මේක වුණේ 2021 දී, America’s Got Talent කියන වැඩසටහනේදී.
හරිම කෙට්ටු, තරුණ කෙල්ලෙක් වේදිකාවට ඇවිදගෙන එනවා.
එයාගේ කොණ්ඩේ කොටට කපලා තිබුණෙ. ඒ වගේම හරිම ලස්සන හිනාවක් තිබ්බ එයාගෙ ඇස් දෙකේ මොකක්දෝ සාමයයි, වේදනාවයි දෙකම කලවම් වුණ හැඟීමක් ලියවිලා තිබුණා කියන එක එයාව දැක්ක හැමෝටම තේරුණා. විනිශ්චයකාරවරු එයාව පිළිගත්තේ, තවත් wanna be කෙනෙක් කියලා හිතලා වෙන්න ඇති.
ඒත් ස්ටේජ් එකට ආව ඒ කෙල්ල කිව්ව කතාව හැමෝම එයා ගැන හිතුව හැම සිතුවිල්ලක්ම වෙනස් කරන්න හේතු වුණා.
විනිශ්චයකරුවන් එයාගෙන් අහනවා.
“කවුරු එක්කද ඔයා ආවේ?” කියලා.
හිනාවෙන මේ කෙල්ල කියනවා,
“මම ආවෙ මාත් එක්කමයි” කියලා.
ඒක හරිම අමුතු කතාවක් නේද? ටිකක් lonely හැඟීමක් ගෙන එන වචන පේළියක් නේද? කියවන ඔයාට එහෙම හිතුණා වගේම එදා එතන උන්න හැමෝටමත් ඒක එහෙමම් හිතිලා තිබුණා. ඉතින් එයාලා තව ටිකක් මේ අමුතු කෙල්ලගෙන් ප්රශ්න අහන්න පටන් ගන්නවා.
“මගේ නම ජේන්,” එයා හෙමිහිට කිව්වා, “ඒත් ඔයාලා මට Nightbird කියලා කියන්න.”
“මොනවද කරන්නේ?” කියලා විනිශ්චයකාරවරු ඇහුවාම, එයා හිනා වෙලා කිව්වා, “ලඟදි නම් වැඩිය වැඩ කළේ නෑ, මොකද මම පිළිකාවත් එක්ක සටන් කරනවා.” කියලා.
ඒ වචන වලට පුළුවන් වෙනවා මුළු ශාලාවම නිශ්ශබ්ද කරන්න.ඒත් මේ කෙල්ල පොඩ්ඩක්වත් සැලෙන්නෙ නෑ,
“මගේ පිළිකාව පෙනහළු, කොඳු ඇට පෙළ, සහ අක්මාවේ spread වෙලා තියෙන්නෙ. ඒත් හැමෝම දැනගන්න ඕන දෙයක් තියෙනවා, මොන තරම් නරක දේවල් එක්ක සටන් කරන්න මට සිද්ද වෙලා තිබුණත් මට මාව ගොඩක් වටිනවා” කියලා.
ඒ වචන අවසානයේ එයා හුස්මක් අරගෙන එයාගේම ගීතයක් ගායනා කරන්න ගන්නවා. ඒ සිංදුවේ නම, “It’s Okay”.
I moved to California in the summertime
I changed my name thinking that it would change my mind
I thought that all my problems, they would stay behind
I was a stick of dynamite and it just was a matter of time, yeah
Oh dang, oh my, now I can’t hide
Said I knew myself but I guess I lied
It’s ok, it’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright
It’s ok, it’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright
එයාගේ කටහඬ හරිම මෘදුයි, සරලයි. ඒත් ඒකේ පුදුම හයියක් තිබුණා. දිගම දිග මහන්සි සටනකින් පස්සේ විතරක් එන සාමකාමී හැඟීමක්, peaceful feeling එකක් එයාගෙ කටහඬේ, එයාගෙ වචනවල තැවරිලා තිබුණා කියන එක සිංදුව අහන් උන්න හැමෝටම තේරුණා . ඒ මුළු වෙලාවම එතන රැස්වෙලා උන්න සෙනඟ කිසි සද්දයක් නොකර බලාගෙන හිටියා. හයියෙන් එළි වදින ලයිට් නෑ, fast beat සංගීතයක් නෑ. තිබුණේ එයාගේ කටහඬයි, ඒ කටහඬේ, ඒ වචන අස්සෙ එයා තවරලා තිබුණ ජිවීතේ reality එක ගැන හරිම සංවේදී කතාවක් විතරමයි.
සිංදුව ඉවර වෙද්දී ගොඩක් අය උන්නෙ අඬන ගමන්.
විනිසුරුවරයෙක් වෙච්ච සයිමන් කවෙල් කියන්නෙ ටිකක් තද තීරණ ගන්න කෙනෙක් කියන එක හැමෝම දන්නවා. ලේසියෙන් කෙනෙක්ට දිනුමක් දෙන කෙනෙක් නෙවෙයි. Strict judge කෙනෙක්. සිංදුවෙ ඉවර වෙද්දි සයිමන් උන්නෙ හරිම නිශ්ශබ්දව මේ ගෑනු ළමයා දිහාව බලාගෙනමයි.
ගොඩක් වෙලා බලන් ඉඳලා, එයා Golden Buzzer එක එබුවා!
වේදිකාව පුරාම රන්වන් කොන්ෆෙට්ටි වැස්සක් වැටුණා. ඒ වැස්ස මැද්දෙ සතුටු සිනා වැස්සක ජේන් කඳුළු වැස්සක් වැට්ටුවා. අත් දෙකෙන්ම තමන්ගෙ පපුව අල්ලගෙන. ඒක නිකන්ම නිකන් golden buzzer moment එකක් වුණේ නෑ. ඒක මුළු ලෝකෙ ඉන්න හැමෝටම ජීවිතේ ගැන එක්තරා දෙයක් තේරුම් කරලා දුන්නා.
ඒ තමයි “අඳුරුම කාර්තුවල පවා බලාපොරොත්තුවට බැබලෙන්න පුලුවන්” කියන එක.
Nightbird කියලා තමන්ව හඳුනාගත්ත ජේන් මාර්චෙව්ස්කි, නිකම්ම තරඟකාරියක් නෙවෙයි. එයා සටන්කාමියෙක්. ඔහියෝ වල ඉපදිච්ච ජේන් පුංචි කාලේ ඉඳන්ම සිංදු ලියන්න ආස වුණා. එයාගේ සිංදු හැඟීම්වලින්, තමන්ගේ ජීවිත කතන්දර වලින් පිරිලා තිබ්බ සිංදු. ඒත් ඒ ලස්සන, calm කටහඬ පිටිපස්සේ අවුරුදු ගාණක් පුරා තිබුණ පිළිකාවත් එක්ක කරපු වේදනාකාරී සටනක කුණාටු සුළි සුළං එකතු වෙලා තිබ්බා.
තමන් පිළිකාව පරාද කරා කියලා හිතපු හැම වෙලාවක ඒක එහෙම නෑ කියලා දැනගන්න ලැබිච්ච එකම ජේන්ව ආයෙ ආයෙ වට්ටන්න වගේම ෆීනික්ස් කිරිල්ලියක් වගෙ එයාව ආය ආය නැගිට්ටවන්නත් හේතු වුණා.
“මගේ ජීවිතේ බේරෙන්න 2% ක අවස්ථාවක් තියෙනවා. 2%කියන්නේ 0% නෙවෙයි…ඉතිං 2% තුළ යමක් තියෙනවා කියලා.” එයා එයාගෙ හිතට කියනවා.
ඒ වචන එයාගේ performance එකෙන් පස්සේ internet එක කළඹන්න හේතු වෙනවා. මිලියන ගණනක් මිනිස්සු එයාගේ වීඩියෝව share කරනවා. එයාගේ සිංදුවෙන්, ඇඬු කඳුළුවලින් තමන් ශක්තිමත් වුණා කියලා ඒ මිනිස්සු කියනවා.
පිළිකාවක් එක්ක සටන් කරන ගමන් ජේන් ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා දුන්නා.
එයා කවදාවත් එයාගේ වේදනාව හැංගුවේ නැහැ. එයා ඒ ගැන ලිව්වා, කතා කළා, සහ අවංකවම මුහුණ දුන්නා. වේදනාවෙන් පැනලා යන්නේ නැතුව, ඒක තේරුම් ගැනීමෙන් සැනසීම හොයාගත්තු කෙනෙක් වෙන්න ජේන් ට උදව් වෙන්නෙ එයාගෙම වචන, එයාගෙම හිතේ හයිය.
America’s Got Talent වලින් පස්සේ, එයාට වැඩසටහනෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා මොකද එයාට එයාගේ සෞඛ්යය ගැන අවධානය යොමු කරන්න ඕන වුණ නිසා. එයාගේ රසිකයෝ දුක් වුණා, ඒත් එයා social media හරහා තමන්ගෙ රසිකයන්ට පණිවිඩ දාන එක නතර කළේ නැහැ.
2022 පෙබරවාරි මාසයේදී, ජේන් මාර්චෙව්ස්කි, දීර්ඝ කාලයක් පිළිකාවත් එක්ක සටන් කරලා, මේ ලෝකෙන් සමුගන්නවා. ඒ වෙද්දි එයාට වයස 31යි. ඒත් එයාගෙ කතාව එතනින් ඉවර වුණේ නැහැ. එයාගෙ වචන, සංගීතය, සහ ධෛර්යය මිලියන ගණන් හදවත්වලට තාමත් motivation එකක් සපයනවා “ජීවිතේ මොනවා උනත් සතුට කියන දේ තෝරගන්න, හොයාගන්න ඔයාට පුළුවන්” කියලා.
Nightbird පෙන්නුවා, ඇත්ත ලස්සන කියන්නේ කොච්චර කල් ජීවත් වෙනවාද කියන එක නෙවෙයි, කොච්චර ගැඹුරින් ජීවත් වෙනවාද කියන එක බව. හැමදේම කඩා වැටෙනකොට පවා, අපිට කාරුණික වෙන්න, සතුටින් ඉන්න තෝරගන්න පුළුවන් කියන එක.
ඒක නිසා, මතක තියාගන්න! මොන දේ වුණත්, ඔයාට තවමත් බලාපොරොත්තුවක් හොයාගන්න පුළුවන්. තවමත් හිනා වෙන්න පුළුවන්. තවමත් කියන්න පුළුවන්, “It’s okay” කියලා.
මොකද සතුට කියන්නේ අපි එනකම් බලන් ඉන්න දෙයක් නෙවෙයි. වේදනාව මැදදී පවා අපි තෝරගන්න ඕන දෙයක් නිසා!
So මොන දේ උනත් අමතක කරන්න එපා,
It’s ok, it’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright











