක් එහාට කරලා, කණට කොඳුරලා කියන්නා “මං ළඟ ඉන්නකම් කිසිම දේකට බයවෙන්න එපා” කියලා. එච්චර ළංවෙලා මම කොඳුරද්දි එයාගෙ ඇඟේ හිරිගඩු පිපෙනවා බලන්න, එයා කිතිකැවිලා යනවා වගේ බලන්න.
“තාරානාත් මිනිහෝ මේ මෙතන තව මිනිස්සු ඉන්නවා. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා” කියලා මම මගේ හිතටම කියාගත්තෙ කට කොණකට හිනාවක් එද්දි.
“අපි අපේ අවෝඩ් එක හම්බෙච්ච ගමන් වගේ ආයෙ යන්ද?” කියලා නාද්‍යා කූඹි කටහඬකින් ඇහුවෙ කන්ෆරන්ස් හෝල් එකට ඇවිල්ලා අපිට රිසර්ව් කරලා තිබුණ ටේබල් එකේ වාඩිවෙද්දි. ඒ වෙද්දිත් මුලු හෝල් එකම ඉන්වයිටීස් ලගෙන් පිරිලා තිබ්බේ. ඇතුළෙ කලුවර කරලා තිබුණ නිසා කාටවත් කාගෙවත් මූණු හරියකට පෙනුණෙ නැති නාද්‍යාව සෑහෙන රිලැක්ස් කරා කියලා මට තේරුණේ මෙච්චර වෙලා මගේ අත හයියෙන් අල්ලගෙන උන්න එයාගෙ අත චුට්ට චුට්ට ලිහිල් වෙන්න ගත්තම. ඒ නිසාම මට පුළුවන් උනා මගේ අතේ, මගේ එක කකුලක් උඩ පටලැවිලා තිබුණ එයාගෙ අත මගේ මාපටඇඟිල්ලෙන් චුට්ටක් විතරක්, හිමින්, හරිම සොෆ්ට් විදියට අතගාන්න. මං එහෙම කරද්දි නාද්‍යා මං දිහාව බැලුවෙ හරිම ආදරෙන්. මං එයා දිහාව බැලුවෙත් හරිම ආදරෙන්.
මෙතන මේ වෙලාවෙ කවුරුවත් හිටියෙ නැත්තම් අතෙන් ඇදලා අරගෙන මගේ උකුල උඩ එයාව වාඩිකරගෙන මට එයාව කිස් කරන්න තිබ්බා නේද කියලා හිතුනම නම් මට හිනා ගියා.
“ඇයි හිනාවෙන්නෙ?” කියලා නාද්‍යා අහද්දිත් මට තව චුට්ටක් හිනා ගියා.
“ඇයි හිනාවෙන්නෙ කියන්නකො?” කියන ගමන් එයා එයාගෙ ඇඟෙන් කොටසක බර මගෙ කකුළ උඩ තියලා මගෙ දිහාවට ළං උනා.
ඒ උනාට කොහොමද එහෙම කියන්නෙ මට හිතිච්ච දේවල්. මේ ළමයා හිතාවි මම මහ වල් මිනිහෙක් කියලා. වල් තමයි. මං ඉතින් මං ආදරේ කරන කෙල්ල එක්ක වල් නොවී වෙන මොකා එක්ක වල් වෙන්නද නේද?”
“කියන්නකො දහම්” කියලා නාද්‍යා කියද්දි මගේ හාට් බීට් එක වැඩි උනා. ඒ තමයි පළවෙනි වතාව එයා අපි ආදරේ කරන්න පටන් ගත්තයින් පස්සෙ මගෙ නම කිව්ව. ඒකත් හැමෝම මට කතාකරන නම නොකියා කිසිම කෙනෙක් නොකියන මගේ නමේ කොටසක් කිව්ව එක.
“අයි ලව් යූ” කියලා මම කියද්දි නාද්‍යා තප්පර ගාණකට ඇස් බිමට හරවගත්ත එයා ආපහු වතාවක් ඇස් උස්සලා මං දිහාව බැලුවා.
එයා කවදාවත් එහෙම කියාවි කියලා මම බලාපොරොත්තු උනේ නැති බව ඇත්ත. ඒත් බලාපොරොත්තු නොවිච්ච වෙලාවල උනත් අපි වැඩිපුරම බලාපොරොත්තු වෙන දේවල් අපි ලඟට එනවා කියන එක මට තේරුණා.
“මී ටූ’












