පැය ගණන් Short Videos බලනවානම් ඔයාගේ මොළය විනාශ වෙන්නෙ මෙහෙමයි

“මම TikTok එකට ගියේ විනාඩි පහකට විතරයි…”

ඒත් ඔයා ආයෙත් වෙලාව බලනකොට රෑ 12ත් පැනලා. හෙට වැඩට යන්න තියෙනවා. Class තියෙනවා. Meeting එකක් තියෙනවා. ඒත් ඔයාටම තේරෙන්නේ නැහැ ඒ පැය දෙක තුන ගියේ කොහොමද කියලා.

මේක අද ගොඩක් දෙනෙක්ගේ සාමාන්‍ය ජීවිතේ කොටසක් වෙලා.

උදේ ඇහැරුණු ගමන් Phone එක. වැඩ අතරේ Phone එක. කෑම කන අතරේ Phone එක. නිදාගන්න කලිනුත් Short Videos.

ඒත් මේක වෙලාව නාස්ති වෙන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක ඔයාගේ මොළය වැඩ කරන විදිහම වෙනස් කරන ප්‍රශ්නයක්.

“Brain Rot” කියන්නේ මොකක්ද?

Oxford University එක 2024 අවුරුද්දේ “Brain Rot” කියන වචනය Year of the Word එකක් විදිහට තෝරගත්තා.

Brain Rot කියන්නේ Social Media භාවිතා කරන එක නෙවෙයි.

ඒ වෙනුවට, කිසිම වටිනාකමක් නැති, තත්පර කිහිපයක කෙටි වීඩියෝ එකින් එක බල බල ඉන්න එක නිසා මොළයේ අවධානය, මතකය සහ හිතීමේ හැකියාව ටිකෙන් ටික දුර්වල වෙන තත්ත්වයක්.

ඒක හරියට ජන්ක් ෆුඩ් දවස පුරා කනවා වගේ. ශරීරයට වටිනාකමක් නැති ආහාර දෙනවා වගේම, මොළයටත් වටිනාකමක් නැති තොරතුරු දවස පුරා පුරවනවා.

මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද?

මේ ප්‍රශ්නවලින් කිහිපයකට “ඔව්” කියනවා නම් ටිකක් හිතලා බලන්න.

  • උදේ ඇහැරුණු පළවෙනි විනාඩි 15 ඇතුළත Phone එක බලනවද?
  • Reels බලද්දී වෙලාව ගියා කියලා තේරෙන්නෙ නැද්ද?
  • කෙනෙක් එක්ක කතා කරන අතරෙත් Phone එක Check කරනවද?
  • එක වැඩක් ඉවර කරන්න කලින් තවත් වැඩකට පනිනවද?
  • පොතක් කියවන්න ගියොත් පිටු දෙකක්වත් අවධානයෙන් කියවන්න අමාරුද?
  • දිග YouTube Video එකක් හරි Podcast එකක් හරි බලද්දී ඉක්මනට බෝරින් වෙනවද?
  • කිසිම හේතුවක් නැතුව සැරින් සැරේ Phone එක Unlock කරනවද?
  • ඉස්සර වගේ Focus කරන්න බැරි වෙලා කියලා දැනෙනවද?

මේවා ගොඩක් දෙනෙක්ට අද තියෙන පොදු ගැටලු.

මොළයට ඇත්තටම මොකද වෙන්නේ?

Short Videos එකින් එක බලද්දී ඔයාගේ මොළය ඉතා ඉක්මනින් උත්තේජනයට පුරුදු වෙනවා.

ඒ නිසා විනාඩි 30ක Lecture එකක්, පොතක්, වැඩක්, Meeting එකක් වගේ දේවල් හදිසියේම “බෝරින්” වගේ දැනෙන්න පටන් ගන්නවා.

ඒ කියන්නේ ඒ දේවල් වෙනස් වෙලා නෙවෙයි. වෙනස් වෙලා තියෙන්නේ ඔයාගේ මොළය.

පර්යේෂණවලට අනුව, මිනිස්සුන්ගේ සාමාන්‍ය අවධානය තබාගැනීමේ කාලය පසුගිය අවුරුදු කිහිපය තුළ සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. ඒකට Digital Content භාවිතයත් ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.

Google Effect එක

අද අපිට ඕනෑම දෙයක් තත්පර කිහිපයකින් Search කරන්න පුළුවන්.

ඒක හොඳ දෙයක් වුණත්, ඒ නිසා අපි තොරතුරු මතක තියාගන්න උත්සාහ කරන එක අඩු වෙලා.

