හොට් මයිලෝ, හොට් චොක්ලට් බොන්න පුරුදු වුණු ඔබට මෙන්න තවත් අලුත් ඩ්‍රින්ක් එකක් තමයි මේ..වැස්ස දවසක කම්මැලිකම යන්න අපූරු බීමක් තමයි මේ.
අවශ්‍ය දේවල්:
-
ෆ්‍රෙෂ් මිල්ක්
-
සුදු සීනි තේ හැඳි
-
වැනිලා තේ හැඳි 2
-
කුරුදු කුඩු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය:
-
ප්‍රෙෂ් මිල්ක් මයික්‍රොවේව් අවන් එකට දැමිය හැකි භාජනයක දමා ගන්න. කුරුදු කුඩු සීනි සමඟ කලවම් කර කිරි වලට එකතුකරන්න.
-
මිශ්‍රණයට වැනිලා එකතුකරලා හොදට කලවම් කරන්න.
-
බඳුන මයික්‍රොවේව් අවන් එක තුළ විනාඩි දෙකක් රත්කරගන්න.
-
කිරි උතුරා යන්නට පෙර අවන් එකෙන් ඉවතට ගන්න.
-නිබන්ධිකා-