දෑත දරා – 65

මනුජ තම හැසිරීම සාධාරිණීකරනය නොකර  සින්දූපා අසලින් හිඳගෙන උන්නේය. නිදි නැති රැයක් යනු, කොහොමටත් එළි නොවැටෙන රැයකි.

” අම්මා අසනීපෙන් ඉන්නේ කියලා දැන දැනම ඔයා අම්මට එහෙම කෑ නොගහ ඉන්නයි තිබුනේ… ඇත්ත … මාත් අම්මලා එක්ක කියවගන්නවා තමා… එ වුනාට, අපි අම්මලාගේ මානසිකත්වයකය ත් හිතන්න ඕනිනේ මනුජ….”

සින්දූපා අවසානයේ කතා කලාය

මනුජ ඇය දෙස බැලුවේය.

” ඔයා ඔයාගේ තීරණේ ගන්න… මට මවාගෙන ජීවත් වෙන්න ඕනි නෑ.. මගේ ඔයා නොදැක්ක පැත්තක් ඒ… මට එච්චරට ත් තරහ යනවා.. ඒ තරහ අම්මලාද, ඔයාද කියලා නෑ… එහෙම තමයි…. “

“ඒක මාර කතාවක්නේ මනුජ…… මනුස්සයෙක් වුනාම තමන්ගේ ජීවිතේ තියෙන  තමන්ටම තේරෙන අඩුපාඩු ඇජෙස් ජරගන්නෝනා…. එහෙම නැතුව උජාරු වඩ වඩා, මම ඒමයි, මම මේමයි කියනෙක නෙවෙයි වැඩේ… හොදේ… ඔයා ඔෆිසර් කෙනෙක්නේ…ඔයාට අනිවාර්‍යෙන්ම ඔයාව කන්ට්‍රෝල් කරගන්න පුලුවන් වෙන්නෙපැයි…”

මනුජ එයට පිළිතුරු දුන්නේනැත.

“අනෙක දෙයක් වුනාම, ඔයා තීරණයක් ගන්න… ඔයා දාලා යන්න … ඒකයි මේකයි කියන්න පුරුදු වෙන්න එපා…. දැන් ඔයා මම  , අපි කියලා හිතනවා කියලා තීරණය කරලානේ ඉන්නේ…. එතකොට, අපි බලලා මොකක් හරි කරන්නෝනා කියලා තමා ඔයාට හිතෙන්නෝනා….”

මනුජ යලි සින්දූපා දෙස බැලුවාය. ඇය  පවසන්නේ සත්‍ය බව දැන් වැටහේ. ඉවසීම පුහුණු කිරීම රාජකාරීමය තත්වයන් යටතේ වුවද තමාට කෙතරම් වටින්නේදැයි මනුජ සිහිපත් කලේය. අම්මා සමඟ මේ පිළිබඳව කතා කිරීම හෙටට කල් දැමීම යුතුයැය් ඔහු තීරණය කලේය. සින්දූපා අසලට වන සේ හිඳගත්තේය.

” පුපුරන්න එපා… මම හෙට අම්මට කතා කරන්නම්…”

සින්දූපා ගේ සවනට එබී කීවේ කුඩා කොල්ලෙක් මෙන් ය.
පසුදින උදා වෙද්දී නිවස තුළ වූයේ සාමකාමී  තත්වයකි. මනුජ එහෙ මෙහෙ ඇවිදිමින් කුමක් සිදුවී ඇතිදැයි බැලුවේය. විමුක්ති පියා සමඟ යම් කතාබහක නියැලී උන්නේය.  මනුර්‍යා සහ සින්දූපා මුලුතැන්ගෙයෙහි යම් කාර්‍යයක නියැලේ. අම්මා සාරතී නැන්දා සහ දියණිය ගේ හඬ ඇසෙන්නේ සාලයෙනි. විශ්ව සහ බිරිඳ මිදුල දෙසට ඇවිද යනු මනුජ දුටුවේය.

උදෑසන ආහාරයෙන් පසු සියල්ලෝම හිඳගත්තේ, එකිනෙකා සතුව තිබූ ප්‍රශ්න රැසක්ද සමඟින් ය.  තාත්තා , ඔහු සහ අම්මා දෙදෙනා වෙනුවෙන්ම කතා කලේය. ගෙවුණු රැයේ එකිනෙකා අවබෝධයක් නැතිව කියවාගත් වචන වලින් සියලු දෙනාගේ සිත් රිදෙන්නට ඇති බවත්  , පවුලක එවන් සිත් රිදවීම් සිදුවීම හැකිවුවත්, ඒවා තුවාල වන්නට පෙර සුවපත් කර ගත යුතු බවත් කීවේය. විමුක්ති සමඟ ඔහු සහ මනුර්‍යාගේ තීරණය පිළිබඳව තමා කතා බස් කල බවත්, විමුක්ති ඔහුගේ දෙමාපියන් සමඟ කතා බහ කර , ඊළඟ පියවර පිළිබඳව තීරණය කිරීමට පොරොන්දු වූ බවත්කීවේය. එසේ වුවත්, සින්දූපා ගේ දෙමාපියන් ඇය සහ මනුජ අතරේ වන සම්බන්ධයට එකඟ නොවන්නේ නම්, ඒ පිළිබ්ඳව වන තීරණ සින්දූපා සතු බවත්, අම්මා සහ තමන් ඒ වෙනුවෙන් බලපෑම් නොකරන බවත් කීවේය. දියණිය සින්දූපා ඇසුරේ උස් මහත් වීම ගැන නිර්ධා ගේ තීරණයන් ගැන දැන්ම අනාවැකි පැවසීම කල යුතු නොවම බවත්  ඊළඟ මාස දෙක ඇතුලත ඇය ලංකාවට පැමිණෙන බව දන්වා ඇති බවත් මනුජගේ පියා පැවසුවේය.

ඉන් සිත රිදවා ගත්තේ සින්දූපාය. මනුජගේ දෙමාපියන්ට අවැසි වන්නේ නිර්ධා සහ මනුජ  යලි පවුලල් ලෙස ජීවත් වීම  විය නොහැකිදැයි ඇය හිතලුවක් තනා ගත්තීය. එනිසාම නිර්ධා යලි  ලංකාවට ගෙන්වා ගැනීම ඔවුන්ගේම සැලැස්මක් වියහැකි බවද ඇය ඒ හිතලුව තවත් පෝශණය කරමින් සිතුවාය. මනුජ වුවද, දියණිය වෙනුවෙන් නිර්ධා ට දෙවෙනි අවස්ථාවක් දීම ගැන සලකා නොබලනු ඇත. නිර්ධා යනු ඔහුගේ වසර ගානනාවක ප්‍රේමවන්තියය.

එහෙත්, සින්දූපා ඒ පිළිබඳව කිසිවෙකුට හෝ හඟවන්නේ නැතිවම සියල්ල සිත තුලඅ වැඩෙන්නට ඉඩ දී උන්නාය. වරක් දැඩි සම්බන්ධයක උන් ගැහැණියක හා පිරිමියෙකු අතරේ වන බිඳීම් කාල වලට පසු ඒ බැඳීම් වඩා දැඩිව නැගෙන බව ඕ කල්පනා කලාය.

මනුජ අම්මා සමඟ සෑහෙන්න වෙලා කතා කලේය. සින්දූපා සමඟ ජීවිතය පහසු වනු ඇති බවත්, ඇය තමාව අවබෝධයෙන් පිළිගන්නා බවත් , වරදක් ඇත්නම් ඒ ඇතැම් විට සිදුවන්නට නියම්තවත් නොමැති හිතලු වඩාගෙන දුක් වෙමින්, සැඟවීම බවත් අම්මා සමඟ කීවේය.