අපිට මතක තියෙන්නේ උත්තරේ නෙවෙයි.

උත්තරේ හොයන තැන විතරයි.

ඒ නිසා තීරණ ගැනීම, නිර්මාණශීලීව හිතීම සහ ගැඹුරින් විශ්ලේෂණය කිරීමත් ටිකෙන් ටික දුර්වල වෙන්න පුළුවන්.

Algorithm එක ඔයාට වඩා ඔයාව දන්නවා

අපි හිතනවා Phone එක Control කරන්නේ අපි කියලා.

ඒත් ඇත්තටම Algorithm එක ඔයා බලන දේ, නවතින තැන, Like කරන දේ, Share කරන දේ හැම එකක්ම ඉගෙනගෙන, තව තවත් ඔයාගේ අවධානය අල්ලගන්න Content දෙනවා.

ඒ නිසා “තව Video එකක් විතරයි” කියලා ගිය ගමන පැය දෙකක් යන එක පුදුමයක් නෙවෙයි.

මේකෙන් ගොඩ එන්නේ කොහොමද?

1. මුලින්ම ප්‍රශ්නය පිළිගන්න.

“මට මේකට ඇබ්බැහි වීමක් තියෙනවා” කියලා පිළිගන්න එක තමයි පළවෙනි පියවර.

2. අවධානය ටිකෙන් ටික පුහුණු කරන්න.

එකපාරටම පැය දෙකක් පොතක් කියවන්න යන්න එපා.

අද විනාඩි 10ක්.

හෙට විනාඩි 15ක්.

ඊළඟ සතියේ විනාඩි 20ක්.

මොළයත් Muscle එකක් වගේ. පුහුණු කළාම ශක්තිමත් වෙනවා.

3. Phone එක පේන තැනින් අයින් කරන්න.

වැඩ කරන වෙලාවේ Phone එක Table එක උඩ තිබුණොත් අත ඉබේම ඒකට යනවා.

ඒ නිසා වෙන කාමරයක තියන්න. Silent කරන්න. නැත්නම් Charge වෙන්න දාන්න.

Environment එක වෙනස් කළාම පුරුදු වෙනස් කරන එක ලේසියි.

4. උදේ පළවෙනි පැය Phone එකෙන් පටන් ගන්න එපා.

උදේ කරන දේ තමයි දවසේ Tone එක තීරණය කරන්නේ.

ඇහැරුණු ගමන් Reels බලනවා වෙනුවට වතුර බොන්න, ටිකක් ඇවිදින්න, පොතක් කියවන්න හෝ දවසේ වැඩ සැලසුම් කරන්න.

5. “Do Nothing” Time එකක් හදාගන්න.

දවසකට විනාඩි 5ක්වත් කිසිම Screen එකක් නැතුව නිශ්ශබ්දව ඉන්න.

මේක මොළයට Reset එකක් වගේ වැඩ කරනවා.

6. සැබෑ ලෝකයේ වැඩි වෙලාවක් ගත කරන්න.

Gym යන්න.

ඇවිදින්න.

Sport එකක් කරන්න.

Music Instrument එකක් වාදනය කරන්න.

මිතුරෙක් එක්ක කතා කරන්න.

මේ වගේ දේවල් මොළය නැවත සාමාන්‍ය රිද්මයට ගේනවා.

7. මොළයටත් හොඳ ආහාර දෙන්න.

ශරීරයට Junk Food දෙනවා වගේම මොළයටත් Junk Content දෙන්න එපා.

ඒ වෙනුවට හොඳ පොත්, දැනුම ලබාදෙන Videos, Podcasts සහ වටිනා Content බලන්න.

Short Videos බලන එක වැරදියි කියන එක නෙවෙයි මේ.

ප්‍රශ්නය තියෙන්නේ ඒවා ඔයාගේ ජීවිතය පාලනය කරන තරමට වැඩි වුණාම.

මොළය එක දවසින් විනාශ වෙන්නේ නැහැ.

හැබැයි දවසින් දවස, ටිකෙන් ටික, ඔයාටත් නොදැනීම Focus එක අඩු වෙනවා. මතකය දුර්වල වෙනවා. ගැඹුරින් හිතන හැකියාව අඩු වෙනවා.

ඒ නිසා අදම පොඩි වෙනසක් කරන්න.

ඔයා Phone එක පාලනය කරන කෙනා වෙන්න.

Phone එකට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles