*නාද්‍යා සොනාලි සල්වතුර*
ඒ වචන කිව්වයින් පස්සෙ මට දැනුනෙ මගෙ පපුවෙ පිරිලා තිබ්බ බරෙන් සෑහෙන කොටසක් අයින් උනා වගේ. මම මෙච්චර කල් පපුව අස්සෙ හිරකරගෙන උන්න හුස්ම ගන්න අමාරු තරමෙ බරම බර හැඟීමක් ඒ වචන දෙකත් එක්ක එළියට දාන්න පුළුවන් උනයින් පස්සෙ මට සෑහෙන සැහැල්ලුවක් දැනිච්ච එක ඇත්ත. ඒත් මං එයාගෙ අත අතෑරියෙ නෑ. එයා මගෙ අත අතෑරියෙත් නෑ.
එක එක සම්මාන එකින් එක ඉවර වීගෙන යද්දි, නැටුම් කණ්ඩායම් ඇවිත් නටද්දි, සිංදු කියන අය ඇවිත් සිංදු කියද්දි මම හීන් සැරේ ඔලුව උස්සලා බැලුවා අපි වටේ ඉන්න අයගෙන් මම අඳුරන කවුරුහරි ඉන්නවද කියන එක. ඒත් ඒ මූණු අතරෙ එහෙම දැන ඇඳුනුම්කමක් දකින්න නොලැබුනත් ෆේස් මාස්ක් එක ගලවලා රිස්ක් එකක් ගන්න මට ගට් එකක් තිබුබෙ නෑ.
මේසෙට වාඩිවෙලා අනිත් අයගෙ සම්මාන දිහා බලාගෙන ඉද්දිම තමයි අපේ මේසවලට ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් එහෙම ආවේ. වෙනම ලිකර් සර්ව් කරද්දි ගෑනු පිරිමි දෙගොල්ලම වගේ ලිකර් ගනිද්දි තාරානාත් මගෙන් ඇහුවට මං හිනාවෙලා තමයි එපා කියලා කිව්වේ.
“මං ග්ලාස් එකක් ගත්තට කමක් නැද්ද?” කියලා තාරානාත් අහද්දි හිනාවෙලා මම “කමක් නෑ ඒත් ඩ්‍රයිව් කරන්න පුළුවන් ලිමිට් එකට බොන්න හොඳේ” කියලා කිව්වා. මං හරිම ආස උනා එයා ඒ විදියට එයා ගැන එක්තරා දුරකට කන්ට්‍රෝල් එකක් මගෙ අතට දුන්න එක ගැන. ඒ වගේම මේ අලුතෙන් කවදාවත් මම එක්ස්පීරියන්ස් කරලා නැති විදියට මගෙ ජීවිතේට ආව ආදරේ මට අලුත් අලුත් දේවල් කියලා දුන්නා. තාරානාත් මං ගැන කෙයාර් කරන විදිය,මාව බලාගන්න විදිය මාව සෑහෙන සන්තෝසෙන් තිබ්බා.
මම කවදාවත් හිතුවෙ නෑ කෙනෙක්ට මාව මේ තරම් වටිනවා කියලා දැනෙන්න පුළුවන් වෙයි කියලා. එයා කතා කරනකොට, හිනාවෙනකොට, ඒ පුංචිම දේ වුණත් මට දැනුණේ ලොකු විශ්වාසයක් දැනිච්ච හැඟීමක් වගේ. එයා එයාගෙ දුර්වලකම් මට පෙන්නුවා. එයාගෙ හීන මට කිව්වා. ඒ වගේම එයා හිතේ තියෙන බයවල් ගැනත් කිව්වා. ඒ හැම මොහොතකම මට හිතුණේ, අනේ මෙයා මාව කොච්චර විශ්වාස කරනවද කියලා. ඒ විශ්වාසය, මගේ හිතේ තිබුණ හිස් තැන් හැම එකක්ම හරිම උණුහුම් හැඟීමකින් පුරවන්න පුලුවන් උනා කියන එකත්, ඒ හැඟීම තමයි ආදරේ කියලා කියන්නෙ කියන එකත් මම විශ්වාස කරා. මම ඒක පාලනයක් විදියට දැක්කෙ නෑ. මම දැක්කෙ එයා ස්ව කැමැත්තෙන් මාව විශ්වාස කරනවා වගේ. “මම ඔයාගෙ අතට මගේ ජීවිතේ බාගයක් දෙනවා, මොකද ඔයා මට කවදාවත් රිද්දන්නෙ නෑ කියලා මම දන්නවා” කියන විදියෙ හැඟීමක් ඒක. මම මගෙ තරුණ කාලෙන් අවුරුදු දෙක තුනක්ම ජිවීතේ නාස්ති කරගත්ත බව ඇත්ත. මං ගත්ත හැම තීරණයක්ම මම තනියෙන් ගත්ත ඒවා බව ඇත්ත. මෙච්චර කාලයක් මම මෙච්චර දෙයක් ගොඩනගාගත්තෙ තනියෙන් බව ඇත්ත. ඒත් දැන් එයා ඉන්නවා. එහෙම හිතෙන එකම මට සෑහෙන මාව මගෙ හිත ඇතුළෙන් රිලැක්ස් කරන්න, ආපහු වතාවක් මගේ හිත ඇතුලෙන් මාව එක්තරා දුරකට රිලැක්ස් කරන්න හේතු උනා.
සිය ගාණක් විතර සෙනග මැද්දෙ මාස්ක් දාන් උන්නෙ මං විතරක් නෙවි හන්දා ස්ටේජ් එකට නගිද්දිත් මාස්ක් එක ගලවගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. කොටින්ම ඒ සම්මානෙ දෙන මනුස්සයො කීප දෙනාගෙන් එක්කෙනෙකුත් උන්නෙ මාස්ක් එකක් දාගෙන. මිනිස්සු එච්චර ප්‍රමාණයක් බලාගෙන ඉද්දි ස්ටේජ් එකට නැගලා සම්මානයක් ගන්නවා කියන්නෙ හිත කොච්චර පිරෙන හැඟීමක්ද කියන එක මට තේරුණේ අන්න ඒ වෙලාවෙ.
“ඔබ දෙපළ ව්‍යාපාර ලෝකයට අලුත් මම හිතන්නේ. වංශනායක පරම්පරාව ලංකාවෙ ව්‍යාපාර ලෝකයේ ජය කෙහෙලි නංවපු නමක් උනාත් වංශනායක පරම්පරාව තරුණම පුරුක කියන්නෙ ව්‍යාපාර ලොවට අලුත් නමක්.
අද මේ බෙස්ට් ඉමර්ජින් බිස්නස් අවෝඩ් එක දිනාගන්න විම ගැන තාරානාත්ට මොකද හිතෙන්නේ?” කියලා ස්ටේජ් එක උඩ ඉන්න අනවුන්සර් මයික් එක තාරානාත් අතට දීලා අහද්දිත් එයා උන්නේ අර හිනාවෙන්මයි.
මං වගේම තාරානාත් උන්නේත් ඒ වගේම හැඟීමකින් විත්තිය මට තේරුණේ එයාගේ මූනෙ ඇඳිලා තිබිච්ච හිනාවත් එක්ක. වැටෙන්න ගිය බිස්නස් එක මේ ලෙවල් එකට අරගෙන එන්න පුළුවන් වෙච්ච එක ගැන එයා මුලු හිතෙන්ම සන්තෝස වෙනවා කියන එක වගේම ආඩම්බර වෙනවා කියන එක ඒ හිනාව අස්සේ තැවරිලා තියෙනවා කියන එක මම දැක්කා.
“ඉතාම ස්තුතිවන්ත වෙනවා අපි වගේ ව්‍යාපාර ලෝකයට අලුත් මේ වගේ බිස්නස් කන්සෙප්ට් එකකට අවෝඩ් එකක දෙන්න තෝරාගැනිම ගැන. ඒ වගේම මේ වෙද්දි සම්මාන දිනපු සහ ඉදිරි පැය කිහිපයේ සම්මාන දිනන්න බලාගෙන ඉන්න සියලුම දෙනාටම මම සුබ පතනවා.
ඇත්තටම ඔයා කිව්ව කතාව හරි. අපේ තාත්තලා සීයලා බිස්නස් ලෝකේ කොච්ච වැඩ දැම්ම අය උනත් මේ ඒ බිස්නස් ලෝකෙම මං තිබ්බ පලවෙනි අඩිය. ඒ අඩියෙන් මෙච්චර දුරක් එන්න පුළුවන් වීම ගැන මම හරිම සන්තෝස වෙනවා. අපේ තාත්තලා සීයලා බිස්නස් කරපු කාලෙට වඩා අද කාලෙ තාක්ශණය, සමාජය වගේ අංශ ගණනාවකින් වෙනස් වෙලා සහ ඉදිරියට ගිහින් තියෙනවා. එහෙම කාලෙක මීට අවුරුදු ගානකට කලින් කරපු විදියෙ බිස්නස් ක්‍රම පාවිච්චි කරලා අපිට උඩට එන්න අපහසුයි. මමත් ඇත්තටම හිටියෙ මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව. එතනදි තමයි ඇත්තටම මට නාද්‍යාව හමුවෙන්නේ. මෙතන මෙහෙම සද්ද නැතුව බිම බලාගෙන හිටියට මේ අවෝඩ් එකේ සීයල අනූවක්ම වගේ අයිති නාද්‍යාට.මේ අයිඩියා එක, මේ බිස්නස් මෙතඩ් එක වගේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම නාද්‍යාගෙ අදහස්.
ඉතින් ඒ නිසාම තමයි අපිට අද මෙතනට ඇවිල්ල මේ බෙස්ට් ඉමර්ජින් බිස්නස් අවෝඩ් එක දිනාගන්න පුළුවන් වෙන්නෙ. ගොඩක් සන්තෝසයි ඒ වගේම ගොඩක් ආඩම්බරයි” කියලා කියද්දි මුලු සාලාවෙ උන්න හැමෝම අත්පොඩි ගහද්දි මං උන්නේ දිගටම තාරානාත්ගෙ හිනාව දිහා බලාගෙන. එයාට එහෙම හිනාවෙන්න මාත් පොඩ්ඩක් හරි උදව් උනා නේද කියලා මගේ හිත තව තව සැහැල්ලු කරගෙන.
තාරානාත් උන්නෙ සන්තෝසෙට මුහුවෙච්ච මත් ගතියකින් කියන එක මට තේරුණෙ පොරොන්දු වෙච්ච විදියට එයා අපේ අවෝඩ් එක අරගෙන ඉවර වෙලා විනාඩි කීපෙකට පස්සෙ මාත් එක්ක එලීයට ආවම. එළියට ඇවිල්ලා මාස්ක් එක ගලවද්දි අලුත් හිතල හුළඟ හුස්ම ගන්න පුලුවන් උනාම.
තාරානාත් මගෙ ඉන වටේ අත දාලා මාව එක අතකින් වඩාගෙන වගේ කරකද්දි මං කවදාකවත් නැතුව, අනිත් අය බලාගෙන ඉන්නවද නැද්ද කියලවත් වගක් නැතුව වගේ හයියෙන් හිනා උනා. එහෙම හිනාවෙන්න ඕන තරම් කාරණා ඒ වෙලාවෙ මට තිබ්බා.
මම ජිප් එකෙන් වාඩි උනාට පස්සෙ, අවෝඩ් එක මගෙ උකුලෙන් තියපු තාරානාත් මගේ හීල්ස් දෙක ගලවලා දැම්මෙ “කකුල් දෙක රිදෙනවද? මේ චුට්ටක් කැපිලත් වගේ පටියට” කියලා කියන ගමන්. එයා ඒ කැපිච්ච තැන උඩින් එයාගෙ ඇඟිල්ල ගෙනියද්දි මට රිදිච්ච බව ඇත්ත. ඒත් මගෙ හිත තිබ්බ ආදරෙන් සුවපත් වෙන ගමන් නිසා ඒ වේදනාව මට දරාගන්න පුළුවන් උනා.
“ඔයා ඔහොම ඉන්න මම මේක පිටිපස්සෙන් දාලා එන්නම්, බ්ලේසර් එකත් එල්ලන්න ඕන” කියල තාරානාත් පස්සට ගියා. ඇඟට හිරවෙන්න මහපු හැට්ටෙ නිසා මං උන්නෙ ටිකක් හුස්ම ගන්නත් අමාරුවෙන් වගේ. ගෙදර ගිහින් ටක්ගාලා ඇඳුම් ගලවලා වොශ් එකක් දාගන්න මට ලොකුවටම උවමනාවක් තිබ්බා.
ඕව මේව හිත හිත විනාඩියක් විතර යද්දි තමයි මට කල්පනා උනේ “බ්ලේසර් එකක් ගලවලා එල්ලලා එන්න මෙච්චර වෙලාවක් යන්නෙ නෑනෙ” කියන එක. මම පිටිපස්ස හැරිලා බැලුවට කලුවර එක්ක මට මුකුත්ම පෙනුනෙ. අනික කෝකටත් කියලා තාරානාත් එයාගෙ බ්ලේසර් දෙකක්ම පිටිපස්සෙ එල්ලලා තිබිච්ච හන්දා මට ඒව අතරින් එහා පැත්තෙ මොකද වෙන්නෙ කියලා පෙනුනෙත් නෑ.
ඇත්ත මම “දහම්” කියලා කතා කරේ බයෙන්.
මොකක් හරි කරදරයක් කියන සැකෙන්. මම නම කියලා කතාකරාට කිසිම රෙස්පොන්ස් එකක් ආවෙ නැති තැන මට කරන්න පුළුවන් වෙච්ච එකම දේ ජිප් එකෙන් බැහැලා පිටිපස්සට ගිහින් බලන එක විතරයි.
මම හොරෙන් වගේ අඩි තිය තිය ජිප් එක පිටිපස්සට ගියෙත්, එකපාර කවුරුහරි මාව ඇදලා අරගෙන මගේ කට වැහුවෙත් එකපාරට වගේ.
මට පුළුවන් උනේ ඒ වැහිච්ච කටෙන් “ම්හ් ම්හ්” කියලා සද්ද කරන එක විතරයි. මං උන්නෙ ඇස් පියාගෙන, ඇස් ඇරලා මොකද වෙන්නෙ කියලා බලන්න බයෙන්.