” එයා දෝණිට ආදරෙයි අම්මේ…”

“පිට ගෑණියෙක් … අනුන්ගේ දරුවෙක්ට ආදරේ කරන්නේ… තමන්හේ දරුවෙල් අතට එනලල් විතරනේ පුතේ…. නිර්ධා කියන්නෙත් ඒක…”

“එයාව මේ ප්‍රශ්න වලට ගාවගන්න එපා අම්මේ.. එයා ඔක්කොම දාලා ගියානේ..”

” දාලා ගියට, දරුවාගේ අම්මා කියනෙකෙ අපිට බොරු කරන්න බෑනේ ලොකූ… ඒ අම්මා කම  නිර්ධා මැරෙනකල්ම සත්‍යයි නේ…”

” මං දන්නේ නෑ අම්මේ… දෝණි අම්මා කියලා සින්දූපා ව අඳුනගන්නවා නම්… පිළිගන්නවා නම්… එච්චරයිනේ … ආයේ වෙන මොකවත් කතා මොකටද..?”

“ඔය කිව්වට නිර්ධා ආයේ ඒද නේද අපි දන්නේ නෑ.. ඒත් ඉවසීමෙන් කතා කරලා මොක විසඳගන්නවා වුනත් , කා කොටා ගන්න යන්න එපා..”

“හ්ම්ම්ම්….”

” ඒ ළමයා දොස්තර කෙනෙක්ද ?..”

“හ්ම්ම්…”

” කිංග්ස් හොස්පිට්ල් එකේ අයිතිකාරි කියන්නේ ඇත්තද ?…”

“හ්ම්ම්… ඔව්…”

“අපිට පෑහෙන්න පුලුවන් මිනිස්සුද පුතේ ඒ ? කසාද නොබැඳපු , එච්චරට වත්කම් තියෙන, ඉගෙනගත්ත කෙල්ලෙක්  ඔයාට කසාද බන්දලා දෙන්න ඒ අම්මා තාත්තලා කැමති වෙන එක…. අනේ මන් දන්නේ නෑ පුතේ….”

” අපි බලමුකෝ අම්මේ…ඕනැම මනුස්සයෙක් දෙවෙනි අවස්ථාවක් ඩිසර්ව් නේ අම්මේ….”

ඉරිද සවස විමුක්ති සින්දූපා ව නිවසට ඇරලෙව්වේය. මනුර්‍යා සහ දියණිය කොළඹ නැවතුනෝය. සාරතී නැන්දා ද නිවසේ නවතා යන්නට මනුජ කටයුතු කලේය. වෑන් රිය නොවූ නිසා, මනුජ කලකට පසු පොදු ප්‍රවාහන සේවයෙන්  දියතලාව බලා ගියේය. සින්දූපා ගේ යම් වෙනසක් ඔහුට වැටහුණා වුවද, ඔහු ඒ පිළිබඳව වැඩි දුර සිතුවේ නැත.

කඳවුර තුළ මනුජ අතිශය කාර්‍යබහුල වූයේය. එනිසාම සින්දූපා ගේ  ඇමතුම් කිහිපයක්ම ඔහුට මඟ හැරී තිබුනේය. පසුව ජංගම දුරකතනය අතට පසුව සින්දූපා ගෙන් විත් තිබූ කෙටි පණිවිඩය දුටු මනුජ එක්වරම කිසිත් සිතාගත් නොහැකි ව ගල් ගැසුණේය.

” නිර්ධා ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ එයාට කැන්සර් එකක් ඇවිල්ලා.. දැන් ට්‍රීට්මන්ට්ස් වල අවසාන අදියරලු…  ඒවා ගෙන් කොටසක්  අපේ හොස්පිට්ල් එකෙත් කරන්න අපොයිමන්ට් දාලා … ලංකාවේ ඉන්න දව්ස් වලට… එයා ඔයාගෙන් අයින් වෙලා තියෙන්නේ ඒක දැනගත්තම වෙන්නැති..
දරුවා දාලා යන්න හිත හය්ය කරගන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති…
මම ඔය දෙන්නා අතරට එන්නේ නෑ… සුබ පැතුම් මනුජ….” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles